Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 161–170 of 206

161

وَإِذْ قِيلَ لَهُمُ ٱسْكُنُوا۟ هَٰذِهِ ٱلْقَرْيَةَ وَكُلُوا۟ مِنْهَا حَيْثُ شِئْتُمْ وَقُولُوا۟ حِطَّةٌۭ وَٱدْخُلُوا۟ ٱلْبَابَ سُجَّدًۭا نَّغْفِرْ لَكُمْ خَطِيٓـَٰٔتِكُمْ ۚ سَنَزِيدُ ٱلْمُحْسِنِينَ

(තවද ඔවුන්ට) “ඔබ මෙම ගමෙහි වාසය කරනු. මෙහි ඔබ කැමති ඕනෑම ස්ථානයක (කැමති ආහාර ද්‍රව්‍යයක්) ආහාරයට ගනු. තවද හිත්තතුන් (අපගේ පව් බර පහ කරනු මැනව!) යයි පවසමින්ම එහි ෙදාරටුවෙන් හිස නවා ඇතුළු වනු. අපි ඔබගේ වැරදිවලට ක්ෂමා කර හරිමු. හොඳක් කරන්නන්ට පසුවත් අධික වශයෙන්ම (අපි හොඳ ඵලවිපාක) ලබා දෙන්නෙමු” යයි ඔවුන්ට කියනු ලැබීමට

අහෝ දූතය! ‘නුඹලා බයිතුල් මක්දිස් වෙත පිවිසෙනු. එහි කුමන ස්ථානයකින් වුව ද ඔබ කැමති වේලාවක එහි පලතුරුවලින් අනුභව කරනු’ යැයි ඉස්රාඊල් දරුවන් හට අල්ලාහ් පැවසූ විට ඔවුහු, ‘අපගේ පරමාධිපතියාණනි! අපගේ වැරදි අපෙන් කමා කරනු මැනව!’ යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලාගේ පරමාධිපතිට යටහත් පහත් ව දණ නමමින් එම දොරටුවෙන් පිවිසෙනු. එසේ නුඹලා සිදු කළේ නම් නුඹලාගේ පාපකම් අපි කමා කරන්නෙමු. දැහැමියන් හට මෙලොව හා මතු ලොව යහපත අපි අධික කර දෙන්නෙමු.

Al-A'raaf 7:161Listen in Qur'an →
162

فَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُوا۟ مِنْهُمْ قَوْلًا غَيْرَ ٱلَّذِى قِيلَ لَهُمْ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِجْزًۭا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُوا۟ يَظْلِمُونَ

ඔවුන්ගෙන් සීමාව ඉක්මවූවන් නම්, ඔවුන්ට කියනු ලැබූ (වදන වන හිත්තතුන් යන්න) වෙනස් කර, (හිත්තතුන් - ගෝදම්බු විශේෂයක් යයි) පැවසූහ. එබැවින් (මෙසේ) ඔවුන් සීමාව ඉක්මවා යාමේ හේතුවෙන් අපි ඔවුන් කෙරෙහි අහසින් දඬුවම පහළ කර තැබුවෙමු.

ඔවුනට පවසන මෙන් කවර කරුණක් අණ කරනු ලැබුවේද එය ඔවුන් වෙනස් කර" ‘හබ්බතුන් ෆී ෂඊරතින්’ යනුවෙන් ප්රකාශ කළෝය. එය, සමාව අයැදින මෙන් අණ කරනු ලැබූ ප්රකාශය වෙනුවට ඔවුන් පවසන ලද්දකි. එමෙන්ම ඔවුනට සිදු කරන මෙන් කවර කරුණක් අණ කරනු ලැබුවේද එය ද ඔවුන් වෙනස් කළෝය. තම හිස් පහත් කරමින් අල්ලාහ්ට යටහත් පහත් ව පිවිසීම වෙනුවට ඔවුන්ගේ පසුපස මත ගාමින් පිවිසුණෝය. ඔවුන්ගේ අපරාධ හේතුවෙන් අපි ඔවුන් මත අහසින් වූ දඬුවමක් එව්වෙමු.

