Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 165

21

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓ ۗ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ

අල්ලාහ් ගැන මනක්කල්පිතව බොරු ගොතා කියන්නෙකුට වඩා හෝ නැතහොත් ඔහුගේ ආයාවන් බොරු කරන්නන්ට වඩා හෝ අපරාධකරුවන් කවරෙකුද? නියත වශයෙන්ම මෙම අපරාධකරුවන් ජයග්‍රහණය නොකරන්නාහ.

අල්ලාහ්ට හවුල් කරුවෙක් සම්බන්ධ කොට ඔහු සමග ඔහුටත් ගැතිකම් කර ඔහුගේ දූතයාණන්ට පහළ කළ ඔහුගේ වදන් බොරු කරන්නාට වඩා අපරාධකුවෙකු වෙනත් නැත. සැබැවින්ම අල්ලාහ් වෙත හවුල්කරුවෙකු සම්බන්ධ කරන ඔහුගේ වදන් බොරු කරන අපරාධකරුවන් මේ සඳහා පාප සමාව අයැද නොසිටියේ නම් ඔවුන් කිසිවිටෙක ජය නොලබනු ඇත.

Al-An'aam 6:21Listen in Qur'an →
22

وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًۭا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوٓا۟ أَيْنَ شُرَكَآؤُكُمُ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ

අපි මොවුන් සියල්ල ඒකරාශී කරන දින (මොවුන්ගෙන්) සමානයන් තබා නමදින්නන්ට “ඔබගේ දෙවිවරුන් යයි කුමක් (මනක්කල්පිත) කරමින් සිටියෙහුද, ඒවා කොහිද?”යි අපි විමසන්නෙමු.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගෙන් කිසිවකු අත් නොහැර ඔවුන් සියලු දෙනා එකට එක්රැස් කොට අල්ලාහ් සමග වෙනත් අය නැමදුමට ගත් ජනයාට තරවටු කරමින්: "සැබැවින්ම අල්ලාහ්ගේ හවුල් කරුවන් මොවුන් යැයි බොරු පවසා වාද කරමින් සිටි ඔබේ හවුල්කරුවන් කොහේ දැ?"යි අප විමසා සිටින අවස්ථාව මෙනෙහි කරනු.

Al-An'aam 6:22Listen in Qur'an →
23

ثُمَّ لَمْ تَكُن فِتْنَتُهُمْ إِلَّآ أَن قَالُوا۟ وَٱللَّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ

(ඒ අවස්ථාවේදී) ඔවුන් “අල්ලාහ්ම අපගේ දෙවියන්ය. අපි (ඔහුට කිසිම දැයක්) සමානයන් වශයෙන් තැබුවේ නැත!” යයි (බොරුවට) ප්‍රශංසා කිරීම මිස, වෙන කිසි (පිළිතුරක්) නොමැත.

මෙම පරීක්ෂණයෙන් පසු තමන් නැමදුම් කළ දැයින් නිදහස් වීම මිස වෙනත් කිසිදු නිදහසට කරුණු දැක්වීමක් නොවනු ඇත. තවද 'අල්ලාහ් මත දිවුරා පවසමු. අපගේ පරමාධිපතියාණනි! ඔබට ආදේශ කරන්නන් ලෙස අපි මෙලොවෙහි නොසිටියෙමු. ඔබව විශ්වාස කරන්නන් හා ඔබ ඒකීයත්වයට පත් කරන්නන් ලෙස සිටියෙමු යැයි ඔවුහු බොරුවට පවසති.

Al-An'aam 6:23Listen in Qur'an →
24

ٱنظُرْ كَيْفَ كَذَبُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ ۚ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ

තමන් ගැනම ඔවුන් කෙසේ නම් බොරු පවසන්නෙහුදැයි යන්න (නබියේ!) ඔබ අවධානය කරනු. (දෙවියන්ට සමානයන් වූ දැය යයි) ඔවුන් බොරුවට මනක්කල්පිත කරමින් සිටි සියල්ල ඔවුන්ගෙන් ඈත් වනු ඇත!

