Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 141–150 of 206

141

وَإِذْ أَنجَيْنَٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ ۖ يُقَتِّلُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ ۚ وَفِى ذَٰلِكُم بَلَآءٌۭ مِّن رَّبِّكُمْ عَظِيمٌۭ

(ඉස්රායීල පරම්පරාවේ දරුවනේ!) ඔබට ඉතාමත් දරුණු වේදනා කරමින් සිටි ෆිර්අවුන්ගේ සමුහයෙන් අපි ඔබව බේරා ගැනීම ගැන ඔබ සිතා බලනු. ඔවුන් ඔබගේ පිරිමි දරුවන්ව මරා දමා ඔබගේ ගැහැනු දරුවන්ව (පමණක්) පණ පිටින් ජීවත් වීමට ඉඩ හැර තිබුණි. මෙයින් ඔබට ඔබගේ දෙවියන් විසින් ඉමහත් පිරික්සුමක් ඇති වී තිබුණි.

අහෝ ඉස්රාඊල් දරුවනි! ෆිර්අවුන් හා ඔහුගේ පිරිස නුඹලා සමග පහත් ලෙස කටයුතු කිරීමෙන්, අපි නුඹලා මුදවා ගත් අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුහු නුඹලාට විවිධ වේදනාවන් විඳින්නට සැලැස්සුවෝය. නුඹලාගේ පිරිමි දරුවන් මරා දමා, ගැහැනු දරුවන් සේවය සඳහා තබා ගත්තෝය. ෆිර්අවුන් හා ඔහුගේ පිරිසෙන් නුඹලා ව මුදා ගැනීමෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් වූ මහත් පිරික්සුමක් විය. එය නුඹලා කෘතඥවීම නියම කර වීය.

Al-A'raaf 7:141Listen in Qur'an →
142

۞ وَوَٰعَدْنَا مُوسَىٰ ثَلَٰثِينَ لَيْلَةًۭ وَأَتْمَمْنَٰهَا بِعَشْرٍۢ فَتَمَّ مِيقَٰتُ رَبِّهِۦٓ أَرْبَعِينَ لَيْلَةًۭ ۚ وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَٰرُونَ ٱخْلُفْنِى فِى قَوْمِى وَأَصْلِحْ وَلَا تَتَّبِعْ سَبِيلَ ٱلْمُفْسِدِينَ

මූසාට අපි රාත්‍රීන් තිහක් පොරොන්දු වී තිබුණෙමු. පසුව ඒ සමග (රාත්‍රීන්) දහයක් එක්කාසු කළෙමු. එබැවින් ඔහුගේ දෙවියන්ගේ වාරය රාත්‍රීන් හතළිහක් වශයෙන් පූරණය විය. ඒ සමගම මූසා තම සහෝදර හාරූන්ට “ඔබ ඔබගේ ජනතාව අතරේ මගේ ස්ථානයේ සිටිමින් ඔවුන්ව දැහැමියන් බවට පිළිසකර කරනු මැනව!තවද අපරාධකාරයින්ගේ මාර්ගය ඔබ අනුගමනය නොකරනු” යයි පැවසුවේය.

අල්ලාහ් තමන් හමුවන මෙන් ඔහුගේ දූත මූසා (අලය්හිස් සලාම්) තුමාණන්හට රාත්රී තිහක් ප්රතිඥා දුන්නේය. තවත් රාත්රී දහයක් අධික කරමින් අල්ලාහ් එය පූර්ණ කළේය. එවිට එය රාත්රි හතළිහක් බවට පත් විය. මූසා (අලය්හිස් සලාම්) තම පරමාධිපති හමුවීමට යෑමට අදහස් කළ කල්හි ඔහුගේ සහෝදර හාරූන්ට, ‘අහෝ හාරූන්! මා වෙනුවට ඔබ මාගේ සමූහයා අතර නියෝජිතයකු වනු. ඔවුන් සමග මෘදු ව කටයුතු කර, ඔවුන්ගේ කටයුතු යහපත් ලෙස පාලනය කර විධිමත් කරනු. පාපකම් සිදු කොට කලහකාරීන්ගේ මාර්ගයේ ගමන් නොකරනු. පාපතරයින්හට ඔබ උදව්කරුවකු නොවනු.’ යැයි පවසා සිටියේය.