Al-A'raaf 7:162Listen in Qur'an →
163

وَسْـَٔلْهُمْ عَنِ ٱلْقَرْيَةِ ٱلَّتِى كَانَتْ حَاضِرَةَ ٱلْبَحْرِ إِذْ يَعْدُونَ فِى ٱلسَّبْتِ إِذْ تَأْتِيهِمْ حِيتَانُهُمْ يَوْمَ سَبْتِهِمْ شُرَّعًۭا وَيَوْمَ لَا يَسْبِتُونَ ۙ لَا تَأْتِيهِمْ ۚ كَذَٰلِكَ نَبْلُوهُم بِمَا كَانُوا۟ يَفْسُقُونَ

(නබියේ!) මුහුදු වෙරළේ සිට එක් රටක (ජනතාව) ගැන ඔබ ඔවුන්ගෙන් විමසනු. (විවේක දින වන) සෙනසුරාදා දින (මාළු දඩයම් නොකළ යුතුය යයි තහනම් කර තබියදී) ඔවුන් සීමාව ඉක්මවා (මාළු දඩයම්) කරමින් සිටියහ. මන්දයත් සෙනසුරාදා දිනයන්හි (එම මුහුදේ) මාළු ඔවුන් ඉදිරියට පැමිණ, (ජලයේ උඩ මට්ටමෙහි) තමන්ගේ හිස දිගු කරමින් සිටියේය. සෙනසුරාදා නොවන දිනයන්හි ඔවුන් වෙත (එසේ) උන් පැමිණෙන්නේ නැත. ඔවුන් පාපයන් කරමින් සිටි හේතුවෙන් ඔවුන්ව මෙසේ (ඉතාමත් දරුණු) පිරික්සුමට ලක් කළෙමු.

අහෝ දූතය! මුහුද අසබඩ පිහිටි ගම්මානයක ජීවත් වූ තම මුතුන්මිත්තන්ට අත් වූ අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ යුදෙව්වන්ට මෙනෙහි කරමින් ඒ ගැන ඔවුන් ගෙන් විමසා සිටිනු. ඔවුනට සෙනසුරාදා දින මාළු බෑම තහනම් කිරීමෙන් පසු ඔවුන් එදින මාළු බා අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කළෝය. සෙනසුරාදා දිනයේ මුහුද මතුපිටට මත්සයන් එන්නට සලස්වා අල්ලාහ් ඔවුන් පරීක්ෂාවට ලක් කළේය. වෙනත් දිනයන්හි එහි උන් පැමිණියේ නැත. එසේ අල්ලාහ් ඔවුන් පරීක්ෂාවට ලක් කළේ ඔවුන් පාපකම් සිදු කොට ඔහුට අවනත වීමෙන් ඔවුන් වූ හේතුවෙනි. නමුත් ඔවුන් වංචනික ව මසුන් ඇල්ලීම සඳහා වළ වල් හාරා දැල් එළන්නට කටයුතු කළෝය. සෙනසුරාදා දිනයෙහි මත්සයින් එහි හසු විය. ඉරිදා දින වූ විට ඒවා අල්ලා ගෙන ආහාරයට ගත්තෝය.

Al-A'raaf 7:163Listen in Qur'an →
164

وَإِذْ قَالَتْ أُمَّةٌۭ مِّنْهُمْ لِمَ تَعِظُونَ قَوْمًا ۙ ٱللَّهُ مُهْلِكُهُمْ أَوْ مُعَذِّبُهُمْ عَذَابًۭا شَدِيدًۭا ۖ قَالُوا۟ مَعْذِرَةً إِلَىٰ رَبِّكُمْ وَلَعَلَّهُمْ يَتَّقُونَ

