Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 165

41

بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِن شَآءَ وَتَنسَوْنَ مَا تُشْرِكُونَ

“එසේ නොව! (ඒ අවස්ථාවේදී) ඔහුවම ආරාධනා කරන්නෙහුය. ඔබ සමානයන් වශයෙන් තැබූ සියල්ල අමතක කර දමා, ඔබ කුමක් (කුමන දඬුවමක් පහ කිරීම) සඳහා ඔහුව ආරාධනා කරන්නෙහුද, එය ඔහු අදහස් කළහොත් පහ කරද හරිනු ඇත”.

එවිට සත්යය නම්; ඔබගෙන් පරීක්ෂණ ඉවත් කිරීමටත් ඔහු අභිමත කළේ නම්, ඔබට අත් වූ හානිය පහ කිරීමටත් ඔබ ව මැවූ අල්ලාහ් හැර වෙනකක් ඔබ අයැද නොසිටීමයි. මන්ද එයට භාරකරු ඔහුය. ඒ සඳහා ඔහුට බලය ඇත. අල්ලාහ් සමග ඔබ ආදේශ තබා නැමදූ දෑ වනාහි සැබැවින්ම ඒවා ඵලක් නොදෙන බවත් හානියක් ඇති නොකරන බවත් ඔබ දැනගත් හෙයින් ඔබ ඒවා අතහැර දමනු ඇත.

Al-An'aam 6:41Listen in Qur'an →
42

وَلَقَدْ أَرْسَلْنَآ إِلَىٰٓ أُمَمٍۢ مِّن قَبْلِكَ فَأَخَذْنَٰهُم بِٱلْبَأْسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمْ يَتَضَرَّعُونَ

(නබියේ!) ඔබට පෙර විසූ විවිධ සමුහයන්ටද අපි (අපගේ) දූතයින්ව නියත වශයෙන්ම යවා තැබුවෙමු. (එහෙත් එම දූතයින්ව ඔවුන් ප්‍රතික්ෂේප කර දැමූහ. එබැවින්) ඔවුන් යටහත් පහත්ව එනු පිණිස අසනීපය මගින්ද, දුගීභාවය මගින්ද අපි ඔවුන්ව අල්ලා ගත්තෙමු.

අහෝ! දූතය, ඔබට පෙර විසූ සමූහයන් වෙත අපි දූතයන් එව්වෙමු. නමුත් ඔවුහු ඔවුන් බොරු කළෝය. ඔවුහු ගෙන ආ දෑ ප්රතික්ෂේප කළෝය. ඔවුන්ගේ පරමාධිපතිට යටහත් වී ඔහුට තම පහත්භාවය ඉදිරිපත් කරනු පිණිස සාගින්න වැනි දුෂ්කරතාවන්ගෙන්, රෝගීභාවය වැනි ශරීරයට වේදනා ගෙන දෙන දැයින් අපි ඔවුන් දඬුවමට ලක් කළෙමු.

Al-An'aam 6:42Listen in Qur'an →
43

فَلَوْلَآ إِذْ جَآءَهُم بَأْسُنَا تَضَرَّعُوا۟ وَلَٰكِن قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ مَا كَانُوا۟ يَعْمَلُونَ

අපගේ දඬුවම ඔවුන් වෙත පැමීණීමට පෙරම ඔවුන් යටහත් විය යුතු නොවේද? නමුත් ඔවුන්ගේ හෘදයන් ඝන වී ගියේය. හැරත් ඔවුන් කරමින් සිටි දැයම ෂෙයිතාන් ඔවුන්ට අලංකාරවත් ලෙස පෙන්වා හැරියේය.

ඔවුන් වෙත අපගේ පරීක්ෂණ පැමිණි විට ඔවුන් අල්ලාහ්ට යටහත් පහත් ව කටයුතු කළේ නම් ඔවුන්ගෙන් එම පරීක්ෂණ ඔහු ඉවත් කරනු ඇත. ඔවුනට කරුණාව දක්වනු ඇත. නමුත් ඔවුහු එසේ කටයුතු නොකළෝය. ඔවුන්ගේ හදවත් දැඩි විය. ඔවුහු පාඩම් නොලැබූහ. උපදෙස් නොලැබූහ. ඔවුන් සිදු කරමින් සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් ෂෙයිතාන් ඔවුනට අලංකාර කරවීය. ඔවුන් සිදු කරමින් සිටි දෑ හි අඛණ්ඩ ව සිටියහ.