තමන් කළ ආදේශය තමන් නොකළ බවට පවසා තමන්ටම විරුද්ධ ව කෙසේ බොරු කියන්නේ දැයි, නබි මුහම්මද්, අවධානයෙන් බලනු. ඔවුන්ගේ මෙලොව ජීවිතයේ අල්ලාහ් සමග හවුල්කරුවන් ලෙස ඔවුන් පත් කර ගත් දෑ ඔවුන් අතහැර දමා ඔවුන්ගෙන් සැඟ වී ගොස් ඇත.

Al-An'aam 6:24Listen in Qur'an →
25

وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ ۖ وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًۭا ۚ وَإِن يَرَوْا۟ كُلَّ ءَايَةٍۢ لَّا يُؤْمِنُوا۟ بِهَا ۚ حَتَّىٰٓ إِذَا جَآءُوكَ يُجَٰدِلُونَكَ يَقُولُ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ

(නබියේ! ඔබව අනුගමනය කරන්නන් මෙන් භාවිතා කරමින් ඔබ පවසන දැය ඇසීමට) ඔබට සවන් දෙන අයද ඔවුන්ගෙන් ඇත. එහෙත් ඔවුන් (තම නපුරු ක්‍රියාවන්ගේ හේතුවෙන්) ඒවා වටහා නොගන්නා අන්දමට ඔවුන්ගේ හෘදයන්හි තිරයක්ද, ඔවුන්ගේ කණ්හි බිහිරිභාවයද අපි ඇති කර දැමුවෙමු. එබැවින් (මෙවැන්නන් සත්‍යයට අයත්) සාධකයන් සියල්ල (ප්‍රත්‍යක්ෂ ලෙස) දුටුවද, ඒවා ඔවුන් (පොඩියක් හෝ) විශ්වාස නොකරන්නාහ. (නබියේ!) ඔවුන් ඔබ වෙත පැමිණියද, ඔබ සමග තර්ක කර “මේවා ආදි කාලයේ විසූ අයගේ ප්‍රබන්ධ කතා මිස, වෙන කිසිවක් නැත” යයිම එම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ.

අහෝ! දූතය, අල්ලාහ්ට ආදේශ තබන්නන් අතුරින් ඔබ කුර්ආනය කියවන විට ඔබට සවන් දෙන්නන්ද වෙති. නමුත් ඔවුන් සවන් දෙන දැයින් ඔවුන් ප්රයෝජන ලබන්නේ නැත. ඔවුන්ගේ මුරණ්ඩුකම හා ඔවුන්ගේ දැඩි ප්රතික්ෂේපය හේතුවෙන් අල් කුර්ආනය වටහා ගත නොහැකි පරිදි ඔවුන්ගේ හදවත් මත ආවරණයක් අපි තැබුවෙමු. තවද ප්රයෝජනවත් වන අයුරින් සවන් දීමට නොහැකි පරිදි ඔවුන්ගේ කන් තුළ බිහිරි බව ඇති කළෙමු. පැහැදිලි සාධක හා පැහැදිලි සංඥා ඔවුන් දුටුවද ඒ පිළිබඳ ඔවුහු විශ්වාස නොකරති. සත්ය තුළ පවතින අසත්ය පිළිබඳ ඔබ සමග ඔවුන් වාද කිරීමට පැමිණ, ඔබ කවර දෙයක් ගෙන ආවේද එය මුල් අයගේ පුස්තක වලින් ගන්නා ලද දෙයක් මිස නැතැයි කියන තරමට ඔවුන් එය විශ්වාස නොකළෝය.

