Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 131–140 of 206

131

فَإِذَا جَآءَتْهُمُ ٱلْحَسَنَةُ قَالُوا۟ لَنَا هَٰذِهِۦ ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۭ يَطَّيَّرُوا۟ بِمُوسَىٰ وَمَن مَّعَهُۥٓ ۗ أَلَآ إِنَّمَا طَٰٓئِرُهُمْ عِندَ ٱللَّهِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

එහෙත් ඔවුන්ට (යම්කිසි) යහපතක් සිදු වන විට “මෙය අපට (ලැඛෙන්නට තිබුණු) බැවින් (එය අපට) ලැබුණි” යයිද, ඔවුන්ට යම්කිසි විපතක් ඇති වූ විට, “(මෙය අපට පැමිණිය යුතු දැයක් නොව, එහෙත්) මූසලකමෙන් යුත් එම මූසාගෙන්ද, ඔහුගේ ජනතාවගෙන්ම පැමිණියේය” යයිද පැවසූහ. ඔවුන්ට සිදු වූ (මෙම) දුර්භාග්‍යය අල්ලාහ්ගේ සිතුවිල්ලක් යන්න (ඔවුන්) දැන ගත යුතු නොවේද? එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු දැන ගත්තේ නැත.

ෆිර්අවුන්ගේ පිරිසට සාරවත් අස්වනු, සාරවත් පලතුරු හා වාසිදායක මිලක් පැමිණි විට ඔවුහු, ‘අපි එයට සුදුසුකම් ලද්දන් බැවින් හා එය ලබන්නට අප විශේෂිතයින් බැවින් එය අපට පිරිනමන ලදී යැයි පවසති. ඔවුනට යම් නියඟයක්, සාගින්නක් අධික ලෙඩ රෝග හා වෙනත් විපාක අත් වූ විට හෝ වැලඳුණු විට එය මූසා හා ඔහු සමග සිටි ඉස්රාඊල් දරුවන්ගේ අභාග්යවන්තකම නිසාවෙන්' යැයි පවසති. ඔවුනට අත් වූ ඒ සියල්ල අල්ලාහ්ගේ නියමය පරිදි සිදුවූවකි. මූසා (අලය්හිස් සලාම්) තුමා ඔවුන් වෙනුවෙන් ප්රාර්ථනා කර සිටීම හැර ඔවුනට හෝ මූසාට හෝ එහි කිසිදු අයිතියක් නැත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් ඒ ගැන වටහා ගන්නේ නැත. අල්ලාහ් නොවන දෑ වෙත ඔවුහු එය සම්බන්ධ කරති.

Al-A'raaf 7:131Listen in Qur'an →
132

وَقَالُوا۟ مَهْمَا تَأْتِنَا بِهِۦ مِنْ ءَايَةٍۢ لِّتَسْحَرَنَا بِهَا فَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ

තවද ඔවුන් (මූසාට) “ඔබ අපිව වසඟ කර ගැනීම සඳහා කොපමණදෝ (පුදුමාකාර) ප්‍රාතිහාර්යයන් ඔබ අප ඉදිරියේ ගෙන ආවද, අපි ඔබව විශ්වාස නොකරන්නෙමු” යයි පැවසූහ.

සත්ය පිළිගැනීමට මුරණ්ඩු වෙමින්, ෆිර්අවුන්ගේ ජනයා මූසා (අලය්හිස් සලාම්) තුමාට මෙසේ පැවසීය. “ඔබ කවර සංඥාවක් හෝ සාධකයක් හෝ අප වෙත ගෙන ආවත් අප සිටින ස්ථාවරයෙන් වෙනතකට යොමු කිරීම සඳහා, එය ව්යාජයක් බව ඔප්පු කිරීමට හා ඔබ කවර කරුණක් ගෙන ආවද එය සත්යය බව නිරුපණය කිරීමට ඔබ කවර තර්කයක් ඉදිරිපත් කළත් අපි ඔබ ව සත්යවන්තයකු බව විශ්වාස නොකරන්නෙමු."

