Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 81–90 of 165

81

وَكَيْفَ أَخَافُ مَآ أَشْرَكْتُمْ وَلَا تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُم بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ عَلَيْكُمْ سُلْطَٰنًۭا ۚ فَأَىُّ ٱلْفَرِيقَيْنِ أَحَقُّ بِٱلْأَمْنِ ۖ إِن كُنتُمْ تَعْلَمُونَ

“ඔබට කිසිම සාධකයක් ඔහු නොදී තිබියදී ඔබ අල්ලාහ්ට සමානයන් තැබීම ගැන (පොඩියක් හෝ) ඔබ බිය නොවී සිටියදී, ඔබ සමානයන් තබන දැයට මා කෙසේ නම් බිය වන්නේද? බිය නොවී සිටින (අප) දෙපක්ෂයෙන්ම ඉතාමත් සුදුස්සා කවුරුන්දැයි යන්න ඔබ බුද්ධිමතුන් වශයෙන් සිටින්නෙහු නම් (පවසනු)”.

“ඔබට ඒ සඳහා කිසිදු සාක්ෂියක් නොමැති කිසිවක් මවා නොමැති දෑ අල්ලාහ්ට ආදේශ කරන අවස්ථාවේ එසේ අල්ලාහ්ට ආදේශ කිරීම ගැන ඔබට බියක් ඇති නොවන තත්ත්වයේ අල්ලාහ් හැර දමා ඔබ නමදින පිළිම සම්බන්ධයෙන් මාහට කෙසේ නම් බියක් ඇති විය හැකිද? ඒකීය දෙවියන් අදහන පිරිස හා දෙවියන්ට ආදේශ තබන පිරිස් දෙකින් සුරක්ෂිතභාවයෙන් හා සාමකාමිත්වයෙන් වඩාත් උතුම් වනුයේ කවර පිරිසක්ද? ඒ දෙකින් වඩාත් උතුම් කුමක්දැ?යි ඔබ දැන ගත්තෙහු නම්, එය පිළිපදිනු. කිසිදු සැකයකින් තොරව ඒ දෙකින් වඩාත් උතුම් වන්නේ දෙවියන් විශ්වාස කරන, ඒකීය දෙවියන් අදහන පිරිස වේ.” (යැයි පැවසීය)

Al-An'aam 6:81Listen in Qur'an →
82

ٱلَّذِينَ ءَامَنُوا۟ وَلَمْ يَلْبِسُوٓا۟ إِيمَٰنَهُم بِظُلْمٍ أُو۟لَٰٓئِكَ لَهُمُ ٱلْأَمْنُ وَهُم مُّهْتَدُونَ

“කවුරුන් ඇත්තෙන්ම විශ්වාසය තබා, තමන්ගේ විශ්වාසය සමග කිසිම අපරාධයක් කළවම් නොකළෝද, ඔවුන්ට නියත වශයෙන්ම ආරක්ෂාව ඇත. ඔවුන්ම ඍජු මාර්ගයෙහිද සිටින්නාහ” (යයි පැවසුවේය).

අල්ලාහ් ව විශ්වාස කොට ඔහු ආගමික වශයෙන් නීතිගත කළ දෑ පිළිපදින්නන් වනාහි ඔවුහු ඔවුන්ගේ විශ්වාසය දෙවියන්ට ආදේශ කිරීමත් සමග මුසු නොකළෝය. ආරක්ෂාව හා සාමකාමිත්වය ඔවුනට පමණක් අත් විය. ඔවුන් හැර වෙනත් අයට නොවීය. ඔවුන් ආශිර්වාදයට ලක්වූවෝ වෙති. යහ මාර්ගය වෙතට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට ආශිර්වාද කළේය.

