Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 121–130 of 165

121

وَلَا تَأْكُلُوا۟ مِمَّا لَمْ يُذْكَرِ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ وَإِنَّهُۥ لَفِسْقٌۭ ۗ وَإِنَّ ٱلشَّيَٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوْلِيَآئِهِمْ لِيُجَٰدِلُوكُمْ ۖ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ

(විශ්වාසවන්තයිනි! ඛෙල්ල කපන අවස්ථාවේදී) අල්ලාහ්ගේ නාමය කියනු නොලැබූ දැය ඔබ ආහාරයට නොගනු. නියත වශයෙන්ම එය විශාල පාපයකි. (මෙහි) ඔබ සමග තර්ක කරන මෙන් නියත වශයෙන්ම ෂෙයිතාන්වරු තමන්ගේ මිතුරන්ව පොළඹවන්නාහ. ඔබ ඔවුන්ට අවනත වුවහොත් නියත වශයෙන්ම ඔබත් (ඔවුන් මෙන්) සමානයන් තබා නමදින්නෙකි!

අහෝ මුස්ලිම්වරුනි! අල්ලාහ්ගේ නාමය සඳහන් නොකළා වූ දැයින් අනුභව නොකරනු. එය වෙනත් අයගේ නම සඳහන් කරනු ලැබූවද එසේ සඳහන් කරනු නොලැබූවද එක සමානය. සැබැවින්ම එයින් අනුභව කිරීම අල්ලාහ්ට අවනත වීමෙන් ඉවත් කොට පාපය වෙත බැහැර කරනු ඇත. මියගිය සතුන් සම්බන්ධයෙන් ඔබ සමග වාද කරනු වස් ෂෙයිතාන් ඔවුන්ගේ හිතමිතුරන් වෙත සැක පහළ කරමින් කුකුස් ඇති කරයි. අහෝ මුස්ලිම්වරුන් මිය ගිය සතුන් අනුමත කිරීම සඳහා ඔබ වෙත ඔහු හෙළන සැකය ඇති දෑ හි ඔබ ඔවුනට අවනත වූයෙහු නම් දේව ආදේශයෙහි ඔබ හා ඔවුන් සමාන වන්නේය.

Al-An'aam 6:121Listen in Qur'an →
122

أَوَمَن كَانَ مَيْتًۭا فَأَحْيَيْنَٰهُ وَجَعَلْنَا لَهُۥ نُورًۭا يَمْشِى بِهِۦ فِى ٱلنَّاسِ كَمَن مَّثَلُهُۥ فِى ٱلظُّلُمَٰتِ لَيْسَ بِخَارِجٍۢ مِّنْهَا ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْكَٰفِرِينَ مَا كَانُوا۟ يَعْمَلُونَ

(පහත වැටී) මරණයට පත් වූවන් වශයෙන් සිටින්නන්ගෙන් කවුරුන්ව අපි පණ දී මිනිසුන් අතරේ සැරිසැරීමට හැකි දීප්තිමත් ආලෝකය ලබා දී ඇත්තෙමුද, ඔහු අන්ධකාරයෙහි පැටළී ඒවායෙන් එළියට ඒමට නොහැකිව සිටින්නෙකුට සම වන්නේද? මෙසේම ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ (නපුරු) ක්‍රියාවන් අලංකාරවත් කරනු ලැබීය.

අල්ලාහ්ගේ මග පෙන්වීමට ලැබීමට පෙර තමන් තුළ පැවති දේව ප්රතික්ෂේපය අඥානකම හා පාපකම් සමග වී මියගිය අයකු ලෙස සිටි පුද්ගලයා -ඔහුට දේව විශ්වාසය, දැනුම හා අවනත වීම සඳහා මග පෙන්වීම තුළින් අපි ඔහුව ප්රාණවත් කළෙමු.- දේව ප්රතික්ෂේපය, අඥානකම හා පාපකම් යනාදී අන්ධකාරයෙන් ඉවත් වීමට නොහැකි, ඔහු වෙත නියම මාර්ගය පැටල වී ඇති, යා යුතු ගමන් මග අඳුරු වී ඇති පුද්ගලයකුට සමාන වන්නේද? දේවත්වය ආදේශ කිරීම, මිය ගිය සතුන් ආහාරයට ගැනීම හා ව්යාජ දෑ තර්ක කිරීම වැනි පාපකම් දේවත්වය ආදේශ කරන මොවුනට ආලංකාරවත් කර පෙන්වනු ලැබුවාක් මෙන්ම, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවමෙන් විපාක දෙනු පිණිස ඔවුන් සිදුකරමින් සිටි පාපකම් ඔවුනට අලංකාරවත් කර පෙන්වන ලදී.