Al-A'raaf 7:132Listen in Qur'an →
133

فَأَرْسَلْنَا عَلَيْهِمُ ٱلطُّوفَانَ وَٱلْجَرَادَ وَٱلْقُمَّلَ وَٱلضَّفَادِعَ وَٱلدَّمَ ءَايَٰتٍۢ مُّفَصَّلَٰتٍۢ فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًۭا مُّجْرِمِينَ

එබැවින් ඔවුන් කෙරෙහි (වැස්ස සමග එන) සුළි සුළඟ, පළඟැටියන්, උකුනන්, ගෙම්බන්, ලේ ආදී පැහැදිලි මෙම ප්‍රාතිහාර්යයන් (එකක් පසුපසින් එකක් වශයෙන්) අපි යැවුවෙමු. (මින්) පසුවද ඔවුන් උඞගු වී වැරදි කරන ජනතාවක් වශයෙන්ම සිටියහ.

ඔවුන් බොරු කිරීම හේතුවෙන් හා ඔවුන්ගේ මුරණ්ඩුකම හේතුවෙන් ඔවුනට දඬුවමක් වශයෙන් අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. ඔවුන්ගේ ගොයම් හා පලතුරු වගාවන් දියේ ගිලිණ. තවද අපි ඔවුන් වෙත පළගැටියන් එව්වෙමු. උන් ඔවුන්ගේ බෝග වගාවන් කා දැමීය. තවද අපි ඔවුන් වෙත මැක්කන් හා උකුණන් එව්වෙමු. ඒවා ඔවුන්ගේ පැළෑටි විනාශ කර දැමීය. මිනිසාගේ කෙස් තුළට පිවිස ඔවුනට වේදනාව ගෙන දුනි. තවද අපි ඔවුන් වෙත ගෙම්බන් එව්වෙමු. ඔවුන්ගේ බහාලුම් උන්ගෙන් පිරී ගිය අතර උන් ඔවුන්ගේ ආහාර නරක් කර දැමීය. තවද අපි ඔවුන් වෙත රුධිරය එව්වෙමු. ඔවුන්ගේ ළිං හා ඔවුන්ගේ ගංගාවන් ලේ බවට පත් විය. මේ සියලු සංඥාවන් වෙන් වෙන් ව, එකින් පසු එකක් ලෙස අපි එව්වෙමු. ඔවුනට අත් වූ සෑම දඬුවමකින්ම අල්ලාහ් පිළිබඳ විශ්වාසයත් මූසා (අලය්හිස් සලාම්) තුමාණන් ගෙන ආ දෑ තහවුරු වීමත් මෙමගින් සිදු විය. නමුත් ඔවුහු පාපකම් සිදු කරන පිරිසක් වූහ. ව්යාජ දැයින් ඔවුන් ඉවත් වූයේ නැත. සත්යය වෙත මග ලැබුවේ ද නැත.

Al-A'raaf 7:133Listen in Qur'an →
134

وَلَمَّا وَقَعَ عَلَيْهِمُ ٱلرِّجْزُ قَالُوا۟ يَٰمُوسَى ٱدْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ ۖ لَئِن كَشَفْتَ عَنَّا ٱلرِّجْزَ لَنُؤْمِنَنَّ لَكَ وَلَنُرْسِلَنَّ مَعَكَ بَنِىٓ إِسْرَٰٓءِيلَ

ඔවුන් කෙරෙහි (මේවායේ යම්කිසි) දඬුවමක් පැමිණෙන සෑම විටම ඔවුන් (මූසාට) “ඕ මූසා!(ඔබගේ ප්‍රාර්ථනාව බාර ගන්නා බවට) ඔබට ඔහු ලබා දුන් පොරොන්දුවට අනුව (මෙම අමාරුකම පහ කරන මෙන්) ඔබගේ දෙවියන්ගෙන් අප වෙනුවෙන් ඔබ ප්‍රාර්ථනා කරනු. අපගෙන් මෙම දඬුවම ඔබ පහ කළහොත් නියත වශයෙන්ම අපි ඔබව විශ්වාස කර, ඉස්රායීල් පරම්පරාවේ දරුවන්වද, නියත වශයෙන්ම අපි ඔබ සමග යවන්නෙමු” යයි පැවසූහ.