Al-An'aam 6:82Listen in Qur'an →
83

وَتِلْكَ حُجَّتُنَآ ءَاتَيْنَٰهَآ إِبْرَٰهِيمَ عَلَىٰ قَوْمِهِۦ ۚ نَرْفَعُ دَرَجَٰتٍۢ مَّن نَّشَآءُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌۭ

(ඉහත සඳහන්) මේවා අපගේ සාධාරණ තර්කයයි. ඉබ්රාහීම් තම ජනතාව (විවාදයෙන්) ජයග්‍රහණය කිරීම සඳහා අපි මේවා ඔහුට (උගන්වා) දුන්නෙමු. අපි අදහස් කරන්නන්ගේ පදවි උසස්කර හරින්නෙමු. (නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ඉතාමත් ඥානයෙන්ද, බුද්ධියෙන්ද පිරි කෙනෙකු වශයෙන් සිටින්නේය.

ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා තම සමූහයාගේ තර්කය අබිබවා ගිය සාක්ෂිය, එනම් (අභයදායීත්වයට වඩාත් සුදුසු වනුයේ...) යන ප්රකාශය අපගේ සාධකයකි. ඔහු ඔහුගේ සමූහයා සමග වාද කිරීමට අපි එය ඔහුට ආශිර්වාද කළෙමු. එය ඔහුට පිරිනැමුවෙමු. අපගේ ගැත්තන් අතුරින් අපි අභිමත කරන්නන් මෙලොව හා මතුලොවෙහි තරාතිරම් වලින් උසස් කරන්නෙමු. අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපතියාණන් ඔහුගේ මැවීම්හි හා සැලසුම් කිරීම් හි මහා ප්රඥාවන්තය. ඔහු තම ගැත්තන් පිළිබඳ සර්ව ඥානීය.

Al-An'aam 6:83Listen in Qur'an →
84

وَوَهَبْنَا لَهُۥٓ إِسْحَٰقَ وَيَعْقُوبَ ۚ كُلًّا هَدَيْنَا ۚ وَنُوحًا هَدَيْنَا مِن قَبْلُ ۖ وَمِن ذُرِّيَّتِهِۦ دَاوُۥدَ وَسُلَيْمَٰنَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَٰرُونَ ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ

අපි (ඉබ්රාහීම් වන) ඔහුට ඉස්හාක්වද, (ඔහුගේ පුත්) යාකූබ්වද, (පරම්පරා දරුවන් වශයෙන්) ලබා දී දයාව පහළ කළෙමු. මොවුන් සියල්ල අපි ඍජු මාර්ගයෙහි ඇතුළු කළෙමු. මීට පෙර නූහ්ද, ඔහුගේ පරම්පරා දරුවන් වශයෙන් දාවූද්, සුලෙයිමාන්, අයියූබ්, යූසුෆ්, මූසා, හාරූන් ආදීන්වද අපි ඍජු මාර්ගයෙහි ඇතුළු කළෙමු. හොඳක් කරන්නන්ට මේ අන්දමටම අපි (හොඳ) ඵලවිපාක දෙන්නෙමු.

තවද අපි ඔහුට ඔහුගේ පුත් ඉස්හාක් හා ඔහුගේ මුනුපුරු යඃකූබ් පිරිනැමුවෙමු. ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම ඍජු මාර්ගය වෙත ආශිර්වාද කළෙමු. ඔවුනට පෙර අපි නූහ්ට ආශිර්වාද කළෙමු. එමෙන්ම ඔහුගේ පරපුරින් පැවත එන දාවූද් ඔහුගේ පුත් සුලෙයිමාන් අය්යූබ් යූසුෆ් මූසා හා ඔහුගේ සහෝදර හාරූන් යන සෑම කෙනෙකුටම සත්ය මාර්ගය වෙත ආශිර්වාද කළෙමු. නබිවරුන් යහපත් ලෙස කටයුතු කළ බැවින් ඔවුනට අපි ප්රතිඵල පිරිනැමුවාක් මෙන් නබිවරුන් නොවන සෙසු දැහැමියන්හටත් ඔවුන්ගේ යහපත් කටයුතු සඳහා අපි ප්රතිඵල පිරිනමමු.