Al-An'aam 6:122Listen in Qur'an →
123

وَكَذَٰلِكَ جَعَلْنَا فِى كُلِّ قَرْيَةٍ أَكَٰبِرَ مُجْرِمِيهَا لِيَمْكُرُوا۟ فِيهَا ۖ وَمَا يَمْكُرُونَ إِلَّا بِأَنفُسِهِمْ وَمَا يَشْعُرُونَ

තවද සෑම රටකම තැනින් තැන සිටින (විශාල) පාපතරයන්ව අපි ප්‍රධානීන් බවට පත් කර ඇත්තෙමු. එහි ඔවුන් අපරාධ (කිරීමට කුමන්ත්‍රණ) කරමින් සිටිනු ඇත. එහෙත් ඔවුන් තමන්ටම මිස, (වෙන කිසිවෙකුටත්) කුමන්ත්‍රණ කර හැරීමට නොහැකිය. (මෙය) ඔවුන් වටහා නොගන්නාහ.

මක්කාවේ විසූ, දෙවියන්ට ආදේශ කළවුන් කළ මහා පාපකම් වලින් එක් උදාහරණයක් වන්නේ අල්ලාහ්ගේ මාර්ගයෙන් මිනිසුන් වැළැක්වීමයි. ෂෙයිතාන්ගේ මාර්ගය වෙත ඇරුයුම් කිරීමේ ඔවුන්ගේ කුමන්ත්රණ හා කූට උපායන් ඔවුන් දියත් කිරීමටත්, දූතවරුන් හා ඔවුන් අනුගමනය කළවුන්ට විරුද්ධ වීමටත්, අපි සෑම ගමකම නායකයින්, ප්රභූවරුන් ඇති කළෙමු. අවසානයට සිදු වූයේ ඔවුන්ගේ කුමන්ත්රණය හා කූට උපක්රම ඔවුනට එරෙහිවම පිහිටීමය. ඔවුන්ගේ අඥානකම හා තම ආශාවන්ට වහල්වී සිටි බැවින් ඒ ගැන ඔවුන් වටහා ගත්තේ නැත.

Al-An'aam 6:123Listen in Qur'an →
124

وَإِذَا جَآءَتْهُمْ ءَايَةٌۭ قَالُوا۟ لَن نُّؤْمِنَ حَتَّىٰ نُؤْتَىٰ مِثْلَ مَآ أُوتِىَ رُسُلُ ٱللَّهِ ۘ ٱللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُۥ ۗ سَيُصِيبُ ٱلَّذِينَ أَجْرَمُوا۟ صَغَارٌ عِندَ ٱللَّهِ وَعَذَابٌۭ شَدِيدٌۢ بِمَا كَانُوا۟ يَمْكُرُونَ

ඔවුන් වෙත යම්කිසි සාධකයක් පැමිණියහොත් “අල්ලාහ්ගේ දූතයින්ට දෙනු ලැබූ (නබිත්වය) මෙන් දැයක් අපට ලබා දෙනු ලබන තුරු අපි (එය) විශ්වාස කරන්නේම නැත” යයි පවසන්නාහ. ඔහුගේ දූත මෙහෙවර කොහේ (කවුරුන් හට) ලබා දෙන්නේද යන්න අල්ලාහ්ම හොඳින් දන්නේය. වැරදි කරන මොවුන්ව -මොවුන් කරන කුමන්ත්‍රණයේ හේතුවෙන් අල්ලාහ් වෙතින් අවමානයද, දරුණු දඬුවමද ඉතාමත් සීඝ්‍රයෙන් පැමිණ සේන්දු වනු ඇත.

දෙවියන්ට ප්රතික්ෂේප කරන්නන් අතර සිටි ප්රභූවරුන් වෙත තම නබිවරයාණන් වෙත අල්ලාහ් පහළ කළ පාඨ වලින් එක් පාඨයක් පැමිණි විට ඔවුහු නබිවරුන්හට දෙනු ලැබූ නබිත්වය දූත මෙහෙය වැනි දෑ මෙන් යමක් අල්ලාහ් අප වෙත පිරිනමන තෙක් අපි විශ්වාස නොකරන්නෙමු. යැයි පැවසූහ. දූත පණිවිඩය සම්බන්ධයෙන් නිවැරදි ලෙස කටයුතු කළ අය හා එහි බර උසුලන්නන් කවුරුන්දැ?යි ඔහු මැනවින් දන්නාය. ඒ අනුව නබිත්වය හා දූතත්වය ඔහුට නියම කරනු ඇත. මෙම අපරාධකරුවන් සත්යයෙන් පෙරළී අහංකාර කම් පෑ හේතුවෙන් අපකීර්තියට හා අවමානයටත් ඔවුන්ගේ කුමන්ත්රණ හේතුවෙන් දැඬි දඩුවමටත් මුහුණ දෙන්නට සිදු වනු ඇත.