මෙම සිදුවීම් තුළින් ඔවුනට දඬුවම අත් වූ කල්හි ඔවුහු මූසා (අලය්හිස් සලාම්) වෙත යොමු වී: “අහෝ මූසා! ඔබට විශේෂයෙන් පිරිනමා ඇති දූතත්වය හා පාපක්ෂමා අයැද සිටීමෙන් මෙම දඬුවම ඉවත් වන බවට ඔබ වෙත ප්රතිඥා දී තිබීම මුල් කර ගනිමින් අපට අත් වී ඇති මෙම දඬුවම අපෙන් ඉවත් කරන මෙන් ඔබ ඔබේ පරමාධිපතිට අප වෙනුවෙන් පාර්ථනා කර සිටිනු. එසේ අපෙන් එය ඉවත් වූයේ නම් සැබැවින්ම අපි ඔබ ව විශ්වාස කරන්නෙමු. ඔබ සමග ඉස්රාඊල් දරුවන් එවන්නෙමු. ඔවුනට නිදහස දෙන්නෙමු” යැයි පවසා සිටියහ.

Al-A'raaf 7:134Listen in Qur'an →
135

فَلَمَّا كَشَفْنَا عَنْهُمُ ٱلرِّجْزَ إِلَىٰٓ أَجَلٍ هُم بَٰلِغُوهُ إِذَا هُمْ يَنكُثُونَ

අපි ඔවුන්ගේ දඬුවම පහ කළ සෑම විටම (ඔවුන් තමන්ගේ පොරොන්දුවට වෙනස්කම් කරමින්ම සිටියහ!මෙසේ ඔවුන්ට සිදු වූ අවසාන) වාරය ඔවුන් අත් කර ගන්නා තුරු (නැවත නැවතත්) වෙනස්කම් කරමින්ම සිටියහ.

නමුත් ඔවුන් දියේ ගිල්වා විනාශ කිරීමට පෙර නියමිත කාලයක් දක්වා එම දඬුවම ඔවුන්ගෙන් අපි ඉවත් කළ කල්හි, සත්යය බව විශ්වාස කරන බවටත්, ඉස්රාඊල් දරුවන් එවන බවටත්, ඔවුන් විසින්ම ගත් ගිවිසුම ඔවුහු කඩ කළෝය. ඔවුන්ගේ ප්රතික්ෂේපය මත අඛණ්ඩ ව නිරත ව සිටියෝය. මූසා (අලය්හිස් සලාම්) තුමා සමග ඉස්රාඊල් දරුවන් එවීමෙන් ඔවුහු වැළකී සිටියෝය.

Al-A'raaf 7:135Listen in Qur'an →
136

فَٱنتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَٰهُمْ فِى ٱلْيَمِّ بِأَنَّهُمْ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَكَانُوا۟ عَنْهَا غَٰفِلِينَ

එබැවින් ඔවුන් අපගේ ප්‍රාතිහාර්යයන් ගණනයට නොගෙන (එසේ) ඒවා බොරු කරමින් සිටි හේතුවෙන්, ඔවුන්ව මුහුදෙහි ගිල්වා දමා ඔවුන්ගෙන් අපි පළි ගත්තෙමු.

ඔවුන් විනාශ කිරීම සඳහා නියමිත කාලය පැමිණි මොහොතේ ඔවුන් මුහුදේ ගිල්වා, ඔවුනට අපගේ දඬුවම පහළ කළෙමු. එය ඔවුන් අල්ලාහ්ගේ වදන් බොරු කොට එහි කිසිදු සැකයක් නොමැති සත්යය පෙන්වා දුන් දෑ ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙනි.

Al-A'raaf 7:136Listen in Qur'an →
137

وَأَوْرَثْنَا ٱلْقَوْمَ ٱلَّذِينَ كَانُوا۟ يُسْتَضْعَفُونَ مَشَٰرِقَ ٱلْأَرْضِ وَمَغَٰرِبَهَا ٱلَّتِى بَٰرَكْنَا فِيهَا ۖ وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ ٱلْحُسْنَىٰ عَلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ بِمَا صَبَرُوا۟ ۖ وَدَمَّرْنَا مَا كَانَ يَصْنَعُ فِرْعَوْنُ وَقَوْمُهُۥ وَمَا كَانُوا۟ يَعْرِشُونَ