Al-A'raaf 7:142Listen in Qur'an →
143

وَلَمَّا جَآءَ مُوسَىٰ لِمِيقَٰتِنَا وَكَلَّمَهُۥ رَبُّهُۥ قَالَ رَبِّ أَرِنِىٓ أَنظُرْ إِلَيْكَ ۚ قَالَ لَن تَرَىٰنِى وَلَٰكِنِ ٱنظُرْ إِلَى ٱلْجَبَلِ فَإِنِ ٱسْتَقَرَّ مَكَانَهُۥ فَسَوْفَ تَرَىٰنِى ۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُۥ لِلْجَبَلِ جَعَلَهُۥ دَكًّۭا وَخَرَّ مُوسَىٰ صَعِقًۭا ۚ فَلَمَّآ أَفَاقَ قَالَ سُبْحَٰنَكَ تُبْتُ إِلَيْكَ وَأَنَا۠ أَوَّلُ ٱلْمُؤْمِنِينَ

අපි (සඳහන් කළ ස්ථානයට) සඳහන් කළ වේලාවට මූසා පැමිණි අවස්ථාවේදී, ඔහුගේ දෙවියන් ඔහු සමග කතා බහ කළේය. (එවිට මූසා තම දෙවියන්ට) “මගේ දෙවියනේ!මා ඔබව (මගේ දෑසෙන්) බැලීමට (ආශා කරන්නෙමි). ඔබ, ඔබව මා හට පෙන්වනු (මැනව!)” යයි කීවේය. (එයට දෙවියන්, “කෙළින්ම) මාව දැකීමට ඔබට කිසි කලෙකත් නොහැකිය. එහෙත් මෙම කන්ද ඔබ බලනු. එය තමන්ගේ ස්ථානයෙහි ස්ථාවරව සිටියහොත් පසුව ඔබ මාව දකින්නෙහිය” යයි පැවසුවේය. ඔහුගේ දෙවියන් එම කන්ද මත දිස්වූ වහාම එය සුණු විසුණු වී ගියේය. මූසා තිගැස්සී (සිහි මූර්ඡා වී) ඇද වැටුනේය. ඔහුට සිහිය පැමිණි පසු (දෙවියන්ට) “ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. මා (ඔබව බැලීමට ඉල්ලීමේ වරදින් ඈත් වී) ඔබ වෙතින් සමාව ඇයද සිටින්නෙමි. තවද (ඔබව) විශ්වාස කරන්නන්ගෙන් මා පළමුවැන්නා වන්නෙමි” යයි කීවේය.

මූසා (අලය්හිස් සලාම්) තුමාට නියම කළ ප්රතිඥත කාලය (පූර්ණ දින හතළිහ) තුළ ඔහුගේ පරමාධිපති හමුවීමට ඔහු පැමිණි අවස්ථාවේ ඔහු සමග කතා කළ යුතු නියෝග හා තහනම් කරුණු ඇතුළු ව වෙනත් දෑ පිළිබඳ ව ඔහුගේ පරමාධිපති ඔහු සමග කතා කළේය. තම පරමාධිපති ව දැක බලා ගැනීමට ඔහු ආශා කළේය. ඔහුව පියවි ඇසින් බලන්නට ඔහුගෙන් ඉල්ලා සිටියේය. එවිට උත්තරීතර අල්ලාහ් ඔහුට පිළිතුරු වශයෙන්, "මෙලොව ජීවිතයේ ඔබ මා දකින්නට තරම් ශක්තියක් ඔබට නොමැති බැවින්, ඔබ මා කිසි විටෙක දැකිය නොහැකි වන්නේය. නමුත් එම කන්ද දෙස බලනු. එහි මා නිරූපණය වන විට එය එම ස්ථානයේම පිහිටියේ නම් බලපෑමක් ඇති නොවන්නේය. එවිට ඔබ මා දකිනු ඇත. පොළොවට එය සමතලා වූයේ නම්, මෙලොවෙහි කිසි විටෙක ඔබ මා නොදකිනු ඇත. අල්ලාහ් එම කන්දට නිරූපණය වූ කල්හි ඔහු එය පොළොවට සමතලා කළේය. මූසා සිහිවිකල්වී ඇද වැටුණේය. ඔහු සිහි මුර්ජාවෙන් අවදි වූ කල්හි, "මාගේ පරමාධිපතියාණනි! ඔබට කිසිවක් සම්බන්ධ කළ නොහැකි සියලු දැයින් ඔබ පිවිතුරුය. මෙලොවෙහි දී මා ඔබ ව දැකිය යුතු යැයි මා ඔබෙන් ඉල්ලා සිටීම ගැන මෙන්න මම ඔබෙන් සමාව අයැද සිටිමි. තවද මාගේ සමූහයා අතරින් ඔබ ව විශ්වාස කළ පළමුවැන්නා මම වෙමි.’ යැයි පවසා සිටියේය.

