Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 151–160 of 165

151

۞ قُلْ تَعَالَوْا۟ أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ ۖ أَلَّا تُشْرِكُوا۟ بِهِۦ شَيْـًۭٔا ۖ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًۭا ۖ وَلَا تَقْتُلُوٓا۟ أَوْلَٰدَكُم مِّنْ إِمْلَٰقٍۢ ۖ نَّحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ ۖ وَلَا تَقْرَبُوا۟ ٱلْفَوَٰحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ ۖ وَلَا تَقْتُلُوا۟ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ

(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “එනු! ඔබගේ දෙවියන් ඔබට තහනම් කරනු ලැබූ දැයද, (නියෝග කර ඇති දැයද), මා ඔබට සමුදීරණය කර පෙන්වන්නෙමි. (ඒවා නම්), ඔහුට කිසිවක් ඔබ සමානයන් නොකරනු. (ඔබගේ) දෙමව්පියන්ට (ආදරයෙන් යුතුව) ස්තූති කරනු. දුගීභාවයට (බියෙන්) ඔබගේ දරුවන්ව ඔබ ඝාතනය නොකරනු. (මන්දයත්) ඔබටත් ඔවුන්ටත් අපිම ආහාර ලබා දෙන්නෙමු. රහසින් හෝ ප්‍රසිද්ධියේ හෝ ඇති අවමන් ගෙන දෙන කාරණාවන් කිසිවකටත් ළං නොවනු. (ඝාතනය නොකළ යුතුය යයි) අල්ලාහ් තහනම් කරන ලද කිසිම මිනිසෙකු අසාධාරණයේ ඝාතනය නොකරනු. ඔබ (වැරදි නොකරන ලෙසට) වටහා ගනු පිණිස, මේවා (දෙවියන්) ඔබට (විස්තර කර) දේශනා කරන්නේය.

අහෝ දූතය! ඔබ ජනයාට මෙසේ පවසනු. ජනයිනි, ඔබ එනු. අල්ලාහ් තහනම් කළ දෑ මම ඔබට කියවා පෙන්වමි. ඔහුගේ මැවීම් අතුරින් යමක් ඔහුට ඔබ ආදේශ තැබීමත් ඔබේ දෙමාපියන්ට ඔබ හිංසා කිරීමත් ඔහු ඔබට තහනම් කළේය. ඔවුන් සමග උපකාරශීලී ව කටයුතු කිරීම ඔබට අනිවාර්යය වේ. එමෙන්ම අඥාන යුගයේ ජනයා සිදු කළාක් මෙන් දිළිඳුකම හේතුවෙන් ඔබේ දරුවන් ඔබ ඝාතනය කිරීමත් ඔහු තහනම් කළේය. ඔබට ආහාර සම්පත් පිරිනමනුයේත් ඔවුනට ආහාර සම්පත් පිරිනමනුයේත් අපමය. ප්රසිද්ධියේ හෝ රහසිගත ව සිදුවන අශීලාචාර කටයුතු වලට ඔබ සමීප වීමත් ඔහු තහනම් කළේය. විවාහක කෙනෙකු දුරාචාරයේ යෙදීම රාජ්ය ද්රෝහී කටයුතු වල නිරත වීම වැනි මරණ දඬුවම නියම වන සාධාරණ හේතුවකින් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් නිරපරාදේ ඝාතනය කිරීමත් තහනම් කළේය. ඉහත සඳහන් කළ කරුණු ඔහු ඔබට උපදෙස් දී ඇත්තේ අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ නියෝග හා ඔහු තහනම් කළ දෑ පිළිබඳ ඔබ වටහා ගනු පිණිසය.

Al-An'aam 6:151Listen in Qur'an →
152

وَلَا تَقْرَبُوا۟ مَالَ ٱلْيَتِيمِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُۥ ۖ وَأَوْفُوا۟ ٱلْكَيْلَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ ۖ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَإِذَا قُلْتُمْ فَٱعْدِلُوا۟ وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۖ وَبِعَهْدِ ٱللَّهِ أَوْفُوا۟ ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَذَكَّرُونَ

“අනාථයින්ගේ දේපළ -ඔවුන් වැඩි වියට පත් වන තුරුසාධාරණ ක්‍රමයකින් මිස, අත නොතබනු. මිම්ම (නියමිත මිම්මක් මගින්) පූරණ වශයෙන් මනිනු. බර සාධාරණ ලෙස කිරිනු. කිසිම ආත්මයක් එහි ශක්තියට වඩා අපි බල කරන්නේම නැත. ඔබ කුමක් පැවසුවා වුවද, (එමගින් බලපෑමට ලක් වන්නන් ඔබගේ) ඥාතීන් වුවද (කම් නැත), සාධාරණයම පවසනු. ඔබ අල්ලාහ් වෙත දුන් පොරොන්දුව පූරණ වශයෙන් ඉටු කරනු. ඔබ හොඳ හැඟීමක් ලබා ගැනීම පිණිසම මේවා ඔහු ඔබට ඔවදන් වශයෙන් දෙන්නේය.

