Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 165

91

وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ إِذْ قَالُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٍۢ مِّن شَىْءٍۢ ۗ قُلْ مَنْ أَنزَلَ ٱلْكِتَٰبَ ٱلَّذِى جَآءَ بِهِۦ مُوسَىٰ نُورًۭا وَهُدًۭى لِّلنَّاسِ ۖ تَجْعَلُونَهُۥ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًۭا ۖ وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُوٓا۟ أَنتُمْ وَلَآ ءَابَآؤُكُمْ ۖ قُلِ ٱللَّهُ ۖ ثُمَّ ذَرْهُمْ فِى خَوْضِهِمْ يَلْعَبُونَ

අල්ලාහ්ගේ සුදුසුකම දැන ගත හැකි අන්දමට ඔවුන් දැන ගත්තේ නැත. මන්දයත් ‘මිනිසුන්ගෙන් කිසිවෙකුටත් (ධර්මයෙහි) කිසිවක් අල්ලාහ් පහළ කළේ නැත’ යයි ඔවුන් පවසන්නාහ. (එබැවින් නබියේ! ඔවුන්ට) මෙසේ කියනු: “මිනිසුන්ට දීප්තිමත් ආලෝකයද, ඍජු මාර්ගයද ලබා දිය හැකි දැයක් වන මූසා ගෙන ආ (තව්රාත් නමැති) ධර්මය පහළ කළේ කවරෙක්ද? ඔබ එම ධර්මය වෙන් වෙන් වශයෙන් වූ පිටු වලට වෙන් කර, (ඒවායෙන් සමහරක්) එළිදරව් කරන්නෙහුය. (ඔබගේ ප්‍රතිපත්ති වලට වෙනස් වූ) වැඩි හරියක් දැය ඔබ සඟවා දමන්නෙහුය. (එමගින්ම) ඔබද, ඔබගේ මුතුන් මිත්තන්ද, නොදැනුවත්ව තිබූ දැය ඔබට දැනුම් දෙන ලදී. (මෙවැනි ධර්මයක් ඔබට පහළ කළේ කවරෙක්ද?” මෙයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? ඔබම ඔවුන්ට) “අල්ලාහ්ම (පහළ කළේය)” යයි පවසා, ඔවුන් (තමන්ගේ) පුහු තර්කයෙහිම සෙල්ලම් කරමින් සිටින ලෙසටද අත්හැර දමනු මැනව!

දෙවියන්ට ආදේශ තබන්නන් අල්ලාහ්ට ගරු කළ යුතු අයුරින් ගරු නොකළහ. තම නබිවරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට 'අල්ලාහ් කිසිදු මිනිසෙකු වෙත කිසිදු දේව පණිවිඩයක් එවා නැතැයි ඔවුහු පවසා සිටියහ. අහෝ දූතය! මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත තම සමූහයාට මගපෙන්වීමක් මාර්ගෝපදේශයක් හා ආලෝකයක් වශයෙන් තව්රාතය පහළ කළේ කව්දැ?යි ඔවුන්ගෙන් විමසනු. යුදෙව්වෝ එය පොත් වලට සීමා කර ඒවායින් තම ආශාවන්ට ගැලපෙන දෑ පමණක් හෙළි කොට මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ගුණාංග පිළිබඳ සඳහන් විස්තර වැනි තමන්ට නොගැළපෙන දෑ වසන් කළෝය. අහෝ අරාබිවරුනි! ඔබට හා ඔබට පෙර වූ ඔබේ මුතුන් මිත්තන්හට නොඉගැන්වූ දෑ අල් කුර්ආනය තුළින් ඔබට උගන්වනු ලැබේ. අහෝ දූතය! ඔවුනට පවසනු අල්ලාහ් එය පහළ කළේය. පසුව ස්ථාවර පණිවිඩය ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුන්ගේ මුළාවෙහි හා අඥානකමෙහි වෙළෙන්නට ඔහු ඔවුන් අතහැර දැමීය.

