Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 206

11

وَلَقَدْ خَلَقْنَٰكُمْ ثُمَّ صَوَّرْنَٰكُمْ ثُمَّ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِءَادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ لَمْ يَكُن مِّنَ ٱلسَّٰجِدِينَ

නියත වශයෙන්ම අපි ඔබව උත්පාදනය කිරීමට (අදහස් කර) ඔබව (ඔබගේ මුල් පියා වන ආදම්ව) නිර්මාණය කළෙමු. පසුව අපි මලායිකාවරුන්ට “ආදම්ට සුජූද් කරනු” යයි කීවෙමු. ඉබ්ලිස් හැර, (අනිත් මලායිකාවරුන් සියල්ල ඔහුට) හිස නවා සුජූද් කළහ. ඔහු සුජූද් කරන්නන්ගෙන් කෙනෙකු වූවේ නැත.

අහෝ ජනයිනි! සැබැවින්ම ඔබේ පියා ආදම්ව අපි බිහි කළෙමු. පසුව ඔහුව අලංකාර හැඩයකින් හැඩගැස්සුවෙමු. එමෙන්ම අලංකාර ලෙස අපි ශක්තිමත් කළෙමු. පසුව ඔහුට ගරු කිරීමක් වශයෙන් හිස පහත් කරන්නැයි අපි මලක්වරුන්ට නියෝග කළෙමු. ඔවුහු එය පිළිපැද හිස පහත් කළෝය. නමුත් ෂෙයිතාන් උඩුඟු කම හා මුරණ්ඩුකම හේතුවෙන් තම හිස පහත් කිරීමට ප්රතික්ෂේප කළේය.

Al-A'raaf 7:11Listen in Qur'an →
12

قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ ۖ قَالَ أَنَا۠ خَيْرٌۭ مِّنْهُ خَلَقْتَنِى مِن نَّارٍۢ وَخَلَقْتَهُۥ مِن طِينٍۢ

(එබැවින් දෙවියන් ඉබ්ලීස්ට) “මා ඔබට නියෝග කළ අවස්ථාවේදී ඔබ හිස නවා සුජූද් නොකර සිටීමට ඔබව වළක්වා හැරියේ කුමක්ද?”යි විමසුවේය. එයට (ඉබ්ලීස්) “මා ඔහුට වඩා ශ්‍රේෂ්ඨයෙකි. (මන්දයත්) ඔබ මාව ගින්නෙන් උත්පාදනය කර ඇත්තෙහිය. (කිරි මැටි වලට වඩා ගින්දර උසස්ය)” යයි (ආඩම්බරයෙන් යුතුව) පැවසුවේය.

අල්ලාහ් ඉබ්ලීස්ට තරවටු කරමින් "ආදම්ට සුජූද් කරන මෙන් ඔබට මා කළ නියෝග පිළිපැදීමෙන් ඔබව වැළැක්වූයේ කුමක් දැ?"යි විමසා සිටියේය. ඉබ්ලීස් තම පරමාධිපතිට පිළිතුරු දෙමින්, "සැබැවින්ම මම ඔහුට වඩා ශ්රේෂ්ඨය. ඔබ මා මවා ඇත්තේ ගින්නෙනි. ඔබ ඔහුව මවා ඇත්තේ මැටියෙනි. මැටියට වඩා ගින්න ශ්රේෂ්ඨය. මා වළකාලීයේ එයයි" ඔහු පැවසුවේය.

Al-A'raaf 7:12Listen in Qur'an →
13

قَالَ فَٱهْبِطْ مِنْهَا فَمَا يَكُونُ لَكَ أَن تَتَكَبَّرَ فِيهَا فَٱخْرُجْ إِنَّكَ مِنَ ٱلصَّٰغِرِينَ

(එයට දෙවියන්) “මෙයින් ඔබ බැස යනු. ඔබ ආඩම්බර වීමට මෙහි ඉඩක් නැත. එබැවින් ඔබ පිටමං වනු. (ඔබගේ උඞගුකමේ හේතුවෙන්) නියත වශයෙන්ම ඔබ අවමන් වූවන්ගෙන් කෙනෙකු බවට පත් වූවෙහිය” යයි පැවසුවේය.

අල්ලාහ් ඔහුට මෙසේ පැවසීය. "ඔබ ස්වර්ගයෙන් පහළට බසිනු. මෙහි උඩගුකම් පාන්නට ඔබට කිසිදු අයිතියක් නැත. හේතුව මෙය දැහැමියන් හා පවිත්රයින්ගේ නිවහනයි. එහෙයින් ඉබ්ලීස්, සැබැවින්ම ඔබ ඔබේ ආත්මය ආදම්ට වඩා විශිෂ්ඨ බව දුටුවද ඔබට වඩාත් සුදුසු වන්නේ පහත්වූ නීචයින් අතරට පත්වීමය."

