Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 111–120 of 206

111

قَالُوٓا۟ أَرْجِهْ وَأَخَاهُ وَأَرْسِلْ فِى ٱلْمَدَآئِنِ حَٰشِرِينَ

එයට ඔවුන් “ඔහුටද ඔහුගේ සහෝදරයාටද කාල අවකාශයක් ලබා දී, විවිධ නගරයන්ටද කැඳවන්නන් යවනු”.

“ඔබ මූසාට හා ඔහුගේ සහෝදර හාරූන්ට කල් දෙනු. මිසර නගරය තුළ හූනියම්කරුවන් ඒකරාශි කරන කෙනෙකු සොයනු” යැයි ඔවුහු ෆිර්අවුන් ට පැවසූහ.

Al-A'raaf 7:111Listen in Qur'an →
112

يَأْتُوكَ بِكُلِّ سَٰحِرٍ عَلِيمٍۢ

“ඔවුන් සූනියමෙහි නිපුනත්වයෙන් යුත් අය සියල්ලන්ව ඔබ වෙත කැඳවාගෙන එනු ඇතැ”යි පැවසූහ.

නගර වලින් හූනියම්කරුවන් ඒකරාශි කරන්නට ඔබ එවූ පිරිස ඔහු (මූසා) කළ දෑට වඩා බලවත් ලෙස හූනියම විදහාපාන දක්ෂ සෑම හූනියම්කරුවකුම ඔබ වෙත ගෙන එනු ඇත.

Al-A'raaf 7:112Listen in Qur'an →
113

وَجَآءَ ٱلسَّحَرَةُ فِرْعَوْنَ قَالُوٓا۟ إِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ ٱلْغَٰلِبِينَ

(එසේ යැවීමෙන් විවිධ දිශාවන්හි සිටි) සූනියම්කරුවන්, ෆිර්අවුන් වෙත පැමිණ “අපි (මූසාව) පරාජය කළහොත් නියත වශයෙන්ම අපට (එයට සරිලන) ත්‍යාගයන් කිසිවක් ඇත්තේද?”යි විමසූහ.

පසු ව හූනියම්කරුවන් රැස් කරගෙන එන පිරිසක් ෆිර්අවුන් එවා තැබීය. එම හූනියම්කරුවන් ෆිර්අවුන් වෙත පැමිණි කල්හි ඔවුන්ගේ හූනියම තුළින් මූසාව පරදවා ඔහුට එරෙහි ව ඔවුන් ජය ගත්තේ නම් ඔවුනට ප්රමාණවත් සම්පතක් ඇත්තේ දැ?යි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසා සිටියහ.

Al-A'raaf 7:113Listen in Qur'an →
114

قَالَ نَعَمْ وَإِنَّكُمْ لَمِنَ ٱلْمُقَرَّبِينَ

එයට ඔහු “එසේය!(ඔබට ත්‍යාගයන් ඇත). තවද නියත වශයෙන්ම ඔබ (අපගේ රාජ සභාවේද අපට) ඉතාමත් සමීපයන් වශයෙන් සිටින්නෙහුය” යයි කීවේය.

"එසේය, නුඹලාට ප්රමාණවත් ධනය හා කුලියක් ඇත. එමෙන්ම නුඹලා මගේ නිලයට අනුව නුඹලා මට වඩාත් සමීපතයින් වනු ඇතැ"යි පවසමින් ෆිර්අවුන් ඔවුනට පිළිතුරු දුන්නේය.

Al-A'raaf 7:114Listen in Qur'an →
115

قَالُوا۟ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلْقِىَ وَإِمَّآ أَن نَّكُونَ نَحْنُ ٱلْمُلْقِينَ

(පසුව එම සූනියම්කරුවන් මූසාට) “ඕ මූසා!(පළමුවෙන් ඔබගේ සැරයැටිය) ඔබ වීසි කරන්නෙහිද? නැතහොත් අපි වීසි කරන්නද?”යි විමසූහ.

මූසාට එරෙහි ව තමන්ගේ ජය නියත බව හංවඩු ගසමින් ආඩම්බරයෙන් හා අහංකාරයෙන් එම හූනියම්කරුවෝ, “අහෝ මූසා! ඔබේ කැමැත්ත පරිදි ඔබ එය ආරම්භයේම හෙළීම හෝ අප එය ප්රථමයෙන් හෙළීම ඔබට තෝරා ගත හැක” යැයි පැවසූහ.

