Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 171–180 of 206

171

۞ وَإِذْ نَتَقْنَا ٱلْجَبَلَ فَوْقَهُمْ كَأَنَّهُۥ ظُلَّةٌۭ وَظَنُّوٓا۟ أَنَّهُۥ وَاقِعٌۢ بِهِمْ خُذُوا۟ مَآ ءَاتَيْنَٰكُم بِقُوَّةٍۢ وَٱذْكُرُوا۟ مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ

තමන් මත වැටේවි යයි ඔවුන් අදහස් කරමින් සිටින සේ (සිනායි) කන්ද ඔවුන්ට ඉහළින් මුදුන් වහලයක් මෙන් නවතා තබා, (ඔවුන්ට) “අපි ඔබට ලබා දුන් (ධර්මය) තදින් අල්ලා ගනු. එහි ඇති දැය (සෑමවිටම) අවධානයෙන් යුතුව තබනු. (එමගින්) ඔබ පරිශුද්ධවන්තයින් බවට පත් විය හැකිය” (යයි අපි ඔවුන්ට පැවසීම නබියේ!ඔබ ඔවුන්ට මතක් කර දෙනු).

අහෝ මුහම්මද්! ඉස්රාඊල් දරුවන් තව්රාතයේ ඇති දෑ පිළිගැනීමෙන් වැළකී සිටි කල්හි, ඔවුනට ඉහළින් අපි කන්ද උගුලා ඔසවා තැබූ අවස්ථාව මෙනෙහි කරනු. එවිට එම කන්ද ඔවුන්ගේ හිසට හෙවණක් ගෙන දෙන වලාකුළක් මෙන් විය. සැබැවින්ම එය ඔවුන් මත කඩා වැටෙනු ඇතැයි ඔවුනට තහවුරු විය. එවිට ඔවුනට මෙසේ පවසන ලදී: අපි නුඹලාට පිරිනැමූ දෑ ඉතා මැනවින් කැපවීමෙන් හා ස්ථීර ලෙස ගනු. එහි අල්ලාහ් නුඹලාට ආගමානුගත කළ නීති මෙනෙහි කර බලනු. ඒවා අමතක නොකරනු. එලෙස නුඹලා කටයුතු කරන විට නුඹලා අල්ලාහ්ට බැතිමත් වීම අපේක්ෂා කළ හැකිය.

Al-A'raaf 7:171Listen in Qur'an →
172

وَإِذْ أَخَذَ رَبُّكَ مِنۢ بَنِىٓ ءَادَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَىٰٓ أَنفُسِهِمْ أَلَسْتُ بِرَبِّكُمْ ۖ قَالُوا۟ بَلَىٰ ۛ شَهِدْنَآ ۛ أَن تَقُولُوا۟ يَوْمَ ٱلْقِيَٰمَةِ إِنَّا كُنَّا عَنْ هَٰذَا غَٰفِلِينَ

(නබියේ!) ඔබගේ දෙවියන් ආදම්ගේ පරම්පරාවේ දරුවන් වන ඔවුන්ගේ පිට කොන්දෙන් ඔවුන්ගේ පරම්පරා දරුවන්ව ඉකුත් කර, ඔවුන් තමන්වම ඔවුන්ට සාක්ෂියක් වශයෙන්ද තබා (ඔවුන්ට) “මා ඔබගේ දෙවියන් නොවෙද?”යි විමසූ විට, “ඇත්තය!(ඒ ආකාරයටම) අපි සාක්ෂි දරන්නෙමු” යයි ඔවුන්ගේ පැවසීම (ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. මන්දයත් “(මෙය කිසිවෙකුත් මතක් කර නොදුන් බැවින්) නියත වශයෙන්ම අපි මෙය (අමතක කර) දමා නොසැලකිලිමත්ව සිටියෙමු” යයි පරලොව දිනදී ඔවුන් නොකියා සිටීම සඳහාද -

