Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 181–190 of 206

181

وَمِمَّنْ خَلَقْنَآ أُمَّةٌۭ يَهْدُونَ بِٱلْحَقِّ وَبِهِۦ يَعْدِلُونَ

අපි උත්පාදනය කළ අයගෙන් සමහරෙක් ඇත. ඔවුන් සත්‍ය මාර්ගය (අනුගමනය කරන අතර අනිත් ජනතාවටද) දැනුම් දී එමගින්ම සාධාරණයද ඉටු කරන්නාහ.

අප මැවූ අය අතරින් සත්ය වටහා ගෙන මග ලැබූ සමූහයක් ද වෙති. ඔවුන් සෙසු අය ඒ වෙත ඇරයුම් කරන අතර ම ඔවුන් ද මග ලබති. එම සත්යය තුළින් යුක්තිගරුක ව තීන්දු තීරණ පිරිනමන අතර ඔවුන් එයින් පලා නොයති.

Al-A'raaf 7:181Listen in Qur'an →
182

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ

කවුරුන් අපගේ ආයාවන් බොරු කරන්නෝද ඔවුන්ව, ඔවුන් වටහා නොගන්නා සේ අපි අඩියෙන් අඩියට (පහත් තත්වයකට) බස්සවා (නිරයෙහිද ඇතුළු කර) හරින්නෙමු.

අපගේ වදන් බොරු කොට ඒවා විශ්වාස නොකළවුන් වනාහි, ඔවුන් ඒවා ප්රතික්ෂේප කළෝය. පෝෂණ සම්පත් වල දොරටු අපි ඔවුන් වෙනුවෙන් විවෘත කරන්නෙමු. නමුත් එය ඔවුනට ගරු කිරීමක් වශයෙන් නොව ඔවුන් කවර මුළාවක පිහිටා සිටී ද එහි ඔවුන් තටමන තෙක් පියවරෙන් පියවර එම නිලය ලබනු පිණිසය. පසු ව ඔවුන් ගෞරවයෙන් යුතු ව සිටින විට අපගේ දඬුවම ඔවුනට අත් වන්නේය.

Al-A'raaf 7:182Listen in Qur'an →
183

وَأُمْلِى لَهُمْ ۚ إِنَّ كَيْدِى مَتِينٌ

(මෙලොවදී) මා ඔවුන්ට (දීර්ඝ) කාල අවකාශයක් ලබා දෙන්නෙමි. නියත වශයෙන්ම අපගේ සැලැස්ම ඉතාමත් ස්ථීරය. (වෙනස් කළ නොහැකිය).

තමන් දඬුවම් ලබන පිරිසක් නොවන බව ඔවුන් සිතන තෙක් එම දඬුවම මම ඔවුනට ප්රමාද කරමි. දඬුවම ඔවුනට ගුණ කරනු ලබන තෙක් ඔවුන්ගේ බොරුවෙහි හා ප්රතික්ෂේපයෙහි ඔවුන් අඛණ්ඩ ව නිරත ව සිටිති. මාගේ උපක්රමය බලවත්ය. ඔවුනට ත්යාශීලිබව පෙන්වා ඔවුන් පරාජයට පත් කිරීමට මම අපේක්ෂා කළෙමි.

Al-A'raaf 7:183Listen in Qur'an →
184

أَوَلَمْ يَتَفَكَّرُوا۟ ۗ مَا بِصَاحِبِهِم مِّن جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌۭ مُّبِينٌ

(අපගේ දූතයා වන) ඔවුන්ගේ (මෙම) මිතුරාට කිසිම පිස්සුවක් නැත යන්න ඔවුන් කල්පනා කර, වටහා ගත යුතු නොවේද? ඔහු ප්‍රසිද්ධියේ බියගන්වා අනතුරු අඟවන්නෙකු මිස, වෙන කිසිවක් නැත.

අල්ලාහ්ගේ වදන් හා ඔහුගේ දූතයාණන් ව බොරු කළවුන් සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා උම්මත්තකයෙකු නොවන බව පැහැදිලි කර ගනු පිණිස ඔවුන්ගේ බුද්ධිය ඔවුන් ක්රියා කරවා ඒ ගැන වටහා ගත යුතු නොවේද? සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ දඬුවමින් ප්රවේශම් වන මෙන් පැහැදිලි ව අවවාද කිරීම සඳහා අල්ලාහ් විසින් පත් කරන ලද දූතයෙකි.

