Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 165

51

وَأَنذِرْ بِهِ ٱلَّذِينَ يَخَافُونَ أَن يُحْشَرُوٓا۟ إِلَىٰ رَبِّهِمْ ۙ لَيْسَ لَهُم مِّن دُونِهِۦ وَلِىٌّۭ وَلَا شَفِيعٌۭ لَّعَلَّهُمْ يَتَّقُونَ

(නබියේ!) කවුරුන් (පරලොවදී) තමන්ගේ දෙවියන් වෙත (විනිශ්චය සඳහා) ඒකරාශී කරනු ලබන්නෙමු යයි බිය වන්නෙහුද, ඔවුන් (පාපයෙන් ඈත් වී) පරිශුද්ධවන්තයින් බවට පත් වීම පිණිස, ඔවුන්ට ඔබ අනුතුරු අඟවනු. ඔවුන්ට (එදින) උදව් කරන්නෙකුද, ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නෙකුද, ඔහු මිස (වෙන කිසිවෙකුත්) නැත.

අහෝ! දූතය, අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත්ව කටයුකු කළ හැකි වනු පිණිස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපති වෙත රැස් කරනු ලැබ එවිට අල්ලාහ් හැර ඔවුනට සෙත සලසන්නට කිසිදු භාරකරුවකු නොමැති බවටත් ඔවුන්ගෙන් හානිය නිවාරණය කරන මැදිහත්කරුවකු නොමැති බවටත් බියවන්නන්හට මෙම කුර්ආනය මගින් අවවාද කරනු. එවිට ඔවුහු මෙම කුර්ආනය මගින් ප්රයෝජනය ලබනු ඇත.

Al-An'aam 6:51Listen in Qur'an →
52

وَلَا تَطْرُدِ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٰةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥ ۖ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَىْءٍۢ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَىْءٍۢ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ ٱلظَّٰلِمِينَ

(නබියේ!) තම දෙවියන්ගේ ශුද්ධ වූ සොම්නස තකා උදේ සවස ප්‍රාර්ථනා කරමින් සිටින්නන්ව ඔබ එළවා නොදමනු. ඔවුන්ගේ ගණනයෙන් කිසිවක් ඔබගේ වගකීමක් වන්නේ නැත. ඔබගේ ගණනයෙන් කිසිවක් ඔවුන්ගේ වගකීමක් වන්නේද නැත. එබැවින් ඔබ ඔවුන්ව එළවුවහොත් ඔබත් අපරාධකරුවන්ගෙන් කෙනෙකු බවට පත් වන්නෙහිය!

දහවල ආරම්භයේ ද එහි අවසානයේ ද අල්ලාහ්ට අවංක ව නැමදුම් කරන දිළිඳු මුස්ලිම්වරුන් ඔබේ සභාවෙන් දුරස් නොකරන්න. දෙවියන්ට ආදේශ තබන්නන්ගේ ප්රධානීන් වෙත නැඹුරු වීම සඳහා ඔබ ඔවුන් දුරස් නොකරන්න. මෙම දිළිඳු අය පිළිබඳ කිසිදු විනිශ්චයක් ඔබ මත පැවරෙන්නේ නැත. ඔවුන්ගේ විනිශ්චය ඔවුන්ගේ පරමාධිපති අබියසය. ඔබ ගැන කිසිදු විනිශ්චයක් ඔවුන් මත පැවරෙන්නේද නැත. සැබැවින්ම ඔවුන් ව ඔබේ සභා ගර්භයෙන් ඔබ දුරස් කරන්නෙහි නම් ඔබ අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගිය අය අතරට පත් වන්නෙහිය.

