Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 191–200 of 206

191

أَيُشْرِكُونَ مَا لَا يَخْلُقُ شَيْـًۭٔا وَهُمْ يُخْلَقُونَ

යම්කිසි වස්තුවක් උත්පාදනය කිරීමට ශක්තියක් නොමැති දැය ඔවුන් (ඔහුට) සමානයන් වශයෙන් තබන්නෙහුද? ඒවාද (ඔහු විසින්) උත්පාදනය කරනු ලැබූ දැයයි.

නැමදුමෙහි ඔවුහු මෙම පිළිම හා වෙනත් දෑ අල්ලාහ්ට හවුල්කරුවන් බවට පත් කරන්නෙහුද? සැබැවින්ම ඔවුන් කිසිවක් මවා නැති බවත් ඔවුන් නැමදුමට සුදුස්සන් නොවන බවත් ඔවුන් දැන සිටියි. ඒ සියල්ල මවනු ලැබූවන් වෙති. එසේ නම් ඔවුන් අල්ලාහ්ට හවුල්කරුවන් පත් කරනුයේ කෙසේද?

Al-A'raaf 7:191Listen in Qur'an →
192

وَلَا يَسْتَطِيعُونَ لَهُمْ نَصْرًۭا وَلَآ أَنفُسَهُمْ يَنصُرُونَ

ඒවා මොවුන්ට කිසිම උදව්වක් කිරීමට ශක්තියක් නොමැති දැය වශයෙන් තිඛෙණ අතර තමන්ට තමන්ම උදව්වක් කර ගැනීමටද ශක්තියක් නොමැති දැය වශයෙන් ඇත්තේය.

මෙසේ නැමදුම් ලබන්නන්ට ඔවුන් නමදින්නන් හට උදව් කිරීමට හැකියාවක් නැත. තමන්ට පවා උදව් කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැත. එසේ තිබියදී ඔවුහු ඔවුන් නැමදුම් කරනුයේ කෙසේද?

Al-A'raaf 7:192Listen in Qur'an →
193

وَإِن تَدْعُوهُمْ إِلَى ٱلْهُدَىٰ لَا يَتَّبِعُوكُمْ ۚ سَوَآءٌ عَلَيْكُمْ أَدَعَوْتُمُوهُمْ أَمْ أَنتُمْ صَٰمِتُونَ

ඔබ ඒවා ඍජු මාර්ගයට ආරාධනා කළා වුවද, ඔබව ඒවා අනුගමනය කරන්නේ නැත. ඔබ ඒවාට ආරාධනා කිරීමද, නැතහොත් ආරාධනා නොකර කට පියාගෙන සිටීමද, ඔබට එක සමානය.

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! අල්ලාහ් හැර ඔවුන් දෙවිවරුන් ලෙස නමදින මෙම පිළිම වලින් යහමග වෙත ප්රාර්ථනා කර සිටිය ද, නුඹලා කවර දෙයක් ඔවුන්ගෙන් ප්රාර්ථනා කර සිටියේද ඒ සඳහා ඔවුන් නුඹලාට පිළිතුරු නොදෙනු ඇත. නුඹලා පසුපසින් ඔවුන් පැමිණෙන්නේද නැත. ඒවා අබියස නුඹලා ප්රාර්ථනා කර සිටිය ද, නුඹලා නිහඬ ව සිටිය ද එක සමානය. ඒවා හුදු භෞතික වස්තුවක් පමණි. ඒවාට වැටහෙන්නේ ද නැත. ඒවා සවන් දෙන්නේ ද නැත. ඒවා කතා කරන්නේ ද නැත.