Al-A'raaf 7:115Listen in Qur'an →
116

قَالَ أَلْقُوا۟ ۖ فَلَمَّآ أَلْقَوْا۟ سَحَرُوٓا۟ أَعْيُنَ ٱلنَّاسِ وَٱسْتَرْهَبُوهُمْ وَجَآءُو بِسِحْرٍ عَظِيمٍۢ

එයට මූසා “ඔබ (පළමුවෙන්) වීසි කරනු” යයි පවැසුවේය. එසේ ඔවුන් වීසි කර, ජනතාවගේ ඇස් බැඳ, ඔවුන්ව තිග්ගැස්සෙන සේ පත් කර, ඉමහත් වූ සූනියමක් පෙන්වූහ.

ඔවුන් පිළිබඳ උදාසීන නොවී තම පරමාධිපතිගේ ජයග්රහණය තමන්ට ස්ථිර බව විශ්වාස කරමින්, මූසා ඔවුනට, “නුඹලාගේ ලණු හා නුඹලාගේ සැරයටි විසි කරනු” යැයි පැවසුවේය. ඔවුන් ඒවා විසි කළ විට ඒවායෙහි නිවැරදි ස්වභාවය නොලබා වෙනස් ස්වරූපයකට වෙනස් කිරීම තුළින් ජනයාගේ ඇස් ඔවුහු බන්ධනය කළෝය. ඔවුන්ව බිය ගැන්වූවෝය. නරඹන්නන්ගේ ඇස් තුළට බලවත් මායාවක් ඔවුහු ගෙන ආවෝය.

Al-A'raaf 7:116Listen in Qur'an →
117

۞ وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَلْقِ عَصَاكَ ۖ فَإِذَا هِىَ تَلْقَفُ مَا يَأْفِكُونَ

ඒ අතර අපි “ඕ මුසා!ඔබ, ඔබගේ සැරයටිය වීසි කරනු” යයි ඔහුට වහී මගින් දැනුම් දුන්නෙමු. (එසේ ඔහු වීසි කළ විට), එවෙලේම එය (විශාල නාගයෙක් බවට පත් වී) ඔවුන් (සූනියම මගින්) මනක්කල්පිත කළ සියල්ල ගිල දැමුවේය.

අල්ලාහ් සමග කතා කළ ඔහුගේ නබිවරයකු මූසා (අලය්හිස් සලාම්) තුමා වෙත අල්ලාහ් ඔහුගේ පණිවිඩ පහළ කරමින් "අහෝ මූසා! ඔබේ සැරයටිය විසි කරනු" යැයි පවසා සිටියේය. එවිට ඔහු එය විසි කළේය. එසැණින් ඔවුන් සැබෑ ලෝකයේ භාවිත කළ මිනිසුන් රවටාලමින් සර්පයින් සේ දිස් වූ ඔවුන්ගේ එම සැරයටි සහ ලණු ගිල දමන සර්පයකු බවට වෙනස් විය.

Al-A'raaf 7:117Listen in Qur'an →
118

فَوَقَعَ ٱلْحَقُّ وَبَطَلَ مَا كَانُوا۟ يَعْمَلُونَ

මෙසේ ඔවුන් කළ සියල්ල නිෂ්ඵල වී සත්‍යය තහවුරු විය.

එවිට සත්යය හෙළි විය. මූසා (අලය්හිස් සලාම්) ගෙන ආ දෑ සැබෑවක් බව පැහැදිලි විය. හූනියම් කරුවන් තම හූනියම මගින් කළ දෑ ව්යාජ බව වැටහිණ.

Al-A'raaf 7:118Listen in Qur'an →
119

فَغُلِبُوا۟ هُنَالِكَ وَٱنقَلَبُوا۟ صَٰغِرِينَ

එබැවින් (උඞගු වූ) ඔවුන්ව එහිදීම පරාජය කරනු ලැබූහ. එබැවින් ඔවුන් අවමානයට ලක් වූහ.

ඔවුහු අසමත් වූහ. පරාජයට පත් වූහ. එම සිද්ධියේ ඔවුන් අබිබවා ගොස් මූසා ජය ගත්තේය. ඔවුන් නින්දාවට පත් ව පහත් වූවන් ලෙස හැරී ගියෝය.

Al-A'raaf 7:119Listen in Qur'an →
120

وَأُلْقِىَ ٱلسَّحَرَةُ سَٰجِدِينَ

තවද එම සූනියම්කරුවන් හිස නවා සුජූද් කර

හූනියම්කරුවන් අල්ලාහ්ගේ මහත් වූ බලය දෑසින් දැක ඔහුගේ පැහැදිළි සංඥා දුටු විට උත්තරීතර අල්ලාහ්ට සිරස නමා වැටීම මිස වෙනෙකක් සිදු නොවීය.

Al-A'raaf 7:120Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.