Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 121–130 of 206

121

قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ ٱلْعَٰلَمِينَ

“සකල ලෝකවාසීන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කරන්නා වන

"සියලු මැවීම් හි පරමාධිපතියාණන්ව අපි විශ්වාස කළෙමු" යැයි හූනියම්කරුවෝ පවසා සිටියහ.

Al-A'raaf 7:121Listen in Qur'an →
122

رَبِّ مُوسَىٰ وَهَٰرُونَ

මූසා, හාරූන්ගේ දෙවියන්ව අපි විශ්වාස කළෙමු” යයි පැවසූහ.

නැමදුම් ලබන්නට සුදුසු වනුයේ ව්යාජ, නින්දිත දෙවිවරුන් නොව මූසාගේ හා හාරූන්ගේ පරමාධිපතියාණන්ය.

Al-A'raaf 7:122Listen in Qur'an →
123

قَالَ فِرْعَوْنُ ءَامَنتُم بِهِۦ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ ۖ إِنَّ هَٰذَا لَمَكْرٌۭ مَّكَرْتُمُوهُ فِى ٱلْمَدِينَةِ لِتُخْرِجُوا۟ مِنْهَآ أَهْلَهَا ۖ فَسَوْفَ تَعْلَمُونَ

එයට ෆිර්අවුන් (ඔවුන්ට) “ඔබට මා අනුමැතිය ලබා දීමට පෙරම ඔබ (මූසා, හාරූන් ආදීන්ගේ දෙවියන් වන) ඔහුව විශ්වාස කළෙහුය. නියත වශයෙන්ම මෙම නගරවාසීන්ව එයින් පිටමං කර හැරීමට ඔබ (මූසා සමග එක්කාසු වී) කළ කුමන්ත්‍රණයකි මේ. .(මෙම කුමන්ත්‍රණයේ ඵලවිපාක) ඉතාමත් ඉක්මනින් ඔබ දැන ගන්නෙහුය”.

අල්ලාහ් ව පමණක් ඔවුන් විශ්වාස කිරීමෙන් පසු ෆිර්අවුන් ඔවුනට තරවටු කරමින්, “මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා මූසා සත්ය බව පිළිගත්තෙහුය. සැබැවින්ම නුඹලා ඔහු ව විශ්වාස කිරීමත්, මූසා ගෙන ආ දෑ නුඹලා තහවුරු කිරීමත්, නගර වැසියන් ඉන් බැහැර කිරීම සඳහා නුඹලා හා මූසා සැලසුම් කළ කුමන්ත්රණයක් හා වංචාවකි. අහෝ හූනියම් කරුවනි! සැබැවින්ම නුඹලාට සිදු වන්නට යන දඬුවම හා නුඹලාට අත්වන්නට යන විපාකය පිළිබඳ නුඹලා මතු දැන ගනු ඇත." යැයි පැවසීය.

Al-A'raaf 7:123Listen in Qur'an →
124

لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَٰفٍۢ ثُمَّ لَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ

: “නියත වශයෙන්ම මා ඔබගේ අත් පා මාරුවෙන් මාරුවට කපා, ඔබ සියල්ලන්ව කුරුසයෙහි තබා ඇණ ගසන්නෙමි” යයි කීවේය.

නුඹලා සෑම කෙනෙකුගේම දකුණු අත සහ වම් කකුල හෝ වම් අත සහ දකුණු කකුල හෝ මම කපා හරිමි. පසු ව නුඹලාට දඬුවම් වශයෙන් හා මේ තත්ත්වය නුඹලා ව දකින සෑම කෙනෙකුටම බිය ගැන්වීමක් වශයෙන් නුඹලා සියල්ලන් රටඉඳි කඳෙහි එල්ලා දමමි.

Al-A'raaf 7:124Listen in Qur'an →
125

قَالُوٓا۟ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ

එයට ඔවුන් “(එසේ වුවහොත්) නියත වශයෙන්ම අපි අපගේ දෙවියන් වෙතම ආපසු හැරී යන්නෙමු. (ඒ ගැන අපට කිසිම දුකක් නැත)” යයි පැවසූහ.

