Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 161–165 of 165

161

قُلْ إِنَّنِى هَدَىٰنِى رَبِّىٓ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ دِينًۭا قِيَمًۭا مِّلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًۭا ۚ وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ

“නියත වශයෙන්ම මගේ දෙවියන් මාව ඍජු මාර්ගයෙහි ඇතුළු කර හැරියේය. (එය) ඉතාමත් ස්ථීර වූ ධර්මය වන්නේය. (තවද මෙය) ඉබ්රාහීම්ගේ ඍජු මාර්ගය වන්නේය. ඔහු සමානයන් තබා නමදින්නන්ගෙන් (කෙනෙකු වශයෙන්) සිටියේ නැත” යයි (නබියේ!) ඔබ පවසනු මැනව!

අහෝ දූතයිනි, බොරුකාර මෙම ආදේශ තබන්නන් හට ඔබ මෙසේ පවසනු. සැබැවින්ම මම වනාහි මාගේ පරමාධිපති ඍජු මාර්ගය වෙත මට මග පෙන්වා ඇත. එය මෙලොවට හා මතුලොවට යහපත ගෙන දෙන ස්ථාවර දහමෙහි මාර්ගයයි. එය සත්යය වෙත නැඹුරු වූ ඉබ්රාහීම් අලය්හිස් සලාම් තුමාගේ පිළිවෙතයි. හෙතෙම කිසිවිටෙක අල්ලාහ්ට ආදේශ තබන්නන් අතුරින් කෙනෙකු නොවූහ.

Al-An'aam 6:161Listen in Qur'an →
162

قُلْ إِنَّ صَلَاتِى وَنُسُكِى وَمَحْيَاىَ وَمَمَاتِى لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ

(තවද) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම මගේ සලාතයද, මගේ පරිත්‍යාගයද, මගේ ජීවිතයද, මගේ මරණයද, ලෝකවාසීන්ව උත්පාදනය කර, පෝෂණය කර, සංවර්ධනය කරන අල්ලාහ්ටම අයත්ය”.

සැබැවින්ම මාගේ නැමදුමත් වෙනත් කිසිවකුගේ නාමය නොපවසා අල්ලාහ්ගේ නාමය පමණක් පවසා ඔහු වෙනුවෙන් කපන ලද මාගේ කැපය, මාගේ ජීවිතය, මාගේ මරණය යන ඒ සියල්ල සියලු මැවීම්හි පරමාධිපති අල්ලාහ්ට පමණක් සතුය. ඒවායෙහි කිසිදු කොටසක් ඔහු හැර වෙන කිසිවකුට නැත.

Al-An'aam 6:162Listen in Qur'an →
163

لَا شَرِيكَ لَهُۥ ۖ وَبِذَٰلِكَ أُمِرْتُ وَأَنَا۠ أَوَّلُ ٱلْمُسْلِمِينَ

“ඔහුට කිසිම සමානයක් නැත. (සහායයෙකුද නැත). මේ ආකාරයටම මා අණ කරනු ලැබ ඇත්තෙමි. එබැවින් (ඔහුට අවනත වූ) මුස්ලිම්වරුන්ගෙන් පළමුවැන්නා වන්නෙමි” (යයිද පවසනු මැනව!)

ඔහු සුවිශුද්ධය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. ඔහු හැර නැමදුමට වෙනත් කිසිදු සුදුස්සෙකු නොමැත. දේව ආදේශයෙන් පිවිතුරු ඒකදේවත්වය පිළිබඳ අල්ලාහ් මට නියෝග කළේය. මෙම සමූහයා අතුරින් ඔහුට අවනත වූ පළමුවැන්නා මම වෙමි.

