فَإِذَا جَآءَتْهُمُ ٱلْحَسَنَةُ قَالُوا۟ لَنَا هَٰذِهِۦ ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۭ يَطَّيَّرُوا۟ بِمُوسَىٰ وَمَن مَّعَهُۥٓ ۗ أَلَآ إِنَّمَا طَٰٓئِرُهُمْ عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
එහෙත් ඔවුන්ට (යම්කිසි) යහපතක් සිදු වන විට “මෙය අපට (ලැඛෙන්නට තිබුණු) බැවින් (එය අපට) ලැබුණි” යයිද, ඔවුන්ට යම්කිසි විපතක් ඇති වූ විට, “(මෙය අපට පැමිණිය යුතු දැයක් නොව, එහෙත්) මූසලකමෙන් යුත් එම මූසාගෙන්ද, ඔහුගේ ජනතාවගෙන්ම පැමිණියේය” යයිද පැවසූහ. ඔවුන්ට සිදු වූ (මෙම) දුර්භාග්යය අල්ලාහ්ගේ සිතුවිල්ලක් යන්න (ඔවුන්) දැන ගත යුතු නොවේද? එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු දැන ගත්තේ නැත.
ෆිර්අවුන්ගේ පිරිසට සාරවත් අස්වනු, සාරවත් පලතුරු හා වාසිදායක මිලක් පැමිණි විට ඔවුහු, ‘අපි එයට සුදුසුකම් ලද්දන් බැවින් හා එය ලබන්නට අප විශේෂිතයින් බැවින් එය අපට පිරිනමන ලදී යැයි පවසති. ඔවුනට යම් නියඟයක්, සාගින්නක් අධික ලෙඩ රෝග හා වෙනත් විපාක අත් වූ විට හෝ වැලඳුණු විට එය මූසා හා ඔහු සමග සිටි ඉස්රාඊල් දරුවන්ගේ අභාග්යවන්තකම නිසාවෙන්' යැයි පවසති. ඔවුනට අත් වූ ඒ සියල්ල අල්ලාහ්ගේ නියමය පරිදි සිදුවූවකි. මූසා (අලය්හිස් සලාම්) තුමා ඔවුන් වෙනුවෙන් ප්රාර්ථනා කර සිටීම හැර ඔවුනට හෝ මූසාට හෝ එහි කිසිදු අයිතියක් නැත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් ඒ ගැන වටහා ගන්නේ නැත. අල්ලාහ් නොවන දෑ වෙත ඔවුහු එය සම්බන්ධ කරති.