Al-An'aam 6:52Listen in Qur'an →
53

وَكَذَٰلِكَ فَتَنَّا بَعْضَهُم بِبَعْضٍۢ لِّيَقُولُوٓا۟ أَهَٰٓؤُلَآءِ مَنَّ ٱللَّهُ عَلَيْهِم مِّنۢ بَيْنِنَآ ۗ أَلَيْسَ ٱللَّهُ بِأَعْلَمَ بِٱلشَّٰكِرِينَ

(නබියේ!) මෙසේම ඔවුන්ගෙන් සමහරෙක් සමහරෙකු මගින් පිරික්සීමෙන් “අප අතරේ (දුප්පතුන් වන) මොවුන් කෙරෙහිම අල්ලාහ් දයාව පහළ කළේය !” යයි (ධනවතුන්) පැවසීමට උත්සුක වූහ. ස්තූති කරන්නන්ව අල්ලාහ් හොඳින් දන්නෙකු නොවෙද?

එලෙස අපි ඇතැමෙක් ඇතැමෙකු විසින් පරීක්ෂාවට ලක් කළෙමු. මෙලොව ඔවුනට හිමි කොටස් වලදී උස් පහත් වෙනස්කම් සහිත ව අපි ඔවුන් පත් කළෙමු. එමගින් අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. දේව ප්රතික්ෂේපකයෝ දේව විශ්වාසී දිළිඳුන් දෙස බලා “අල්ලාහ් අප අතර උසස් කර ඇත්තේ මෙම දිළිඳු ජනයා දැ”යි විමසති. විශ්වාසය යහපත් ලෙස තිබුණේ නම් ඒ වෙත අපි අබිබබා නොයන්නෙමු. අබිබවා යන්නෝ අපමය. තම ආශිර්වාදයට තුති පුදකරන්නන් කවුරුන්දැයි අල්ලාහ් මැනවින් දැන එම විශ්වාසය වෙනුවෙන් ඔහු ඔවුනට ආශිර්වාද නොකරනු ඇත්ද? එය ප්රතික්ෂේප කරන්නන් කවුරුන්දැයි ඔහු මැනවින් දැන ඔවුන් අවමානයට පත් නොකරනු ඇත්ද? නමුත් ඔවුන් විශ්වාසය කරති. එසේය, සැබැවින්ම අල්ලාහ් ඔවුන් පිළිබඳ මැනවින් දන්නාය.

Al-An'aam 6:53Listen in Qur'an →
54

وَإِذَا جَآءَكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِـَٔايَٰتِنَا فَقُلْ سَلَٰمٌ عَلَيْكُمْ ۖ كَتَبَ رَبُّكُمْ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَ ۖ أَنَّهُۥ مَنْ عَمِلَ مِنكُمْ سُوٓءًۢا بِجَهَٰلَةٍۢ ثُمَّ تَابَ مِنۢ بَعْدِهِۦ وَأَصْلَحَ فَأَنَّهُۥ غَفُورٌۭ رَّحِيمٌۭ

(නබියේ!) අපගේ ආයාවන් විශ්වාස කළ අය, ඔබ වෙත පැමිණියහොත් (ඔබ ඔවුන්ට “සලාමුන් අලෙයිකුම්) ඔබ කෙරෙහි ශාන්තිය හා සමාදානය පවතින බව ඔබගේ දෙවියන් (ඔබට) දයාව පහළ කිරීම තමන් වෙත අනිවාර්යය කර ගත්තේය. නියත වශයෙන්ම ඔබගෙන් කවුරුන් හෝ නොදැනුවත්කමේ හේතුවෙන් (යම්කිසි) පාපයක් කිරීමෙන් අනතුරුව, පසුව ඒ වෙනුවෙන් පසුතැවිලි වී (එයින් ඈත් වී) පිළිසකර කර ගතහොත් (ඔවුන්ගේ වැරදි වලට සමාව දෙනු ඇත. මන්දයත්) නියත වශයෙන්ම ඔහු ඉතාමත් සමාව දෙන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය” යයි පවසනු (මැනව!)