Al-An'aam 6:91Listen in Qur'an →
92

وَهَٰذَا كِتَٰبٌ أَنزَلْنَٰهُ مُبَارَكٌۭ مُّصَدِّقُ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا ۚ وَٱلَّذِينَ يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ يُؤْمِنُونَ بِهِۦ ۖ وَهُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ

(නබියේ!) මෙය එක්තරා ධර්මයකි. මෙය අපිම (ඔබ කෙරෙහි) පහළ කළෙමු. (මෙය) ඉතාමත් භාග්‍යයෙන් පිරි එකක් වශයෙන්ද, තමන්ට පෙර ඇති දැය සත්‍යය කර තබන්නක් වශයෙන්ද ඇත්තේය. එබැවින් ඔබ (මෙමගින් මව්රැටියන් වන) මක්කාවාසීන්ටද, ඒ වටා ඇති අයටද, බිය ගන්වා අනතුරු අඟවනු මැනව! කවුරුන් පරලොව විශ්වාස කරන්නෝද, ඔවුන් මෙ(ම ධර්ම)යද, (අනිවාර්යයෙන්ම) විශ්වාස කරන්නාහ. හැරත් ඔවුන් තමන්ගේ සලාතය නොකඩවා කිරීමෙහි ස්ථීරව සිටිනු ඇත.

අහෝ නබිවරය! මෙම කුර්ආනය, ඔබ වෙත අපි පහළ කළ ග්රන්ථයයි. එය භාග්ය ලත් මෙන්ම පෙර පහළ වූ දේව ග්රන්ථ තහවුරු කරන්නකි. එය එසේ ඔබ වෙත පහළ කළේ ඔබ මක්කාවාසීන් හා මහපොළොවෙහි නැගෙනහිර හා බටහිර වෙසෙන සියලු ජනයා මග ලබන තෙක් අවවාද කරනු පිණිසය. එමෙන්ම මතුලොව ජීවිතය විශ්වාස කරන්නන් මෙම කුර්ආනයත් විශ්වාස කර එහි ඇති දෑ පිළිබඳ මැනවින් වටහා ගෙන සලාතය ආගමානු කළ නියමිත වේලාවෙහි එහි මූලිකාංග, අනිවාර්ය කටයුතු හා සතුටු දායක කටයුතු පිළිපදිමින් එය ප්රවේශමෙන් ඉටු කරති.

Al-An'aam 6:92Listen in Qur'an →
93

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ قَالَ أُوحِىَ إِلَىَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَىْءٌۭ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَآ أَنزَلَ ٱللَّهُ ۗ وَلَوْ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ فِى غَمَرَٰتِ ٱلْمَوْتِ وَٱلْمَلَٰٓئِكَةُ بَاسِطُوٓا۟ أَيْدِيهِمْ أَخْرِجُوٓا۟ أَنفُسَكُمُ ۖ ٱلْيَوْمَ تُجْزَوْنَ عَذَابَ ٱلْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى ٱللَّهِ غَيْرَ ٱلْحَقِّ وَكُنتُمْ عَنْ ءَايَٰتِهِۦ تَسْتَكْبِرُونَ