Al-An'aam 6:124Listen in Qur'an →
125

فَمَن يُرِدِ ٱللَّهُ أَن يَهْدِيَهُۥ يَشْرَحْ صَدْرَهُۥ لِلْإِسْلَٰمِ ۖ وَمَن يُرِدْ أَن يُضِلَّهُۥ يَجْعَلْ صَدْرَهُۥ ضَيِّقًا حَرَجًۭا كَأَنَّمَا يَصَّعَّدُ فِى ٱلسَّمَآءِ ۚ كَذَٰلِكَ يَجْعَلُ ٱللَّهُ ٱلرِّجْسَ عَلَى ٱلَّذِينَ لَا يُؤْمِنُونَ

අල්ලාහ් කවුරුන් හට ඍජු මාර්ගය පෙන්වීමට අදහස් කරන්නේද, ඔහුගේ හෘදය ඉස්ලාමය දෙසට (යාමට) ඔහු විස්තීරණය කර හරින්නේය. කවුරුන්ව (ඔහුගේ) දුර්මාර්ගයේම අත්හැර දමන්නට අදහස් කරන්නේද, ඔහුගේ හෘදය (බල කිරීමකින්) අහසට නගින්නෙකුගේ (හෘදය) මෙන් ඉතාමත් අමාරුවෙන් හකුළුවා යන බවට පත් කර හරින්නේය. මෙසේ විශ්වාස නොකළ අයට අල්ලාහ් දඬුවම් ලබා දෙන්නේය.

අල්ලාහ් කවරෙකු යහමග වෙත ආශිර්වාද කරන්නට අභිමත කළේද ඉස්ලාමය පිළිගැනීම සඳහා ඔහු ඔහුගේ හදවත පුළුල් කරනු ඇත. ඔහු කවරෙකුව අපහාස කරන්නට අභිමත කළේද යහමග සඳහා ඔහු ආශිර්වාද නොකරයි. සත්ය පිළිගැනීමට නොහැකි අයුරින් ඔහුගේ හදවතට දැඩි පීඩනයක් ඇති කරයි. අහසට නැග යාම දුෂ්කර වනවාක් මෙන් ඔහුගේ හදවත තුළට සත්යය පිවිසීම වළක්වනු ඇත. එය ඔහු විසින් කළ නොහැක. මෙසේ දැඩි පීඩන තත්ත්වයකින් පවතින වාතාවරණයක් අල්ලාහ් ඔවුනට ඇති කළාක් මෙන්ම ඔහු විශ්වාස නොකරන්නන්හට දඬුවමද ඇති කරයි.

Al-An'aam 6:125Listen in Qur'an →
126

وَهَٰذَا صِرَٰطُ رَبِّكَ مُسْتَقِيمًۭا ۗ قَدْ فَصَّلْنَا ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَذَّكَّرُونَ

(නබියේ!) මෙයම ඔබ දෙවියන්ගේ ඍජු මාර්ගය වන්නේය. මතක් කර කියනු ලබන ජනතාවට අපි (අපගේ) ආයාවන් නියත වශයෙන්ම විවරණය කරන්නෙමු.

අහෝ දූතය! ඔබට අපි ආගමානුගත කළ මෙම පිළිවෙත, කිසිදු ඇදයක් නැති, අල්ලාහ්ගේ ඍජු මාර්ගය වෙයි. කවරෙකුට හැඟීම් හා අවබෝධය ඇත්තේද, අල්ලාහ් පිළිබඳ වටහා ගත හැකි අයුරින් අපගේ වදන් සැබැවින්ම අපි ඔහුට පැහැදිලි කළෙමු.

Al-An'aam 6:126Listen in Qur'an →
127

۞ لَهُمْ دَارُ ٱلسَّلَٰمِ عِندَ رَبِّهِمْ ۖ وَهُوَ وَلِيُّهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ

ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙහි ශාන්තිය හා සමාදානයෙන් පිරි නිවෙස් ඇත. ඔවුන් කරමින් සිටි (හොඳ) ක්‍රියාවන්හි හේතුවෙන් ඔහු ඔවුන්ව ආරක්ෂා කරන්නෙකු වශයෙන්ද සිටින්නේය.