Al-An'aam 6:43Listen in Qur'an →
44

فَلَمَّا نَسُوا۟ مَا ذُكِّرُوا۟ بِهِۦ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَٰبَ كُلِّ شَىْءٍ حَتَّىٰٓ إِذَا فَرِحُوا۟ بِمَآ أُوتُوٓا۟ أَخَذْنَٰهُم بَغْتَةًۭ فَإِذَا هُم مُّبْلِسُونَ

ඔවුන්ට දෙනු ලැබූ හොඳ ඔවදන් ඔවුන්ට අමතක වී ගිය විට, (ඔවුන්ව පිරික්සුමට ලක් කිරීම පිණිස) සෑම දැයකම ෙදාරටු අපි ඔවුන්ට විවර කර හැරියෙමු. (ඔවුන්ට අවශ්‍ය සෑම දැයක්ම ඕනෑ තරම් ලැඛෙමින් පැවතුණි). ඔවුන්ට දෙනු ලැබූ දැය මගින් ඔවුන් සතුටට පත් වෙමින් සිටියදී, (අපගේ දඬුවම මගින්) අපි ඔවුන්ව හදිසියේම අල්ලා ගත්තෙමු. ඒ අවස්ථාවේදී ඔවුන් (විශ්වාසය බිඳී ගොස්) ක්‍රියා විරහිත වී ගියහ.

දැඩි සාගින්න, රෝගීභාවය වැනි කරුණු ඉදිරිපත් කරමින් උපදෙස් දෙනු ලැබූ දෑ ඔවුන් අතහැර දමා අල්ලාහ්ගේ නියෝග ක්රියාත්මක නොකළ කල්හි ඔවුන් වෙත පෝෂණයේ දොරටු පියවරෙන් පියවර විවෘත කළෙමු. සාගින්නෙන් පසු ඔවුන් පොහොසතුන් බවට පත් කළෙමු. රෝගී තත්ත්වයෙන් පසු ඔවුන්ගේ ශරීරයට සුවය දුනිමු. ඔවුනට ඉහවහා ගිය පහසුකම් ඇති වන තෙක් එසේ සිදු කළෙමු. ඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ වෙනුවට පුදුම සහගත දෙයක් ඔවුන් ග්රහණය කළේය. අනපේක්ෂිත අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණියේය. එවිට ඔවුන් තමන් සිතමින් සිටි දෑ ගැන නිරායාසයට පත් ව කුතුහලයෙන් පෙළෙනු ඇත.

Al-An'aam 6:44Listen in Qur'an →
45

فَقُطِعَ دَابِرُ ٱلْقَوْمِ ٱلَّذِينَ ظَلَمُوا۟ ۚ وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ

එබැවින් අපරාධ කරමින් සිටි එම ජනතාවගේ මුල් කැඩී බිඳී ගියේය. සියලූ ප්‍රශංසා අල්ලාහ්ටමය! ඔහුම සකල ලෝකවාසීන්ගේම ආරක්ෂකයාය.

විනාශය තුළින් ඔවුන් සියලු දෙනා තුරන් කොට අල්ලාහ්ගේ දූතවරුන්ට ජයග්රහණය ලබා දී ප්රතික්ෂේපයේ නිරත වූ අවසාන වැසියන් මුළුමණින්ම විනාශ කරන ලදී. තම සතුරා විනාශ කොට තම මිතුරන්හට උදව් කිරීම වෙනුවෙන් වූ කෘතඥතාව හා ප්රශංසාව ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ට පමණක් සතුය.