(නබියේ!) මනක්කල්පිතව අල්ලාහ් මත බොරු ගොතා කියන්නන්ට වඩා, නැතහොත් වහී මගින් ඔහුට කිසිවක් දැනුම් නොදී තිබියදී “මටත් වහී පහළ විය” යයි පවසන්නාට වඩා, නැතහොත් “අල්ලාහ් පහළ කළ මෙ(ම ධර්ම)ය වැන්නක් මමත් පහළ කරන්නෙමි” යයි පවසන්නාට වඩා අපරාධකාරයා කවරෙක්ද? මෙම අපරාධකාරයින් මරණ මංචකයෙහි සිටින අවස්ථාවේදී ඔබ ඔවුන්ව දකින්නෙහි නම්, මලායිකාවරුන් තමන්ගේ අත් දිගු කර, (ඔවුන්ට) “ඔබගේ පණ ලබා දෙනු. අද දින අවමන් ගෙන දෙන දඬුවමම ඔබට ඵලවිපාක වශයෙන් දෙනු ලබනු ඇත. ඔබ සත්‍යය නොවන දැය අල්ලාහ් කෙරෙහි (බොරු) කියා ඔහුගේ ආයාවන්ද උ~ගුකම මගින් ඔබ ප්‍රතික්ෂේප කිරීමම මෙයට හේතු වේ” (යයි පවසනු ඔබ දකින්නෙහිය).

අල්ලාහ් කිසිදු මිනිසෙකුට කිසිවක් පහළ කළේ නැතැ යැයි පවසමින් හෝ සැබැවින්ම අල්ලාහ් ඔහු වෙත දේව පණිවිඩ පහළ කර ඇතැයි යන වග බොරුකොට අල්ලාහ් මත දිවුරමින් ඔහු වෙත කිසිදු දේව පණිවිඩයක් පහළ කර නැත යැයි පවසමින් හෝ අල් කුර්ආනය මෙන් යමක් අල්ලාහ් මතු පහළ කරනු ඇතැයි පවසමින් අල්ලාහ් මත බොරු ගොතන මහා අපරාධකාරයාට වඩා වෙනත් අපරාධකරුවකු නැත. මෙම අපරාධකරුවන්හට අන්තිම මොහොත පැමිණෙන අවස්ථාවේ මලක්වරුන් දඬුවම් කිරීමට හා පහර දෙන්නට තම දෑත් ඔවුන් වෙත දිගුකරමින්, ඔවුන් නින්දාවට පත් කරමින්, “ඔබේ ප්රාණය ඔබම එළියට බැහැර කරනු. එවිට අපි එය ග්රහණය කරන්නෙමු.” යැයි පවසති. නබිත්වය, දේව පණිවිඩය හා අල්ලාහ් පහළ කළ දෑට සමාන දෙයක් පහළ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ඔබ වාද කොට බොරු පවසමින් සිටි හේතුවෙන්ද, එමෙන්ම ඔහුගේ වදන් විශ්වාස කිරීමට උඩඟු වූ හේතුවෙන්ද එදින ඔබට නින්දා අපහාස ගෙන දෙන දඬුවමක් ප්රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෙහුය. එය ඔබ දකින විට එය භයානක දසුනක් ලෙස දකිනු ඇත.

Al-An'aam 6:93Listen in Qur'an →
94

وَلَقَدْ جِئْتُمُونَا فُرَٰدَىٰ كَمَا خَلَقْنَٰكُمْ أَوَّلَ مَرَّةٍۢ وَتَرَكْتُم مَّا خَوَّلْنَٰكُمْ وَرَآءَ ظُهُورِكُمْ ۖ وَمَا نَرَىٰ مَعَكُمْ شُفَعَآءَكُمُ ٱلَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَٰٓؤُا۟ ۚ لَقَد تَّقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنكُم مَّا كُنتُمْ تَزْعُمُونَ

හැරත් (දෙවියන් පරලොවදී ඔවුන්ට) “පළමු වාරයේදී අපි ඔබව උත්පාදනය කළ අන්දමටම (ඔබ සමග කිසිවක් නොමැතිව) ඔබ නියත වශයෙන්ම තනියෙන්ම අප වෙත පැමිණ සේන්දු වී ඇත්තෙහුය. අපි ඔබට ලබා දී තිබුණු දැයද, ඔබගේ පිට කොන්ද පැත්තෙන් අත්හැර දැමුවා නොවෙද! (ඔබව උත්පාදනය කිරීමෙහිද, පෝෂණය කිරීමෙහිද, දෙවියන්ට) සහායකයන් වශයෙන් ඔබ කවුරුන්ව සිතාගෙන සිටින්නෙහුද, ඔවුන් ඔබට මැදිහත් වී කතා කිරීමට ඔබ සමග දකින්නට නැත නොවෙද! (ඔවුන්ටද), ඔබටද අතරේ තිබුණු සම්බන්ධතාවයන් සියල්ල පහ වී ඔබගේ විශ්වාසයන් සියල්ල වැරද ගියේය” (යයි පවසනු ඇත).

