Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 165

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَجَعَلَ ٱلظُّلُمَٰتِ وَٱلنُّورَ ۖ ثُمَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ يَعْدِلُونَ

සියලූ ප්‍රශංසා අල්ලාහ්ටම අයිතිය! ඔහුම අහස්ද, භූමියද උත්පාදනය කළේය. අන්ධකාරයන්ද, දීප්තිමත් ආලෝකයන්ද ඇති කළේද ඔහුය. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් (අල්ලාහ් වන) තමන්ගේ දෙවියන්ට (බොරු දෙවිවරුන්ව) සම කරන්නාහ.

නිරපේක්ෂ පරිපූර්ණත්වය පිළිබඳ වර්ණනාව හා ආදරයත් සමඟ උසස් ගුණාංග ගැන ප්රශංසා ව අල්ලාහ් සතුය. ඔහු කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස හා මහපොළොව මැව්වේය. රාත්රිය හා දහවල මාරුවෙන් මාරුව එකින් පසු එකක් ගමන් කරන සේ මැව්වේය. රාත්රිය අන්ධකාරවත් කළේය. රාත්රිය ආලොක්මත් කළේය. මෙසේ තිබියදීත් ප්රතික්ෂේප කළවුන් ඔහු හැර වෙනත් දෑ ඔහුට සම කරති. ඔහුට හවුල්කරුවන් පත් කරති.

2

هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن طِينٍۢ ثُمَّ قَضَىٰٓ أَجَلًۭا ۖ وَأَجَلٌۭ مُّسَمًّى عِندَهُۥ ۖ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ

ඔහුම ඔබව කිරිමැටියෙන් උත්පාදනය කර, (ඔබට හිමි) ජීවිත කාලයද (සඳහන් කර), මනක්කල්පිත කළ තැනැත්තාය. ඔහු වෙත (ඔබගේ විනිශ්චය සඳහාද) එක් නියමිත කාලයක් ඇත. එහෙත් ඔබ (ඔහුගේ දේවත්වය) සැක කරන්නෙහුය.

අහෝ! ජනයිනි, ඔබේ ආදි පියා ආදම් පසින් මැවීමෙන් ඔබ ව මවන්නට පටන් ගත් ඔබේ මැවුකරු සුවිශුද්ධය. පසු ව මෙලොව ජීවිතයේ ඔබ ව ටික කලක් පදිංචි කරවා ඔහු හැර වෙනත් කිසිවකු නොදන්නා ආයුෂ කාලයක් ඔබට ඔහු පිරිනැමීය. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක්ය. පසු ව යළි අවදි කිරීමේ ඔහුගේ බලය පිළිබඳ ඔබ සැක කරන්නෙහුය.

3

وَهُوَ ٱللَّهُ فِى ٱلسَّمَٰوَٰتِ وَفِى ٱلْأَرْضِ ۖ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ

අහස්හිද භූමියෙහිද, (නැමදුමට හිමි තැනැත්තා) ඔහුය. ඔහු ඔබගේ රහස්ද, ඔබගේ එළිදරව් දැයද හොඳින් දන්නේය. (හොඳ හෝ නරක හෝ කර), ඔබ සොයා ගන්නා සියල්ලද හොඳින් දන්නේය.

අහස් හා මහපොළොවේ නැමදුම් ලබන්නට සුදුස්සා ඔහුය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔබ සඟවන චේතනා ප්රකාශ හා ක්රියා ඔහු මැනවින් දනී. එමෙන්ම එලෙස ඔබ දන්වා සිටින දෑ ද ඔහු මැනවින් දනී. ඒ සඳහා ඔහු මතු ප්රතිඵල පිරිනමනු ඇත.

4

وَمَا تَأْتِيهِم مِّنْ ءَايَةٍۢ مِّنْ ءَايَٰتِ رَبِّهِمْ إِلَّا كَانُوا۟ عَنْهَا مُعْرِضِينَ

(මෙසේ තිබියදී ප්‍රතික්ෂේප කරන්නන් නම්), තමන්ගේ දෙවියන්ගේ ආයාවන්ගෙන් කුමක් ඔවුන් වෙත පැමිණියද, එය ඔවුන් ප්‍රතික්ෂේප නොකර සිටින්නේ නැත.

ආදේශ කරන්නන් වෙත ඔවුන්ගේ පරමාධිපති වෙතින් යම් සාධකයක් පැමිණි විට ඔවුහු එය නොසලකා හැර අහහැර දැමූහ. අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කරමින් පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි ඔවුන් වෙත පැමිණියේය. ඔහුගේ දූතයාණන් තහවුරු කරමින් ද පැහැදිලි සංඥා පැමිණියේය. එසේ තිබියදීත් ඔවුහු එය නොසලකා හැර පිටුපෑහ.

