وَإِذْ أَنجَيْنَٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ ۖ يُقَتِّلُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ ۚ وَفِى ذَٰلِكُم بَلَآءٌۭ مِّن رَّبِّكُمْ عَظِيمٌۭ
(ඉස්රායීල පරම්පරාවේ දරුවනේ!) ඔබට ඉතාමත් දරුණු වේදනා කරමින් සිටි ෆිර්අවුන්ගේ සමුහයෙන් අපි ඔබව බේරා ගැනීම ගැන ඔබ සිතා බලනු. ඔවුන් ඔබගේ පිරිමි දරුවන්ව මරා දමා ඔබගේ ගැහැනු දරුවන්ව (පමණක්) පණ පිටින් ජීවත් වීමට ඉඩ හැර තිබුණි. මෙයින් ඔබට ඔබගේ දෙවියන් විසින් ඉමහත් පිරික්සුමක් ඇති වී තිබුණි.
අහෝ ඉස්රාඊල් දරුවනි! ෆිර්අවුන් හා ඔහුගේ පිරිස නුඹලා සමග පහත් ලෙස කටයුතු කිරීමෙන්, අපි නුඹලා මුදවා ගත් අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුහු නුඹලාට විවිධ වේදනාවන් විඳින්නට සැලැස්සුවෝය. නුඹලාගේ පිරිමි දරුවන් මරා දමා, ගැහැනු දරුවන් සේවය සඳහා තබා ගත්තෝය. ෆිර්අවුන් හා ඔහුගේ පිරිසෙන් නුඹලා ව මුදා ගැනීමෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් වූ මහත් පිරික්සුමක් විය. එය නුඹලා කෘතඥවීම නියම කර වීය.