Al-An'aam 6:45Listen in Qur'an →
46

قُلْ أَرَءَيْتُمْ إِنْ أَخَذَ ٱللَّهُ سَمْعَكُمْ وَأَبْصَٰرَكُمْ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُم مَّنْ إِلَٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِهِ ۗ ٱنظُرْ كَيْفَ نُصَرِّفُ ٱلْءَايَٰتِ ثُمَّ هُمْ يَصْدِفُونَ

“අල්ලාහ් ඔබගේ සවනේන්ද්‍රියද, බැල්මද, උදුරාගෙන ඔබගේ හෘදයන් කෙරෙහි මුද්‍රා තබා දැමුවහොත් අල්ලාහ් මිස, කුමන හිමියෙක් නම් ඒවා ඔබට ලබා දෙන්නෙහිද යන්න ඔබ සිතා බැලූවෙහිද?”යි (නබියේ!) ඔබ (ඔවුන්ගෙන්) විමසනු. (අපගේ බලමහිමයට අයත්) සාධකයන් කෙසේ නම් (විවිධ ආකාරයෙන්) අපි විවරණය කරන්නෙමුද යන්න ඔබ අවධානය කර බලනු. (මෙසේ තිබියදී) පසුවත් ඔවුන් ප්‍රතික්ෂේප කරමින්ම සිටින්නාහ.

අහෝ! දූතය, දෙවියන්ට ආදේශ තබන මොවුනට මෙසේ පවසනු. “ඔබේ සවන් ආවරණය කරමින් අල්ලාහ් ඔබව බිහිරන් බවට පත් කොට, ඔබේ බැල්ම පැහැර ගනිමින් අන්ධයන් බවට පත් කොට, කිසිවක් ඔබට වටහා ගත නොහැකි පරිදි ඔබේ හදවත් මත මුද්රා තැබුවේ නම්, එමගින් ඔබට අහිමි වූ දෑ නැවත ඔබ වෙත ගෙන එන්නට සැබෑ නැමදුම් ලබන කිසිවකු වෙත්දැයි මා වෙත දන්වා සිටිනු.” අහෝ! දූතය, අපි ඔවුනට සාක්ෂි හා විවිධ සාධක පැහැදිලි කරනුයේ කෙසේදැයිද, පසුව ඔවුන් එය ප්රතික්ෂේප කරනුයේ කෙසේ දැයි ද මදක් සිතා බලන්න.

Al-An'aam 6:46Listen in Qur'an →
47

قُلْ أَرَءَيْتَكُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُ ٱللَّهِ بَغْتَةً أَوْ جَهْرَةً هَلْ يُهْلَكُ إِلَّا ٱلْقَوْمُ ٱلظَّٰلِمُونَ

(නබියේ! ඔවුන්ගෙන්) ඔබ මෙසේ විමසනු: “හදිසියේ හෝ අනතුරු ඇඟවීමකින් යුතුව හෝ අල්ලාහ්ගේ දඬුවම ඔබ වෙත පැමිණියහොත්, (කුමක් සිදු වේද යන්න) ඔබ සිතා බැලූවෙහුද? (ඒ අවස්ථාවේදී මෙම) අපරාධකාර ජනතාව හැර, (වෙන කිසිවෙකුත්) විනාශ කරනු ලබන්නෙහුද?”

අහෝ! දූතය, ඔබ ඔවුනට මෙසේ පවසනු. “ඔබ ඒ ගැන නොසිතන මොහොතක අනපේක්ෂිත ලෙස අල්ලාහ්ගේ දඬුවමක් ඔබ වෙත පැමිණියේ නම් හෝ ඇස් ඉදිරිපිට එළිමහනේ ඔබ වෙත පැමිණියේ නම් හෝ සැබැවින්ම එයින් ග්රහණය කරනු ලබනුයේ අල්ලාහ් ව ප්රතික්ෂේප කරමින්, ඔහුගේ දූතයාණන් බොරු කරමින්, අපරාධ කළවුන් මිස වෙනත් කිසිවකු නොවේ.

Al-An'aam 6:47Listen in Qur'an →
48

وَمَا نُرْسِلُ ٱلْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ ۖ فَمَنْ ءَامَنَ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

(හොඳක් මගින්) ශුභාරංචි පවසන්නන් වශයෙන්ද, (පාපය ගැන) බියගන්වා අනතුරු අඟවන්නන් වශයෙන්ද මිස, (අපගේ) දූතයින්ව අපි යැවුවේ නැත. එබැවින් ඔවුන් (මෙම නබිවරයාව ඇත්තෙන්ම) විශ්වාස කර, (දැහැමි ක්‍රියාවන් කර තමන්ව) පිළිසකර කර ගන්නෝද, ඔවුන්ට කිසිම බියක් නැත. ඔවුන් දුක් වන්නේද නැත.