සියලුම පිළිකුල් සහගත දැයින් සැනසුම ලබන නිවහනක් ඔවුනට ඇත. එය ස්වර්ගයයි. ඔවුන් සිදුකරමින් සිටි දැහැමි කටයුතු සඳහා ප්රතිඵල පිරිනැමීමක් වශයෙන් අල්ලාහ් ඔවුනට උපකාර කරයි. ඔවුන් ශක්තිමත් කරයි.

Al-An'aam 6:127Listen in Qur'an →
128

وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًۭا يَٰمَعْشَرَ ٱلْجِنِّ قَدِ ٱسْتَكْثَرْتُم مِّنَ ٱلْإِنسِ ۖ وَقَالَ أَوْلِيَآؤُهُم مِّنَ ٱلْإِنسِ رَبَّنَا ٱسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍۢ وَبَلَغْنَآ أَجَلَنَا ٱلَّذِىٓ أَجَّلْتَ لَنَا ۚ قَالَ ٱلنَّارُ مَثْوَىٰكُمْ خَٰلِدِينَ فِيهَآ إِلَّا مَا شَآءَ ٱللَّهُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌۭ

(දෙවියන්) ඔවුන් සියල්ලන්වම ඒකරාශී කරන (විනිශ්චය) දිනදී (ජින්වරුන්ට) “ඕ ජින් වාර්ගිකයිනි! ඔබ මිනිසුන්ගෙන් බොහොමයක් දෙනාව (වැරද යාමට සලස්වා) ඔබ සමග එක්කාසු කර ගත්තා (නොවෙද?”යි විමසනු ඇත. එයට) මිනිසුන්ගෙන් වූ ඔවුන්ගේ මිතුරන් “අපගේ දෙවියනේ! අපගෙන් සමහරෙක් (වෙනස්කම් කළ) සමහරෙකු මගින් ප්‍රයෝජන අත් කරගෙන ඇත්තාහ. අපට ඔබ ඇති කළ කාලය අපි අත්කර ගත්තෙමු. (අපට කුමන නියෝගයක්ද)?”යි විමසන්නාහ. (එයට දෙවියන්) “ඔබට නිරයම වාසස්ථානය වේ. (ඔබගෙන්) අල්ලාහ් (සමාව දීමට) අදහස් කරන්නන් හැර, (අන් සියල්ලන්ම සදහටම) එහි රැඳී සිටිනු ඇත” යයි පවසන්නේය. (නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ඉතාමත් ඥානවන්තයෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

අහෝ දූතය! මිනිසුන් හා ජින් යන දෙවර්ගය එක්රැස් කරනු ලබන දිනය මෙනෙහි කරනු. එවිට අල්ලාහ්, අහෝ ජින් වර්ගයනි! ඔබ මිනිසුන් නොමඟ යැවීමෙහි හා අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීමෙහි අධික ලෙස නිරත වූහැයි අල්ලාහ් පවසයි. තම පරමාධිපතිට පිළිතුරු දෙමින් ඔවුන් අනුගමනය කළ මිනිසුන්: අපගේ පරමාධිපතියාණනි, අපගෙන් සෑම කෙනෙකුම තම සගයාගෙන් භුක්ති විඳ ඇත. ජින්නුන්ද මිනිසුන්ට අවනත වෙමින් භුක්ති විඳ ඇත. එමෙන්ම මිනිසුන්ද තම ආශාවන්ට වහල් වෙමින් භුක්ති විඳ ඇත. ඔබ අපට නියම කළ කාලය අප වෙත ළඟා වී ඇත. එයයි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය යැයි පවසති. එයට අල්ලාහ්, නිරා ගින්න ඔබේ සදාතනික නිවහනයි. නමුත් ඔවුන්ගේ මිනීවල වල් වලින් ඔවුන් අවදි කරවා නිරය වෙත ගමන් කරවීම අතර කාලය හැර යැයි අල්ලාහ් පවසයි. අල්ලාහ් අතිරික්තයක් ලෙස පිරිනැමූ මෙම කාලය තුළ පමණක් නිරා ගින්නෙහි සදා නොසිටිනු ඇත යැයි පවසයි. අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති, ඔහු සැලසුම් කිරීමෙහි හා නියම කිරීමෙහි මහා ප්රඥාවන්තය. ඔහුගේ ගැත්තන් පිළිබඳ ව හා ඔවුන් අතුරින් දඬුවමට සුදුස්සන් කවුරුන්දැයි ද ඔහු මැනවින් දන්නාය.