Al-A'raaf 7:143Listen in Qur'an →
144

قَالَ يَٰمُوسَىٰٓ إِنِّى ٱصْطَفَيْتُكَ عَلَى ٱلنَّاسِ بِرِسَٰلَٰتِى وَبِكَلَٰمِى فَخُذْ مَآ ءَاتَيْتُكَ وَكُن مِّنَ ٱلشَّٰكِرِينَ

(එයට දෙවියන්) “ඕ මූසා!මගේ දූතයා වශයෙන් යැවීමටද, මා සමග කතා බහ කිරීමටද (මේ කාලයේ වාසය කරන) මිනිසුන් සියල්ලන්ගෙන්ම නියත වශයෙන්ම මා ඔබව තෝරාගෙන ඇත්තෙමි. එබැවින් මා ඔබට ලබා දෙන දැය (තදින්) අල්ලා ගෙන (ඒ වෙනුවෙන්) ස්තූති කරමින් සිටිනු මැනව!” යයි කීවේය.

අල්ලාහ් මූසාට, "අහෝ මූසා! සැබැවින්ම මම ඔබ ව තෝරා ගත්තෙමි. ඔවුන් වෙත මා ඔබ ව දූතයකු ලෙස එවූ අවස්ථාවේ මාගේ දූත මෙහෙය ඔබට ලබා දී ජනයා ඉදිරියේ මම ඔබ ව ශ්රේෂ්ඨ කළෙමි. කිසිදු මාධ්යයකින් තොර ව ඔබත් සමග මා කතා කිරීමෙන් මම ඔබ ව ශ්රේෂ්ඨ කළෙමි. ඔබට මා පිරිනැමූ මෙම ගෞරවනීය නිලය ප්රවේශම් කර ගනු. මෙම මහත් වූ දීමනාව වෙනුවෙන් ඔබ අල්ලාහ්ට කෘතඥ වන්නන් අතරට පත්වනු’ යැයි පැවසීය.

Al-A'raaf 7:144Listen in Qur'an →
145

وَكَتَبْنَا لَهُۥ فِى ٱلْأَلْوَاحِ مِن كُلِّ شَىْءٍۢ مَّوْعِظَةًۭ وَتَفْصِيلًۭا لِّكُلِّ شَىْءٍۢ فَخُذْهَا بِقُوَّةٍۢ وَأْمُرْ قَوْمَكَ يَأْخُذُوا۟ بِأَحْسَنِهَا ۚ سَأُو۟رِيكُمْ دَارَ ٱلْفَٰسِقِينَ

(අපි ඔහුට ලබා දුන් ගල්)- ලෑල්ලෙහි හොඳ ඔවදන් සියල්ලද, සෑම නියෝගයෙහිම විස්තරයද ඔහු වෙනුවෙන් අපි ලියා “ඔබ මෙය තදින් අල්ලා ගෙන, එහි ඇති හොඳ දැය, ඇර ගන්නා මෙන් ඔබගේ ජනතාවට ඔබ අණ කරනු මැනව!(ඔබට වෙනස්කම් කරන) පාපතරයන් රැඳී වාසය කරන ස්ථානය ඉතාමත් ඉක්මනින් මා ඔබට පෙන්වන්නෙමි” යයිද (අපි කීවෙමු).