(වැඩිවියට පත් වීමට පෙර තම පියා මිය ගිය) අනාථයාගේ ධනය පරිහරණය කිරීමත් අල්ලාහ් තහනම් කළේය. නමුත් එහි ඔහුට යම් ප්රයෝජනයක් හෝ යහපතක් ඇත්නම් ඔහු වැඩිවියට පත් වන තෙක් ඔහුගේ ධනය වර්ධනය කළ හැකිනම් හෝ එමගින් ඔහුට මගක් පාදා දිය හැකි නම් එසේ පරිහරණය කිරීම වදරක් නැත. එමෙන්ම කිරුම් මිනුම් වල අඩුපාඩු ඇති කිරීමත් ඔබට තහනම් කළේය. ව්යාපාර ගනුදෙනු වලදී සාධාරණත්වය පිළිපැඳීම ඔබේ අනිවාර්යය වගකීමයි. කිසිදු ආත්මයකට එහි හැකියාවේ තරමට මිස කිසිවක් නොපැටවිය යුතුයි. ගනුදෙනු වලදී වැඩි කිරීම හෝ අඩු කිරීම වැළැක්විය නොහැකි කරුණක් නම් එහිදී එය වරදක් ලෙස නොසැලකේ. යම් කිසි තොරතුරක් හෝ සාක්ෂියක් ලබා දීමේදී කිසිදු පක්ෂපාතීත්වයකට හෝ මිතුරුකමකට බැඳී නිවැරදි නොවන දෑ පැවසීමත් ඔබට ඔහු තහනම් කළේය. එමෙන්ම ඔබ අල්ලාහ්ට යම් පොරොන්දුවක් දී ඇත්නම් හෝ ප්රතිඥාවක් ඔහුගෙන් ගෙන ඇත්නම් හෝ ඔහුගේ පොරොන්දු හා ප්රතිඥා කඩ කිරීමත් ඔහු ඔබට තහනම් කළේය. එය ඉටු කිරීම ඔබේ වගකීමය. ඉදිරිපත් කරන ලද මේවා අල්ලාහ් ඔබට ස්ථීර ලෙස අණ කර ඇති දෑ ය. එසේ ඔබට අණ කර ඇත්තේ ඔබේ කටයුතු වල අවසානය ඔබ මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙනි.

Al-An'aam 6:152Listen in Qur'an →
153

وَأَنَّ هَٰذَا صِرَٰطِى مُسْتَقِيمًۭا فَٱتَّبِعُوهُ ۖ وَلَا تَتَّبِعُوا۟ ٱلسُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِۦ ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَتَّقُونَ

“නියත වශයෙන්ම මෙයයි මගේ ඍජු මාර්ගය වන්නේ; එයම ඔබ අනුගමනය කරනු. වෙනත් මාර්ග අනුගමනය නොකරනු. ඒවා ඔහුගේ මාර්ගයෙන් ඔබව වෙන් කර හරිනු ඇත. ඔබ පරිශුද්ධ වීම සඳහා දෙවියන් මේවා ඔබට හොඳ ඔවදන් වශයෙන් දෙන්නේය” (යයිද පවසනු මැනව!)

නොමග හා එයට අදාළ මාර්ග අනුගමනය කිරීමත් ඔහු ඔබට තහනම් කළේය. ඔබ අනුගමනය කළ යුත්තේ කිසිදු ඇදයක් නොමැති අල්ලාහ්ගේ ඍජු මාර්ගය පමණි. නොමග ගිය මාර්ග සත්යයෙන් දුරස් කරවා එයින් වෙන් කිරීමට කටයුතු කරයි. අල්ලාහ් ඔබට උපදෙස් දී ඇත්තේ ඔහුගේ ඍජු මාර්ගය අනුගමනය කිරීමටය. එය ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව ඔබ කටයුතු කිරීමේ අපේක්ෂාවෙනි.

