Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–80 of 165

71

قُلْ أَنَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰٓ أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَىٰنَا ٱللَّهُ كَٱلَّذِى ٱسْتَهْوَتْهُ ٱلشَّيَٰطِينُ فِى ٱلْأَرْضِ حَيْرَانَ لَهُۥٓ أَصْحَٰبٌۭ يَدْعُونَهُۥٓ إِلَى ٱلْهُدَى ٱئْتِنَا ۗ قُلْ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلْهُدَىٰ ۖ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ ٱلْعَٰلَمِينَ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “අපට කිසිම හොඳක්ද, නරකක්ද කිරීමට ශක්තියක් නැති අල්ලාහ් නොවන දැයද අපි ආරාධනා කරන්නේ? අල්ලාහ් අපව ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමෙන් පසුවද, (අපි) අපගේ පස්ස පැත්තට හැරෙන්නෙමුද? (එසේ තිබියදී) කෙනෙකුට ඍජු මාර්ගයෙහි ආරාධනා කළ හැකි මිතුරන් තිබී, ඔහුව ඔවුන් තමන් වෙත එන මෙන් ආරාධනා කරමින් සිටියදී, ඔහු (එම මාර්ගයෙහි නොගොස්) ෂෙයිතාන්වරුන්ගේ උගුලෙහි පැටළී භූමියෙහි ඒ මේ අත මං මුළා වී හැසිරෙන්නෙකු බවට පත් වූවේද, ඔහුට සම වන කෙනෙකු බවට පත් වන්නෙමු”. (තවද) ඔබ මෙසේද පවසනු: “නියත වශයෙන්ම අල්ලාහ්ගේ මාර්ගයම ඍජු මාර්ගයයි. ලෝකවාසී සියල්ලන්ගේ දෙවියන් වන ඔහුටම සම්පූර්ණයෙන්ම හිස නැවිය යුතුය යයි අපට අණ කරනු ලැබ ඇත්තෙමු”.

අහෝ දූතය! මෙම දේවත්වය ආදේශ කරන්නන්හට නුඹ පවසනු. අල්ලාහ් හැර අපහට කිසිදු ප්රයෝජනයක් කළ නොහැකි මෙන්ම අපහට කිසිදු හානියක් කළ නොහැකි පිළිම වලට අපි නැමදිය යුතු වන්නෙම් ද? අප වෙත දේව විශ්වාසය ආශිර්වාද කිරීමෙන් පසු එයින් අපි හැරිය යුතු වන්නෙම් ද? එවිට ෂෙයිතානුන් නොමග යවා, යහමග ලබන්නට නොහැකිව සැකයෙහි අතහැර දැමූ අය මෙන් අපි පත්වන්නෙමු. ඔහුට ඍජු මාර්ගය පෙන්වා සත්ය වෙත ඇරයුම් කරන සගයෝ වූහ. ඔවුන් කවර දෙයක් වෙත ඔහුට ඇරයුම් කරන්නේද එයට ඔහු පිළිතුරු දීමෙන් වැළකී සිටියේය. අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. සැබැවින්ම අල්ලාහ්ගේ මග පෙන්වීම එයයි සැබෑ මග පෙන්වීම වනුයේ. අල්ලාහ් ඔහුගේ ඒකීයත්වය තදින් ග්රහණය කොට ඔහුට පමණක් නැමද ඔහුට අවනත වීමට ඔහු අපට නියෝග කළේය. ඔහු ලෝවැසියන්ගේ පරමාධිපතිය.

Al-An'aam 6:71Listen in Qur'an →
72

وَأَنْ أَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَٱتَّقُوهُ ۚ وَهُوَ ٱلَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ

“තවද සලාතය නොකඩවා සලාත් කරන ලෙසටද, ඔහුටම බිය විය යුතුය ලෙසටද (අණ කරනු ලැබ ඇත්තෙමු). ඔහු වෙතම ඔබව ඒකරාශී කරනු ලබන්නෙහුය” (යයිද පවසනු මැනව !)

සලාතය පූර්ණ ක්රමයට අනුව විධිමත් ව ඉටු කරන මෙන් ඔහු අපට නියෝග කළේය. එමෙන්ම ඔහුගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරන මෙන්ද ඔහු අපට නියෝග කළේය. ගැත්තන්ගේ ක්රියාවන් වෙනුවෙන් ඔවුනට ප්රතිඵල පිරිනැමීම සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම ගැත්තන් එක්රැස් කරනුයේ ඒකීය ඔහුය.

