Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 206

101

تِلْكَ ٱلْقُرَىٰ نَقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآئِهَا ۚ وَلَقَدْ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَمَا كَانُوا۟ لِيُؤْمِنُوا۟ بِمَا كَذَّبُوا۟ مِن قَبْلُ ۚ كَذَٰلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلْكَٰفِرِينَ

(නබියේ!) මෙම රටවල්වල ඉතිහාසය ඔබට පවසන්නෙමු. (මේවායේ වාසය කළ) ඔවුන්ට (දෙවියන් විසින්) යවනු ලැබූ දූතයින් ඔවුන් වෙත නියත වශයෙන්ම පැහැදිලි සාධකයන්ම ගෙන ආවාහ. එහෙත් ඔවුන් නම්, කළින් බොරු කළ එකක් (පසුව කිසි කලෙකත්) විශ්වාසය නොතැබූ අය වශයෙන්ම සිටියහ. මෙසේම ප්‍රතික්ෂේප කරන්නන්ගේ හෘදයන්හි අල්ලාහ් මුද්‍රා තබා හරින්නේය.

අහෝ දූතය! නූහ්, හූද්, සාලිහ්, ලූත් හා ෂුඅය්බ්ගේ සමූහයන් විසූ එම ගම්මාන පිළිබඳ තොරතුරු අපි ඔබට කියවා පෙන්වමු. එහි ඔවුන් බොරුකරමින් සිටි ඔවුන්ගේ මුරණ්ඩුකම ගැනත් ඔවුනට අත් වූ විනාශය ගැනත් අපි ඔබට දන්වා සිටිමු. එය පාඩම් ලබන්නන්හට පාඩමක් වනු පිණිස හා උපදෙස් ලබන්නන්හට උපදෙසක් වනු පිණිසය. තම සත්යතාව තහවුරු කරමින්, පැහැදිළි සාධක සමග එම ගම්මාන වැසියන් වෙත ඔවුන්ගේ දූතවරුන් පැමිණියහ. සැබැවින්ම ඔවුන් ඔහුව බොරු කරනු ඇතැයි අල්ලාහ් කල් ඇතිව දැන සිටි පරිදි, එම රසූල්වරුන් පැමිණි අවස්ථාවේ ඔවුන් විශ්වාස කරන්නට නොවූහ. තම රසූල්වරුන් බොරු කළ එම ගම් වැසියන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තැබුවාක් මෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ප්රතික්ෂේප කළවුන්ගේ හදවත් මත ද අල්ලාහ් මුද්රා තබනු ඇත. එවිට ඔවුන් දේව විශ්වාස වෙත මග පෙන්වනු නොලබනු ඇත.

Al-A'raaf 7:101Listen in Qur'an →
102

وَمَا وَجَدْنَا لِأَكْثَرِهِم مِّنْ عَهْدٍۢ ۖ وَإِن وَجَدْنَآ أَكْثَرَهُمْ لَفَٰسِقِينَ

ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට කිසිම පොරොන්දුවක් (ඉටු කරන ගතිගුණයක්) ඇතැයි මා දුටුවේ නැත. තවද අපි ඔවුන්ගෙන් වැඩි දෙනෙකුව පාපතරයන් වශයෙන්ම දුටුවෙමු.

රසූල්වරුන් එවනු ලැබූ සමූහයන් අතුරින් බොහෝ සමූහයන් ඔවුන් මගින් අල්ලාහ් ඔවුනට කළ අනුශාසනාවන් පිළිගැනීමටත් එවා ඉටු කිරීමටත් අපොහොසත් වූවන් ලෙස අපි දකින්නෙමු. ඔහුගේ නියෝග වලට හා ඔවුනට (රසූල්වරුන් හට) අවනත වූවන් ලෙස අපි ඔවුන් නොදකිමු. අප ඔවුන් බහුතරයක් දකිනුයේ අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූවන් ලෙසය.

