قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِلِقَآءِ ٱللَّهِ ۖ حَتَّىٰٓ إِذَا جَآءَتْهُمُ ٱلسَّاعَةُ بَغْتَةًۭ قَالُوا۟ يَٰحَسْرَتَنَا عَلَىٰ مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَىٰ ظُهُورِهِمْ ۚ أَلَا سَآءَ مَا يَزِرُونَ
(එබැවින්) කවුරුන් (විනිශ්චය කාලයෙහි) අල්ලාහ්ගේ හමු වීම බොරු කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම පරාජිතයින් බවට පත්ව ගියහ. (බලාපොරොත්තු නොවූ අන්දමට) හදිසියේ ඔවුන්ට විනිශ්චය කාලය පැමිණියහොත්, ඔවුන් තමන්ගේ පාපයන්හි බර තමන්ගේ පිට කොන්ද මත ඔසවා ගත් අය වශයෙන් “මෙය (මෙම දිනය) අපි විශ්වාස නොකළ (වැරැද්දෙන්) අපට ඇතිවූ ශෝකය!” යයි ෙදාඩවන්නාහ. ඔවුන් ඔසවාගෙන ඇති දැය ඉතාමත් නපුරු ඒවා නොවෙද?
කිසිදු පූර්ව දැනුමකින් තොරව ක්ෂණික ව අවසන් මොහොත ඔවුන් වෙත පැමිණෙන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු කොට, අල්ලාහ් ඉදිරියේ සීරුවෙන් සිටීමෙන් දුරස්වන්නට අපේක්ෂා කළවුන් පාඩු වින්දහ. තමන්ට අත් වූ දැඩි කනස්සල්ල හේතුවෙන් “අහෝ! අපගේ විනාශය, අපගේ සිතුවිලි වල භයානක කම, අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහු ව විශ්වාස කිරීමෙන් වැළකී මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයට සූදානම් නොවන අයුරින් අප හකුළුවා දැමුවේ කුමක් දැ?"යි ඔවුන් පවසති. ඔවුහු ඔවුන්ගේ පිටවල් මත ඔවුන්ගේ පාපකම් උසුලමින් සිටිති. එම පාපකම් උසුලා ගෙන සිටීම කෙතරම් අවලස්සනද?!