5

فَقَدْ كَذَّبُوا۟ بِٱلْحَقِّ لَمَّا جَآءَهُمْ ۖ فَسَوْفَ يَأْتِيهِمْ أَنۢبَٰٓؤُا۟ مَا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

නමුත් ඔවුන් වෙත පැමිණ තිඛෙන මෙම සත්‍ය (ධර්මය)ද ඔවුන් බොරු කරන්නාහ. එහෙත් මෙම කාරණාවන් ගැන (ඒවා බොරු දැය යයි) ඔවුන් සමච්චල් කරමින් සිටින්නේද, ඒවා (ඇත්තෙන්ම) ඔවුන් වෙත අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය.

ඔවුන් එම පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි ප්රතික්ෂේප කළේ නම් ඊට වඩාත් පැහැදිලි ව ඇති දෑ ද ප්රතික්ෂේප කරනු ඇත. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කුර්ආනයේ කවර කරුණක් ගෙන ආවේද එය ඔවුහු බොරු කළහ. ඔවුන් අපහාස කරමින් සිටි දෑ සත්යය බව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් දඬුවම දකින විට දැන ගනු ඇත.

6

أَلَمْ يَرَوْا۟ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍۢ مَّكَّنَّٰهُمْ فِى ٱلْأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا ٱلسَّمَآءَ عَلَيْهِم مِّدْرَارًۭا وَجَعَلْنَا ٱلْأَنْهَٰرَ تَجْرِى مِن تَحْتِهِمْ فَأَهْلَكْنَٰهُم بِذُنُوبِهِمْ وَأَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قَرْنًا ءَاخَرِينَ

ඔවුන්ට පෙර කොපමණදෝ සමූහයන්ව අපි විනාශ කර ඇත්තෙමු යන්න ඔවුන් දුටුවේ නැද්ද? භූමියෙහි ඔබට අපි කර නොදුන් සැප පහසුකම් ඔවුන්ට අපි කර දී ඇත්තෙමු. අහස්හි සිට ඔවුන් වෙනුවෙන් ඝන වර්ෂාව වසින්නට සලස්වා, ඔහුගේ (පාලනය) යටතේ දිය දහරාද සදාකල් ගලා බසිමින් සිටින සේ සැලැස්සුවෙමු. (එහෙත් ඔවුන් පාපයෙහිම ගැලී ගියහ). එබැවින් ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන් ඔවුන්ව විනාශ කර දැමුවෙමු. ඔවුන්ගෙන් පසු වෙනත් සමූහයක් උත්පාදනය කළෙමු.

අපරාධකාරී සමූහයා විනාශ කිරීමේ අල්ලාහ්ගේ පිළිවෙත මෙම දේව ප්රතික්ෂේපකයෝ නොදන්නෝද? මෙම ප්රතික්ෂේපකයින් වෙත දෙනු නොලැබූ අයුරින් ඔවුනට පෙර සිටි බොහෝ සමූහයන් වෙත මහපොළොවේ වාසය කිරීමටත් පාලන කිරීමටත් අවශ්ය සාධක අල්ලාහ් පිරිනමා තිබුණ ද ඔවුන්ගේ වැරදි හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන් වෙත විටින් විට වර්ෂාව ඇද හැළෙන්නට සලස්වා ඔවුන්ගේ නවාතැන් වලට පහළින් ගංගා ගලා යන්නට සැලස් වීය. නමුත් ඔවුහු අල්ලාහ්ට පිටුපෑහ. ඔවුන් සිදු කළ වැරද්ද හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන්ගෙන් පසු වෙනත් සමූහයන් ඔහු බිහි කළේය.

7

وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَٰبًۭا فِى قِرْطَاسٍۢ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ

කඩදාසියෙහි ලියන ලද ධර්මයක්ම අපි ඔබ කෙරෙහි පහළ කර, එය ඔවුන් තමන්ගේ අත්වලින් ස්පර්ශ කර බලා තිබුණද “මෙය ප්‍රකට සූනියමක් මිස, වෙන කිසිවක් නැත” යයිම නියත වශයෙන්ම මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසා ඇත්තාහ.

අහෝ! දූතය, ඔබ වෙත පත්රිකාවල ලියන ලද පුස්තකයක් පහළ කොට ඔවුන්ගේ දෑස් වලින්ම එයට සාක්ෂි දරා තම අත් වලින් එම පුස්තකය ස්පර්ශ කර තහවුරු කර ගත්ත ද ඔවුන් අතර ඇති ප්රතික්ෂේපය හා මුරණ්ඩුකම හේතුවෙන් ඔවුහු එය විශ්වාස නොකරති. ඔබ කවර දෙයක් ගෙන ආවේ ද එය පැහැදිලි සූනියමක් මිස ගණන් ගනු නොලැබේ. එහෙයින් අපි එය කිසිවිටක විශ්වාස නොකරන්නෙමු යැයි පවසා සිටියෝය.