Al-A'raaf 7:102Listen in Qur'an →
103

ثُمَّ بَعَثْنَا مِنۢ بَعْدِهِم مُّوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَظَلَمُوا۟ بِهَا ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُفْسِدِينَ

ඔවුන්ගෙන් පසුවද මූසාව සාධකයන් සමග ෆිර්අවුන් වෙතද, ඔහුගේ ප්‍රධානීන් වෙතද යැවුවෙමු. එහෙත් ඔවුන් නම්, එම සාධකයන් අවතක්සේරු කර, (ප්‍රතික්ෂේප කර) දැමූහ. (මෙවැනි) අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වූයේදැයි යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු මැනව!

එම රසූල්වරුන්ගෙන් පසු ව, අපි මූසා (අලය්හිස් සලාම්) තුමා ව ඔහුගේ සත්යයතාව තහවුරු කරනු වස් පැහැදිලි සාධක හා සංඥා සමග ෆිර්අවුන් හා ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. ඔවුන්ද එම සංඥාවන් ප්රතික්ෂේප කොට ඒවාට පිටුපෑවෝය. අහෝ දූතය! එහෙයින් ෆිර්අවුන්ගේ හා ඔහුගේ ජනයාගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. අල්ලාහ් ඔවුන් ජලයේ ගිල්වා විනාශ කර දැමීය. මෙලොව මෙන්ම මතු ලොව ද එම ශාපය ඔවුන් පසුපස හඹා එන්නේය.

Al-A'raaf 7:103Listen in Qur'an →
104

وَقَالَ مُوسَىٰ يَٰفِرْعَوْنُ إِنِّى رَسُولٌۭ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ

මූසා (ෆිර්අවුන්ට) “ඕ ෆිර්අවුන්!නියත වශයෙන්ම මා සකල ලෝකවාසීන් සියල්ලගේ දෙවියන් විසින් (ඔබ වෙත) එවන ලද එක් දූතයෙකි” යයි කීවේය.

අල්ලාහ් ෆිර්අවුන් වෙත මූසා (අලය්හිස් සලාම්) තුමාණන්ව එවූ කල්හි ඔහු, “අහෝ ෆිර්අවුන්! සියලු මැවීම් වල මැවුම්කරුවාණන් වූ ද, ඔවුන්ගේ පාලකයාණන් වූද, ඔවුන්ගේ කටයුතු සැලසුම් කරන්නා වූද අල්ලාහ් වෙතින් මම ඔබ වෙත එවනු ලැබුවෙමි" යැයි පවසා සිටියේය.

Al-A'raaf 7:104Listen in Qur'an →
105

حَقِيقٌ عَلَىٰٓ أَن لَّآ أَقُولَ عَلَى ٱللَّهِ إِلَّا ٱلْحَقَّ ۚ قَدْ جِئْتُكُم بِبَيِّنَةٍۢ مِّن رَّبِّكُمْ فَأَرْسِلْ مَعِىَ بَنِىٓ إِسْرَٰٓءِيلَ

තවද “මා අල්ලාහ් කෙරෙහි සත්‍යය හැර (වෙන කිසි බොරුවක්) නොකියා සිටීම (මා කෙරෙහි) අනිවාර්යය වී ඇත. ඔබ දෙවියන්ගේ සන්නිධානයෙන් ඇත්තෙන්ම පැහැදිලි ප්‍රාතිහාර්යයන් මා ඔබ වෙත ගෙනැවිත් ඇත්තෙමි. එබැවින් (ඔබ වහලූන් බවට පත් කරගෙන සිටින) ඉස්රායීල පරම්පරාවේ දරුවන්ව මා සමග යවනු” (යයිද කීවේය).

“ඔහු විසින් මා එවනු ලැබ ඇති බැවින්, සත්ය මිස වෙනත් කිසිවක් ඔහු වෙත නොපැවසීමට මම බැඳී ඇත්තෙමි. සැබැවින්ම මාගේ සත්යයතාව තහවුරු කරන, මාගේ පරමාධිපති වෙතින් නුඹලා වෙත පැමිණ ඇති බවට තහවුරු කරන පැහැදිලි සාධක සමග මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එහෙයින් බලහත්කාරයට ලක් වූ වහල්භාවයේ පසුවන ඉස්රාඊල් දරුවන් මා සමග එවනු” යැයි මූසා පැවසුවේය.