Al-A'raaf 7:184Listen in Qur'an →
185

أَوَلَمْ يَنظُرُوا۟ فِى مَلَكُوتِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا خَلَقَ ٱللَّهُ مِن شَىْءٍۢ وَأَنْ عَسَىٰٓ أَن يَكُونَ قَدِ ٱقْتَرَبَ أَجَلُهُمْ ۖ فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَهُۥ يُؤْمِنُونَ

අහස්හි හා භූමියෙහි රාජ්‍යයද, අල්ලාහ් උත්පාදනය කළ දැයද ඔවුන් බැලූවේ නැද්ද? ඔවුන්ගේ (මරණ) මංචකය ළඟා වී තිබිය හැකිය යන්නද (ඔවුන් සිතුවේ නැද්ද?) මෙයින් (මෙම ධර්මයෙන්) පසු කුමන පුවතක් නම් ඔවුන් විශ්වාස කරයිද!

අහස්හි හා මහ පොළොවේ පවතින අල්ලාහ්ගේ රාජ්ය දෙස මොවුන් මනා සැලකිල්ලෙන් නිරීක්ෂා කර බැලිය යුතු නොවේ ද? එමෙන්ම ඒ දෙක අතර ඇති සතුන් ගහකොළ හා වෙනත් දෑ පිළිබඳවත් නිරීක්ෂාවෙන් බැලිය යුතු නොවේ ද? නියමිත කාලය අවසන් වන්නට බලන ඔවුන්ගේ ආයු කාලය දෙස අවධානයෙන් බැලිය යුතු නොවේද? එහෙයින් කාලය අතපසු වීමට පෙර පාප ක්ෂමාවෙහි නිරත වන්න. අල් කුර්ආනය මෙන්ම එහි ඇති ප්රතිඥාවන් හා අවවාදයන් ඔවුන් විශ්වාස නොකරන්නේ නම්, ඒ හැර වෙනත් කවර පුස්තකයක් ඔවුන් විශ්වාස කරන්න ද?

Al-A'raaf 7:185Listen in Qur'an →
186

مَن يُضْلِلِ ٱللَّهُ فَلَا هَادِىَ لَهُۥ ۚ وَيَذَرُهُمْ فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ

කවුරුන්ව අල්ලාහ් වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේද, ඔහුට ඍජු මාර්ගය පෙන්වන්නෙකු (වෙන) කිසිවෙකුත් නැත. ඔවුන් තම දුර්මාර්ගයෙහිම වැටී දඟලන ලෙසට ඔහු අත්හැර දමන්නේය.

සත්ය වෙත මග පෙන්වීමෙන් තොරව අල්ලාහ් කවරෙකු පහත් කරන්නේ ද එමෙන්ම ඍජු මාර්ගයෙන් නොමග යන්නට අල්ලාහ් කවරෙකුට ඉඩ හරින්නේද, එවිට ඔහු වෙත මග පෙන්වන කිසිදු මාර්ගෝපදේශකයකු ඔහුට නොමැත. ඔවුන්ගේ මුළාවෙහි හා ඔවුන්ගේ ප්රතික්ෂේපයෙහි තටමන්නට ඔහු ඔවුන් අතහැර දමයි. ඔවුහු කිසිවක් වෙත මග පෙන්වනු නොලබති.

Al-A'raaf 7:186Listen in Qur'an →
187

يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ رَبِّى ۖ لَا يُجَلِّيهَا لِوَقْتِهَآ إِلَّا هُوَ ۚ ثَقُلَتْ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ لَا تَأْتِيكُمْ إِلَّا بَغْتَةًۭ ۗ يَسْـَٔلُونَكَ كَأَنَّكَ حَفِىٌّ عَنْهَا ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

(නබියේ! විනිශ්චය) කාලය ගැන එය කවදා එන්නේදැයි ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “එහි විනාශය මගේ දෙවියන්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. එය පැමිණෙන වේලාව ඔහු මිස, වෙන කිසිවෙකුටත් පැහැදිලි කිරීමක්ද කළ නොහැකිය. (ඒ අතරම) අහස්හිද, භූමියෙහිද ඉමහත් වූ සිදුවීම් සිදු වනු ඇත. හදිසියේ මිස, (එය) ඔබ වෙත පැමිණෙන්නේ නැත”. එය සම්පූර්ණයෙන්ම දැන ගත් කෙනෙකු වශයෙන් ඔබව ඔවුන් සළකා, (ඒ ගැන) ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “එහි දැනුම අල්ලාහ්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (එය) දැන නොගන්නාහ”.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ මුරණ්ඩුකාර බොරු කාරයින් එය කවර වේලාවක සිදු වන්නේ දැයි ද ඒ ගැන දැනුම කවර වේලාවක ලැබෙන්නේ දැයි ද ඔබෙන් විමසති. අහෝ! මුහම්මද්, ඒ ගැන දැනුම මා ළඟ හෝ වෙනත් අය ළඟ නැත. ඒ ගැන දැනුම ඇත්තේ අල්ලාහ් අබියස පමණය. ඒ සඳහා නිර්ණය කර ඇති නිශ්චිත වේලාව අල්ලාහ් හැර වෙනත් කිසිවකු හෙළි කරන්නේ නැත. අහස්හි වෙසෙන්නන්හට හා මහ පොළොවෙහි වෙසෙන්නන්හට එය හෙළි කිරීමේ විෂය සැඟවුණු දෙයකි. නුඹලාට එය එකවර පැමිණෙන්නේ නැත. සැබැවින්ම ඔබ අවසන් හෝරාව පිළිබඳ මැනවින් දන්නෙකු සේ ඔවුහු ඒ ගැන ඔබෙන් විමසති. ඔබේ පරමාධිපති පිළිබඳ ඔබ හොඳින් දන්නා බැවින් ඒ ගැන ඔබ විමසා නොසිටින බව ඔවුහු නොදනිති. "අහෝ! මුහම්මද් අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ් අබියස පමණක් ඇති බව ඔවුනට පවසනු. නමුත් ජනයාගෙන් බොහෝ දෙනා ඒ ගැන වටහා ගන්නේ නැත. යැයි ඔවුනට පවසනු."