(මෙය එම රටේ සිටි හොඳ අය ඔවුන්ට හොඳ ඔවදන් දී වළක්වා දැමූහ. මෙය දුටු) ඔවුන්ගෙන් එක් සමුහයක් (මොවුන්ට) “අල්ලාහ් කවුරුන්ව විනාශ කර දැමිය යුතුය යයි හෝ නැතහොත් දරුණු දඬුවමට ඇතුළු කළ යුතුය යයි හෝ (අදහස් කර) සිටින්නේද, එම ජනතාවට ඔබ කුමක් නිසා හොඳ ඔවදන් දෙන්නෙහුද”යි විමසූහ. එයට ඔවුන් “මෙබැවින් අපි ඔබගේ දෙවියන් වෙත අපගේ වගකීමෙන් මිදෙන්නට (අපි හොඳ ඔවදන් දෙන්නෙමු) යයිද (එබැවින් මාළු අල්ලන) ඔවුන් (එයින්) ඈත් විය හැකිය” යයිද (පිළිතුරු) දුන්හ.

අහෝ දූතය! තවදුරටත් ඔබ මෙනෙහි කරනු. මෙම පිළිකුල් සහගත ක්රියාවෙන් ඔවුන් වැළැක් වූ පිරිසක් ද ඔවුන් අතර විය. ඔවුන් ඒ ගැන ඔවුනට අවවාද කළෝය. තවත් පිරිසක් ඔවුන් අමතා, 'තමන් සිදු කළ පාපය හේතුවෙන් අල්ලාහ් ඔවුන් මෙලොවෙහි විනාශ කිරීමට හෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමකින් දඬුවම් කරන්නට යන පිරිසකට නුඹලා උපදෙස් දෙනුයේ මන්දැ?'යි විමසා සිටියේය. එයට උපදෙස් දුන්නෝ, ‘එසේ අපි ඔවුන්ට උපදෙස් දෙනුයේ යහපත විධානය කරන මෙන් ද අයහපතින් වළක්වන මෙන් ද අල්ලාහ් අපට කළ නියෝගය අතහැර දැමීමෙන් ඔහු අප වරදකරුවන් ලෙස නොගෙන අපි ඔහුට නිදහසට කරුණු දැක්වීමට හැකි වනු පිණිසය. ඇතැම් විට එම උපදෙස ඔවුනට ප්රයෝජනවත් වී, ඔවුන් කවර පාපයක නිරත වී සිටින්නේද එයින් ඔවුන් මිදෙන්නට පුළුවන.' යැයි කීහ.

Al-A'raaf 7:164Listen in Qur'an →
165

فَلَمَّا نَسُوا۟ مَا ذُكِّرُوا۟ بِهِۦٓ أَنجَيْنَا ٱلَّذِينَ يَنْهَوْنَ عَنِ ٱلسُّوٓءِ وَأَخَذْنَا ٱلَّذِينَ ظَلَمُوا۟ بِعَذَابٍۭ بَـِٔيسٍۭ بِمَا كَانُوا۟ يَفْسُقُونَ

ඔවුන්ට අනතුරු අඟවනු ලැබූ දැය ඔවුන් (කිසි ගණනයට නොගෙන) අමතක කර දමා, (පසුවද මාළු ඇල්ලීමට ඉදිරිපත් වූ) බැවින් පාපයෙන් ඈත් වී පැමිණි අයව අපි බේරාගෙන, සීමාව ඉක්මවුවන්ව ඔවුන් කරමින් සිටි පාපයන්හි හේතුවෙන් දරුණු දඬුවම මගින් අපි අල්ලා ගත්තෙමු.

උපදේශයකින් තමන්ට කළ උපදෙස පාපිෂ්ඨයින් ප්රතික්ෂේප කොට ඔවුන් එයින් නොවැළකුනු අවස්ථාවේ එම පිළිකුල් සහගත ක්රියාවෙන් වළැක් වූ ඔවුන් දඬුවමින් මුදවා, සෙනසුරාදා දින මසුන් අල්ලා සීමාව ඉක්මවමින් කටයුතු කළ අපරාධකරුවන් දැඩි දඬුවමකින් අපි හසු කර ගත්තෙමු. එය ඔවුන් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ බැවින් හා ඔවුන් පාපයේ අඛණ්ඩ ව නිරත ව සිටි බැවීණි.