Al-A'raaf 7:13Listen in Qur'an →
14

قَالَ أَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

(එයට ඉබ්ලීස් වන) ඔහු “(මරණයට පත් වුවන්ව) නැගිට්ටවන දින දක්වා ඔබ මා හට කාල අවකාශයක් ලබා දෙනු” යයි ඉල්ලා සිටියේය.

"අහෝ මාගේ පරමාධිපතියාණනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් මට හැකි පමණින්ම මිනිසුන් නොමග යැවීමට අවකාශය දෙනු මැනව" යැයි ඉබ්ලීස් ඉල්ලා සිටියේය.

Al-A'raaf 7:14Listen in Qur'an →
15

قَالَ إِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ

(එයට) දෙවියන් “නියත වශයෙන්ම ඔබ (ඒ අන්දමටම) කාල අවකාශයක් ලබා දුන් (කෙනෙකු බවට) සිටින්නෙහිය” යයි කීවේය.

"අහෝ ඉබ්ලීස්! සැබැවින්ම සියලු මැවීම් මරණයට පත් වන මොහොතේ සූර් නලාව පළමුව පිඹිනු ලබන දිනයේ ඔවුන් වෙත මරණය නියම කළ අවකාශය දෙනු ලැබූවන් අතර නුඹ සිටිනු ඇත. එවිට ඔවුන්ගේ මැවුම්කරු පමණක් ඉතිරිව සිටියි."

Al-A'raaf 7:15Listen in Qur'an →
16

قَالَ فَبِمَآ أَغْوَيْتَنِى لَأَقْعُدَنَّ لَهُمْ صِرَٰطَكَ ٱلْمُسْتَقِيمَ

(එයට ඉබ්ලීස්) “ඔබ මාව අවමන් කළ බැවින් (ආදම්ගේ පරම්පරාවේ දරුවන් වන) ඔවුන් ඔබගේ ඍජු මාර්ගයෙහි නොයා (වළක්වා හැරීමට මාර්ගය අවහිර කර එහි) වාඩි වී සිටින්නෙමි”.

"ආදම්ට සුජූද් කිරීමේ ඔබේ නියෝගය පිළිපැදීම මා අතහැර දමන තරමට ඔබ මා නොමග යැවූ හේතුවෙන් ඔබේ ඍජු මාර්ගයේ සිටින ආදම්ගේ දරුවන් වෙනුවෙන් මම රැකගෙන සිටිමි. ඔවුන්ගේ ආදි පියාණන් ආදම්ට මා සුජූද් නොකිරීමෙන් නොමග ගියාක් මෙන්ම ඔවුන්ද ඉන් වෙනතකට යොමු කරවා ඉන් නොමග යවමි" යැයි ඉබ්ලීස් පැවසුවේය.

Al-A'raaf 7:16Listen in Qur'an →
17

ثُمَّ لَءَاتِيَنَّهُم مِّنۢ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَٰنِهِمْ وَعَن شَمَآئِلِهِمْ ۖ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَٰكِرِينَ

“නියත වශයෙන්ම ඔවුන්ට ඉදිරියෙන් හා පසුපසින්ද ඔවුන්ගේ දකුණු පැත්තේ හා වම් පැත්තෙන්ද ඔවුන් වෙත පැමිණ (ඔවුන්ව මාර්ගය වැරද) යවමින්ම සිටින්නෙමි. එබැවින් ඔවුන්ගෙන් වැඩි දෙනෙකුව (ඔබට) කෘතඥ වන්නන් බවට ඔබ නොදකින්නෙහිය” යයිද කීවේය.

"පසුව මතුලොව පිළිබඳ මතකයෙන් දුරස් කිරීම, මෙලොව ජීවිතය පිළිබඳ ආශාව ඇති කිරීම, සැකය ඇති කිරීම, ආශාවන් අලංකාරවත් කර පෙන්වීම යනාදී සෑම පැතිකඩකින්ම මම ඔවුන් වෙත පැමිණෙමි. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔබට කෘතවේදී වන්නන් ලෙස ඔබ නොදකිනු ඇත. එය මා ඔවුන් වෙත දේව ප්රතික්ෂේපය අණ කර සිටි බැවිනි."

Al-A'raaf 7:17Listen in Qur'an →
18

قَالَ ٱخْرُجْ مِنْهَا مَذْءُومًۭا مَّدْحُورًۭا ۖ لَّمَن تَبِعَكَ مِنْهُمْ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكُمْ أَجْمَعِينَ

(එයට දෙවියන්) “නින්දාවට ලක් වූවෙකු වශයෙන්ද, එළවා දමනු ලැබූවෙකු වශයෙන්ද ඔබ මෙතැනින් පිටමං වනු. නියත වශයෙන්ම (ඔබවද) ඔවුන්ගෙන් ඔබව අනුගමනය කරන්නන්වද ආදී ඔබ සියල්ලන් මගින් නියත වශයෙන්ම නිරය පුරවන්නෙමි” යයි පැවසුවේය.