Al-An'aam 6:153Listen in Qur'an →
154

ثُمَّ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ تَمَامًا عَلَى ٱلَّذِىٓ أَحْسَنَ وَتَفْصِيلًۭا لِّكُلِّ شَىْءٍۢ وَهُدًۭى وَرَحْمَةًۭ لَّعَلَّهُم بِلِقَآءِ رَبِّهِمْ يُؤْمِنُونَ

හොඳක් කළ අය කෙරෙහි (අපගේ වරප්‍රසාදයන්) පූරණ කර තැබීම පිණිස පසුවත් අපි මූසාට එක් ධර්මයක් ලබා දුන්නෙමු. (එහි) සෑම කාරණාවක්ම පැහැදිලිව විවරණය කරනු ලැබ ඇත්තේය. තවද (එය) ඍජු මාර්ගයක් වශයෙන්ද, (දෙවියන්ගේ) වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය. ඔවුන් තමන්ගේ දෙවියන්ව හමු වන්නෙමු යයි ස්ථීර වීම පිණිසම (එය ලබා දුන්නෙමු).

මෙනෙහි කරනු ලැබූ දෑ දන්වා සිටීමෙන් පසුව, සැබැවින්ම මූසා (අලය්හිස් සලාම්) දැහැමි ලෙස කටයුතු කර ඇති බැවින් ඒ සඳහා ප්රතිඵලයක් වශයෙන් පූර්ණ ආශිර්වාදයක් ලෙසත් දහමෙහි අවශ්ය සියලු දෑ පැහැදිලි කරන්නක් ලෙසත් සත්ය තහවුරු කරන සාධකයක් ලෙසත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ හමුව විශ්වාස කොට දැහැමි කටයුතු සිදු කොට ඒ සඳහා සූදානම් වීමේ ආශාව ඇති කරන ආශිර්වාදයක් ලෙසත් අපි ඔහුට තව්රාතය පිරිනැමුවෙමු.

Al-An'aam 6:154Listen in Qur'an →
155

وَهَٰذَا كِتَٰبٌ أَنزَلْنَٰهُ مُبَارَكٌۭ فَٱتَّبِعُوهُ وَٱتَّقُوا۟ لَعَلَّكُمْ تُرْحَمُونَ

(මිනිසුනේ!) මෙයද ධර්ම ග්‍රන්ථයක් වේ. මෙය අපිම පහළ කළෙමු. (මෙය) ඉතාමත් භාග්‍යයෙන් යුක්තය. එබැවින් මෙයම ඔබ අනුගමනය කරනු. තවද (ඔහුට) බිය වී (පාපයන්ගෙන් ඈත්) වනු. එමගින් ඔහුගේ දයාවට ඇතුළු වන්නෙහුය.

මෙම කුර්ආනය බොහෝ අභිවෘද්ධියන් සහිතව අප පහළ කළ පුස්තකයකි. එහි ලෞකික මෙන්ම ආගමික යහපත ඇතුළත්ව ඇත. එහෙයින් එහි පහළ කර ඇති දෑ ඔබ පිළිපදිනු. එයට පටහැනිව කටයුතු කිරීමෙන් ප්රවේසම් වනු. එවිට ඔබ කරුණාව ලැබීම අපේක්ෂා කළ හැක.

Al-An'aam 6:155Listen in Qur'an →
156

أَن تَقُولُوٓا۟ إِنَّمَآ أُنزِلَ ٱلْكِتَٰبُ عَلَىٰ طَآئِفَتَيْنِ مِن قَبْلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمْ لَغَٰفِلِينَ

(සමානයන් තබා නමදින අරාබිවරුනි! “යුදෙව්වන් හා ක්‍රිස්තියානුවන් ආදී) සමුහයන් දෙක කෙරෙහි (පමණක්ම) අපට පෙර ධර්මය පහළ කරනු ලැබීය. එබැවින් (ඔවුන්ගේ භාෂාව අපට නොදන්නා බැවින්) අපි එය කියවීමටද (කියවනු ඇසීමටද) නොහැකිව නොසැලකිලිමත් වූවෙමු” යයි ඔබ නොකියා සිටීමටද

අහෝ දෙවියන්ට ආදේශ කළ අරාබි ජාතිකයිනි! සැබැවින්ම අල්ලාහ් තව්රාතය හා ඉන්ජීලය පහළ කර ඇත්තේ අපට පෙර වූ යුදෙව්වන් හා කිතුනුවන්ටය. 'අප මත කිසිදු පුස්තකයක් පහළ නොකළේය. ඔවුන්ගේ පුස්තක අපේ බසින් නොව ඔවුන්ගේ බසින් තිබෙන බැවින් එය කියවීමට සැබැවින්ම අපි නොදනිමු.' යැයි ඔබ නොපවසනු පිණිසය.

