وَهُوَ ٱلْقَاهِرُ فَوْقَ عِبَادِهِۦ ۖ وَيُرْسِلُ عَلَيْكُمْ حَفَظَةً حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَكُمُ ٱلْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لَا يُفَرِّطُونَ
ඔහු තම වහලූන්ව යටහත් පහත් කර පාලනය කරන්නේය. තවද ඔබට ආරක්ෂකයින්වද ඇති කරන්නේය. ඔවුන් ඔබගෙන් සෑම කෙනෙකුවම මරණයට පත් කිරීමේ (කාලය) ළඟා වනතුරු ආරක්ෂා කර, පසුව ඔහුව අපගේ (දේව) දූතයින් මරණයට පත් කරන්නාහ. ඔවුන් (නියමිත කාලයට පෙර හෝ පසුව හෝ පණ අත්පත් කර), කිසිම වැරැද්දක් කරන්නේ නැත.
තම ගැත්තන් අබිබවා යන්නා අල්ලාහ්ය. (ඔවුන්ගේ ක්රියා නිසා) ඔවුන් පහත් කරනුයේද ඔහුය. සියලු ආකාරයන්ගෙන් ඔහු ඔවුනට ඉහළින් සිටියි. සියලු දෑ ඔහුට යටත්ය. ඔහුගේ ගැත්තන්ට ඉහළින් ඔහුගේ කීර්තියට ගැළපෙන පරිදි ඔහු ඉහළින් සිටියි. අහෝ! ජනයිනි, ප්රාණය අත්පත් කර ගන්නා මලකුල් මව්ත් හා ඔහුගේ උදව්කරුවන් ඔබගේ ජීවිත ඩැහැ ගන්නා තෙක් ඔබ කරන ක්රියාවන් සටහන් කරන ගෞරවනීය මලක්වරුන් ඔබ වෙත ඔහු එවනු ඇත. ඔවුනට කවර කරුණක් අණ කරනු ලබන්නේද එහි ඔවුන් කිසිදු අඩුවක් නොකරනු ඇත.