අහෝ! දූතය, ඔබ ගෙන ආ දෑ තහවුරු කරන අපගේ සාක්ෂි හා සාධක විශ්වාස කරන්නන් ඔබ වෙත පැමිණි විට ඔවුනට ගෞරව කරමින් ඔවුන් වෙත සලාම් පවසන්න. ගෞරවයෙන් පිළිතුරු සපයමින් කරුණාව තමන් වෙත අල්ලාහ් අනිවාර්යය කර ගෙන ඇතැයි යන සුභාරංචිය පවසන්න. ඔබ අතුරින් කිසිවකු අඥාන හා මෝඩ කමින් වරදක් සිදු කොට, පසු ව ඒ සඳහා පාප සමාව අයැද, තම ක්රියාවන් විධිමත් කර ගත්තේ ද ඔහු කළ වරදට අල්ලාහ් ඔහුට සමාව දෙන්නේය. තම ගැත්තන් අතුරින් කවරෙකු පාප සමාව අයැද සිටින්නේද එවැන්නන් හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණිකය.

Al-An'aam 6:54Listen in Qur'an →
55

وَكَذَٰلِكَ نُفَصِّلُ ٱلْءَايَٰتِ وَلِتَسْتَبِينَ سَبِيلُ ٱلْمُجْرِمِينَ

වැරදිකරුවන්ගේ මාර්ගය (මෙය යයි සැකයෙන් තොරව) පැහැදිලි වී යාම සඳහා (අපගේ) ආයාවන් මෙසේ විවරණය කර ඇත්තෙමු.

මෙනෙහි කරනු ලැබිය යුතු දෑ අපි ඔබට පැහැදිලි කළාක් මෙන්ම අපගේ සාධක හා සාක්ෂි අසත්යයේ සිටින ජනයාහටත් පැහැදිලි කරන්නෙමු. වැරදිකරුවන් හා ඔවුන්ගේ පිළිවෙත පැහැදිලි කිරීමෙන් එයින් වැළකෙන්නටත් ප්රවේශම් වන්නටත් හැකි වනු ඇත.

Al-An'aam 6:55Listen in Qur'an →
56

قُلْ إِنِّى نُهِيتُ أَنْ أَعْبُدَ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ ۚ قُل لَّآ أَتَّبِعُ أَهْوَآءَكُمْ ۙ قَدْ ضَلَلْتُ إِذًۭا وَمَآ أَنَا۠ مِنَ ٱلْمُهْتَدِينَ

(නබියේ! ඔවුන්ට) “අල්ලාහ් හැර කුමක් ඔබ (දෙවිවරුන් යයි) ආරාධනා කරන්නෙහුද, ඔවුන්ව නැමදිය යුතු නැතැයි නියත වශයෙන්ම මා වළක්වනු ලැබ ඇත්තෙමි” යයි පවසනු (මැනව!). “(එබැවින්) ඔබගේ කැමැත්ත මා අනුගමනය නොකරන්නෙමි. එසේ වුවහොත් නියත වශයෙන්ම මමද මාර්ගය වැරද යනු ඇත. ඍජු මාර්ගය අත්කර නොගන්නෙමි” යයිද කියනු.

අහෝ! දූතය, අල්ලාහ් හැර ඔබ නමදින දෑට නැමදුම් කිරීමෙන් සැබැවින්ම මා අල්ලාහ් විසින් වළක්වා ඇත. අහෝ දූතය! ඔබ මෙසේ පවසන්න. “අල්ලාහ් හැර වෙනත් අයට නැමදුම් කිරීමෙහි ඔබේ ආශාවන් මම පිළිනොපදිමි. එම විෂයයෙහි ඔවුන්ගේ ආශාවන් මා පිළිපැද්දා නම් සත්ය මාර්ගයෙන් දුරස් ව මුළාවූවෙකු බවට පත් වෙමි. ඒ වෙත මග නොලබමි. මේ සියල්ල අල්ලාහ්ගෙන් වූ සාධක වලින් තොර ව ආශාවන් පිළිපැද්ද අයට වෙති.