අහෝ මුහම්මද්! ආදම්ගේ කොදු නාරටියෙන් ඔවුන්ගේ පරපුර බිහි කර, සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ මැවුම්කරු බවත්, ඔවුන්ගේ පරමාධිපති බවත්, සහජයෙන්ම ඔවුන් තුළ තැන්පත් කර ඇති දැයින් ඔහුගේ පරමාධිපත්යය තහවුරු කිරීමට තීරණය කොට, ‘ඔබේ පරමාධිපති මා නොවේදැ?’යි ඔවුන්ගෙන් ඔහු විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු. එවිට ඔවුහු සියල්ලෝම, ‘එසේය, අපගේ පරමාධපති ඔබය’ යැයි පිළිතුරු දුන්නෝය. ඔහු, ‘සැබැවින්ම අපි නුඹලා ව පරීක්ෂාවට ලක් කළෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා වෙත ඉදිරිපත් කළ අල්ලාහ්ගේ සාධක නුඹලා පිටු නොදැක, ඒ පිළිබඳ නුඹලාට කිසිදු දැනුමක් නොතිබුණු බව නුඹලා නොපවසනුු පිණිස අපි නුඹලා වෙතින් ප්රතිඥාවක් ගත්තෙමු’ යැයි පැවසීය.

Al-A'raaf 7:172Listen in Qur'an →
173

أَوْ تَقُولُوٓا۟ إِنَّمَآ أَشْرَكَ ءَابَآؤُنَا مِن قَبْلُ وَكُنَّا ذُرِّيَّةًۭ مِّنۢ بَعْدِهِمْ ۖ أَفَتُهْلِكُنَا بِمَا فَعَلَ ٱلْمُبْطِلُونَ

නැතහොත් “(බොරු දෙවිවරුන්ව) සමානයන් කළේ (අපි නොව). අපට පෙර ඉකුත් වී ගිය අපගේ මුතුන් මිත්තන්ය. අපි නම්, ඔවුන්ගෙන් පසු පැමිණි (ඔවුන්ගේ) පරම්පරාවේ දරුවන්ය. එබැවින් (ඔවුන්ව අපි අනුගමනය කළෙමු). ඔවුන් කළ නොමනා ක්‍රියාවන් සඳහා ඔබ අපව විනාශ කර දැමිය හැකිදැ?”යි ඔවුන් නොකියා සිටීම පිණිසම (මෙය අපි මතක් කර දෙන්නෙමු යයි නබියේ!ඔබ පවසනු මැනව!)

සැබැවින්ම එම ගිවිසුම කඩමින් අල්ලාහ්ට ආදේශ කළේ නුඹලාගේ මුතුන්මිත්තන් යැයි නුඹලා හේතු සාධක නොපවසනු පිණිසත්ය. ඔවුන් කවර කරුණක් ආදේශ කරමින් සිටිනු ඔබ දුටුවේද, එම විෂයයෙහි නුඹලාත් නුඹලාගේ මුතුන් මිත්තන් අනුගමනය කරමින් හිඳ, ‘අල්ලාහ්ට ආදේශ තබමින් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල කර ගත් අපගේ මුතුන් මිත්තන් කළ වැරදි ක්රියාව හේතුවෙන් අප වැරදිකරුවන් කර අපට ඔබ දඬුවම් කරන්නෙහි ද? එහෙයින් අපගේ නොදැනුවත්කම හේතුවෙන් අපට කිසිදු පාපයක් හිමි නැත. අපි පිළිපැද්දේ අපගේ මුතුන්මිත්තන්' යැයි නුඹලා නොපවසනු පිණිසත්ය.

Al-A'raaf 7:173Listen in Qur'an →
174

وَكَذَٰلِكَ نُفَصِّلُ ٱلْءَايَٰتِ وَلَعَلَّهُمْ يَرْجِعُونَ

ඔවුන් (පාපයන්ගෙන්) මිදීම සඳහා (අපගේ) ආයාවන් මෙසේ (පැහැදිලිව) විවරණය කර කීවෙමු.

බොරුකාර සමූහයන්ට අත් වූ ඉරණම පිළිබඳ පවසන මෙම පාඨ අපි පැහැදිලි කළාක් මෙන්ම, ඒවා ඔවුනටත් අපි පැහැදිලි කර සිටියෙමු. එය දෙවියන් වහන්සේට කළ ගිවිසුමේ සඳහන් පරිදි ඔවුන් වැටී සිටින දේව ආදේශයෙන් ඔවුන් මිදී අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහු ව නැමදුම් කිරීම වෙත ඔවුන් හැරී යාමේ යහපත් බලාපොරොත්තුවෙනි.