Al-An'aam 6:84Listen in Qur'an →
85

وَزَكَرِيَّا وَيَحْيَىٰ وَعِيسَىٰ وَإِلْيَاسَ ۖ كُلٌّۭ مِّنَ ٱلصَّٰلِحِينَ

සැකරීයියා, යහ්යා, ඊසා, ඉල්යාස් (ආදීන්වද, ඍජු මාර්ගයෙහි ඇතුළු කළෙමු). මොවුන් සියල්ලන්ම දැහැමි ගතිගුණ ඇත්තන් වන්නාහ.

එලෙසම සකරිය්යා, යහ්යා, මර්යම්ගේ පුත් ඊසා සහ ඉල්යාස් යන සෑම කෙනෙකුටම අපි ආශිර්වාද කළෙමු. මෙම නබිවරුන් සියලු දෙනා දැහැමියන් අතරිනි. අල්ලාහ් ඔවුන් දූතවරුන් ලෙස තෝරා ගත්තේය.

Al-An'aam 6:85Listen in Qur'an →
86

وَإِسْمَٰعِيلَ وَٱلْيَسَعَ وَيُونُسَ وَلُوطًۭا ۚ وَكُلًّۭا فَضَّلْنَا عَلَى ٱلْعَٰلَمِينَ

ඉස්මායීල්, අල්යසඋ (එලිසේ), යූනුස්, ලුත් (මොවුන්වද ඍජු මාර්ගයෙහි ඇතුළු කළෙමු). මොවුන් සියල්ලන්වම ලොවෙහි ඇති සියල්ලන් කෙරෙහිද උසස් කර තැබුවෙමු.

එලෙසම ඉස්මාඊල් අල්යසඃ යූනුස් ලූත් යන අයටත් අපි ආශිර්වාද කළෙමු. මෙම නබිවරුන් සියලු දෙනාගේ ප්රධානියා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ය. අපි ඔවුන් සියලු දෙනා ලෝවැසියනට වඩා උසස් කළෙමු.

Al-An'aam 6:86Listen in Qur'an →
87

وَمِنْ ءَابَآئِهِمْ وَذُرِّيَّٰتِهِمْ وَإِخْوَٰنِهِمْ ۖ وَٱجْتَبَيْنَٰهُمْ وَهَدَيْنَٰهُمْ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ

මොවුන්ගේ මුතුන් මිත්තන්ගෙන්ද, මොවුන්ගේ පරම්පරා දරුවන්ගෙන්ද, (බොහොමයක් දෙනාව උසස් කර තැබූ අතර) මොවුන් සියල්ලන්වම තෝරාගෙන, ඍජු මාර්ගයෙහිද ඇතුළු කළෙමු.

අපි කාහට ආශිර්වාද කිරීමට අභිමත කළෙමුද ඔවුන් අතුරින් ඔවුන්ගේ ඇතැම් පියවරුන්, ඇතැම් දරුවන් හා ඇතැම් සහෝදරයන්හටත් ආශිර්වාද කළෙමු. අපි ඔවුන් තෝරා අල්ලාහ්ගේ ඒකීයත්වයේ හා ඔහුට අවනත වීමේ ඍජු මාර්ගය මත ගමන් කිරීමට ආශිර්වාද කළෙමු.

Al-An'aam 6:87Listen in Qur'an →
88

ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهْدِى بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۚ وَلَوْ أَشْرَكُوا۟ لَحَبِطَ عَنْهُم مَّا كَانُوا۟ يَعْمَلُونَ

(මොවුන් සියල්ල ගමන් කළ) මෙයම අල්ලාහ්ගේ ඍජු මාර්ගය වන්නේය. තම වහලූන්ගෙන් ඔහු අදහස් කළ අයව, එහි ඇතුළු කරන්නේය. ඔවුන් (මෙයින් වැළකී අල්ලාහ්ට) සමානයන් තැබුවහොත් නම්, ඔවුන් කරමින් සිටි (දැහැමි) කාරණාවන් සියල්ල ඔවුන්ගෙන් විනාශ වී යනු ඇත.

