۞ وَإِذْ نَتَقْنَا ٱلْجَبَلَ فَوْقَهُمْ كَأَنَّهُۥ ظُلَّةٌۭ وَظَنُّوٓا۟ أَنَّهُۥ وَاقِعٌۢ بِهِمْ خُذُوا۟ مَآ ءَاتَيْنَٰكُم بِقُوَّةٍۢ وَٱذْكُرُوا۟ مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ
තමන් මත වැටේවි යයි ඔවුන් අදහස් කරමින් සිටින සේ (සිනායි) කන්ද ඔවුන්ට ඉහළින් මුදුන් වහලයක් මෙන් නවතා තබා, (ඔවුන්ට) “අපි ඔබට ලබා දුන් (ධර්මය) තදින් අල්ලා ගනු. එහි ඇති දැය (සෑමවිටම) අවධානයෙන් යුතුව තබනු. (එමගින්) ඔබ පරිශුද්ධවන්තයින් බවට පත් විය හැකිය” (යයි අපි ඔවුන්ට පැවසීම නබියේ!ඔබ ඔවුන්ට මතක් කර දෙනු).
අහෝ මුහම්මද්! ඉස්රාඊල් දරුවන් තව්රාතයේ ඇති දෑ පිළිගැනීමෙන් වැළකී සිටි කල්හි, ඔවුනට ඉහළින් අපි කන්ද උගුලා ඔසවා තැබූ අවස්ථාව මෙනෙහි කරනු. එවිට එම කන්ද ඔවුන්ගේ හිසට හෙවණක් ගෙන දෙන වලාකුළක් මෙන් විය. සැබැවින්ම එය ඔවුන් මත කඩා වැටෙනු ඇතැයි ඔවුනට තහවුරු විය. එවිට ඔවුනට මෙසේ පවසන ලදී: අපි නුඹලාට පිරිනැමූ දෑ ඉතා මැනවින් කැපවීමෙන් හා ස්ථීර ලෙස ගනු. එහි අල්ලාහ් නුඹලාට ආගමානුගත කළ නීති මෙනෙහි කර බලනු. ඒවා අමතක නොකරනු. එලෙස නුඹලා කටයුතු කරන විට නුඹලා අල්ලාහ්ට බැතිමත් වීම අපේක්ෂා කළ හැකිය.