Al-An'aam 6:156Listen in Qur'an →
157

أَوْ تَقُولُوا۟ لَوْ أَنَّآ أُنزِلَ عَلَيْنَا ٱلْكِتَٰبُ لَكُنَّآ أَهْدَىٰ مِنْهُمْ ۚ فَقَدْ جَآءَكُم بَيِّنَةٌۭ مِّن رَّبِّكُمْ وَهُدًۭى وَرَحْمَةٌۭ ۚ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَّبَ بِـَٔايَٰتِ ٱللَّهِ وَصَدَفَ عَنْهَا ۗ سَنَجْزِى ٱلَّذِينَ يَصْدِفُونَ عَنْ ءَايَٰتِنَا سُوٓءَ ٱلْعَذَابِ بِمَا كَانُوا۟ يَصْدِفُونَ

නැතහොත් “ඇත්තෙන්ම අප වෙනුවෙන් එක් ධර්මයක් පහළ කරනු ලැබ තිබුණේ නම්, නියත වශයෙන්ම අපි ඔවුන්ට වඩා ඉතාමත් දැහැමියන් වශයෙන් කටයුතු කර ඇත්තෙමු” යයි ඔබ නොකියා සිටීම පිණිසද, (අරාබි බසින් මෙම ධර්මය පහළ කළෙමු. එබැවින්) ඔබ දෙවියන්ගේ සන්නිධානයෙන් ඉතාමත් පැහැදිලි (ආයාවන්ගෙන් පිරි) ධර්මය ඔබ වෙත පැමිණ ඇත්තේය. (එය) ඍජු මාර්ගයක් වශයෙන්ද, (දෙවියන්ගේ) වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය. එබැවින් කවුරුන් අල්ලාහ්ගේ (මෙවැනි) ආයාවන් බොරු කර, ඒවායෙන් ඈත් වන්නේද, ඔහුට වඩා අපරාධකරුවා කවරෙක්ද? අපගේ ආයාවන්ගෙන් (මෙසේ) ඈත් වූවන්ට -ඔවුන් ඈත් වීමේ හේතුවෙන්- අපි දරුණු දඬුවම් ඵලවිපාක වශයෙන් දෙන්නෙමු.

යුදෙව්වන් හා කිතුනුවන් හට අල්ලාහ් පහළ කළාක් මෙන් පුස්තකයක් අපහටත් ඔහු පහළ කළේ නම් ඔවුනට වඩා අපි එහි ස්ථාවරව සිටින්නෙමු' යැයි ඔවුන් නොපවසනු පිණිසය. ඔබේ නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත ඔබේ බසින්ම අල්ලාහ් පහළ කළ පුස්තකයක් සැබැවින්ම ඔබ වෙත පැමිණ ඇත. එය පැහැදිළි සාක්ෂියකි. සත්යය වෙත මග පෙන්වීමකි. මෙම සමූහයාට ආශිර්වාදයකි. එහෙයින් නිදහසට බොරු කාරණා ඉදිරිපත් නොකරනු. ව්යාජ කරුණු ඉදිරිපත් නොකරනු. අල්ලාහ්ගේ වදන් බොරු කොට එයින් වෙනතකට යොමු වූ අයකුට වඩා මහා අපරාධකරුවකු වෙනත් නැත. අපගේ වදන් පිටු පා වෙනතකට යොමුවන්නන්හට ඔවුන්ගේ එම පිටුපෑම හා වෙනතකට යොමු වීම සඳහා ප්රතිවිපාකයක් වශයෙන් නිරා ගින්නට ඇතුළත් කරමින් ඔවුන් දැඩි දඬුවමට ලක් කරන්නෙමු.

Al-An'aam 6:157Listen in Qur'an →
158

هَلْ يَنظُرُونَ إِلَّآ أَن تَأْتِيَهُمُ ٱلْمَلَٰٓئِكَةُ أَوْ يَأْتِىَ رَبُّكَ أَوْ يَأْتِىَ بَعْضُ ءَايَٰتِ رَبِّكَ ۗ يَوْمَ يَأْتِى بَعْضُ ءَايَٰتِ رَبِّكَ لَا يَنفَعُ نَفْسًا إِيمَٰنُهَا لَمْ تَكُنْ ءَامَنَتْ مِن قَبْلُ أَوْ كَسَبَتْ فِىٓ إِيمَٰنِهَا خَيْرًۭا ۗ قُلِ ٱنتَظِرُوٓا۟ إِنَّا مُنتَظِرُونَ

