وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ إِذْ قَالُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٍۢ مِّن شَىْءٍۢ ۗ قُلْ مَنْ أَنزَلَ ٱلْكِتَٰبَ ٱلَّذِى جَآءَ بِهِۦ مُوسَىٰ نُورًۭا وَهُدًۭى لِّلنَّاسِ ۖ تَجْعَلُونَهُۥ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًۭا ۖ وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُوٓا۟ أَنتُمْ وَلَآ ءَابَآؤُكُمْ ۖ قُلِ ٱللَّهُ ۖ ثُمَّ ذَرْهُمْ فِى خَوْضِهِمْ يَلْعَبُونَ
අල්ලාහ්ගේ සුදුසුකම දැන ගත හැකි අන්දමට ඔවුන් දැන ගත්තේ නැත. මන්දයත් ‘මිනිසුන්ගෙන් කිසිවෙකුටත් (ධර්මයෙහි) කිසිවක් අල්ලාහ් පහළ කළේ නැත’ යයි ඔවුන් පවසන්නාහ. (එබැවින් නබියේ! ඔවුන්ට) මෙසේ කියනු: “මිනිසුන්ට දීප්තිමත් ආලෝකයද, ඍජු මාර්ගයද ලබා දිය හැකි දැයක් වන මූසා ගෙන ආ (තව්රාත් නමැති) ධර්මය පහළ කළේ කවරෙක්ද? ඔබ එම ධර්මය වෙන් වෙන් වශයෙන් වූ පිටු වලට වෙන් කර, (ඒවායෙන් සමහරක්) එළිදරව් කරන්නෙහුය. (ඔබගේ ප්රතිපත්ති වලට වෙනස් වූ) වැඩි හරියක් දැය ඔබ සඟවා දමන්නෙහුය. (එමගින්ම) ඔබද, ඔබගේ මුතුන් මිත්තන්ද, නොදැනුවත්ව තිබූ දැය ඔබට දැනුම් දෙන ලදී. (මෙවැනි ධර්මයක් ඔබට පහළ කළේ කවරෙක්ද?” මෙයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? ඔබම ඔවුන්ට) “අල්ලාහ්ම (පහළ කළේය)” යයි පවසා, ඔවුන් (තමන්ගේ) පුහු තර්කයෙහිම සෙල්ලම් කරමින් සිටින ලෙසටද අත්හැර දමනු මැනව!
දෙවියන්ට ආදේශ තබන්නන් අල්ලාහ්ට ගරු කළ යුතු අයුරින් ගරු නොකළහ. තම නබිවරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට 'අල්ලාහ් කිසිදු මිනිසෙකු වෙත කිසිදු දේව පණිවිඩයක් එවා නැතැයි ඔවුහු පවසා සිටියහ. අහෝ දූතය! මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත තම සමූහයාට මගපෙන්වීමක් මාර්ගෝපදේශයක් හා ආලෝකයක් වශයෙන් තව්රාතය පහළ කළේ කව්දැ?යි ඔවුන්ගෙන් විමසනු. යුදෙව්වෝ එය පොත් වලට සීමා කර ඒවායින් තම ආශාවන්ට ගැලපෙන දෑ පමණක් හෙළි කොට මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ගුණාංග පිළිබඳ සඳහන් විස්තර වැනි තමන්ට නොගැළපෙන දෑ වසන් කළෝය. අහෝ අරාබිවරුනි! ඔබට හා ඔබට පෙර වූ ඔබේ මුතුන් මිත්තන්හට නොඉගැන්වූ දෑ අල් කුර්ආනය තුළින් ඔබට උගන්වනු ලැබේ. අහෝ දූතය! ඔවුනට පවසනු අල්ලාහ් එය පහළ කළේය. පසුව ස්ථාවර පණිවිඩය ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුන්ගේ මුළාවෙහි හා අඥානකමෙහි වෙළෙන්නට ඔහු ඔවුන් අතහැර දැමීය.