Al-A'raaf 7:193Listen in Qur'an →
194

إِنَّ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ عِبَادٌ أَمْثَالُكُمْ ۖ فَٱدْعُوهُمْ فَلْيَسْتَجِيبُوا۟ لَكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ

නියත වශයෙන්ම අල්ලාහ් මිස, කුමන දැයක් ඔබ (දෙවිවරුන් යයි) ආරාධනා කරන්නෙහුද, ඒවා ඔබ මෙන් වහලූන්ය!(ඔබගේ ඉල්ලීම් ඒවා ඉටු කරන්නාහ යයි පැවසීමෙහි) ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, ඒවා ඔබ ආරාධනා කර බලනු. ඔබට ඒවා පිළිතුරු දෙත්වා!

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා අල්ලාහ් හැර නමදිමින් සිටි දෑ ඔහුගේ මැවීම් වන්නේය. ඒ සියල්ල ඔහුට යටත්ය. එහිදී ඔවුන් සමග නුඹලා ව සසදා බලන කල ඔවුනට වඩා නුඹලා තත්ත්වයෙන් උසස්ය. නුඹලා ජීවමානය. කතා කරන්නෙහුය. ඇවිදින්නෙහුය. සවන් දෙන්නෙහුය. බලන්නෙහුය. නමුත් නුඹලාගේ පිළිම එලෙස නැත. නුඹලා ඔවුන් සම්බන්ධයෙන් වාද කරන දෑ හී සත්යවාදීහු නම් ඔවුන්ගෙන් නුඹලා ප්රාර්ථනා කර බලනු. නුඹලාට ඔවුන් පිළිතුරු දෙත්වා!

Al-A'raaf 7:194Listen in Qur'an →
195

أَلَهُمْ أَرْجُلٌۭ يَمْشُونَ بِهَآ ۖ أَمْ لَهُمْ أَيْدٍۢ يَبْطِشُونَ بِهَآ ۖ أَمْ لَهُمْ أَعْيُنٌۭ يُبْصِرُونَ بِهَآ ۖ أَمْ لَهُمْ ءَاذَانٌۭ يَسْمَعُونَ بِهَا ۗ قُلِ ٱدْعُوا۟ شُرَكَآءَكُمْ ثُمَّ كِيدُونِ فَلَا تُنظِرُونِ

(පිළිරූ ආරාධනා කරන්නෙනි!ඔබ නමදින) ඒවාට කකුල් ඇත නොවෙද; ඒවා මගින් ඇවිදින්නෙහුද? ඒවාට අත් තිඛෙනවා නොවෙද; ඒවා මගින් අල්ලා ගන්නෙහුද? ඒවාට ඇස් තිඛෙනවා නොවෙද; ඒවා මගින් බලන්නෙහුද? ඒවාට කණ් තිඛෙනවා නොවෙද; ඒවා මගින් අසන්නෙහුද? (එසේ නම්) “ඔබ සමානයන් තබා නමදින (එම) දෙවිවරුන්ව (ඔබට උදව්වට) කැඳවාගෙන (ඔබ සියල්ල ඒකරාශී වී අපට යම්කිසි අවහිරයක් කිරීමට) මා වෙත කුමන්ත්‍රණ කර බලනු. (මෙයින්) ඔබ පොඩියක් හෝ ප්‍රමාද නොවනු” යයි (නබියේ!) ඔබ පවසනු මැනව!

නුඹලා දෙවිවරුන් ලෙස ගත් එම පිළිම වලට පාද තිබී, එමගින් ඔවුන් ගමන් කර නුඹලාගේ අවශ්යතාවන් ඉටු කර දෙන්නේද? එසේ නැතහොත් ඔවුනට අත් තිබී, එමගින් බලවත් ලෙස නුඹලා ව වළක්වාලන්නේ ද? එසේ නැතහොත් ඔවුනට ඇස් තිබී නුඹලාට ගුප්ත වූ දෑ එතුළින් බලා නුඹලාට තොරතුරු දන්වා සිටින්නේද? එසේ නැතහොත් කන් තිබී, එමගින් නුඹලාට සැගවුණු දෑට සවන් දී එම දැනුම නුඹලාට ගෙන දෙන්නේද? මේ සියල්ල කිරීමට නොහැකි නම් නුඹලාට සෙත සලසනු ඇතැයි හෝ හානිය වළක්වනු ඇතැයි යහපත් අපේක්ෂාවකින් යුතු ව නුඹලා ඒවාට නැමදුම් කරනුයේ කෙසේද? අහෝ දූතය! ආදේශ තබන මොවුනට ඔබ, ‘නුඹලා අල්ලාහ්ට සමාන කළ සමානයින් කැඳවනු. පසු ව මට හානි කරන්නට කුමන්ත්රණය කරනු මට අවකාශය නොදෙනු.’ යැයි පවසනු.