ඔවුනට හිමි වූ එම ආශිර්වාදය අල්ලාහ්ගේ ආශිර්වාදයයි. අල්ලාහ් තම ගැත්තන් අතරින් කවරෙකුට ආශිර්වාද කිරීමට අභිමත කරන්නේද ඔහුට ආශිර්වාද කරනු ඇත. ඔවුන් අල්ලාහ් සමග වෙනත් දෑ ආදේශ කළේ නම් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල වී යනු ඇත. සැබැවින්ම අල්ලාහ්ට ආදේශ තැබීම, දැහැමි ක්රියාවන් නිෂ්ඵල කරන්නකි.

Al-An'aam 6:88Listen in Qur'an →
89

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ ۚ فَإِن يَكْفُرْ بِهَا هَٰٓؤُلَآءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًۭا لَّيْسُوا۟ بِهَا بِكَٰفِرِينَ

මොවුන්ටම ධර්මයද, පාලන බලයද, නබිත්වයද අපි දී තිබුණෙමු. එබැවින් ඒවා (මක්කාවාසීන් වන) මොවුන් ප්‍රතික්ෂේප කර දැමුවා වුවද, (මොවුන් වෙනුවට) ඒවා ප්‍රතික්ෂේප නොකරන (දෙවියන්ට අවනත වන මුස්ලිම්වරුන් වන) ජනතාව, නියත වශයෙන්ම ඇති කර හරින්නෙමු.

ඉහත සඳහන් කරන ලද මෙම නබිවරුන්හට අපි දේව පුස්තක පිරිනැමුවෙමු. ඔවුනට අපි ප්රඥාව පිරිනැමුවෙමු. එමෙන්ම අපි නබිත්වයත් පිරිනැමුවෙමු. ඔවුනට අපි පිරිනැමූ මෙම කරුණු තුන ඔබේ සමූහයා ප්රතික්ෂේප කරන්නේ නම් එය ප්රතික්ෂේප නොකරන සමූහයක් ඉලක්ක කොට ඒ සඳහා අපි ඔවුන් සූදානම් කරන්නෙමු. ඔවුහු එය විශ්වාස කරන්නෝ වෙති. එය පිළිපදින්නෝ වෙති. මුහාජිර්වරුන්, අන්සාරිවරුන් හා විනිශ්චය දින තෙක් දැහැමි ලෙස කටයුතු කරමින් ඔවුන් පිළිපදින්නන් ඔවුහුමය.

Al-An'aam 6:89Listen in Qur'an →
90

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُ ۖ فَبِهُدَىٰهُمُ ٱقْتَدِهْ ۗ قُل لَّآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ هُوَ إِلَّا ذِكْرَىٰ لِلْعَٰلَمِينَ

(නබියේ!) මොවුන් සියල්ලන්වම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. එබැවින් ඔවුන්ගේ ඍජු මාර්ගය ඔබත් අනුගමනය කර, (පසුව) ඔබ මෙසේ කියනු: “මේ සඳහා (මෙම කුර්ආනය ඔබට දැනුම් දීමට) මා ඔබගෙන් කිසි කුලියක් ඉල්ලූවේ නැත. ලෝකවාසී සියල්ලන්ටම මෙය එක්තරා හොඳ ඔවදනක් වන්නේය”.

මෙම නබිවරුන් හා ඔවුන් සමගම මෙනෙහි කරනු ලැබූ ඔවුන්ගේ පියවරුන්, ඔවුන්ගේ දරුවන්, ඔවුන්ගේ සහෝදරවරුන් යන ඔවුන් සියලු දෙනා සැබෑ ලෙස යහමග ලැබූවෝ වෙති. එහෙයින් ඔබ ඔවුන් අනුගමනය කරනු. ඔවුන් පිළිපදිනු. අහෝ! දූතය, ඔබේ ප්රජාවට මෙසේ පවසනු. මෙම කුර්ආනය ඔබට දන්වා සිටීම වෙනුවෙන් මම ඔබෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. අල් කුර්ආනය, ජින් හා මිනිස් යන සියලු ලෝවැසියන් ඍජු මග වෙත හා නිවැරැදි මාර්ගය වෙත මග ලබන්නට අවස්ථාව සලසන උපදෙසක් මිස වෙනකක් නොවේ.

Al-An'aam 6:90Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.