Al-A'raaf 7:174Listen in Qur'an →
175

وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ ٱلَّذِىٓ ءَاتَيْنَٰهُ ءَايَٰتِنَا فَٱنسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ ٱلشَّيْطَٰنُ فَكَانَ مِنَ ٱلْغَاوِينَ

(නබියේ!) ඔබ ඔවුන්ට “(බල්ආම් ඉබ්නු බාඌරා නමැති) කෙනෙකුගේ ඉතිහාසය සමුදීරණය කර පෙන්වනු. ඔහුට අපි අපගේ සාධකයන් ලබා දී (ගෞරව කර තබා) තිබුණෙමු. එහෙත් ඔහු (නයා තමාගේ හැව අරින්නාක් මෙන්) එයින් සම්පූර්ණයෙන්ම පිට වී ගියේය. එබැවින් ෂෙයිතාන් ඔහු පිටුපසින් යන්නට වූවේය. (ඔහුගේ කුමන්ත්‍රණ වලට පැටළී) ඔහු මාර්ගය වැරද ගියවුන්ගෙන් කෙනෙකු බවට පත් වූවේය.

අහෝ දූතය! ඉස්රාඊල් දරුවන් අතර සිටි මිනිසෙකු පිළිබඳ තොරතුරු ඔවුනට කියවා පෙන්වනු. අපගේ වදන් අපි ඔහුට පිරිනැමුවෙමු. ඔහු එය හදාරා එහි පෙන්වා දී තිබුණු සත්යය වටහා ගත්තේය. නමුත් ඔහු ඒ අනුව කටයුතු කළේ නැත. ඔහු එය අතහැර දමා ඉන් මිදුණේය. එවිට ෂෙයිතාන් ඔහුට බැඳුණේය. ඔහුගේ සමීප මිතුරෙකු බවට ඔහු පත් විය. යහමග ලබා සාර්ථකත්වය උදා කර ගත්තවුන් අතරට ඔහු පත් වීමෙන් පසු, මුළා වී විනාශය උදා කරගත් අය අතරට පත් විය.

Al-A'raaf 7:175Listen in Qur'an →
176

وَلَوْ شِئْنَا لَرَفَعْنَٰهُ بِهَا وَلَٰكِنَّهُۥٓ أَخْلَدَ إِلَى ٱلْأَرْضِ وَٱتَّبَعَ هَوَىٰهُ ۚ فَمَثَلُهُۥ كَمَثَلِ ٱلْكَلْبِ إِن تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَث ۚ ذَّٰلِكَ مَثَلُ ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا ۚ فَٱقْصُصِ ٱلْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

අපි අදහස් කර තිබුණේ නම්, (අපගේ) සාධකයන්ගේ හේතුවෙන් ඔහුව අපි ඉහළට ඔසවා ඇත්තෙමු. එහෙත් ඔහු මෙලොව (සුවය) දෙසට ඇල වී තම (ශරීර) සුවය ආශාවෙන් අනුගමනය කර හැරියේය. ඔහුගේ උදාහරණය එක් බල්ලෙකුගේ උදාහරණයට සම වන්නේය. ඔබ ඌව එළවා දැමූවද, දිව එළියට දමා ගන්නේය. ඌව (නොඑළවා) අත්හැර දැමූවද, දිව එළියට දමාගෙන ඉන්නේය. මෙයම අපගේ ආයාවන් බොරු කරන, (අනිත්) මිනිසුන්ටද උදාහරණයක් වන්නේය. එබැවින් ඔවුන් කල්පනා කර ගවේෂණය කිරීම පිණිස, එම ඉතිහාසය (විටින් විට) පවසනු මැනව!