හූනියම්කරුවෝ ෆිර්අවුන්ගේ තර්ජනයට පිළිතුරු වශයෙන් "සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙත පමණක් හැරී යන්නෙමු. ඔබ කවර තර්ජනයක් කළ ද අපට ඒ ගැන වගක් නැත" යැයි පැවසූහ.

Al-A'raaf 7:125Listen in Qur'an →
126

وَمَا تَنقِمُ مِنَّآ إِلَّآ أَنْ ءَامَنَّا بِـَٔايَٰتِ رَبِّنَا لَمَّا جَآءَتْنَا ۚ رَبَّنَآ أَفْرِغْ عَلَيْنَا صَبْرًۭا وَتَوَفَّنَا مُسْلِمِينَ

තවද “අප වෙත පැමිණි අපගේ දෙවියන්ගේ සාධකයන් අපි විශ්වාස කළා මිස, වෙන කිසිම වැරැද්දක් ඔබ අප වෙතින් දකින්නෙහිද?”යි (පවසා), “අපගේ දෙවියනේ!අප කෙරෙහි ඉවසීම පහළ කරනු මැනව!(ඔබට) සම්පූර්ණයෙන්ම අවනත වූවන් වශයෙන් (අපව පත් කර), අපව ඔබ අත්පත් කර ගනු මැනව!” (යයිද ප්‍රාර්ථනා කළහ).

ඔබ අප පිළිකුල් කරනුයේ එමෙන්ම අපට එරෙහි ව කටයුතු කරනුයේ මූසාගේ දෑතින් අපගේ පරමාධිපතිගේ වදන් අප වෙත පැමිණි කල්හි, ඒවා අප තහවුරු කර සිටීම හේතුවෙන් මිස වෙනෙකක් හේතුවෙන් නොවීය. එහෙයින්, එය දොස් කියනු ලබන පාපයක් වී නම් එය අපගේ පාපයක් වන්නේමය. පසු ව අල්ලාහ් වෙත ඔවුන් ප්රාර්ථනා කරමින් ඉතා බැගෑපත් ව මෙසේ පවසා සිටියෝය. ‘අපගේ පරමාධිපතියාණනි! සත්යය මත අප ස්ථාවර ව සිටිනු පිණිස අපව පාලනය කරන තෙක් අප මත ඉවසීම හෙළනු මැනව! ඔබට අවනත වන මුස්ලිම්වරුන් ලෙසත් ඔබේ නියෝග පිළිපදින්නන් ලෙසත් ඔබේ දූතයාණන් අනුගමනය කරන්නන් ලෙසත් අප මරණයට පත් කරනු මැනව!'

Al-A'raaf 7:126Listen in Qur'an →
127

وَقَالَ ٱلْمَلَأُ مِن قَوْمِ فِرْعَوْنَ أَتَذَرُ مُوسَىٰ وَقَوْمَهُۥ لِيُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ وَيَذَرَكَ وَءَالِهَتَكَ ۚ قَالَ سَنُقَتِّلُ أَبْنَآءَهُمْ وَنَسْتَحْىِۦ نِسَآءَهُمْ وَإِنَّا فَوْقَهُمْ قَٰهِرُونَ

එයට ෆිර්අවුන්ගේ ජනතාවගෙන් වූ ප්‍රධානීන් (ෆිර්අවුන්ට) “මූසාද ඔහුගේ ජනතාවද භූමියෙහි අපරාධ කර ඔබවද, ඔබ (විසින් ඇති කරන ලද) දෙවිවරුන්වද ප්‍රතික්ෂේප කර දමන මෙන් ඔබ ඔවුන්ව අත්හැර දමන්නෙහිද?”යි විමසූහ. එයට ඔහු “(නොඑසේය!) ඔවුන්ගේ පිරිමි දරුවන්ව කපා දමා, (ඔවුන්ව අවමන් කර දමනු පිණිස) ඔවුන්ගේ ගැහැනු දරුවන්ව (පමණක්) පණ පිටින් ජීවත් වන්නට ඉඩ හරින්නෙමු. නියත වශයෙන්ම අපි ඔවුන් කෙරෙහි ආධිපත්‍යය තබා ඇත්තෙමු. (එබැවින් අපි කැමති අන්දමටම ඕන දැයක් කළ හැකිය)” යයි ඔහු කීවේය.