උපදෙස් ලබන්නන්හට උපදෙසක් වශයෙන් ද, නීති පැහැදිලි කර ගැනීමට අවශ්ය පැහැදිලි කිරීමක් වශයෙන් ද, ඉස්රාඊල් දරුවන්ගේ මෙලොව හා මතු ලොව අවශ්ය සියලු කරුණු ලී හා වෙනත් ඵලක වල මූසා වෙනුවෙන් අපි ලියා සටහන් කළෙමු. අහෝ මූසා! මනා ලෙස හා කැපවීමෙන් තව්රාතය පිළිපදිනු. ඔබේ සමූහයා වන ඉස්රාඊල් දරුවන්ට පූර්ණවත් කරන මෙන් නියෝග කරනු ලැබූ දෑ ක්රියාවට නැංවීම, සමාව හා ඉවසීම වැනි එහි සඳහන් මහත් ප්රතිඵල ගෙන දෙන දෑ මැනවින් පිළිපදින මෙන් නියෝග කරනු. මාගේ නියෝගය පිටුපා මට අවනත වීමෙන් බැහැරවූවන්හට හිමි දඬුවම මම නුඹලාට මතු පෙන්වමි. එමෙන්ම ඒ සඳහා අත්වන විනාශය හා ඛේදය ද මම පෙන්වමි.

Al-A'raaf 7:145Listen in Qur'an →
146

سَأَصْرِفُ عَنْ ءَايَٰتِىَ ٱلَّذِينَ يَتَكَبَّرُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَإِن يَرَوْا۟ كُلَّ ءَايَةٍۢ لَّا يُؤْمِنُوا۟ بِهَا وَإِن يَرَوْا۟ سَبِيلَ ٱلرُّشْدِ لَا يَتَّخِذُوهُ سَبِيلًۭا وَإِن يَرَوْا۟ سَبِيلَ ٱلْغَىِّ يَتَّخِذُوهُ سَبِيلًۭا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَكَانُوا۟ عَنْهَا غَٰفِلِينَ

අසාධාරණයේ භූමියෙහි උඞගුකමින් හැසිරෙන්නන් මගේ නියෝගයන් ප්‍රතික්ෂේප කරන ලෙසට පත් කරන්නෙමි. එබැවින් ඔවුන් සාධකයන් සියල්ල (තම දෑසින්) දුටුවද, ඒවා විශ්වාසම නොකරන්නාහ. එසේම ඍජු මාර්ගය ඔවුන් දුටුවද, ඔවුන් එය (තමන්) යා යුතු මාර්ගය වශයෙන් බාර නොගන්නාහ. එහෙත් වැරදි මාර්ගය දුටුවහොත් නම්, එයම (තමන්) යා යුතු මාර්ගය වශයෙන් බාර ගන්නාහ. නියත වශයෙන්ම ඔවුන් අපගේ ආයාවන් බොරු කර, ඒවා ප්‍රතික්ෂේප කර, නොසැලකිලිමත්ව සිටීමම මෙයට හේතුව වේ.