Al-A'raaf 7:165Listen in Qur'an →
166

فَلَمَّا عَتَوْا۟ عَن مَّا نُهُوا۟ عَنْهُ قُلْنَا لَهُمْ كُونُوا۟ قِرَدَةً خَٰسِـِٔينَ

එබැවින් තහනම් කරනු ලැබූ සීමාව ඔවුන් ඉක්මවා යාම නිසා ඔවුන්ට “ඔබ දීනවූ වඳුරන් බවට පත් වනු” යයි අපි (ශාප කර) පැවසුවෙමු.

උඩඟුකමින් හා මුරණ්ඩුකමින් අල්ලාහ්ට පිටුපෑමෙහි ඔවුන් සීමාව ඉක්මවා ගොස් උපදෙස් නොලැබූ කල්හි අපි ඔවුනට: "අහෝ පාපිෂ්ඨයිනි! නුඹලා නීච වඳුරන් මෙන් වනු" යැයි පැවසුවෙමු. එවිට අපි සිතූ පරිදි ම ඔවුන් පත් වූහ. නියත වශයෙන්ම යමක් පිළිබඳ අපගේ ස්ථාවරය වනුයේ අපි ඒ ගැන සිතා එයට 'වනු' යැයි පැවසූ වහා ම එය සිදුවීමය.

Al-A'raaf 7:166Listen in Qur'an →
167

وَإِذْ تَأَذَّنَ رَبُّكَ لَيَبْعَثَنَّ عَلَيْهِمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ مَن يَسُومُهُمْ سُوٓءَ ٱلْعَذَابِ ۗ إِنَّ رَبَّكَ لَسَرِيعُ ٱلْعِقَابِ ۖ وَإِنَّهُۥ لَغَفُورٌۭ رَّحِيمٌۭ

(නබියේ!) ඔවුන්ට දරුණු වද හිංසා ගෙන දිය හැකි අයම ඔවුන් කෙරෙහි (ආධිපත්‍යය පවත්වන මෙන්) අවසාන දින දක්වා ඔහු යවනු ඇතැයි ඔබගේ දෙවියන් (ඔවුන්ට) නිවේදනයක් නිකුත් කිරීම ගැන (ඔබ ඔවුන්ට) මතක් කර දෙනු මැනව!නියත වශයෙන්ම ඔබගේ දෙවියන් දඬුවම් දීමෙහි ඉතාමත් තීව්‍රවන්තයෙකි. නමුත් නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, කරුණාවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තෙක් යුදෙව්වන් මත ඔවුන්ගේ මෙලොව ජීවිතයේ ඔවුන් අපහාසයට ලක් කරන, ඔවුන් යටපත් කරන පිරිසක් ආධිපත්යය දරනු ඇතැයි කිසිදු සැකයකින් තොරව ඉතා පැහැදිලි ව අල්ලාහ් දැනුම් දුන් අවස්ථාව ද ඔවුනට මෙනෙහි කරනු. අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති ඔහුට පිටුපාන්නන්හට දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. එම දඬුවම ඔහු මෙලොවෙහිම ඔවුනට ඉක්මන් කර දෙයි. නමුත් ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමාවෙහි නිරත ව, ඔහු වෙත හැරෙන්නේද ඔවුන්ගේ පාපකම් වලට සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

Al-A'raaf 7:167Listen in Qur'an →
168

وَقَطَّعْنَٰهُمْ فِى ٱلْأَرْضِ أُمَمًۭا ۖ مِّنْهُمُ ٱلصَّٰلِحُونَ وَمِنْهُمْ دُونَ ذَٰلِكَ ۖ وَبَلَوْنَٰهُم بِٱلْحَسَنَٰتِ وَٱلسَّيِّـَٔاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ

ඔවුන්ව මෙලොවෙහි විවිධ සමුහයන් වශයෙන් (භූමියෙහි බොහොමයක් ප්‍රදේශයන්ට සීසීකඩ කර) හැරියෙමු. ඔවුන්ගෙන් හොඳ අයද සිටින්නාහ; මෙසේ නොමැතිව ඔවුන්ගෙන් (නපුරු) අයද සිටින්නාහ. ඔවුන් (පාපයෙන්) මිදීම පිණිස හොඳ දැය මගින්ද, නපුරු දැය මගින්ද අපි ඔවුන්ව පිරික්සුවෙමු.

මහපොළොවේ ඔවුන් එක් ව සිටියායින් පසු අපි ඔවුන් වෙන් කළෙමු. එහි ඔවුන් කණ්ඩායම් වශයෙන් බෙදුවෙමු. ඔවුන් අතර අල්ලාහ්ගේ යුතුකම් හා ඔහුගේ ගැත්තන්ගේ යුතුකම් ඉටු කරන දැහැමියෝද වෙති. එමෙන්ම ඔවුන් අතර ආර්ථික පහසුකම් ඇත්තෝද වෙති. පාපකම් සිදු කරමින් තමන් විනාශ කර ගන්නෝද වෙති. ඔවුන් කවර තත්වයක සිටින්නේද ඉන් හැරීමේ යහපත් අපේක්ෂාවෙන් පහසුව හා දුෂ්කරතාව මගින් අපි ඔවුන් පරීක්ෂා කළෙමු.

Al-A'raaf 7:168Listen in Qur'an →
169

فَخَلَفَ مِنۢ بَعْدِهِمْ خَلْفٌۭ وَرِثُوا۟ ٱلْكِتَٰبَ يَأْخُذُونَ عَرَضَ هَٰذَا ٱلْأَدْنَىٰ وَيَقُولُونَ سَيُغْفَرُ لَنَا وَإِن يَأْتِهِمْ عَرَضٌۭ مِّثْلُهُۥ يَأْخُذُوهُ ۚ أَلَمْ يُؤْخَذْ عَلَيْهِم مِّيثَٰقُ ٱلْكِتَٰبِ أَن لَّا يَقُولُوا۟ عَلَى ٱللَّهِ إِلَّا ٱلْحَقَّ وَدَرَسُوا۟ مَا فِيهِ ۗ وَٱلدَّارُ ٱلْءَاخِرَةُ خَيْرٌۭ لِّلَّذِينَ يَتَّقُونَ ۗ أَفَلَا تَعْقِلُونَ

ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ ස්ථානය (පොඩියක් හෝ සුදුසු කමක් නැති) බොහොමයක් දෙනා අත් කර ගත්හ. ඔවුන් (තමන්ම) ධර්මයට අයිතිකරුවන් යයි (පවසා), මෙම අල්ප (ලොවෙහි) වස්තූන් ලබාගෙන, (එයට සරිලන ආකාරයට ධර්ම ආයාවන් පෙරළන්නාහ. තවද මෙම අදහස ගැන) “අපිව ක්ෂමා කරනු ලබන්නෙමු” යයිද පවසන්නාහ. (ධර්මයෙහි මොවුන් පෙරළු දැය පසුවත්, පෙර මෙන් පෙරළීම ස`දහා) මේ ආකාරයටම සුළු වස්තූන් පසුවත්, ඔවුන් වෙත පැමිණෙන විට, එයත් ලබා ගන්නාහ. ඔවුන් අල්ලාහ් කෙරෙහි සත්‍යය මිස, (බොරු) නොපැවසිය යුතුය යයි (ඔවුන්ගේ) ධර්මය මගින් ඔවුන්ගෙන් පොරොන්දු ලබා නොගත්තෙහිද? එහි ඇති දැය ඔවුන් සමුදීරණය කරමින්ද සිටින්නාහ. (එහෙත් එහි ඇති දැය ගණනයට ගනු ලබන්නේ නැත). භය භක්තිකයින්ට පරලොව නිවසම ඉතාමත් උසස්ය. (ධර්මය හිමි යුදෙව්වනි!මෙතරම් දැයක්වත්) ඔබ වටහා ගත යුතු නොවේද?