Al-A'raaf 7:187Listen in Qur'an →
188

قُل لَّآ أَمْلِكُ لِنَفْسِى نَفْعًۭا وَلَا ضَرًّا إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ وَلَوْ كُنتُ أَعْلَمُ ٱلْغَيْبَ لَٱسْتَكْثَرْتُ مِنَ ٱلْخَيْرِ وَمَا مَسَّنِىَ ٱلسُّوٓءُ ۚ إِنْ أَنَا۠ إِلَّا نَذِيرٌۭ وَبَشِيرٌۭ لِّقَوْمٍۢ يُؤْمِنُونَ

(තවද) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් අදහස් කළහොත් මිස, මා හට කිසිම හොඳක් හෝ නරකක් හෝ කර ගැනීමට මට ශක්තියක් නැත. මා ගුප්ත දැය දැන ගත හැකි නම්, හොඳ දැයම අධික වශයෙන් සොයාගෙන ඇත්තෙමි. කිසිම නරකක් මා හට ළඟා වී නොමැත. මා (පාපතරයන්ට) බිය ගන්වා අනතුරු අඟවන්නෙකු හා විශ්වාසවන්තයින්ට ශුභාරංචි දෙන්නෙකු මිස, වෙන කිසිවක් නැත”.

අහෝ මුහම්මද්! අල්ලාහ් අභිමත කළේ නම් මිස මාගේ ආත්මයට යම් යහපතක් ගෙන එන්නට හෝ එයින් යම් නපුරක් ඉවත් කිරීමට හෝ මම හැකියාව නොදරමි. එය අල්ලාහ් වෙත පැවරෙන කටයුත්තකි. අල්ලාහ් මට ඉගැන් වූ දෑ හැර වෙනත් කිසිවක් මම නොදනිමි. එහෙයින් ගුප්ත දෑ පිළිබඳ මම නොදනිමි. ගුප්ත දෑ පිළිබඳ මම දන්නේ නම් සැබැවින්ම මට යහපත ගෙන දෙන බවට හා මගෙන් අයහපත වළක්වන බවට මා දාන්නා හේතු කාරණා ඉටු කරන්නට තිබුණි. එවන් කරුණු ඇති වීමට පෙර මම දැන ගනිමි. ඒ වෙත ඇදී යන දෑ ද මම දැන ගනිමි. නමුත් මම අල්ලාහ් වෙතින් ආ දූතයකු මිස නැත. ඔහුගේ වේදනීය දඬුවම ගැන බිය ගන්වමි. සැබැවින්ම මම අල්ලාහ්ගෙන් වූ දූතයකු බව විශ්වාස කොට, මා කවර කරුණක් ගෙන ආවේද එය සැබෑවක් ලෙස පිළිගත් පිරිසකට ඔහුගේ ත්යාගශීලී කුසල් ගැන ශුභාරංචි දන්වමි.

Al-A'raaf 7:188Listen in Qur'an →
189

۞ هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ وَجَعَلَ مِنْهَا زَوْجَهَا لِيَسْكُنَ إِلَيْهَا ۖ فَلَمَّا تَغَشَّىٰهَا حَمَلَتْ حَمْلًا خَفِيفًۭا فَمَرَّتْ بِهِۦ ۖ فَلَمَّآ أَثْقَلَت دَّعَوَا ٱللَّهَ رَبَّهُمَا لَئِنْ ءَاتَيْتَنَا صَٰلِحًۭا لَّنَكُونَنَّ مِنَ ٱلشَّٰكِرِينَ