යළි අවදි කරනු ලබන දිනයේ 'අද දින ඔබ අප වෙත පැමිණ ඇත්තේ තනිවමය. ඔබ සමග ධනය හෝ නායකත්වය හෝ නැත. අපි ඔබ ආරම්භක අවදියේ පාවහන් නොමැතිව, කිසිවක් නොමැති ව නිරුවත් ලෙස මැව්වාක් මෙන් ඔබ දැන් සිටින්නෙහිය. අපි ඔබට ලබා දුන් දෑ මෙලොව ඔබෙන් පසු සිටින්නන්හට ඔබ අතහැර දමා පැමිණ ඇත. සැබැවින්ම ඔවුන් ඔබේ තැරැව්කරුවන් යැයි සිතා සිටි ඔබේ දෙවිවරුන් අද ඔබ සමග නොමැත. එමෙන්ම සැබැවින්ම ඔවුන් නැමදුම් කිරීමට සුදුසුකම් ලත් අල්ලාහ්ගේ හවුල්කරුවන් යැයි ඔබ සිතා සිටි අය ද ඔබ සමග නැත. එය අපි දකින්නෙමු. ඔබ අතර ඇති එම සම්බන්ධකම විසන්ධි වී ඇත. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ හවුල්කරුවන් යැයි ද, ඔවුන් ඔබ වෙනුවෙන් මැදිහත්වනු ඇතැයි ද, ඔබ සිතා සිටි අය ඔබෙන් ඉවතට ගොස් ඇත.

Al-An'aam 6:94Listen in Qur'an →
95

۞ إِنَّ ٱللَّهَ فَالِقُ ٱلْحَبِّ وَٱلنَّوَىٰ ۖ يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَمُخْرِجُ ٱلْمَيِّتِ مِنَ ٱلْحَىِّ ۚ ذَٰلِكُمُ ٱللَّهُ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ

බීජද, ඇටද, නියත වශයෙන්ම අල්ලාහ්ම පැලී (පැළවෙන්නට) සලස්වන්නේය. මරණයට පත් වූ දැයෙන් පණ ඇති දැය ඔහු ඉකුත් කරන්නේය. පණ ඇති දැයෙන් මළ දැයද ඔහුම ඉකුත් කරන්නේය. (මේ අන්දමට කරන) ඔහුම, ඔබගේ අල්ලාහ්ය. එබැවින් ඔබ (ඔහු අත්හැර දමා) කොහේ නම් දුවන්නෙහුද?

සැබැවින්ම අල්ලාහ් ඒකීයය. ඔහු බීජ පැළෙන්නට සලස්වා එමගින් පැළෑටි හට ගන්වන්නේය. ඇට පැළෙන්නට සලස්වා ඉඳි, මිදි හා වෙනත් ගස් මෙන් ගස් හට ගන්වන්නේය. මිනිසුන් හා සෙසු සත්වයින් අප්රාණික ධාතුවෙන් මතු කරන්නාක් මෙන් ඔහු අප්රාණික දැයින් ප්රාණික දෑ මතු කරන්නේය. මිනිසාගෙන් ශුක්රාණු මතු කරන්නාක් මෙන් හා කිකිළිගෙන් බිත්තර මතු කරන්නාක් මෙන් ඔහු ප්රාණික දැයින් අප්රාණික දෑ මතු කරන්නේය. මෙසේ සියල්ල සිදු කරනුයේ ඔබ ව මැවූ අල්ලාහ්ය. එසේනම් අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! ඔහුගේ නිර්මාණයෙහි විශ්මය ඔබ දකිමින් සිටිය දී සත්යයෙන් ඔබ වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේද?

