تِلْكَ ٱلْقُرَىٰ نَقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآئِهَا ۚ وَلَقَدْ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَمَا كَانُوا۟ لِيُؤْمِنُوا۟ بِمَا كَذَّبُوا۟ مِن قَبْلُ ۚ كَذَٰلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلْكَٰفِرِينَ
(නබියේ!) මෙම රටවල්වල ඉතිහාසය ඔබට පවසන්නෙමු. (මේවායේ වාසය කළ) ඔවුන්ට (දෙවියන් විසින්) යවනු ලැබූ දූතයින් ඔවුන් වෙත නියත වශයෙන්ම පැහැදිලි සාධකයන්ම ගෙන ආවාහ. එහෙත් ඔවුන් නම්, කළින් බොරු කළ එකක් (පසුව කිසි කලෙකත්) විශ්වාසය නොතැබූ අය වශයෙන්ම සිටියහ. මෙසේම ප්රතික්ෂේප කරන්නන්ගේ හෘදයන්හි අල්ලාහ් මුද්රා තබා හරින්නේය.
අහෝ දූතය! නූහ්, හූද්, සාලිහ්, ලූත් හා ෂුඅය්බ්ගේ සමූහයන් විසූ එම ගම්මාන පිළිබඳ තොරතුරු අපි ඔබට කියවා පෙන්වමු. එහි ඔවුන් බොරුකරමින් සිටි ඔවුන්ගේ මුරණ්ඩුකම ගැනත් ඔවුනට අත් වූ විනාශය ගැනත් අපි ඔබට දන්වා සිටිමු. එය පාඩම් ලබන්නන්හට පාඩමක් වනු පිණිස හා උපදෙස් ලබන්නන්හට උපදෙසක් වනු පිණිසය. තම සත්යතාව තහවුරු කරමින්, පැහැදිළි සාධක සමග එම ගම්මාන වැසියන් වෙත ඔවුන්ගේ දූතවරුන් පැමිණියහ. සැබැවින්ම ඔවුන් ඔහුව බොරු කරනු ඇතැයි අල්ලාහ් කල් ඇතිව දැන සිටි පරිදි, එම රසූල්වරුන් පැමිණි අවස්ථාවේ ඔවුන් විශ්වාස කරන්නට නොවූහ. තම රසූල්වරුන් බොරු කළ එම ගම් වැසියන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තැබුවාක් මෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ප්රතික්ෂේප කළවුන්ගේ හදවත් මත ද අල්ලාහ් මුද්රා තබනු ඇත. එවිට ඔවුන් දේව විශ්වාස වෙත මග පෙන්වනු නොලබනු ඇත.