ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَجَعَلَ ٱلظُّلُمَٰتِ وَٱلنُّورَ ۖ ثُمَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ يَعْدِلُونَ
සියලූ ප්රශංසා අල්ලාහ්ටම අයිතිය! ඔහුම අහස්ද, භූමියද උත්පාදනය කළේය. අන්ධකාරයන්ද, දීප්තිමත් ආලෝකයන්ද ඇති කළේද ඔහුය. එහෙත් ප්රතික්ෂේප කරන්නන් (අල්ලාහ් වන) තමන්ගේ දෙවියන්ට (බොරු දෙවිවරුන්ව) සම කරන්නාහ.
නිරපේක්ෂ පරිපූර්ණත්වය පිළිබඳ වර්ණනාව හා ආදරයත් සමඟ උසස් ගුණාංග ගැන ප්රශංසා ව අල්ලාහ් සතුය. ඔහු කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස හා මහපොළොව මැව්වේය. රාත්රිය හා දහවල මාරුවෙන් මාරුව එකින් පසු එකක් ගමන් කරන සේ මැව්වේය. රාත්රිය අන්ධකාරවත් කළේය. රාත්රිය ආලොක්මත් කළේය. මෙසේ තිබියදීත් ප්රතික්ෂේප කළවුන් ඔහු හැර වෙනත් දෑ ඔහුට සම කරති. ඔහුට හවුල්කරුවන් පත් කරති.