Al-An'aam 6:56Listen in Qur'an →
57

قُلْ إِنِّى عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَكَذَّبْتُم بِهِۦ ۚ مَا عِندِى مَا تَسْتَعْجِلُونَ بِهِۦٓ ۚ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۖ يَقُصُّ ٱلْحَقَّ ۖ وَهُوَ خَيْرُ ٱلْفَٰصِلِينَ

(තවද) ඔබ මෙසේ කියනු: “නියත වශයෙන්ම මා දෙවියන්ගේ පැහැදිලි සාධකයන් මතම සිටින්නෙමි. එහෙත් ඔබ එය බොරු කරන්නෙහුය. කුමක් වෙනුවෙන් ඔබ ඉක්මන් වූවෙහුද, එය (දඬුවම) මා වෙත නැත. (එහි) බලය සියල්ල අල්ලාහ්ටම මිස, (වෙන) කිසිවෙකුටත් නැත. ඔහු සත්‍යයම පවසන්නේය. ඔහු විනිශ්චය දීමෙහි ඉතාමත් ශ්‍රේෂ්ඨයෙකි”.

අහෝ! දූතය, දෙවියන්ට ආදේශ තබන මොවුනට මෙසේ පවසනු. “සැබැවින්ම මම ආශාවන් මත නොව මාගේ පරාධිපතිගෙන් වූ පැහැදිලි සාධක මත සිටිමි. මෙම සාධක ඔබ බොරු කළෙහිය. ඔබ ඉල්ලා සිටින පරිදි සුපිරි සංඥාවක් හෝ ඔබ ඉක්මණින් පතන පරිදි දඬුවමක් හෝ මා ළඟ නැත. සැබැවින්ම එය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔබ පතන සියලු දෑ හි තීන්දුව පිහටනුයේ ඔහු මත පමණි. ඔහු සත්ය පවසයි. ඒ අනුව තීන්දු පිරිනමයි. සුවිශුද්ධ ඔහු පැහැදිලි කරන්නන් අතුරින් ශ්රේෂ්ඨය. අසත්යයෙන් සත්යය වෙන් කර පැහැදිලි කරන්නාය.”

Al-An'aam 6:57Listen in Qur'an →
58

قُل لَّوْ أَنَّ عِندِى مَا تَسْتَعْجِلُونَ بِهِۦ لَقُضِىَ ٱلْأَمْرُ بَيْنِى وَبَيْنَكُمْ ۗ وَٱللَّهُ أَعْلَمُ بِٱلظَّٰلِمِينَ

(තවද) “ඔබ ඉක්මන් කරන දැය මා වෙත තිබුණේ නම් ඔබටත් මටත් අතර ඇති කාරණාව (දැනටමත්) තීන්දුවක් ලැබී තිඛෙන්නට ඉඩ ඇත. අල්ලාහ් අපරාධකරුවන්ව හොඳින් දැනුවත්වම සිටින්නේය” යයිද පවසනු.

අහෝ! දූතය, තවදුරටත් ඔවුනට මෙසේ පවසනු. ඔබ ඉක්මන් කරන මෙන් පතන දඬුවම මා ළඟ, මාගේ අතෙහි වී නම් එය මා ඔබ වෙත පහළ කරමි. එවිට මා හා ඔබ අතර වන විෂය තීන්දු කරනු ලබනු ඇත. සැබැවින්ම අපරාධකරුවන්ට කොපමණ අවකාශයක් ලබා දිය යුතුද ඔවුනට දඬුවම් කළ යුත්තේ කවදාද යන්න වග අල්ලාහ් මැනවින් දන්නාය.