Al-An'aam 6:163Listen in Qur'an →
164

قُلْ أَغَيْرَ ٱللَّهِ أَبْغِى رَبًّۭا وَهُوَ رَبُّ كُلِّ شَىْءٍۢ ۚ وَلَا تَكْسِبُ كُلُّ نَفْسٍ إِلَّا عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

(තවද) “අල්ලාහ්ම සියල්ල උත්පාදනය කර, පෝෂණය කරමින් සිටියදී ඔහු මිස, වෙන කිසිවෙකුත් මා හට දෙවියන් වශයෙන් මා ඇර ගන්නෙමිද? පාපයන් කරන සෑම ආත්මයක්ම තමන්ටම නපුර සොයා ගන්නේය. එබැවින් එක් ආත්මයක (පාපයන්හි) බර, වෙනත් ආත්මයක් උසුලන්නේ නැත. (මරණයට පත් වීමෙන්) පසු ඔබ සියල්ලන්ම ඔබ දෙවියන් වෙතම යන්නෙහුය. ඔබ අදහස් උදහස් වලින් භේද බින්න වී සිටීම ගැන (ඒවායෙන් කුමක් වැරදිද, කුමක් හරිද යන්න ඒ අතරතුරදී) ඔහු ඔබට දැනුම් දෙනු ඇත.

අහෝ දූතය! මෙම ආදේශ තබන්නන් හට මෙසේ පවසනු. "සියලුම දෑහි පරමාධිපති වූ උත්තරීතර පිවිතුරු අල්ලාහ් හැර දමා වෙනත් පාලකයකු මා සොයන්නෙම්ද? ඔහු හැර ඔබ විසින් නමදිනු ලබන දෑහි පරමාධිපති ඔහුය. වෙනත් කෙනෙකුගේ පාපයක් නිරපරාධියෙකු මත පටවනු නොලැබේ. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ නැවත හැරී යනුයේ ඔබේ පරමාධිපති වෙතමය. එවිට ඔබ මෙලොවෙහි කවර ආගමික කටයුත්තක මතභේද ඇති කර ගත්තේද ඒ ගැන ඔහු ඔබට දන්වා සිටිනු ඇත."

Al-An'aam 6:164Listen in Qur'an →
165

وَهُوَ ٱلَّذِى جَعَلَكُمْ خَلَٰٓئِفَ ٱلْأَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍۢ دَرَجَٰتٍۢ لِّيَبْلُوَكُمْ فِى مَآ ءَاتَىٰكُمْ ۗ إِنَّ رَبَّكَ سَرِيعُ ٱلْعِقَابِ وَإِنَّهُۥ لَغَفُورٌۭ رَّحِيمٌۢ

ඔහුම (තම) නියෝජිතයින් වශයෙන් භූමියෙහි ඔබව පත් කර ඇත්තේය. තවද ඔබගෙන් සමහරෙකුව අනිත් අයට වඩා පදවිවලින් උසස් කර ඇත්තේය. (මෙමගින්) ඔබට ලබා දී ඇති දැයෙන් (ඔබ කෙසේ නම් කටයුතු කරන්නේදැයි) ඔබව පිරික්ෂා කරන්නේය. (නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් දඬුවම් කිරීමෙහි ඉතාමත් තීව්‍රවන්තයෙකි. එහෙත් නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා ඉමහත් දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.

"මහපොළොව පාලනය කිරීම සඳහා ඔබට පෙර එහි විසූවන් නියෝජනය කරන්නන් ලෙස අල්ලාහ් ඔබව පත් කළේය. මැවීමෙහි හා පෝෂණ සම්පත්හි මෙන්ම වෙනත් දෑහි ඔබ අතුරින් ඇතැමෙක් ඇතැමුකුට වඩා තරාතිරමෙන් ඔහු උසස් කළේය. එය ඔබට පිරිනැමූ මෙවන් දෑ තුළින් ඔබව ඔහු පරීක්ෂණයට භාජනය කරනු පිණිසය. අහෝ දූතය සැබැවින්ම ඔබේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. එමෙන්ම ඔහුගේ ගැත්තන් අතුරින් කවරෙකු පව් සමාව අයැද සිටින්නේද සැබැවින්ම ඔහු කෙරෙහි ඔහු අතික්ෂමාශීලීය. මහා කාරුණිකය."

Al-An'aam 6:165Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.