Al-A'raaf 7:195Listen in Qur'an →
196

إِنَّ وَلِۦِّىَ ٱللَّهُ ٱلَّذِى نَزَّلَ ٱلْكِتَٰبَ ۖ وَهُوَ يَتَوَلَّى ٱلصَّٰلِحِينَ

(තවද) “නියත වශයෙන්ම මගේ ආරක්ෂකයා අල්ලාහ්ය. ඔහුම මෙම ධර්මය පහළ කළේය. ඔහු හොඳ වහලූන්ව ආරක්ෂා කරන්නෙකු වශයෙන් සිටින්නේය.

සැබැවින්ම මට උදව් කරන්නා හා මට පිහිටවන්නා මා ආරක්ෂා කරන අල්ලාහ්ය. ඔහු හැර වෙනත් කිසිවකු මම අපේක්ෂා නොකරමි. නුඹලාගේ කිසිදු පිළිමයකට මම බිය නොවෙමි. මිනිසාට මග පෙන්වීම සඳහා මා වෙත අල් කුර්ආනය පහළ කළේ ඔහුය. ඔහුගේ ගැත්තන් අතර සිටින දැහැමියන්ගේ භාරකාරත්වය දරන්නේද ඔහුය. එහෙයින් ඔහු ඔවුන් ආරක්ෂා කොට ඔවුනට උපකාර කරනු ඇත.

Al-A'raaf 7:196Listen in Qur'an →
197

وَٱلَّذِينَ تَدْعُونَ مِن دُونِهِۦ لَا يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلَآ أَنفُسَهُمْ يَنصُرُونَ

එබැවින් (සමානයන් තබා නමදින්නෙනි!) අල්ලාහ් හැර කුමක් (දෙවියන් යයි) ඔබ ආරාධනා කරන්නෙහුද, ඒවා ඔබට කිසිම උදව්වක් කිරීමට ශක්තියක් නොමැත්තක් වශයෙන් සිටින අතර, තමන්ට තමන්ම උදව් කර ගැනීමටද ශක්තියක් නොමැත්තක් වශයෙන් ඇත්තේය.

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! නුඹලා නමදින මෙම පිළිම වනාහි නුඹලාට උදව් කිරීමට ඔවුනට නොහැකිය. ඔවුන් ඔවුන්ටම පවා උදව් කර ගන්නට ශක්තිය නොදරනු ඇත. ඔවුන් හැකියාවන් නොමැත්තන්ය. එසේ නම් අල්ලාහ් හැර දමා ඔවුන්ගෙන් නුඹලා ප්රාර්ථනා කරනුයේ කෙසේද?

Al-A'raaf 7:197Listen in Qur'an →
198

وَإِن تَدْعُوهُمْ إِلَى ٱلْهُدَىٰ لَا يَسْمَعُوا۟ ۖ وَتَرَىٰهُمْ يَنظُرُونَ إِلَيْكَ وَهُمْ لَا يُبْصِرُونَ

ඔබ ඒවා ඍජු මාර්ගයෙහි ආරාධනා කළා වුවද, (ඔබ කියන දැය) ඒවා සවන් දෙන්නේ නැත. (නබියේ!) ඒවා ඔබව බලන්නාක් මෙන් ඔබට හැෙඟන්නේය. (ඇත්තෙන්ම) ඒවා ඔබව බලන්නේම නැත.

