قُلْ أَنَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰٓ أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَىٰنَا ٱللَّهُ كَٱلَّذِى ٱسْتَهْوَتْهُ ٱلشَّيَٰطِينُ فِى ٱلْأَرْضِ حَيْرَانَ لَهُۥٓ أَصْحَٰبٌۭ يَدْعُونَهُۥٓ إِلَى ٱلْهُدَى ٱئْتِنَا ۗ قُلْ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلْهُدَىٰ ۖ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ ٱلْعَٰلَمِينَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “අපට කිසිම හොඳක්ද, නරකක්ද කිරීමට ශක්තියක් නැති අල්ලාහ් නොවන දැයද අපි ආරාධනා කරන්නේ? අල්ලාහ් අපව ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමෙන් පසුවද, (අපි) අපගේ පස්ස පැත්තට හැරෙන්නෙමුද? (එසේ තිබියදී) කෙනෙකුට ඍජු මාර්ගයෙහි ආරාධනා කළ හැකි මිතුරන් තිබී, ඔහුව ඔවුන් තමන් වෙත එන මෙන් ආරාධනා කරමින් සිටියදී, ඔහු (එම මාර්ගයෙහි නොගොස්) ෂෙයිතාන්වරුන්ගේ උගුලෙහි පැටළී භූමියෙහි ඒ මේ අත මං මුළා වී හැසිරෙන්නෙකු බවට පත් වූවේද, ඔහුට සම වන කෙනෙකු බවට පත් වන්නෙමු”. (තවද) ඔබ මෙසේද පවසනු: “නියත වශයෙන්ම අල්ලාහ්ගේ මාර්ගයම ඍජු මාර්ගයයි. ලෝකවාසී සියල්ලන්ගේ දෙවියන් වන ඔහුටම සම්පූර්ණයෙන්ම හිස නැවිය යුතුය යයි අපට අණ කරනු ලැබ ඇත්තෙමු”.
අහෝ දූතය! මෙම දේවත්වය ආදේශ කරන්නන්හට නුඹ පවසනු. අල්ලාහ් හැර අපහට කිසිදු ප්රයෝජනයක් කළ නොහැකි මෙන්ම අපහට කිසිදු හානියක් කළ නොහැකි පිළිම වලට අපි නැමදිය යුතු වන්නෙම් ද? අප වෙත දේව විශ්වාසය ආශිර්වාද කිරීමෙන් පසු එයින් අපි හැරිය යුතු වන්නෙම් ද? එවිට ෂෙයිතානුන් නොමග යවා, යහමග ලබන්නට නොහැකිව සැකයෙහි අතහැර දැමූ අය මෙන් අපි පත්වන්නෙමු. ඔහුට ඍජු මාර්ගය පෙන්වා සත්ය වෙත ඇරයුම් කරන සගයෝ වූහ. ඔවුන් කවර දෙයක් වෙත ඔහුට ඇරයුම් කරන්නේද එයට ඔහු පිළිතුරු දීමෙන් වැළකී සිටියේය. අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. සැබැවින්ම අල්ලාහ්ගේ මග පෙන්වීම එයයි සැබෑ මග පෙන්වීම වනුයේ. අල්ලාහ් ඔහුගේ ඒකීයත්වය තදින් ග්රහණය කොට ඔහුට පමණක් නැමද ඔහුට අවනත වීමට ඔහු අපට නියෝග කළේය. ඔහු ලෝවැසියන්ගේ පරමාධිපතිය.