මෙම වදන් තුළින් ඔහුට සෙත සලසන්නට අපි අභිමත කළේ නම් ඒවා ක්රියාවට නැංවීම සඳහා අපි ඔහුට ආශිර්වාද කරමින් ඔහු උසස් කරන්නට තිබුණි. එවිට ඔහු මෙලොව මෙන්ම මතු ලොවෙහිද උසස්කම් ලබනු ඇත. නමුත් මතු ලොවට වඩා මෙලොව ඔහුට බලපෑම් ඇති කර තිබෙන බැවින් මෙලොව ජීවිතයේ ආශාවන් වෙත නැඹුරු වන විට, ඔහුගේ අසාර්තකත්වය වෙත ගෙන යන දෑ ඔහු තෝරා ගත්තේය. ඔහුගේ සිත ආශා කළ ව්යාජ දෑ අනුගමනය කළේය. මෙලොව මත තිබූ ඔහුගේ කෑදර කමට උපමාව කිසිදු තත්ත්වයකදී තම දිව දිගු කිරීම අත් නොහරින සුනඛයකුට සමානය. ඌ ළං කර ගත්තද දිව දිගු කරයි. එළවා දමනු ලැබුව ද ඌ දිව දිගු කරයි. මෙසේ සඳහන් කරනු ලබන උපමාව අපගේ වදන් බොරු කරන නොමග ගිය පිරිසට සමානය. අහෝ දූතය! ඔවුන් සත්යය වටහා ගෙන, ඔවුන් බොරු කිරීමෙන් හා මුළා වීමෙන් මිදිය හැකි වේවි යන යහපත් බලාපොරොත්තුවෙන් ඔවුන් වෙත මෙම තොරතුරු පවසනු.

Al-A'raaf 7:176Listen in Qur'an →
177

سَآءَ مَثَلًا ٱلْقَوْمُ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَأَنفُسَهُمْ كَانُوا۟ يَظْلِمُونَ

අපගේ ආයාවන් බොරු කළ ජනතාවගේ මෙම උදාහරණය ඉතාමත් නපුරුය. ඔවුන් තමන්ට තමන්ම හානියක් කර ගත්හ.

අපගේ සාධක හා අපගේ සාක්ෂි බොරු කොට, ඒවා සත්ය බව තහවුරු නොකරන්නා වූ පිරිසකට වඩා නපුරු පිරිසක් වෙනත් නැත. එමගින් ඔවුහු විනාශය ගෙන්වා ගනිමින් තමන්ටම අපරාධ කර ගත්තෝය.

Al-A'raaf 7:177Listen in Qur'an →
178

مَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِى ۖ وَمَن يُضْلِلْ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ

අල්ලාහ් කවුරුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද, ඔහුම ඍජු මාර්ගය අත් කර ගත් අයෙකි. කවුරුන්ව දුර්මාර්ගයෙහි අත්හැර දැමුවේද, ඔවුන් සම්පූර්ණයෙන්ම පරාජිතයින්ය!

අල්ලාහ් ඍජු මාර්ගය වෙත මග ලබන්නට කවරෙකුට ආශිර්වාද කරන්නේ ද ඔහු සැබෑ ලෙසින්ම ඍජු මග ලබන්නෙකු වේ. ඔහු කවරෙකු ඍජු මාර්ගයෙන් දුරස් කරන්නේද එවැන්නන් සැබෑ ලෙසින්ම ඔවුන් සතු කොටස අහිමි කරගත්තවුන් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ටත්, ඔවුන්ගේ පවුල් වලටත් අලාභය ගෙන දුන්නෝ ඔවුන්ය. පැහැදිලි පරාජය එය නොවේද?

Al-A'raaf 7:178Listen in Qur'an →
179

وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًۭا مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ ۖ لَهُمْ قُلُوبٌۭ لَّا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌۭ لَّا يُبْصِرُونَ بِهَا وَلَهُمْ ءَاذَانٌۭ لَّا يَسْمَعُونَ بِهَآ ۚ أُو۟لَٰٓئِكَ كَٱلْأَنْعَٰمِ بَلْ هُمْ أَضَلُّ ۚ أُو۟لَٰٓئِكَ هُمُ ٱلْغَٰفِلُونَ