Al-An'aam 6:95Listen in Qur'an →
96

فَالِقُ ٱلْإِصْبَاحِ وَجَعَلَ ٱلَّيْلَ سَكَنًۭا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ حُسْبَانًۭا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ

ඔහුම (සූර්යයා) පායන්නට සලස්වන්නෙකි. ඔහුම (ඔබව නිදන්නට සලස්වා ඔබ) සුවය ලබා ගැනීම සඳහා රාත්‍රිය ඇති කරන්නේය. (ඔබ කාලයේ) ගණනය දැන ගැනීම සඳහා සූර්යයාවද, චන්ද්‍රයාවද, (ඇති කළේය). මේවා සියල්ලට බලසම්පන්නයෙකු වන අතර ඉතාමත් දැනුවත් කෙනෙකුද (වන අල්ලාහ්ගේ) සිතුවිල්ලකි.

රාත්රී අන්ධකාරයෙන් උදෑසන ආලෝකය උදා කරන්නේ අල්ලාහ්ය. කාර්යක්ෂම ලෙස ජීවනෝපාය සෙවීමෙන් ජනයා විවේක ලබනු පිණිස රාත්රිය විවේක කාලයක් බවට පත් කළේ ද ඔහුය. නියමිත ගණනයකට අනුව හිරු හා සඳු එකිනෙක ලුහු බැඳ ගමන් කිරීමට සැලස්සුවේද ඔහුය. මෙසේ මෙනෙහි කරන ලද ඒවා ක්රියාත්මක කිරීමට ආරම්භ වූයේ අල්ලාහ්ගේ සැලසුම අනුවය. ඔහු අබිබවා යන්නට කිසිවකු නැත. ඔහුගේ මැවීම් හා ඒවාට සුදුසු කුමක්දැයි ඔහු මැනවින් දන්නාය.

Al-An'aam 6:96Listen in Qur'an →
97

وَهُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلنُّجُومَ لِتَهْتَدُوا۟ بِهَا فِى ظُلُمَٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ ۗ قَدْ فَصَّلْنَا ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ

ඔබ වෙනුවෙන් තාරකාවන් උත්පාදනය කළේද ඔහුමය. ගොඩ බිමෙහිද, මුහුදෙහිද, ඇති අන්ධකාරයන්හි ඒවා මගින් ඔබ මාර්ගය දැන යන්නෙහුය. (සත්‍යය) දැන ගත හැකි ජනතාවට (අපගේ) ආයාවන් නියත වශයෙන්ම (මෙසේ) විවරණය කරන්නෙමු.

අහෝ! ආදම්ගේ පුතණුවනි, මහමුහුදේ හෝ මහපොළොවේ ඔබ ගමන් කරන මාර්ග පිළිබඳ සැකයක් ඔබට ඇති වූ විටෙක ඒවා මගින් යහමග ලබනු පිණිස ඔබ වෙනුවෙන් අහසේ තරු බිහි කළේ උත්තරීතර පාරිශුද්ධ අල්ලාහ්ය. අපගේ ශක්තිය පෙන්වා දෙන සාක්ෂි හා සාධක ඔහු අපට පැහැදිලි කළේය. එය ඔවුන් එම සාක්ෂි හා සාධක පිළිබඳ පරිශීලනය කර එමගින් ප්රයෝජන ලබනු පිණිසය.