ෆිර්අවුන්ගේ ජනයා අතර සිටි ප්රධානීන් හා නායකයින් මූසා හා ඔහු සමග වූ දේව විශ්වාස කළවුන් පිළිබඳ උසි ගන්වමින් ෆිර්අවුන්ට මෙසේ පවසා සිටියහ. ‘අහෝ ෆිර්අවුන්! ඔවුන් මහපොළොවේ කලහකම් ව්යාප්ත කිරීමටත්, ඔබ හා ඔබේ දෙවිවරුන් ඔවුන් අතහැර දැමීමටත්, අල්ලාහ්ට පමණක් නමදින මෙන් ඔවුන් ඇරයුම් කිරීමටත්, ඔබ මූසා හා ඔහුගේ පිරිස අතහැර දමන්නෙහිද? එයට ෆිර්අවුන්, 'ඉස්රාඊල් දරුවන්ගේ පිරිමි දරුවන් මම මරා දමමි. ඔවුන්ගේ කාන්තාවන් සේවය සඳහා තබා ගනිමි. සැබැවින්ම අපි බලය, ආධිපත්යය හා පාලනය ඔවුන් මත ක්රියාත්මක කරන්නෝ වෙමු’ යැයි පවසා සිටියේය.

Al-A'raaf 7:127Listen in Qur'an →
128

قَالَ مُوسَىٰ لِقَوْمِهِ ٱسْتَعِينُوا۟ بِٱللَّهِ وَٱصْبِرُوٓا۟ ۖ إِنَّ ٱلْأَرْضَ لِلَّهِ يُورِثُهَا مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۖ وَٱلْعَٰقِبَةُ لِلْمُتَّقِينَ

(එයට) මූසා තම ජනතාවට “ඔබ අල්ලාහ් වෙතින් උදව් උපකාර ඉල්ලා (ෆිර්අවුන්ගෙන් ඔබට ඇති වන දුක් ගැහැට) ඉවසා දරා ගනු. නියත වශයෙන්ම මෙම භූමිය අල්ලාහ්ටම අයිතිය!මෙය තම වහලූන්ගෙන් තමන් අදහස් කරන අයට අයිති කර දෙනු ඇත. (හොඳ) අවසානය (අල්ලාහ්ට) බිය වන්නන්ටය” යයි පැවසුවේය.

මූසා තම සමූහයාට උපදෙස් දෙමින්, “මාගේ ජනයිනි! නුඹලාගෙන් පීඩාව ඉවත් කිරීමටත්, නුඹලා වෙත ප්රයෝජන ගෙන දෙන්නටත්, නුඹලා අල්ලාහ්ගෙන් උදව් පතනු. නුඹලා කවර පරීක්ෂණයකට මුහුණ දෙන්නේද එහි ඉවසීමෙන් සිටිනු. සැබැවින්ම මහපොළොව අල්ලාහ්ට පමණක් සතු වූවකි. එය ෆිර්අවුන් හෝ එහි පාලනය කරන වෙනත් අයකු සතු වූවක් නොවේ. ඔහු අභිමත කරන අයුරින් ජනතාව අතර එහි පාලනය පිරිනමන්නේය. නමුත් මහපොළොවේ යහපත් අවසානයක් ඇත්තේ තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් කටයුතු කළ දේව විශ්වාසීන්ටය. ඔවුනට පීඩාවන් හෝ පරීක්ෂාවන් ඇති වුවද එය ඔවුන්ටම සතු වූවකි." යැයි කීය.