නියත වශයෙන්ම මිනිසුන්ගෙන්ද, ජින්වරුන්ගෙන්ද, බොහොමයක් දෙනාව නිරය සඳහාම අපි උත්පාදනය කර ඇත්තෙමු. (ඔවුන් කෙබන්ඳන්දයත් නම්), ඔවුන්ට හෘදයන් ඇත. එහෙත් එමගින් (හොඳ ඔවදන්) ඔවුන් වටහා නොගන්නාහ. ඔවුන්ට ඇස්ද ඇත. එහෙත් එමගින් (මෙලොව ඇති සාධකයන්) ඔවුන් නොබලන්නාහ. ඔවුන්ට කණ් ඇත. එහෙත් එමගින් ඔවුන් (හොඳ ඔවදන්වලට) සවන් නොදෙන්නාහ. මොවුන් සතුන් මෙන් සිටින්නාහ. තවද ඒවාටත් වඩා මාර්ගය වැරද ගියවුන් වශයෙන්ම සිටින්නාහ. මෙවැන්නන්ම (අපගේ ආයාවන්) නොසළකා හැරියවුන් වන්නාහ.

ජින්නුන් අතර බොහෝ දෙනෙකු හා මිනිසුන් අතර බොහෝ දෙනෙකු අපි නිරය වෙනුවෙන් බිහි කර ඇත්තෙමු. සැබැවින්ම ඔවුන් ඒ සඳහා කටයුතු කරන බව අපි දනිමු. ඔවුන්ට හදවත් තිබුණද ඔවුන් එමගින් ඔවුනට ප්රයෝජන ගෙන දෙන දෑ මෙන්ම ඔවුනට හානි පමුණුවන දෑ පිළිබඳ ව අවධානය නොකරති. ඔවුනට ඇස් තිබුණ ද එමගින් ඔවුන් තුළ හා විශ්වය තුළ ඇති අල්ලාහ්ගේ සංඥාවන් දෙස බලා පාඩම් නොලබති. ඔවුනට කන් තිබුණ ද අල්ලාහ්ගේ වදන් වලට සවන් දී එහි ඇති දෑ පිළිබඳ පරිශීලනය නොකරති. මෙම ගුණාංග වලින් විස්තර කරනු ලැබූ මොවුන් බුද්ධි හීන, ගොවිපළ සතුන් මෙනි. නැත, ඔවුන් ගොවිපළ සතුන්ටත් වඩා අන්ත මුළාවෙහි පසුවෙති. අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කිරීමෙන් අනවධානීන් ලෙස සිටියවුන් මොවුන්ය.

Al-A'raaf 7:179Listen in Qur'an →
180

وَلِلَّهِ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ فَٱدْعُوهُ بِهَا ۖ وَذَرُوا۟ ٱلَّذِينَ يُلْحِدُونَ فِىٓ أَسْمَٰٓئِهِۦ ۚ سَيُجْزَوْنَ مَا كَانُوا۟ يَعْمَلُونَ

අල්ලාහ්ටම ඉතාමත් අලංකාරවත් ශුද්ධ වූ නාමයන් අයත්ය. එබැවින් ඒවා මගින්ම ඔබ ඔහුව ආරාධනා කරනු. ඔහුගේ ශුද්ධ වූ නාමයන්ගෙන් වැරදි කරන්නන්ව අත්හැර දමනු. ඔවුන් තම අපරාධයන්ට සරිලන ඵලවිපාක ඉතාමත් ඉක්මනින් අත් කර ගනු ඇත.

සුවිශුද්ධ අල්ලාහ්ට අලංකාර නාමයන් ඇත. ඒවා ඔහුගේ කීර්තිය හා පූර්ණභාවය පෙන්වා දෙයි. ඔබ සිතන දෑ අල්ලාහ්ගෙන් පතන විට ඔහු වෙත ඒවා ඉදිරිපත් කරමින් පිහිට පතනු. එමගින් ඔහු ප්රශංසා කරනු. මෙම නාමයන් තුළ ගම්ය ව ඇති සත්යයෙන් ඉවත් ව, ඒවා අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් පත් කරමින් හෝ ඒවා ඔහුට නොමැති බව පවසමින් හෝ ඒවායෙහි අර්ථ විකෘති කරමින් හෝ වෙනත් දිශාවකට නැඹුරු වීම අතහැර දමනු. ඒවා ගෙන සත්යයෙයන් වෙනතකට නැඹුරු වන්නන්හට අපි මතු ප්රතිඵල පිරිනමන්නෙමු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා වේදනීය දඬුවම ඔවුනට ඇත.

Al-A'raaf 7:180Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.