Al-An'aam 6:128Listen in Qur'an →
129

وَكَذَٰلِكَ نُوَلِّى بَعْضَ ٱلظَّٰلِمِينَ بَعْضًۢا بِمَا كَانُوا۟ يَكْسِبُونَ

මෙසේ මෙම අපරාධකාරයින් කළ (නපුරු) වින්නැහියේ හේතුවෙන් ඔවුන්ගෙන් සෑම කෙනෙකුම (අපරාධකාරයින් වන) අනිත් අය සමග (නිරයෙහි) එකට එක්කාසු කර හරින්නෙමු.

ජින්වරුන් එකිනෙකා හිතමිතුරන් බවට පත් කළාක් මෙන්ම ඔවුන් ඇතැම් මිනිසුන් නොමග යැවීම සඳහා ඔවුන් මත පාලනය කරවන්නට සැලැස්සුවෙමු. සෑම අපරාධකරුවකුටම තමන් උපයමින් සිටි පාපකම් සඳහා ප්රතිවිපාක වශයෙන් නපුරු පොලඹවන, එයට දිරි දෙන, යහපතින් දුරස් කොට අයහපතෙහි තනිකර දමන, අපාරධකරුවකු අපි හිතමිතුරෙක බවට පත් කරන්නෙමු.

Al-An'aam 6:129Listen in Qur'an →
130

يَٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌۭ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ ءَايَٰتِى وَيُنذِرُونَكُمْ لِقَآءَ يَوْمِكُمْ هَٰذَا ۚ قَالُوا۟ شَهِدْنَا عَلَىٰٓ أَنفُسِنَا ۖ وَغَرَّتْهُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا وَشَهِدُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ أَنَّهُمْ كَانُوا۟ كَٰفِرِينَ

(දෙවියන් පරලොවදී මිනිසුන්ටද, ජින්වරුන්ටද) “මිනිසුනි! හා ජින් සමූහයිනි! ඔබගෙන් ඉකුත් වූ (මාගේ) දූතයින් ඔබ වෙත පැමිණ මාගේ ආයාවන් ඔබට සමුදීරණය කර පෙන්වා, ඔබ (මාව) හමු වන මෙම දිනය ගැනද ඔබට බිය ගන්වා අනතුරු ඇඟවූවේ නැද්ද?”යි (විමසනු ඇත). එයට ඔවුන් “(අපගේ දෙවියනේ! ඇත්තය). මෙලොව ජීවිතය අපව රවටා දැමීය” යයි තමන්ට විරුද්ධවම සාක්ෂි දරණ අතර ඇත්තෙන්ම තමන් ප්‍රතික්ෂේප කරමින් සිටි බවද, තමන්ට තමන්ම විරුද්ධව ඔවුන් සාක්ෂි දරණු ඇත.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි ඔවුනට මෙසේ පවසන්නෙමු. අහෝ මිනිස් හා ජින් වර්ගයනි! ඔබේ වර්ගයා අතුරින් එනම් මිනිස් වර්ගයා අතුරින් පහළ කළ කුර්ආනය ඔබ වෙත පාරායනය කරන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන ඒ භයානක දිනයේ හමුව පිළිබඳ ඔබ ව බියවද්දන දේව දූතවරු ඔබ වෙත නොපැමිණියේද? එවිට ඔවුහු එසේය, සැබැවින්ම ඔබේ දූතවරුන් අපට දන්වා සිටි බවට අද දින අප විසින්ම පිළිගනිමු. එමෙන්ම මේ දිනයේ හමුව පිළිබඳත් අපි පිළිගනිමු. නමුත් අපි ඔබේ දූතවරුන් බොරු කර සිටියෙමු. මෙම දිනයේ හමුව පිළිබඳ බොරු කර සිටියෙමු. මෙලොව ජීවිතයේ ඇති නින්දිත අලංකාරය, ලස්සන, ආකාර්ෂණය හා සුව පහසුකම් ඔවුන් රවටා දැමීය. මෙලොව ජීවිතයේ තමන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කරමින් සිටි බව ඔවුන් පිළිගනිති. කාල අවකාශය හමාර වී ඇති බැවින් එම පිළිගැනීමත් විශ්වාසයත් ඔවුනට කිසිවිටෙක පල දෙන්නේ නැත.

Al-An'aam 6:130Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.