එබැවින් කවුරුන්ව මොවුන් දුබළයන් යයි (අවමානයෙන් යුතුව) අදහස් කරමින් සිටියෝද, එම ජනතාවටම ඉතාමත් භාග්‍යයෙන් පිරි (ඔවුන්ගේ) භූමියෙහි නැගෙනහිර පැත්තද, බස්නාහිර පැත්තද ආදී සියල්ලද අයිති කර දුන්නෙමු. එබැවින් ඉස්රායීල් පරම්පරාවේ දරුවන් (ෆිර්අවුන්ට ඇති වූ අමාරුකම්) ඉවසීමෙන් යුතුව විඳ දරා ගත් හේතුවෙන් (ඔවුන්ට) ඔබගේ දෙවියන් දුන් පොරොන්දුව ඉතාමත් හොඳ අන්දමටම ඉටු කරනු. ෆිර්අවුන්ද, ඔහුගේ ජනතාවද නිර්මාණය කර තිබූ දැයද, ඉදි කර තිබූ අති විශාල මාලිගාවන්ද අපි සමතලා කර දැමුවෙමු.

ෆිර්අවුන් හා ඔහුගේ පිරිස විසින් ඉතා පහත් ලෙස සලකනු ලැබූ ඉස්රාඊල් දරුවන්හට මහපොළොවේ නැගෙනහිර හා බටහිර අපි උරුම කර දුන්නෙමු. ඉන් අදහස් කෙරුනේ සිරියා දේශයයි. එය අල්ලාහ් උපරිමයෙන් පලතුරු හා භෝග වගාවන් හට ගන්වා සමෘද්ධිමත් කළ දේශයකි. අහෝ දූතය! අල්ලාහ්ගේ අලංකාර ප්රකාශය සම්පූර්ණ විය. සූරතුල් කසස් හි එය මෙසේ සඳහන් කරනු ලැබ ඇත. “එම භූමියේ බලහීන වූ දුර්වලයින් හට අපි ආශිර්වාද කරන්නනටත්, ඔවුන් ව එකම සමූහයක් බවට පත් කරන්නටත්, ඔවුන් උරුමක්කරුවන් බවට පත් කරන්නටත් අපි අපේක්ෂා කරමු.” ෆිර්අවුන් හා ඔහුගේ පිරිස විසින් ඔවුනට දුන් වේදනාවන් මත ඔවුන් ඉවසීමෙන් කටයුතු කළ හේතුවෙන්, අල්ලාහ් ඔවුනට එම භූමියෙහි පහසුකම් සැලසීය. ෆිර්අවුන් වගා කළ භූමි හා ඉදි කළ නවාතැන් ද ඔවුන් විසින් ඉදි කරමින් සිටි මාළිගාවන් ද අපි විනාශ කළෙමු.

Al-A'raaf 7:137Listen in Qur'an →
138

وَجَٰوَزْنَا بِبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْبَحْرَ فَأَتَوْا۟ عَلَىٰ قَوْمٍۢ يَعْكُفُونَ عَلَىٰٓ أَصْنَامٍۢ لَّهُمْ ۚ قَالُوا۟ يَٰمُوسَى ٱجْعَل لَّنَآ إِلَٰهًۭا كَمَا لَهُمْ ءَالِهَةٌۭ ۚ قَالَ إِنَّكُمْ قَوْمٌۭ تَجْهَلُونَ

අපි ඉස්රායීල පරම්පරාවේ දරුවන්ව මුහුද පසුකර (කැ`දවාගෙන) ගිය අවස්ථාවේදී, තමන්ගේ පිළිරූ ආරාධනා කරමින් සිටි එක් සමුහයක් අසළින් ඔවුන් ගමන් කරමින් සිටි විට, (එය අවධානයෙන් යුතුව බැලු ඔවුන් මුසාට) “ඕ මූසා! ඔවුන් තබාගෙන ඇති පිළිරුවක් වැනි පිළිරුවක් අපටත් (අපි නැමදුම් කිරීමට) ඇති කර තබනු” යයි පැවසූහ. . එයට ඔහ ු (මුසා) “නියත වශයෙන්ම ඔබ දැනුමක් නැති (අඥානයින් වශයෙන්) සිටින්නෙහුය” යයි පැවසුවේය.