Al-A'raaf 7:128Listen in Qur'an →
129

قَالُوٓا۟ أُوذِينَا مِن قَبْلِ أَن تَأْتِيَنَا وَمِنۢ بَعْدِ مَا جِئْتَنَا ۚ قَالَ عَسَىٰ رَبُّكُمْ أَن يُهْلِكَ عَدُوَّكُمْ وَيَسْتَخْلِفَكُمْ فِى ٱلْأَرْضِ فَيَنظُرَ كَيْفَ تَعْمَلُونَ

(එයට මූසාගේ ජනතාව ඔහුට) “ඔබ අප වෙත පැමිණීමට පෙරද, අපිව හිංසා පිඩා කරනු ලැබුවෙමු. ඔබ පැමිණි පසුවද (හිංසා පීඩා කරනු ලබමින්ම සිටින්නෙමු. ඔබගේ පැමිණීමෙන් අපට කිසිම ප්‍රයෝජනයක් ඇති වූයේ නැත)” යයි පැවසූහ. (එයට මූසා) “ඔබගේ දෙවියන් ඔබගේ සතුරන්ව විනාශ කර දමා, (ඔවුන්ගේ) භූමියට ඔබව අධිපතියන් බවට පත් කළ හැකිය; (එයද) ඔබ කෙසේ හැසිරෙන්නේදැයි යන්න අවධානය කර බැලීම සඳහා” යයි පැවසුවේය.

ඉස්රාඊල් දරුවන් අතර සිටි මූසාගේ පිරිස මූසා දෙස බලා, ‘අහෝ මූසා! ඔබ අප වෙත පැමිණීමට පෙර ද, ඉන් පසු ව ද ෆිර්අවුන්ගේ අතින් අපගේ පිරිමි දරුවන් ඝාතනයට ලක්වෙමින් හා ගැහැනු දරුවන් රඳවා තබා ගනිමින් අපි පරීක්ෂාවට ලක් වූයෙමු.’ යැයි කීහ.එයට මූසා ඔවුනට උපදෙස් දෙමින් ඉන් මිදීම ගැන ශුභාරංචි දන්වමින්, ‘නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සතුරා වූ ෆිර්අවුන් හා ඔහුගේ පිරිස විනාශ කර දමා ඔවුන්ගෙන් පසු මහපොළොවේ නුඹලාට පහසුකම් සලසනු ඇත. ඉන් පසු ව නුඹලා කෘතවේදී ව කටයුතු කරන්නේද එසේ නැතහොත් ගුණමකු ලෙස කටයුතු කරන්නේ දැයි ඔහු අධීක්ෂණය කරයි.' යනුවෙන් පැවසුවේය.

Al-A'raaf 7:129Listen in Qur'an →
130

وَلَقَدْ أَخَذْنَآ ءَالَ فِرْعَوْنَ بِٱلسِّنِينَ وَنَقْصٍۢ مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ

පසුව ෆිර්අවුන්ගේ ජනතාව සාගතයෙන් පීඩාවට පත් කර, (ඔවුන්ගේ ගොවිතැන්) අස්වැන්න අඩු කර (දඬුවම්) කළෙමු. (මෙමගින්) ඔවුන්ට හොඳ වැටහීමක් අත් කර ගැනීමට ඉඩ තිබුණි.

සැබැවින්ම අපි ෆිර්අවුන්ගේ පැළැන්තිය නියඟයෙන් හා සාගින්නෙන් දඬුවමට ලක් කළෙමු. මහපොළොවේ බවභෝග හා අස්වැනු අඩු කරමින් අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. එය, ඔවුනට පැමිණි දඬුවම ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අත්වූවක් බව ඔවුන් මෙනෙහි කොට, ඉන් උපදෙස් ලබා තමන් කළ වරද වෙනුවෙන් අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව අයැද ඔහු වෙත යොමු වනු පිණිසය.

Al-A'raaf 7:130Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.