Al-An'aam 6:58Listen in Qur'an →
59

۞ وَعِندَهُۥ مَفَاتِحُ ٱلْغَيْبِ لَا يَعْلَمُهَآ إِلَّا هُوَ ۚ وَيَعْلَمُ مَا فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ ۚ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍۢ فِى ظُلُمَٰتِ ٱلْأَرْضِ وَلَا رَطْبٍۢ وَلَا يَابِسٍ إِلَّا فِى كِتَٰبٍۢ مُّبِينٍۢ

ගුප්ත දැයෙහි යතුරු ඔහු වෙතම ඇත්තේය. ඒවා (ඒවායෙහි ඇති දැය) ඔහු මිස, වෙන කිසිවෙකුත් දන්නේ නැත. ගොඩ බිමෙහිද, මුහුදෙහිද ඇති දැයද ඔහු හොඳින් දන්නේය. ඔහු නොදැනුවත්ව කිසිම කොළයක් හෝ බිම හැළෙන්නේ නැත. භූමියේ (ගැඹුරෙහි) ඝන අන්ධකාරයෙහි (වැළලී) ඇති (අබ ඇටයක් වැනි කුඩා) බීජයක් වුවද, තෙත්වද, වියළී යාමද (ඔහුගේ) පැහැදිලි (සටහන්) පුස්තකයෙහි නොමැත්තේ නොවේ.

ගුප්ත දෑ හි භාණ්ඩාගාරය ඇත්තේ අල්ලාහ් අබියසය. ඒ ගැන වෙනත් කිසිවකු නොදනී. මහපොළොවේ ඇති සතුන්, ගහකොළ හා භෞතික වස්තූන් යන සියලු මැවීම් ගැන ඔහු දනී. එමෙන්ම සාගරයේ ඇති සතුන්, පැළෑටී හා භෞතික සම්පත් පිළිබඳවත් ඔහු දනී. ගහකින් වැටෙන කොළයක් කවර ස්ථානයක වැටෙන්නේ දැයි යන වගත් ඔහු මැනවින් දනී. මහපොළොව තුළ සැඟ වී ඇති ධාන්ය බීජයක් හෝ තෙත සහිත හෝ වියළි ධාන්ය බීජයක් හෝ වේවා එය පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත. එය ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයයි.

Al-An'aam 6:59Listen in Qur'an →
60

وَهُوَ ٱلَّذِى يَتَوَفَّىٰكُم بِٱلَّيْلِ وَيَعْلَمُ مَا جَرَحْتُم بِٱلنَّهَارِ ثُمَّ يَبْعَثُكُمْ فِيهِ لِيُقْضَىٰٓ أَجَلٌۭ مُّسَمًّۭى ۖ ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

(මිනිසුනේ!) රාත්‍රියෙහි (ඔබ නිදා සිටින විටදී) ඔහුම (ඔබගේ හැඟීම් පහ කර) ඔබව මිය ගියාක් (මෙන්) බවට පත් කරන්නේය. ඔබ දහවලෙහි කරන දැයද, ඔහු හොඳින් දන්නේය. (ඔබට) නියමිත කාලය පූරණය වීම සඳහා මින් පසුව (හැඟීම් ඇති කර) ඔබව නැගිට්ටවන්නේය. පසුව ඔබ ඔහු වෙතම ආපසු යන්නෙහුය. ඔබ (මෙහිදී) කරමින් සිටි දැය (එහිදී) ඔබට දැනුම් දෙනු ඇත.

නින්දේදී ඔබේ ප්රාණය නියමිත වේලාවක් ග්රහණය කොට තබා ගන්නේ අල්ලාහ්ය. ඔබ අවදිව සිටින අවස්ථාවේ දහවල් කාලයේ ඔබ කුමන දෙයක් උපයන්නේ දැයි මැනවින් දන්නේ ඔහුය. පසු ව නින්දේදී ඔබේ ප්රාණය අත්පත් කර ගත් පසු ව ඔබේ රාජකාරීන් සිදු කරනු පිණිස යළි ඔහු ඔබ ව අවදි කරවයි. මෙසේ අල්ලාහ් අබියස නියම කරන ලද ඔබේ ජීවිත කාලය අවසන් වන තෙක්ම සිදුවන අතර අවසානයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින යළි අවදි කරවා ඔබ ව යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය. පසු ව මෙලොව ජීවිතයේ ඔබ සිදුකරමින් සිටි දෑ පිළිබඳ ඔහු ඔබට දැනුම් දෙනු ඇත. ඒ සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.

Al-An'aam 6:60Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.