Al-An'aam 6:97Listen in Qur'an →
98

وَهُوَ ٱلَّذِىٓ أَنشَأَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ فَمُسْتَقَرٌّۭ وَمُسْتَوْدَعٌۭ ۗ قَدْ فَصَّلْنَا ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَفْقَهُونَ

(මිනිසුනේ!) ඔබ සියල්ලන්වම එකම ආත්මයකින් උත්පාදනය කර, පසුව (ඔබගේ පියා වෙත) රැඳී සිටීමට සලස්වා (ඔබගේ මවගේ ගර්භයෙහි) බාර දෙන්නේද ඔහුය! සිතා වටහා ගත හැකි ජනතාවට (අපගේ) ආයාවන් නියත වශයෙන්ම විවරණය කළෙමු.

එකම ආත්මයකින් ඔබ ව මැවූ උත්තරීතර දෙවිඳුන් ඔහුය. එය ඔබේ ආදි පියා වූ ආදම්ගේ ආත්මයෙනි. ඔබේ ආදි පියා පසින් මවමින් ඔබේ මැවීම ඔහු ආරම්භ කළේය. පසු ව ඔහුගෙන් ඔබ ව මැව්වේය. ඔබේ මව්වරුන්ගේ කුස තුළ රැඳී සිටියාක් මෙන් එහි ටික කලක් ඔබ රැඳී සිටින ස්ථාන ඔහු ඔබ වෙනුවෙන් මැව්වේය. එසේම ඔබේ පියවරුන්ගේ කොදු නාරටිය මෙන් සමුගෙන යන ස්ථාන ද ඔහු ඔබ වෙනුවෙන් මැව්වේය. අල්ලාහ්ගේ ප්රකාශය වටහා ගන්නා ජනයාට අප එම සාධක පැහැදිලි කළෙමු.

Al-An'aam 6:98Listen in Qur'an →
99

وَهُوَ ٱلَّذِىٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجْنَا بِهِۦ نَبَاتَ كُلِّ شَىْءٍۢ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًۭا نُّخْرِجُ مِنْهُ حَبًّۭا مُّتَرَاكِبًۭا وَمِنَ ٱلنَّخْلِ مِن طَلْعِهَا قِنْوَانٌۭ دَانِيَةٌۭ وَجَنَّٰتٍۢ مِّنْ أَعْنَابٍۢ وَٱلزَّيْتُونَ وَٱلرُّمَّانَ مُشْتَبِهًۭا وَغَيْرَ مُتَشَٰبِهٍ ۗ ٱنظُرُوٓا۟ إِلَىٰ ثَمَرِهِۦٓ إِذَآ أَثْمَرَ وَيَنْعِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكُمْ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ

ඔහුම වලාකුළෙන් වැස්ස පහළ කර තබන්නේය. එමගින්ම සියලූම වර්ගයේ පැළෑටි අපි පැළවීමට සලස්වා, එයින් සාරවත් තලයන්ද අපි ඉකුත් කළෙමු. එයින් ඝනට වැඩුණු ධාන්‍යයෙන් (පිරි කරල්ද) අපි ඉකුත් කරන්නෙමු. ඉඳි ගසේ අතුවලින් නැමී එල්ලෙන පලතුරු වලූද ඇත්තේය. (ඒවාද අපිම ඉකුත් කරන්නෙමු). මිදි වතුද (බැලු බැල්මට) එකම ආකාරයටද, (රසයෙන්) විවිධවද ඇති දෙළුම්, සෙයිතූන් (ඔලිව්), ආදියද (අපිම ඉකුත් කළෙමු). ඒවායේ පලතුරු බලනු මැනව! ඒවා (මල් පිපී) ගෙඩි හට ගැනීමද, පසුව ඉදී, ඉදුණු පලතුරු බවට පෙරළෙන අන්දමද (අවධානයෙන් යුතුව බලනු මැනව!) විශ්වාසය තබන ජනතාවට නියත වශයෙන්ම මෙහි සාධකයන් බොහොමයක් ඇත.