කිසිදු යුක්තියකින් තොර ව අල්ලාහ්ට නැමදුම් කිරීමට හා සත්යය පිළිපැදීමට, අහංකාරකම් පාන්නන් විශ්වයේ හා ජීවිත තුළ පිහිටා ඇති මාගේ සංඥාවන් පිළිබඳ සැලකිලිමත් වීමෙන් ද, මාගේ පුස්තකයේ ඇති වදන් පිළිබඳ අවබෝධය ලැබීමෙන් ද මම ඔවුන් හරවා දමමි. ඔවුහු සියලු සංඥාවන් දුටුව ද ඒවා සත්ය බව විශ්වාස නොකරති. ඔවුන් ඒවාට විරුද්ධ වී ඒවායින් ඈත් වෙති. ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග මුරණ්ඩු ලෙස කටයුතු කරති. අල්ලාහ්ගේ තෘප්තිය ගෙන දෙන සත්ය මාර්ගය ඔවුන් දුටුවේ නම් ඒ මත ගමන් නොකරති. එහි කැමැත්තක් අති කර නොගනිති. එමෙන්ම ඔවුන් අල්ලාහ්ගේ කෝපය ගෙන දෙන මුළාව හා අන්තවාදී මාර්ගයක් දුටුවේ නම්, ඒ මත ගමන් කරති. එවන් තත්ත්වයක් ඔවුනට ඇති වූයේ දහම් දූතවරු කවර කරුණක් ගෙන ආවේ ද එය තහවුරු කරන අල්ලාහ්ගේ මහත් සාක්ෂි හා සාධක ඔවුන් බොරු කරමින් සිටි බැවින් හා ඒ ගැන අවධානයෙන් බැලීමට ඔවුන් නොසැලකිලිමත් වූ බැවිණි.

Al-A'raaf 7:146Listen in Qur'an →
147

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَلِقَآءِ ٱلْءَاخِرَةِ حَبِطَتْ أَعْمَٰلُهُمْ ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا۟ يَعْمَلُونَ

එබැවින් කවුරුන් අපගේ ආයාවන්ද, පරලොවදී (අපිව) හමු වීමද, බොරු කරන්නෝද, ඔවුන්ගේ (හොඳ) ක්‍රියාවන් සියල්ල විනාශ කර දමනු ඇත. (අපගේ ආයාවන් බොරු කර) ඔවුන් කරමින් සිටි (නපුරු) අපරාධයන්ට මිස, (වෙන කිසි දැයකට) ඵලවිපාක දෙනු ලබන්නෙහුද?

අපගේ දූතවරුන් සත්ය බව පෙන්වා දෙන අපගේ සංඥාවන් බොරු කොට, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හමුව බොරු කළවුන් වනාහි, ඔවුන්ගේ ක්රියාවන් අවනතවීමේ වර්ගයට අයත්ව තිබිය දී ඒවා නිෂ්ඵල විය. විශ්වාසය යන කොන්දේසිය එහි නොමැති බැවින් ඒවා සඳහා කුසල් හිමිවන්නේ නැත. ඔවුන් අල්ලාහ් ව ප්රතික්ෂේප කරමින් හා ඔහුට ආදේශ තබමින් කටයතු කළ දෑට සරිලන ප්රතිවිපාක, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පිරිනමනු ලබති. එහි ප්රතිවිපාකය වනුයේ නිරා ගින්නේ සදාතනිකභාවයයි.

Al-A'raaf 7:147Listen in Qur'an →
148

وَٱتَّخَذَ قَوْمُ مُوسَىٰ مِنۢ بَعْدِهِۦ مِنْ حُلِيِّهِمْ عِجْلًۭا جَسَدًۭا لَّهُۥ خُوَارٌ ۚ أَلَمْ يَرَوْا۟ أَنَّهُۥ لَا يُكَلِّمُهُمْ وَلَا يَهْدِيهِمْ سَبِيلًا ۘ ٱتَّخَذُوهُ وَكَانُوا۟ ظَٰلِمِينَ

(තම දෙවියන් සමග කතා බහ කිරීමට මූසා ගිය) පසු මූසාගේ ජනතාව තමන්ගේ ආභරණ මගින් (තනන ලද) වසු පැටවෙකුගේ පිළිරුව (දෙවියෙකු වශයෙන්) ඇර ගත්හ. එයට (ගවයෙකුගේ ශබ්දයක් වැනි) ශබ්දයක්ද තිබුණි. එහෙත් (එය පණ නැති නිකම්ම නිකම් පිළිරුවකි). නියත වශයෙන්ම ඔවුන් සමග කතා කරන්නේ නැත. ඔවුන්ට කිසිම මාර්ගයක් දැනුම් දෙන්නේ නැත යන්නද ඔවුන් අවධානය කළ යුතු නොවෙද? (එහෙත්) ඔවුන් එය (දෙවියෙකු වශයෙන්) ගෙන, එමගින් තමන්ට තමන්ම) හානියක් කර ගත් අය බවට පත් වූහ.