Al-An'aam 6:72Listen in Qur'an →
73

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۖ وَيَوْمَ يَقُولُ كُن فَيَكُونُ ۚ قَوْلُهُ ٱلْحَقُّ ۚ وَلَهُ ٱلْمُلْكُ يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ ۚ عَٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ

අහස්ද, භූමියද උත්පාදනය කළ අය, ඇත්තෙන්ම ඔහුම, (යම් කිසිවක් උත්පාදනය කිරීමට අදහස් කර) “වනු!” යයි ඔහු කියන දවසේ, එවෙලේම එය සිදු වන්නේය. ඔහුගේ වචනය සත්‍යයයි. සූර් පිඹිනු ලබන දිනදී, බලය ඔහුටම අයත් වනු ඇත. ගුප්ත දැයද, එළිදරව් දැයද ඔහු හොඳින් දන්නේය. ඔහු ඥානවන්තයෙකු වශයෙන්ද, (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.

සැබෑ ලෙස අහස් හා මහපොළොව මැවූ අල්ලාහ් සුවිශුද්ධය. අල්ලාහ් යම් දෙයකට ‘වනු’ යැයි පවසන දින එය සිදුවන්නේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ නැගිටිනු යැයි පවසන අවස්ථාවේ ඔවුන් සියලු දෙනා නැගිටිනු ඇත. ඔහුගේ ප්රකාශය සැබෑවකි. එය කිසිදු සැකයකින් තොරව සිදුවනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දෙවන හොරණෑව ඉස්රාෆීල් (අලය්හිස් සලාම්) තුමා විසින් පිඹින අවස්ථාවේ සියලු බලය සුවිශුද්ධ අල්ලාහ්ට පමණක් සතු වන්නේය. ඔහු ගුප්ත දෑ පිළිබඳ දන්නාය. එමෙන්ම දෘශ්යමාන දෑ පිළිබඳවත් දන්නාය. ඔහුගේ මැවීම් හි හා ඔහුගේ සැලසුම් හි ඔහු මහා ප්රඥාවන්තය. ඔහු සියලු තොරතුරු දන්නාය. ඔහුගෙන් කිසිවක් සැඟවෙන්නේ නැත. තවද ඔහු ඉදිරියේ කරුණු වල අභ්යන්තරය ඒවායෙහි මතුපිටින් ඇති දෑ මෙන්ය.

Al-An'aam 6:73Listen in Qur'an →
74

۞ وَإِذْ قَالَ إِبْرَٰهِيمُ لِأَبِيهِ ءَازَرَ أَتَتَّخِذُ أَصْنَامًا ءَالِهَةً ۖ إِنِّىٓ أَرَىٰكَ وَقَوْمَكَ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ

ඉබ්රාහීම් තමන්ගේ පියා වන ආසර්ට “පිළිරූ, දෙවිවරුන් වශයෙන් ඇර ගත්තෙහිද? නියත වශයෙන්ම ඔබද, ඔබගේ ජනතාවද ප්‍රකට දුර්මාර්ගයෙහි සිටිනු මා දකින්නෙමි” යයි පැවසුවේය.

අහෝ! දූතය, ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) ආදේශ තැබූ තම පියාණන්හට “මාගේ පියාණනි! අල්ලාහ් හැර දමා නැමදුම් කරන දෙවියන් වශයෙන් ඔබ පිළිම පත් කර ගන්නෙහිද? සැබැවින්ම ඔබත්, පිළිම වන්දනාවෙහි නිරත වන ඔබේ ජනයාත් පැහැදිලි මුළාවෙහි සිටින බව මම දකිමි. අල්ලාහ් නොවන දෑට ඔබ කරන නැමදුම් හේතුවෙන් සත්ය මාර්ගයෙන් දුරස් ව කුතුහලයෙහි ඔබ පසුවන්නෙහිය. සැබෑ ලෙස නැමදුම් ලබන්නට සුදුස්සා වනුයේ සුවිශුද්ධ අල්ලාහ්ය. ඔහු හැර නැමදුමට ලක් වන සියලු දෑ ව්යාජය.” යැයි පැවසූ අවස්ථාව මෙනෙහි කරනු.

Al-An'aam 6:74Listen in Qur'an →
75

وَكَذَٰلِكَ نُرِىٓ إِبْرَٰهِيمَ مَلَكُوتَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلِيَكُونَ مِنَ ٱلْمُوقِنِينَ

ඉබ්රාහීම් ස්ථීර වනු පිණිස, අහස්හිද, භූමියෙහිද ඇති (අපගේ) උත්පාදනයන් අපි ඔහුට මේ අන්දමට පෙන්වමින් සිටියෙමු.