අහසින් ජලය පහළ කළේ උත්තරීතර ඔහුය. එය වර්ෂා ජලයයි. එමගින් සෑම වර්ගයකම පැළෑටී අපි හට ගැන්වූයෙමු. එම පැළෑටි වලින් හරිත වගාවන් බිහි කළෙමු. කරල් තුළ ඇත්තාක් මෙන් එකිනෙකට බැඳුණු ධාන්ය ඇට ද සිටගෙන සිටින්නාට හා වාඩි වී සිටින්නාට නෙළන්නට පහසු අයුරින් සමීපයෙන් පිහිටන රට ඉඳි හනසින් ඉඳි පොකුරුද අපි හට ගැන්වූයෙමු. මිදි වතු බිහි කළෙමු. අත්තික්කා හා දෙළුම් එකිනෙකට පෙනුමෙන් සමාන මෙන්ම අසමාන පල වගාවන්ද බිහි කළෙමු. අහෝ ජනයිනි, මෙම පලතුරු හට ගන්නා ආරම්භක අවදියත් එය පැහී ඉදෙන අවස්ථාවත් හොදින් නිරීක්ෂණය කර බලනු. අල්ලාහ් විශ්වාස කරන ජනයාට අල්ලාහ්ගේ බල මහිමය පෙන්වා දෙන පැහැදිලි සාධක සැබවින්ම ඒවායෙහි ඇත. එහෙයින් ඔවුන් මෙම සාධක හා සාක්ෂි මගින් ප්රයෝජන ලබනු ඇත.

Al-An'aam 6:99Listen in Qur'an →
100

وَجَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ ٱلْجِنَّ وَخَلَقَهُمْ ۖ وَخَرَقُوا۟ لَهُۥ بَنِينَ وَبَنَٰتٍۭ بِغَيْرِ عِلْمٍۢ ۚ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَصِفُونَ

(මේ සියල්ල මෙසේ තිබියදී) ඔවුන් ජින්වරුන්ගෙන් බොහොමයක් අල්ලාහ්ට සමානයන් බවට පත් කරන්නාහ. එහෙත් එම ජින්වරුන්වද, ඔහුම උත්පාදනය කරන්නේය. මොවුන් (තමන්ගේ) නොදැනුවත්කමින් අල්ලාහ්ට පිරිමි, ගැහැනු, පරම්පරා දරුවන්වද ආරෝපණය කරන්නාහ. එබැවින් මොවුන් (මෙසේ) වර්ණනා කිරීමෙන් ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකු හා ශ්‍රේෂ්ඨයෙකු වශයෙන් සිටින්නේය.

ජින්වරුන් සෙත සලසනු ඇතැයිද හානි පමුණුවනු ඇතැයිද දෙවියන්ට ආදේශ තබන්නන් විශ්වාස කළ අවස්ථාවේ නැමදුම විෂයයෙහි ඔවුහු අල්ලාහ් සමග ඔවුන්වද පත් කර ගත්තෝය. ඔවුන් මැව්වේද අල්ලාහ්මය. ඔහු හැර වෙනත් කිසිවෙක් ඔවුන් මැව්වේ නැත. එහෙයින් නැමදුම් ලබන්නට වඩාත් සුදුස්සා වන්නේ ඔහුය. යුදෙව්වන් උසෙයිර් අල්ලාහ්ගේ පුත්රයාණන් යැයි ද කිතුනුවන් ඊසා ඔහුගේ පුත්රයාණන් යැයි ද දේව ආදේශකයින් මලාඉකාවරු ඔහුගේ දූවරුන් යැයි ද පවසන්නාක් මෙන් ඔවුහුද ඔහුට දරුවන් ඇති බව ගොතා පවසති. එම අසත්යවාදීන් කවර දෙයක් අල්ලාහ් ගැන වර්ණනා කර සිටියේද ඔහු එයින් පිවිතුරුය. පාරිශුද්ධය.

Al-An'aam 6:100Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.