දෙවියන් විශ්වාස කරන, ඔහුට අවනත වන ජනයාට කිසිදු කප්පාදුවකින් හෝ විසන්ධි කිරීමකින් තොරව ඔවුන් සතුටු වන සදා සැප පහසුකම් පිළිබඳ ශුභාරංචි දන්වා සිටීමටත්, දෙවියන් ප්රතික්ෂේප කරන ඔහුට පිටුපාන ජනයාට අපගේ දැඩි දඬුවම ඇතැයි ඔවුන් බිය ගැන්වීමටත් මිස අපගේ දූතවරුන් අපි නොඑව්වෙමු. එබැවින් ඔවුන් එම රසූල්වරුන් විශ්වාස කළ යුතුය. තම ක්රියාවන් විධිමත් කළ යුතුය. ඔවුන් මතු ලොවෙහි මුහුණ දෙන දෑ පිළිබඳ ඔවුනට කිසිදු බියක් නැත. ඔවුන් දුකට පත්වන්නේද නැත. මෙලොව ඔවුනට අහිමි වූ කොටස් පිළිබඳ ඔවුන් පසුතැවෙන්නේ ද නැත.

Al-An'aam 6:48Listen in Qur'an →
49

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا يَمَسُّهُمُ ٱلْعَذَابُ بِمَا كَانُوا۟ يَفْسُقُونَ

නමුත් (ඔබගෙන්) කවුරුන් අපගේ ආයාවන් බොරු කරන්නෝද ඔවුන්ව, ඔවුන් කරන (මෙම) පාපයන්හි හේතුවෙන් දඬුවම අල්ලා ගනු ඇත.

අපගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් අල්ලාහ්ට අවනතවීමෙන් බැහැර වූ බැවින් ඔවුනට දඬුවම අත් විය.

Al-An'aam 6:49Listen in Qur'an →
50

قُل لَّآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ لَكُمْ إِنِّى مَلَكٌ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ ۚ قُلْ هَلْ يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ ۚ أَفَلَا تَتَفَكَّرُونَ

(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ්ගේ නිධානයන් මා වෙත ඇත්තේය යයි මා ඔබට පැවසුවේ නැත. ගුප්ත දැය මා දන්නෙකු නොව. ඇත්තෙන්ම මා එක් මලායිකාවරයෙකු යයිද මා ඔබ වෙත පැවසුවේ නැත. එහෙත් මා හට වහී මගින් දැනුම් දෙනු ලැබූ දැය මිස, (වෙන කිසිවක්) මා අනුගමනය කරන්නේ නැත”. (තවද නබියේ!) ඔබ මෙසේ විමසනු: “අන්ධයාද, ඇස් පෙනුම ඇත්තාද සම වන්නේද? (මෙතරම් දැයක්වත්) ඔබ සිතා බැලිය යුතු නොවේද?”

අහෝ දූතය! දෙවියන් ප්රතික්ෂේප කරන මොවුනට පවසනු. “සැබැවින්ම මා අබියස අල්ලාහ්ගේ පෝෂණ සම්පත් තිබී ඒවා මා කැමති අයට බෙදා දෙමි යැයි මම ඔබට නොපවසමි. එමෙන්ම අල්ලාහ් මා වෙත පෙන්වා දුන් දේව පණිවිඩ මිස වෙනත් ගුප්ත දෑ මා දනිමි යැයි ද මම ඔබට නොපවසමි. එමෙන්ම සැබැවින්ම මම මලක්වරුන් අතුරින් මලක්වරයකු යැයිද මම ඔබට නොපවසමි. මම අල්ලාහ්ගෙන් වූ දූතයකු පමණි. මා වෙත එවන ලද පණිවිඩ මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරමි. මට අදාළ නොවන දෑ ගැන මම වාද නොකරමි. අහෝ! දූතය, තවදුරටත් ඔවුනට ඔබ මෙසේ පවසනු. සත්යය නොදැක අන්ධ වූ දේව ප්රතික්ෂේපකයා හා සත්යය බලා එය විශ්වාස කළ දේව විශ්වාසියා යන දෙදෙනා එක සමාන වේද? මෙම වදන් ඔබ ව හරවන්නේ කොතැනකට දැයි ඔබ බුද්ධිමත් ව සිතා බැලිය යුතු නොවේද?”

Al-An'aam 6:50Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.