ඔහුගේ පියා හා ඔහුගේ පිරිස මුළාවෙහි සිටින බව අපි ඔහුට පෙන්වා දුන්නා සේම අහස්හි හා මහපොළොවේ පුළුල් ව පවතින සර්ව රාජ්යයද ඔහුට අපි පෙන්වා දුනිමු. එය, එම පුළුල් වූ සර්ව රාජ්යය අල්ලාහ්කේ ඒකීයත්වය හා ඔහු පමණක් නැමදුම් ලබන්නට සුදුස්සා වන බව තහවුරු කරනු පිණිසය. එමෙන්ම ඔහු අල්ලාහ් ඒකීය යැයිද, ඔහුට කිසිදු හවුල්කරුවකු නැතැයි ද, ඔහු සියලු දෑ හි සර්ව බලධාරී යැයි ද තරයේ විශ්වාස කරන්නන් අතුරින් ඔහු වනු පිණිසය.

Al-An'aam 6:75Listen in Qur'an →
76

فَلَمَّا جَنَّ عَلَيْهِ ٱلَّيْلُ رَءَا كَوْكَبًۭا ۖ قَالَ هَٰذَا رَبِّى ۖ فَلَمَّآ أَفَلَ قَالَ لَآ أُحِبُّ ٱلْءَافِلِينَ

(දිනක්) අන්ධකාරයෙන් පිරි රාත්‍රියෙහි (බැබලෙමින් තිබූ) එක් තාරකාවක් දැක ඔහු, “මෙය මගේ දෙවියන් (වන්නෙහිද?)”යි (තම ජනතාවගෙන්) විමසීමෙන් අනතුරුව, එය සැඟවී ගිය විට “සැඟවෙන දැය (දෙවියන් බවට පත් කර ගැනීමට) මා කැමති නොවන්නෙමි” යයි පැවසුවේය.

රාත්රිය ඔහු මත අන්ධකාරය ගෙන දුන් විට ඔහු තරුවක් දැක මෙය මාගේ පරාමාධිපති යැයි පැවසීය. එම තරුව සැග වී ගිය විට සැග වී යන දෑට මා ප්රිය නොකරමි, හේතුව සැබෑ දෙවිඳුන් සැග වී නොයන ජීවමාන ව සිටින්නෙකි යැයි පැවසීය.

Al-An'aam 6:76Listen in Qur'an →
77

فَلَمَّا رَءَا ٱلْقَمَرَ بَازِغًۭا قَالَ هَٰذَا رَبِّى ۖ فَلَمَّآ أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِى رَبِّى لَأَكُونَنَّ مِنَ ٱلْقَوْمِ ٱلضَّآلِّينَ

පසුව පායන ලද සඳ දුටු විට “මෙය මගේ දෙවියන් (වන්නේද?)”යි විමසීමෙන් අනතුරුව, එයද සැඟවුනු විට (එයද ප්‍රතික්ෂේප කර) “මගේ දෙවියන් මාව ඍජු මාර්ගයෙහි ඇතුළු නොකළහොත් මාර්ගය වැරද ගිය ජනතාවගෙන් කෙනෙකු බවට මමද පත් වන්නෙමි” යයි පැවසුවේය.

තවද සඳු උදා වනු දැක මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පැවසීය. එසේ එය ද සැග වී ගිය විට අල්ලාහ් ඔහුගේ ඒකීයත්වය හා ඔහුට පමණක් නැමදීම පිළිබඳ දැනුම මට ආශිර්වාද නොකළේ නම් ඔහුගේ සැබෑ දහමින් දුරස් වූ පිරිස අතරට මා ද පත්වෙමි යැයි පැවසීය.

Al-An'aam 6:77Listen in Qur'an →
78

فَلَمَّا رَءَا ٱلشَّمْسَ بَازِغَةًۭ قَالَ هَٰذَا رَبِّى هَٰذَآ أَكْبَرُ ۖ فَلَمَّآ أَفَلَتْ قَالَ يَٰقَوْمِ إِنِّى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ

පසුව පායන ලද, (දීප්තිමත් ආලෝකයෙන් පිරි) සූර්යයා දුටු විට “මෙය ඉතාමත් විශාලව ඇත්තේය. මෙය මගේ දෙවියන් (වන්නේද?)”යි විමසීමෙන් අනතුරුව, එයද සැඟවුනු විට, ඔහු (තම ජනතාවට) “මගේ ජනතාවෙනි! ඔබ (දෙවියන්ට) සමානයන් වශයෙන් තබන (මේවා) සෑම දැයකින්ම නියත වශයෙන්ම මා ඈත් වුනෙමි” යයි පැවසීමෙන් අනතුරුව-

තවද හිරු උදා වනු දැක මේ උදා වූ හිරු මාගේ පරමාධිපතිය. මෙය තරු හා සඳු ට වඩා විශාලය යැයි පැවසීය. නමුත් එය ද සැග වී ගිය කල්හි මාගේ “ජනයිනි, අල්ලාහ් සමග නුඹලා තබන ආදේශයන්ගෙන් මම නිදොස් වෙමි” යැයි පැවසීය. එයට එසේ නම් නුඹ නමදිනුයේ කවුරුන් දැයි විමසා සිටියහ.