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! ස්ථාවරත්වය පතා නුඹලා අල්ලාහ් නොවන, නුඹලා නමදිමින් සිටින නුඹලාගේ පිළිම වලට ප්රාර්ථනා කර සිටිය ද නුඹලාගේ ප්රාර්ථනාවට ඔවුන් සවන් දෙන්නේ නැත. නුඹ ඔවුන් දකින්නේ අඹන ලද හැඩරුවක් නුඹ ව මුණ ගැසෙන්නාක් මෙනි. එය පෙනීමක් නැති ද්රව්යමය වස්තුවකි. ඔවුන් ආදම්ගේ දරුවන්ගේ ස්වරූපයෙන් හෝ සතුන්ගේ ස්වරූපයෙන් රූප අඹමින් ඒවා සකස් කර ගත්තෝය. ඔවුනට අත්, පාද හා ඇස් තිබුණ ද ඒවා නිශ්චල වස්තුවක් පමණය. එහි කිසිදු ජීවයක් හෝ චලනයක් හෝ නැත.

Al-A'raaf 7:198Listen in Qur'an →
199

خُذِ ٱلْعَفْوَ وَأْمُرْ بِٱلْعُرْفِ وَأَعْرِضْ عَنِ ٱلْجَٰهِلِينَ

(නබියේ!) ඔබ සමාව අත් කරගෙන හොඳ දැය (නොකඩවා ඉටු කරන මෙන්) අණ කරමින් සිටිනු මැනව!තවද අඥානයින්ව ප්‍රතික්ෂේප කර දමනු.

අහෝ දූතයිනි! මිනිසුනට ඉවසිය හැකි දෑ ද, ක්රියාවන් හා සදාචාරයන් අතුරින් ඔවුනට පහසු දෑ ද ඔබ ඔවුනට ඉදිරිපත් කරනු. ඔවුන්ගේ සහජ හැකියාවට දැරිය නොහැකි දෑ ඔවුන් මත නොපටවනු. සැබැවින්ම එය ඔවුන් පලවා හරිනු ඇත. සෑම අලංකාර වදනකින්ම අලංකාර ක්රියාවකින්ම ඔවුනට අණ කරනු. අඥානයින් නොසලකා හරිනු. ඔවුන්ගේ අඥානකමත් සමග නුඹ ඔවුන් හමු නොවනු. එහෙයින් කවුරුන් ඔබට හිංසාවක් කළේ ද ඔබ ඔහුට හිංසා නොකරනු. කවරෙකු ඔබට තහනම් කළේ ද ඔබ ඔහුට තහනම් නොකරනු.

Al-A'raaf 7:199Listen in Qur'an →
200

وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيْطَٰنِ نَزْغٌۭ فَٱسْتَعِذْ بِٱللَّهِ ۚ إِنَّهُۥ سَمِيعٌ عَلِيمٌ

ෂෙයිතාන් යම්කිසි (වැරදි) සිතුවිල්ලක් ඔබගේ මනසෙහි හොල්මන් කිරීමට සලස්වා, (නුසුදුසු කාරණාවක් කිරීමට කරන මෙන් ඔබව) පෙළඹුවහොත් එවෙලේම ඔබ (ඔබව) ආරක්ෂා කරන මෙන් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම ඔහු සවන් දෙන්නෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

අහෝ දූතය! යහපත් ක්රියාවන් සිදු කිරීමෙන් ෂෙයිතාන් ඔබට නපුරු සිතුවිලි හෝ කලකිරීම් ඇති කළ බව ඔබට හැඟුණේ නම්, ඔබ අල්ලාහ් වෙත යොමු වනු. ඔහුගෙන් ආරක්ෂාව පතනු. සැබැවින්ම ඔබ පවසන දෑට ඔහු සවන් දෙන්නාය. ඔබේ ස්ථාවරය ගැන ඔහු මැනවින් දන්නාය. එහෙයින් ඔහු ඔබ ව ෂෙයිතාන්ගෙන් ආරක්ෂා කරනු ඇත.

Al-A'raaf 7:200Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.