Al-An'aam 6:25Listen in Qur'an →
26

وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْـَٔوْنَ عَنْهُ ۖ وَإِن يُهْلِكُونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

තවද ඔවුන් (අනිත් අයවද) මෙයින් (මෙයට සරිලන සේ) වළක්වා තමන්ද මෙය අත්හැර දමා දුවන්නාහ. (මෙමගින්) ඔවුන් තමන්වම විනාශ කර ගන්නාහ. (මෙය) ඔවුන් වටහා ගන්නේම නැත.

රසූල්වරයා විශ්වාස කිරීමෙන් ඔවුන් ජනයා වළක්වා ඔහුගෙන් දුරස් කරති. එයින් ප්රයෝජන ලබන කිසිවකු අතහැර නොදමති. එමගින් ඔවුන් ප්රයෝජනය නොලබති. ඔවුන් ගේ ක්රියාව ඔවුන් ව මිස විනාශ කර නොදමනු ඇත. තමන් ක්රියා කරන දෑ තමන්ට විනාශය ගෙන දෙන්නක් බව ඔවුහු නොදනිති.

Al-An'aam 6:26Listen in Qur'an →
27

وَلَوْ تَرَىٰٓ إِذْ وُقِفُوا۟ عَلَى ٱلنَّارِ فَقَالُوا۟ يَٰلَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِـَٔايَٰتِ رَبِّنَا وَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ

(නිරා) ගින්න ඉදිරියේ ඔවුන්ව නවතා තබනු ලබන විට, (නබියේ!) ඔබ (ඔවුන්ව) බලන්නෙහි නම් “අපව (ලොවට) ආපසු යවන්නට නොහැකිද? (එසේ වුවහොත්) අපගේ දෙවියන්ගේ ආයාවන් අපි බොරු කරන්නේම නැත. විශ්වාසවන්තයින්ගෙන් වූ අය බවට පත් වන්නෙමු” යයි ඔවුන් ෙදාඩවනු ඇත.

අහෝ! දූතය, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට ඔවුන් ඉදිරිපත් කරනු ලබන විට ඔවුහු කනස්සල්ලෙන් “අහෝ මෙලොව ජීවිතය වෙත නැවත අප යොමු කරනු ලබන්නේ නම් අල්ලාහ්ගේ වදන් අපි බොරු නොකරන්නෙමු. අල්ලාහ් ගැන විශ්වාසය තැබූවන් අතුරින් වන්නෙමු” යැයි පවසනු ඔබ දුටුවේ නම් ඔවුන්ගේ පුදුමාකාර නරක තත්ත්වය ඔබ දකිනු ඇත.

Al-An'aam 6:27Listen in Qur'an →
28

بَلْ بَدَا لَهُم مَّا كَانُوا۟ يُخْفُونَ مِن قَبْلُ ۖ وَلَوْ رُدُّوا۟ لَعَادُوا۟ لِمَا نُهُوا۟ عَنْهُ وَإِنَّهُمْ لَكَٰذِبُونَ

(මෙයද ඔවුන් සිත ඇතිවම පවසන දැයක්) නොව! මෙයට පෙර (ඔවුන් තමන් තුළ) සඟවා තැබූ දැය (ප්‍රතික්ෂේපය)ම ඔවුන්ගෙන් එළිදරව් විය. (මන්දයත්) ඔවුන් (මෙලොවට) ආපසු හරවා යැවූවද, ඔවුන්ට තහනම් කරනු ලැබ ඇති දැය දෙසටම නැවතත් යනු ඇත. නියත වශයෙන්ම ඔවුන් බොරුකාරයින් වශයෙන්ම සිටින්නාහ.