මූසා (අලය්හිස් සලාම්) තුමා, තම පරමාධිපති සමග කතා කිරීම සඳහා හමුවන්නට ගිය පසු ව ඔහුගේ ජනයා ඔවුන්ගේ ආභරණ වලින් වසු පැටවකුට සමාන යමක් තනා ගත්තෝය. එයට කිසිදු ජීවයක් නොවූවද හඬක් නිකුත් විය. සැබැවින්ම මෙම වසු පැටවා ඔවුන් සමග කතා නොකරන බවත් භෞතික හා ආධ්යාත්මික වශයෙන් ශ්රෙෂ්ඨ මාර්ගයක් වෙත ඔවුනට මග නොපෙන්වන බවත්, කිසිදු සෙතක් ඔවුනට සලසන්නේ නැති බවත් කිසිදු හානියක් ඔවුන්ගෙන් ඉවත් නොකරන බවත් ඔවුන් වටහා නොගත්තෝද? නමුත් ඔවුහු එය නැමදුමට තෝරා ගත්තෝය. ඒ හේතුවෙන් ඔවුන් ඔවුන්ටම අපරාධ කරගත්තවුන් බවට පත් වූහ.

Al-A'raaf 7:148Listen in Qur'an →
149

وَلَمَّا سُقِطَ فِىٓ أَيْدِيهِمْ وَرَأَوْا۟ أَنَّهُمْ قَدْ ضَلُّوا۟ قَالُوا۟ لَئِن لَّمْ يَرْحَمْنَا رَبُّنَا وَيَغْفِرْ لَنَا لَنَكُونَنَّ مِنَ ٱلْخَٰسِرِينَ

ඔවුන් නියත වශයෙන්ම මාර්ගය වැරද ගියෙමු යන්න දැක පසුතැවිලි වූ අවස්ථාවේදී, “අපගේ දෙවියන් අපට දයාව පහළ කර, අපව (අපගේ වැරදි වලට) සමාව නොදුන්නහොත් නියත වශයෙන්ම අපි පරාජිතයින් බවට පත් වන්නෙමු” යයි පැවසූහ.

ඔවුන් අල්ලාහ් සමග වසු පැටවා නැමදුමට ගැනීම හේතුවෙන් ඔවුන් ඍජු මාර්ගයෙන් නොමග ගොස් ඇති බව වටහා ගෙන, ඒ ගැන කම්පා වී පසුතැවිලි වූ කල්හි, ඔවුන් අල්ලාහ් වෙත බැගෑපත් ව, "අපගේ පරමාධිපති ඔහුට අවනත වීම සඳහා අපට ආශිර්වාද කරමින් ඔහු අපට කරුණා නොකළේ නම්, හා වසු පැටවා නැමදුමට ගැනීම සඳහා අපි ඉදිරිපත් කළ පාපය සඳහා ඔහු අපට සමාව නොදුන්නේ නම්, සැබැවින්ම අපි තමන්ගේ මෙලොව ජීවිතය හා මතු ලොව ජීවිතය විනාශ කර ගත්තවුන් අතරට අප ද පත්වන්නෙමු" යැයි ප්රාර්ථනා කර සිටියහ.

Al-A'raaf 7:149Listen in Qur'an →
150

وَلَمَّا رَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوْمِهِۦ غَضْبَٰنَ أَسِفًۭا قَالَ بِئْسَمَا خَلَفْتُمُونِى مِنۢ بَعْدِىٓ ۖ أَعَجِلْتُمْ أَمْرَ رَبِّكُمْ ۖ وَأَلْقَى ٱلْأَلْوَاحَ وَأَخَذَ بِرَأْسِ أَخِيهِ يَجُرُّهُۥٓ إِلَيْهِ ۚ قَالَ ٱبْنَ أُمَّ إِنَّ ٱلْقَوْمَ ٱسْتَضْعَفُونِى وَكَادُوا۟ يَقْتُلُونَنِى فَلَا تُشْمِتْ بِىَ ٱلْأَعْدَآءَ وَلَا تَجْعَلْنِى مَعَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ

(මෙයට සවන් දුන්) මූසා කෝපයෙන් යුතුවද, ශෝකයෙන් යුතුවද, තම ජනතාව වෙත ආපසු හැරී පැමිණි අවස්ථාවේදී, (ඔවුන්ට) “මා නොසිටි අවස්ථාවේදී ඔබ කළ මෙම කාරණාව ඉතාමත් නපුරුය. ඔබගේ දෙවියන්ගේ නියෝගය (වන දඬුවම) ඔබ ඉක්මන් කරන්නෙහුද?”යි විමසා (දෙවියන්ගේ අණ ලියන ලද ගල්) ලෑල්ල වීසි කර දමා, තම සහෝදරයාගේ හිස (කෙස්) වලින් අල්ලා තමන් දෙසට ඇද්දේය. (එයට) ඔහු “මගේ මවගේ පුතුනේ!මෙම ජනතාව නියත වශයෙන්ම මාව ඛෙලහීන කර, මාව මරා දමන්නටද ඉදිරිපත් වූහ. (එයින් මා කිසිවක් කර කියා ගත නොහැකි විය. එබැවින් මාව අවමන් කර) මගේ සතුරන් සිනහවීමට ඔබ ඉඩ නොතබනු (මැනව!) මෙම අපරාධකාර ජනතාව සමග මාව එක්කාසු නොකරනු (මැනව!)” යයි කීවේය.

මූසා (අලය්හිස් සලාම්) තුමා තම පරමාධිපති මුණ ගැසී, තම සමූහයා වෙත පැමිණෙන අවස්ථාවේ දී ඔවුන් වසු පැටවා නැමදුමට ගෙන තිබීම දුටු එතුමා ඔවුන් කෙරෙහි කෝපයෙන් හා කනස්සල්ලෙන් පිරී සිටි කල්හි එතුමා, ‘මා නුඹලා වෙතින් ගිය පසු ව නුඹලා මා වෙනුවෙන් නියෝජනය කළ තත්ත්වය ඉතා නරකය. එය විනාශය හා අභාග්යය අත් කර දෙනු ඇත. මා ගැන බලාපොරොත්තු අතහැර දමා නුඹලා වසු පැටවා නැමදුම් කිරීමට ඉදිරිපත් වූයෙහුද? තමාට ඇති වූ දැඩි කෝපය හා කනස්සල්ල හේතුවෙන් එම ඵලක විසි කර දැමුවේය. තම සහෝදරයා වන හාරූන් ඔවුන් සමග සිටියදී ඔවුන් වසු පැටවා නැමදුමට ගත් අවස්ථාවේ එය ඔහු නොවැළැක්වූ බැවින් මූසා තුමා ඔහුගේ හිසෙන් අල්ලා, ඔහුගේ රැවුලෙන් ඇද, තමන් වෙත ළං කර ගත්තේය. හාරූන් මූසාට නිදහසට කරුණු දක්වමින් ඉතා ආදරයෙන්, ‘අහෝ: මාගේ මවගේ පුතණුවනි! සැබැවින්ම මෙම සමූහයා මා දුර්වලයකු සේ සැළකුවෝය. එහෙයින් ඔවුහු මා අවමන් කොට මා මරන්නට තැත් කළෝය. මෙසේ තිබියදී මාගේ සතුරන් සතුටු වන පරිදි මා හට ඔබ දඬුවම් නොකරනු. ඔබට මා කෙරෙහි ඇති කෝපය නිසාවෙන්, අල්ලාහ් නොවන දෑට ඔවුන් නැමදුම් කිරීම හේතුවෙන් අපාරධකාරයින් බවට පත් වූවන්ගේ ගොඩට මා ද පත් නොකරනු මැනව!' යැයි පවසා සිටියේය.

Al-A'raaf 7:150Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.