මූසා (අලෙය්හිස් සලාම්) තුමා, තම සැරයටියෙන් මුහුදට ගැසූ කල්හි එය දෙබෑ විය. ඉස්රාඊල් දරුවන් ඒ හරහා අපි තරණය කෙරෙව්වෙමු. අල්ලාහ් හැර දමා පිළිම වන්දනාවේ නිරත වෙමින් සිටි පිරිසක් අසලින් ඔවුහු ගමන් කළෝය. එවිට ඉස්රාඊල් දරුවන් මූසා (අලය්හිස් සලාම්) තුමාට, ‘අහෝ මූසා! අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටින පිළිම ඔවුනට තිබෙනවාක් මෙන්ම අපටත් නමදින්නට අපහට පිළිමයක් ඇති කරනු මැනව!’ යැයි විමසා සිටියෝය. මූසා ඔවුනට පිළිතුරු සපයමින්, ‘මාගේ ජනයිනි! සැබැවින්ම නුඹලා අල්ලාහ් ප්රිය කරන ඒකීයත්වය ගැන හා ගරු බුහුමන් කිරීම ගැන නොදන්නා එමෙන්ම ඔහුට සම්බන්ධ නොකළ යුතු ආදේශ කිරීම හා ඔහු හැර වෙනත් අයට නැමදීම ගැන නොදන්නා පිරිසකි' යැයි පවසා සිටියේය.

Al-A'raaf 7:138Listen in Qur'an →
139

إِنَّ هَٰٓؤُلَآءِ مُتَبَّرٌۭ مَّا هُمْ فِيهِ وَبَٰطِلٌۭ مَّا كَانُوا۟ يَعْمَلُونَ

(තවද පිළිරූ ආරාධනා කරන ජනතාව ගෙනහැර දක්වමින්) “නියත වශයෙන්ම මොවුන් (අනුගමනය කළ) ධර්මය විනාශ විය හැකිය. ඔවුන් කරන දැය සියල්ල අනවශ්‍ය දැයයි. (කිසිම ප්‍රයෝජනයක් ගෙන දෙන්නේ නැත” යයි පැවසුවේය).

සැබැවින්ම තම පිළිම වලට වන්දනාමාන කරමින් සිටින අය වනාහි, ඔහු හැර ඔවුන් නමදිමින් සිටි දෑ විනාශ කරනු ලබන්නකි. අල්ලාහ් සමග වෙනත් අය නැමදීමේදී ඔවුන්ගේ හවුල්කරුවන්ට අවනත වෙමින් ඔවුන් කටයුතු කරන සියලු දෑ ව්යාජයවේ.

Al-A'raaf 7:139Listen in Qur'an →
140

قَالَ أَغَيْرَ ٱللَّهِ أَبْغِيكُمْ إِلَٰهًۭا وَهُوَ فَضَّلَكُمْ عَلَى ٱلْعَٰلَمِينَ

(තවද) “අල්ලාහ් නොවන දැයද මා ඔබට දෙවියන් බවට පත් කර තබන්නේ? ඔහුම ඔබව සකල ලෝකවාසීන් සියල්ලන්ටම වඩා උසස් කර තැබුවේය” යයිද ඔහු පැවසුවේය.

මූසා තම ජනයා දෙස බලා, "මාගේ ජනයිනි! නුඹලා නැමදීම සඳහා අල්ලාහ් නොවන වෙනත් දෙවියෙකු නුඹලා වෙනුවෙන් මා පැතිය හැක්කේ කෙසේද? නුඹලා දෑසින් දැකිය යුතු අතිමහත් ඔහුගේ සංඥා සහ සාධක නුඹලා දුටුවෙහුය. නුඹලාගේ සතුරන් විනාශ කොට, මහපොළොවේ නියෝජනය නුඹලාට හිමි කර දී, එහි නුඹලාට පහසුකම් සලසා දී, නුඹලාට ආශිර්වාද කිරීම තුළින් නුඹලාගේ යුගයේ විසූ ලෝවැසියන්ට වඩා නුඹලා ව ශ්රේෂ්ඨත්වයට පත් කළේ උත්තරීතර අල්ලාහ්ය.

Al-A'raaf 7:140Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.