ඔවුන්ගෙන් පසු ඔවුන් නියෝජනය කරමින් තවත් නපුරු පිරිසක් පැමිණියේය. ඔවුන් ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් තව්රාතය හදාරා එය කියෙව්වෝය. නමුත් එහි ඇති දෑ ඔවුන් වටහා ගත්තේ නැත. අල්ලාහ්ගේ පුස්තකය ඔවුන් විකෘති කිරීමටත් එහි පහළ කරනු නොලැබූ දැයින් ජනයා අතර තීන්දු තීරණ දීමටත් මෙලොව අල්ප වස්තුව අල්ලස් ලෙස ඔවුහු ගත්තෝය. සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ පාපකම් වලට සමාව දෙනු ඇතැයි ඔවුහු සිතුවෝය. නොවටිනා ලෞකික සම්පත් ඔවුන් වෙත පැමිණි විට, එය නැවත නැවතත් අයුතු ලෙස ගත්තෝය. කිසිදු වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමකින් තොරව සත්යය මිස අල්ලාහ් මත වෙනකක් නොපැවසිය යුතු බවට අල්ලාහ් ඔවුන්ගෙන් ප්රතිඥා හා ගිවිසුම් නොගත්තේ ද? ඔවුන් එම පුස්තකයට අනුව ක්රියා කිරීම අතහැර දැමුවේ අඥානකමින් නොව ඒ ගැන දැනුවත්වමය. එහි ඇති දෑ කියවා ඔවුහු දැන ගත්තෝය. ඔවුන්ගේ පාපය ඉතා බරපතළය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කරන්නන්හට හිමි වන මතු ලොව නිවහනත්, මතු ලොව නිවහනෙහි සදා ලැබෙන සුවයත් ඒ අල්ප වස්තුවට වඩා උතුම්ය. මෙම අල්ප වස්තුව අයුතු ලෙස ලබා ගන්නන්, සැබැවින්ම අල්ලාහ් මතු ලොවෙහි ඔහුට භක්තිමත් ව කටයුතු කරන්නන්හට සූදානම් කර ඇති දෑ ශ්රේෂ්ඨ බවත් එය සදා පවතින්නක් බවට වටහා නො ගත්තෝද?

Al-A'raaf 7:169Listen in Qur'an →
170

وَٱلَّذِينَ يُمَسِّكُونَ بِٱلْكِتَٰبِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ إِنَّا لَا نُضِيعُ أَجْرَ ٱلْمُصْلِحِينَ

කවුරුන් මෙම ධර්මය (පොඩියක් හෝ වෙනස් නොකර) තදින් අල්ලාගෙන, සලාතයද නොකඩවා ඉටු කරමින් සිටින්නෝද, එවැනි හොඳ අයගේ ඵලවිපාක නියත වශයෙන්ම අපි නිෂ්ඵල කරන්නේ නැත.

අල් කුර්ආනය පිළිපැද, එහි ඇති දෑ ක්රියාවට නංවා සලාත්, නැමදුම් ඒවායෙහි වේලාවන් කොන්දේසි අනිවාර්ය අංගයන් හා නබි පිළිවෙත් සුරක්ෂිතව පිළිපදිමින් විධිමත් ව ඉටු කරන්නන් වනාහි, අල්ලාහ් ඔවුන්ගේ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමනු ඇත. දැහැමි ක්රියාවන් කරන කිසිවකුගේ ප්රතිඵල ඔහු නිෂ්ඵල කරන්නේ නැත.

Al-A'raaf 7:170Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.