Al-An'aam 6:78Listen in Qur'an →
79

إِنِّى وَجَّهْتُ وَجْهِىَ لِلَّذِى فَطَرَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ حَنِيفًۭا ۖ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُشْرِكِينَ

“අහස්ද, භූමියද කවුරුන් නිර්මාණය කළේද, ඔහු (එම කෙනා) දෙසම නියත වශයෙන්ම මා සම්පූර්ණයෙන්ම බලන්නෙමි. මා (ඔහුට කිසිවක්) සමානයන් තබන්නෙකු නොව” (යයි පැවසුවේය).

කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස් හා මහපොළොව මැවූ ඔහුටම කිසිදු අදේශ කිරීමකින් තොරව ඒකීයත්වයට පමණක් නැඹුරු වී මාගේ දහම මම අවංකවම පුද කරමි. ඔහු සමග වෙනත් දෑට නමදින, ඔහුට ආදේශයන් තබන්නන් අතරට මම පත් නොවෙමි.

Al-An'aam 6:79Listen in Qur'an →
80

وَحَآجَّهُۥ قَوْمُهُۥ ۚ قَالَ أَتُحَٰٓجُّوٓنِّى فِى ٱللَّهِ وَقَدْ هَدَىٰنِ ۚ وَلَآ أَخَافُ مَا تُشْرِكُونَ بِهِۦٓ إِلَّآ أَن يَشَآءَ رَبِّى شَيْـًۭٔا ۗ وَسِعَ رَبِّى كُلَّ شَىْءٍ عِلْمًا ۗ أَفَلَا تَتَذَكَّرُونَ

(මේ සම්බන්ධයෙන්) ඔහු සමග ඔහුගේ ජනතාව තර්ක කළහ. (එයට) ඔහු (ඔවුන්ට) මෙසේ පැවසීය: “ඔබ (උත්පාදකයා වන) අල්ලාහ් ගැනද මා සමග තර්ක කරන්නේ? නියත වශයෙන්ම ඔහු මා හට ඍජු මාර්ගය දැනුම් දුන්නේය. මගේ දෙවියන් යම් කිසිවක් කැමති වුවහොත් මිස, ඔබ සමානයන් තබා නමදින දැය (මා හට කිසිම විපතක් කිරීමට නොහැකිය. එබැවින් ඒවාට) මා බිය නොවන්නෙමි. මගේ දෙවියන් සියල්ල (තම) ඥානයෙන් වට කරගෙන දැන ගන්නේය. (මෙතරම් දැයක්වත්) ඔබ සිතා බැලිය යුතු නොවේද?”

අල්ලාහ්ගේ ඒකියත්වය පිළිබඳ ආදේශ තැබූ ඔහුගේ ජනයා ඔහු සමග වාද කළෝය. ඔවුන්ගේ පිළිම පදනම් කර ගනිමින් ඔවුන් ඔහු බිය ගැන්වූහ. එවිට ඔහු “අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට පමණක් නැමදුම් කිරීම විෂයයෙහි නුඹලා මා සමග වාද කරන්නෙහුද? සැබැවින්ම මාගේ පරමාධිපති මට ඒ වෙත ආශිර්වාද කර ඇත. ඔබේ පිළිම වලට මම බිය නොවෙමි. සැබැවින්ම ඒවා කිසිදු හානියක් කිරීමට උරුමයක් නැති, මා හට කිසිදු හානියක් සිදු කළ නොහැකි, එමෙන්ම සෙතක් සලසන්නටත් උරුමයක් නැති, මා හට කිසිදු සෙතක් කිරීමට නොහැකි දෑ ය. අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස කිසිවක් සිදුවන්නේ නැත. ඔහු අභිමත කරන දෑ සිදුවන්නේය. සියලු දෑ පිළිබඳ වූ අල්ලාහ්ගේ දැනුමෙන් මහපොළොවේ හා අහසේ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. අහෝ! ජනයිනි, අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමෙන් හා ඔහුට ආදේශ තැබීමෙන් ඉවත්ව අල්ලාහ්ට පමණක් විශ්වාස කිරීම ගැන මෙනෙහි කර බලනු.”

Al-An'aam 6:80Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.