එකම මිනිසෙකුගෙන් ඔබව උත්පාදනය කළ තැනැත්තා ඔහුය. ඔහු සමග (සුවසේ) එකට එකතු වී වාසය කිරීම සඳහා ඔහුගේ බිරිඳව ඔහුගෙන්ම උත්පාදනය කළේය. ඔහුව ඔහු (තම දේහය මගින්) වසා ගත් විට, ඇය (ලූහු ගැබ්බරක් මගින්) පහසු බරක් ඉසුළුවාය. පසුව එය (ඔසවා)ගෙන ඇවිද්දාය. ඇය බර වැඩි වන විට, “ඔබ අපට හොඳ දරුවෙකු ලබා දුන්නහොත් නියත වශයෙන්ම (ඔබට) ස්තූතිය දක්වමින් සිටින්නෙමු” යයි ඒ දෙදෙනා තමන්ගේ දෙවියන් වන අල්ලාහ් වෙතින් ප්‍රාර්ථනා (කරමින්) සිටියහ.

අහෝ මිනිසුනි! කාන්තාවනි! එකම ආත්මයකින් එනම් ආදම් (අලය්හිස් සලාම්) තුමාගෙන් නුඹලා ව බිහි කළේ ඔහුය. පසු ව ඔහු (අල්ලාහ්) ආදම් (අලය්හිස් සලාම්) තුමාගෙන් ඔහුගේ බිරිය හව්වා තුමිය මැව්වේය. ඇය ඔහුගේ ඉළ ඇටයෙන් මවන ලැබුවාය. ඔහු ඇය වෙත ළං වී ඇය සමග තැන්පත් වූයේය. ස්වාමි පුරුෂයා ඇයගේ බිරිය සමග සංසර්ගයේ නිරත වූ කල්හි ඇයට නොදැනුවත්වම ඇය සැහැල්ලු බරක් ඉසිලුවාය. එය එහි ආරම්භය වූ බැවිණි. ඇයගේ ගර්භිණී භාවය දිගටම පැවතිණ. ඇයගේ අවශ්යතා ඇය ඉටු කළ ද එය ඇයට බරක් නොවීය. ඇයගේ කුස වැඩී විශාල වී බර වැඩි වූ කල්හි බිරිය හා ස්වාමි පුරුෂයා යන දෙදෙනාම ඔවුන් දෙදෙනාගේ පරමාධිපති අමතා, "අපගේ පරමාධිපතියාණනි! ඔබ අපට පූර්ණ මැවීමක් සහිත දැහැමි දරුවකු පිරිනැමුවෙහි නම් සැබැවින්ම ඔබ අප වෙත කළ ආශිර්වාදයට අපි කෘත ගුණ සලකන්නන් අතරට පත් වන්නෙමු" යැයි පවසා සිටියහ.

Al-A'raaf 7:189Listen in Qur'an →
190

فَلَمَّآ ءَاتَىٰهُمَا صَٰلِحًۭا جَعَلَا لَهُۥ شُرَكَآءَ فِيمَآ ءَاتَىٰهُمَا ۚ فَتَعَٰلَى ٱللَّهُ عَمَّا يُشْرِكُونَ

(මෙවැනි ප්‍රාර්ථනාවට අනුව ආදම්ගේ දරුවන් වන) ඔවුන්ට (දෙවියන්) හොඳ දරුවෙකු ලබා දුන්නේ නම්, (ඔවුන්ගෙන් සමානයන් තබන්නන්) එය ඔවුන්ට ලබා දීමෙහි (ඔවුන්ගේ දෙවිවරුන්ද, සහායට සිටියහ යයි ඒවා දෙවියන්ට) එක්කාසු කරන්නාහ. (ඔවුන් කියන) සමානයන් හා සහායයන්ගෙන් අල්ලාහ් ඉතාමත් උසස්ය.

එහෙත්, අල්ලාහ් ඔවුන් දෙදෙනාගේ ප්රාර්ථනාව පිළිගෙන ඔවුන් දෙදෙනා ප්රාර්ථනා කළ පරිදි ම දැහැමි දරුවෙකු ඔවුන් දෙදෙනාට ඔහු පිරිනැමූ කල්හි, අල්ලාහ් ත්යාග වශයෙන් ඔවුන් දෙදෙනාට පිරිනැමූ දෑහි ඔහු සමග හවුල්කරුවන් ද පත් කර ගෙන ඔවුන් දෙදෙනාගේ දරුවා වෙනත් අයකුට නමදින්නට සලස්වා ඔහුට ආරක්ෂකයාගේ ගැත්තා යනුවෙන් නම් තැබූහ. සියලුම හවුල්කරුවන්ගෙන් අල්ලාහ් පිවිතුරුය උත්තරීතරය. ආධිපත්යය හා දේවත්වය ඔහු තනිව ම ක්රියාත්මක කරන්නාය.

Al-A'raaf 7:190Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.