තමන් නැවත හරවා යවනු ලැබුවේ නම් දෙවියන් විශ්වාස කරන්නේ යැයි ඔවුන් පවසන අයුරින් එම කරුණ පවතින්නේ නැත. ඔවුන්ගේ ශරීරි අවයව ඔවුනට එරෙහි ව සාක්ෂි දරන විට, (අල්ලාහ් මත දිවුරා පවසමි, අපි ආදේශ කරන්නන් නොවූයෙමු යැයි පවසා) ඔවුන් සගවා සිටි ඔවුන්ගේ ප්රකාශය ඔවුනට හෙළිවනු ඇත. සැබැවින්ම ඔවුන් මෙලොවට නැවත එවනු ලබන්නට නියම කරනු ලැබුවත් ඔවුනට තහනම් කරන ලද දේව ප්රතික්ෂේපය හා දෙවියන්ට ආදේශ තැබීම වෙත නැවත යොමු වනු ඇත. සැබැවින්ම තමන් නැවත හරවා යවනු ලැබූ විට දේවත්වය විශ්වාස කරන බවට වූ ඔවුන්ගේ තර්කයෙහි ඔවුන් බොරුකාරයෝය.

Al-An'aam 6:28Listen in Qur'an →
29

وَقَالُوٓا۟ إِنْ هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ

තවද “මෙලොවෙහි අපි ජීවත් වනවා මිස, (මරණයට පත් වූවායින් පසු වෙනත් ජීවිතයක්) නැත. එබැවින් (මරණයෙන් පසු) අපිට පණ දී නැගිට්ටවනු නොලබන්නෙමු” යයිද ඔවුන් පවසන්නාහ.

අප කවර ජීවිතයක සිටින්නේද එම ජීවිතය හැර වෙනත් ජීවිතයක් නැත. විනිශ්චය සඳහා අපි යළි අවදි කරනු නොලබන්නෙමු යැයි දෙවියන්ට ආදේශ තැබූ මොවුහු පවසා සිටියහ.

Al-An'aam 6:29Listen in Qur'an →
30

وَلَوْ تَرَىٰٓ إِذْ وُقِفُوا۟ عَلَىٰ رَبِّهِمْ ۚ قَالَ أَلَيْسَ هَٰذَا بِٱلْحَقِّ ۚ قَالُوا۟ بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

(මෙසේ පවසන) ඔවුන් (පණ දී) තමන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙහි නවතා තබනු ලබන විට, (නබියේ! ඔවුන්ව) ඔබ දකින්නෙහි නම්, (ඒ අවස්ථාවේදී, දෙවියන් ඔවුන්ට “විනිශ්චය දිනය වන) මෙය ඇත්ත නොවෙද?”යි විමසනු ඇත. (එයට) ඔවුන් “අපගේ දෙවියන් මත සත්තකින්ම! ඇත්තය” යයි පවසන්නාහ. (එයට) ඔවුන් “(මෙය) ඔබ ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් (නිරා) දඬුවම ඔබ (පොඩියක්) විඳ බලනු” යයි පවසනු ඇත.

අහෝ දූතය! ඔබේ පරමාධිපති ඉදිරියේ යළි අවදි කිරීම ප්රතික්ෂේප කළවුන් සිටුවා තබනු ලබන අවස්ථාව ඔබ දුටුවේ නම් අල්ලාහ් ‘ඔබ බොරු කරමින් සිටි යළි අවදි කිරීමේ මෙම අවස්ථාව කිසිදු සැකයකට හෝ කුතුහලයකට ඉඩක් නැති සැබෑවක් හා ස්ථිර කරුණක් නොවීදැයි විමසා සිටියදී ඔවුහු “අප ව මැවූ අපගේ පරමාධිපති මත දිවුරමු. සැබැවින්ම එය සත්යයකි. එහි කිසිදු සැකයක් නැත. ස්ථීරය.” යැයි පවසති. එවිට ඒ සම්බන්ධයෙන් අල්ලාහ් ඔවුනට මෙසේ පවසයි. “අද දිනය පිළිබඳ ඔබ ප්රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔබ දඬුවම භුක්ති විඳිනු. ඔබ එය මෙලොව ජීවිතයෙහි බොරු කරමින් සිටියෙහුය.” මෙමගින් ඔවුන්ගේ නපුරු තත්ත්වය පුදුමයෙන් බලනු ඇත.

Al-An'aam 6:30Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.