Al-A'raaf 7:105Listen in Qur'an →
106

قَالَ إِن كُنتَ جِئْتَ بِـَٔايَةٍۢ فَأْتِ بِهَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

එයට ඔහු “ඔබ ප්‍රාතිහාර්යයන් ගෙනැවිත් ඇත්තේය යයි (ඇත්තෙන්ම ඔබ) ඇත්ත කියන්නෙකු වශයෙන් සිටින්නේ නම්, එය ගෙන එනු” යයි කීවේය.

“ඔබ පවසන පරිදි ඔබ සංඥාවක් ගෙනැවිත් ඇත්නම්, ඔබේ ඔය තර්කයේ ඔබ සත්යවාදී නම්, එය ගෙන එනු” යැයි ෆිර්අවුන් මූසාට පැවසීය.

Al-A'raaf 7:106Listen in Qur'an →
107

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِىَ ثُعْبَانٌۭ مُّبِينٌۭ

එබැවින් (මූසා) තම සැරයැටිය වීසි කළේය. එවෙලේම එය විශාල පිඹුරෙකු බවට පත් විය.

මූසා තම සැරයටිය විසි කළේය. එවිට එහි පැමිණි සිටි උදවියට දිස්වන සේ එය මහා සර්පයකු බවට වෙනස් විය.

Al-A'raaf 7:107Listen in Qur'an →
108

وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِىَ بَيْضَآءُ لِلنَّٰظِرِينَ

තවද ඔහු තමන්ගේ අත, (කමිස සාක්කුව තුළට ඇතුළු කර) පිටතට ගත්තේය. එය බලන්නෙකුට ඉතාමත් සුදු පැහැයෙන්ද, (ඉතාමත් දීප්තියෙන් බැබලෙන්නක් වශයෙන්ද) තිබුණි.

ඔහුගේ කමිසයේ විවරයකින් ඔහුගේ පපු පෙදෙසින් හෝ කිහිල්ලට යටින් හෝ ඔහු තම අත එළියට ගත්තේය. චර්මයට හානියක් නොවන සුදු ආලෝකයක් මතු විය. එහි පැවති දැඩි සුදු වර්ණය හේතුවෙන් බලන්නන්හට එය බබළන්නට විය.

Al-A'raaf 7:108Listen in Qur'an →
109

قَالَ ٱلْمَلَأُ مِن قَوْمِ فِرْعَوْنَ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٌۭ

(මෙය දුටු) ෆිර්අවුන්ගේ ජනතාවගේ ප්‍රධානීන් (ෆිර්අවුන්ට) “නියත වශයෙන්ම මොහු සූනියමෙහි ඉතාමත් බලසම්පන්න-යෙකු වශයෙන් සිටින්නේය” යයි පැවසූහ.

මූසාගේ සැරයටිය සර්පයකු බවට වෙනස්වීම හා ඔහුගේ අත, චර්මයට හානියක් නොවී සුදුවන් ලෙස පත් වීම දුටු නායකයින් හා ප්රධානීන් “මූසා හූනියම පිළිබඳ මනා දැනුමක් ඇති හූනියම්කරුවකු මිස නැත” යැයි පවසා සිටියෝය.

Al-A'raaf 7:109Listen in Qur'an →
110

يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُمْ ۖ فَمَاذَا تَأْمُرُونَ

(එයට ෆිර්අවුන්) “ඔහු ඔබව, ඔබගේ භූමියෙන් පිටමං කර දැමීමට අදහස් කරන්නේය. එබැවින් ඔබගේ අදහස කුමක්ද?”යි (විමසුවේය).

මෙසේ කටයුතු කිරීම තුළින් නුඹලා ව මෙම දේශයෙන් පලවා හරින්නට ඔහු අපේක්ෂා කරයි. එය මිස්ර් නගරයයි. පසු ව මූසා (අලය්හිස් සලාම්) තුමාගේ කරුණ සම්බන්ධයෙන් ෆිර්අවුන් ඔවුන් සමග සාකච්ඡා කොට ඔවුන්ගෙන් මෙසේ විමසීය. "නුඹලා මොහු ගැන මා වෙත අදහස් දක්වා පෙන්වනුයේ කුමක්ද?"

Al-A'raaf 7:110Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.