අහෝ ඉබ්ලීස්! අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් නෙරපා හරිනු ලැබූවකු හා අපහාසයට ලක්වූවකු සේ ස්වර්ගයෙන් බැහැර වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබගෙන් හා ඔබව පිළිපදින, ඔබට අවනත වන, පරමාධිපතිගේ නියෝගයට පිටු දකින සෑම කෙනෙකුගෙන්ම නිරය පුරවන්නෙමි."

Al-A'raaf 7:18Listen in Qur'an →
19

وَيَٰٓـَٔادَمُ ٱسْكُنْ أَنتَ وَزَوْجُكَ ٱلْجَنَّةَ فَكُلَا مِنْ حَيْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّٰلِمِينَ

(පසුව දෙවියන් ආදම්ට) “ඕ ආදම්! ඔබත් ඔබගේ භාර්යයාවද මෙම උයනෙහි වාසය කරනු. ඔබ දෙදෙනා ඔබ කැමති ස්ථානයන්ට (ගොස් කැමති දැයක්) ආහාරයට ගනු. එහෙත් මෙම ගසට ළං නොවනු. (එසේ ගියහොත්) එමගින් ඔබට, ඔබම හානියක් කර ගත් අය බවට පත් වන්නෙහුය” (යයිද පැවසුවේය).

අල්ලාහ් ආදම් දෙස බලා, "අහෝ ආදම්! ඔබ හා ඔබේ බිරිය හව්වා ස්වර්ගයේ වාසය කරනු. එහි ඇති පිවිතුරු දෑ ඔබ දෙදෙනා කැමති පරිදි අනුභව කරනු. මෙම ගසින් අනුභව නොකරනු. (ඔවුන් දෙදෙනාට අල්ලාහ් පෙන්වා දුන් ගසක්) ඔබ දෙදෙනාට මා තහනම් කළ පසුව ඔබ දෙදෙනා එයින් අනුභව කළේ නම්, සැබැවින්ම අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවාගියවුන් අතරට ඔබ දෙදෙනාද පත්වෙන්නේය" යැයි පැවසීය.

Al-A'raaf 7:19Listen in Qur'an →
20

فَوَسْوَسَ لَهُمَا ٱلشَّيْطَٰنُ لِيُبْدِىَ لَهُمَا مَا وُۥرِىَ عَنْهُمَا مِن سَوْءَٰتِهِمَا وَقَالَ مَا نَهَىٰكُمَا رَبُّكُمَا عَنْ هَٰذِهِ ٱلشَّجَرَةِ إِلَّآ أَن تَكُونَا مَلَكَيْنِ أَوْ تَكُونَا مِنَ ٱلْخَٰلِدِينَ

එහෙත් ඒ දෙදෙනාට සඟවා තිබූ ඔවුන්ගේ රහස් දැය ඔවුන්ට එළිදරව් කිරීම පිණිස, (ඉබ්ලීස් වන) ෂෙයිතාන් (වැරදි සිතුවිල්ලක්) ඔවුන්ගේ සිත් තුළ හොල්මන් කිරීමට සලස්වා ඔවුන්ට “(එහි පලතුරු ආහාරයට ගතහොත්) ඔබ දෙදෙනා මලායිකාවරුන් වශයෙන් හෝ නැතහොත් මරණයක් නොමැත්තන් වශයෙන් හෝ බවට පත් වන්නෙහුය යන්න මිස, (වෙන කිසිවක් සඳහා හෝ) ඔබගේ දෙවියන් මෙම ගස ඔබට වැළැක්වූයේ නැත” යයි පැවසූ අතර

ඉබ්ලීස් රහසිගත වදනක් ඔවුන් දෙනොහට හෙළුවේය. එය ඔවුන් දෙදෙනාට ආවරණය වී තිබූ රහස්ය පෙදෙස් හෙළි කරනු පිණිසය. ඔවුන් දෙදෙනා හට ඔහු, "මෙම ගසින් අනුභව කිරීමෙන් අල්ලාහ් ඔබ දෙදෙනාට තහනම් කළේ, එය ඔබ දෙදෙනා මලක්වරුන් වීමට ඔහු අකැමැති නිසාවෙන් හා ඔබ දෙදෙනා ස්වර්ගයේ සදාතනිකව සිටීම ඔහු අකමැති නිසාවෙන් මිස නැත." යැයි කීය.

Al-A'raaf 7:20Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.