8

وَقَالُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ مَلَكٌۭ ۖ وَلَوْ أَنزَلْنَا مَلَكًۭا لَّقُضِىَ ٱلْأَمْرُ ثُمَّ لَا يُنظَرُونَ

තවද (‘මොහු සත්‍ය දූතයෙකි’ යයි සාක්ෂි දරන්නට) ‘එක් මලායිකාවරයෙකු යැවිය යුතු නොවේද?’යි ඔවුන් පැවසූහ. (ඔවුන් කැමති වන අන්දමටම) අපි එක් මලායිකාවරයෙකු යවා තිබුනේ නම්, (ඔවුන්ගේ) කාරණාව අවසන් වී තිඛෙන්නට ඉඩ තිබුණි! පසුව (එහි) ඔවුන්ට කිසිම කාල අවකාශයක්ද නොලැඛෙන්නට ඉඩ තිබුණි. (එවෙලේම ඔවුන් විනාශ වී යන්නට ඉඩ තිබුණි).

අප සමග කතා කරන, සැබැවින්ම තමන් දූතයකු බවට සාක්ෂි දරන මලක්වරයකු ඔහු සමග අල්ලාහ් පහළ කළේ නම් සැබවින්ම අපි විශ්වාස කරන්නෙමු යැයි මෙම දේව ප්රතික්ෂේපකයෝ පවසා සිටියහ. ඔවුන් සිතන, විස්තර කරන ලද මලක්වරයකු අපි පහළ කළ ද ඔවුන් විශ්වාස නොකළ විට අපි ඔවුන් විනාශ කරන්නෙමු. එය පහළ වන විට පාප ක්ෂමාව අයැදින තෙක් කල් දෙනු නොලැබේ.

9

وَلَوْ جَعَلْنَٰهُ مَلَكًۭا لَّجَعَلْنَٰهُ رَجُلًۭا وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ

(නැතහොත් අපගේ) දූතයාව මලායිකාවරයෙකු වශයෙන්ම යැවුවා වුවද, (ඔවුන්ට, ඔවුන්ව දකින්නට ඇති ශක්තියක් නොමැති බැවින්) ඔහුවත් එක් මිනිසෙකුගේ හැඩරුවෙන්ම යවන්නෙමු. (ඒ අවස්ථාවේදීද) දැන් ඇති සැකයම ඔවුන්ට අපි ඇති කළ අයෙකුම වන්නෙමු.

ඔවුන් වෙත එවනු ලබන්නා මලක්වරයකු ලෙස අපි පත් කළ ද ඔහු ගැන ඇසීමට හා ඔහු ගැන කතා කිරීමට ඔවුනට හැකි වන සේ මිනිසකුගේ ස්වරූපයෙන්ම පත් කරන්නෙමු. එසේ නොවේ නම්, අල්ලාහ් ඔහු ව මවා ඇති ස්වරූපය අනුව මලක්වරයා සමග එලෙස කටයුතු කිරීමට නොහැකි වනු ඇත. අපි ඔහු ව මිනිසෙකුගේ ස්වරූපයෙන් මැව්වේ නම් ද ඔහුගේ කටයුතු ඔවුනට කුතුහලය ඇති කරනු ඇත.

10

وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍۢ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُوا۟ مِنْهُم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

(නබියේ!) ඔබට පෙර පැමිණි (අපගේ අනිත්) දූතයින්ද, නියත වශයෙන්ම (මේ අන්දමටම) සමච්චලයට ලක් කරනු ලැබූහ. අවසානයේදී ඔවුන් (කුමන දඬුවමක් ගැන) සමච්චල් කරමින් සිටියෝද, එය ඔවුන්ව වට කර ගත්හ.

ඔබ සමග මලක්වරයකු පහළ වීම සම්බන්ධයෙන් ඔවුන් විමසා අපහාස කරන්නේ නම් ඔබට පෙර සිට සමූහයන් ඔවුන්ගේ දූතවරුන්හටද අපහාස කර ඇත. ඔවුන් කවර දෙයක් ප්රතික්ෂේප කරමින් හා අපහාස කරමින් සිටියේද ඔවුන් බිය ගන්වමින් දඬුවම ඔවුන් සර්වප්රකාරයෙන් වට කරනු ඇත.

Al-An'aam 6:10Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.