(පණ උදුරා ගැනීමට) මලායිකාවරුන් ඔවුන් වෙත පැමිණීම හෝ නැතහොත් ඔබ දෙවියන්ගේ (දඬුවම) පැමිණීම හෝ නැතහොත් ඔබගේ සාධකයන්ගෙන් සමහරක් පැමිණීම හෝ මිස, (වෙන කිසිවක්) ඔවුන් බලාපොරොත්තු වන්නෙහුද? ඔබ දෙවියන්ගේ සාධකයන් පැමිණෙන (අවසාන) දිනදී, පෙර විශ්වාස නොකර සිට, නැතහොත් විශ්වාස කර සිටියදීද කිසිම හොඳ ක්‍රියාවක් නොකර සිටීමෙන් අනතුරුව (එදින) ඔවුන් තබන විශ්වාසය කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. එබැවින් (ඔවුන්ට “එම විශාල සාධකයන්) ඔබත් බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම අපිත් බලාපොරොත්තුවෙන් සිටින්නෙමු” යයි (නබියේ!) ඔබ පවසනු මැනව!

මෙසේ බොරු කරන්නන් බලාපොරොත්තු වනුයේ මෙලොවෙහි තම ප්රාණ අත්පත් කිරීම සඳහා මරණයේ දූතයා හා ඔහුගේ සහකරුවන් ඔවුන් වෙත පැමිණීම හෝ මතු ලොවෙහි ජනයා අතර වෙන් කරන දින ඔබේ පරමාධිපති පැමිණ ඔවුන් අතර තීන්දු දී වෙන් කිරීම හෝ හිරු බටහිරෙන් උදාවීම වැනි ඔබේ පරමාධිපතිගේ ඇතැම් සංඥාවන් සිදු වන දින අවසන් හෝරාව පිළිබඳ පෙන්වා දෙන ඔබේ පරමාධිපතිගේ ඇතැම් සාධක පැමිණීම මිස වෙනකක් නොවේ. එදින දේව ප්රතික්ෂෙපකයාගේ දේව විශ්වාසය පලක් නොවනු ඇත. ඊට පෙර කිසිදු යහපතක් සිදු නොකළ දේව විශ්වාසියාටත් ඔහුගේ ක්රියාවන් පලක් නොවනු ඇත. අහෝ දූතය, මේවායින් කිසිවක් ඇති වන තෙක් ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම අප ද බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. යැයි දෙවියන්ට ආදේශ තබන මෙම බොරුකාරයින් හට ඔබ පවසනු.

Al-An'aam 6:158Listen in Qur'an →
159

إِنَّ ٱلَّذِينَ فَرَّقُوا۟ دِينَهُمْ وَكَانُوا۟ شِيَعًۭا لَّسْتَ مِنْهُمْ فِى شَىْءٍ ۚ إِنَّمَآ أَمْرُهُمْ إِلَى ٱللَّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُوا۟ يَفْعَلُونَ

කවුරුන් තම ධර්මය (තමන්ගේ කැමැත්තට අනුව කිහිප වතාවක්) පෙරළා (ඔවුන්ද) විවිධ සමූහයන්ට වෙන් වී ගියෝද, ඔවුන් සමග ඔබට කිසිම සම්බන්ධයක් නැත. ඔවුන්ගේ කාරණාවන් සියල්ල අල්ලාහ්ගේ සන්නිධානයේම ඇත්තේය. ඔවුන් කරමින් සිටි (මෙම නපුරු) දැය ගැන පසුව ඔහු ඔවුන්ට දැනුම් දෙනු ඇත.

සැබැවින්ම තම දහමින් කොටසක් පිළිපැද තවත් කොටසක් අතහැර දමමින් යුදෙව්වන් හා කිතුනුවන් අතර තම දහම වෙන්කර ගත්තවුන් වනාහි, ඔවුහු මතභේද වලින් පිරුණු පිරිසක් බවට පත් වූහ. අහෝ දූතය! ඔවුන්ගෙන් කිසිවක ඔබ නැත. ඔවුන් කවර මුළාවක පසුවන්නේද එයින් ඔබ නිදොස්ය. ඔබට ඇත්තේ ඔවුනට අවවාද කිරීම පමණි. ඔවුන්ගේ කටයුතු අල්ලාහ් වෙත භාර කරනු ලැබේ. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මෙලොවෙහි ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳ තොරතුරු ඔහු ඔවුනට දන්වා ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමයි.

Al-An'aam 6:159Listen in Qur'an →
160

مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ عَشْرُ أَمْثَالِهَا ۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجْزَىٰٓ إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ

කවුරුන් හෝ එක් දැහැමි දැයක් කළහොත් ඔහුට එවැනි දහ ගුණයක් (පින්) ඇත. කවුරුන් හෝ එක් පාපයක් කළහොත් එවැනිම දැයක් මිස, (අධික වශයෙන්) ඔහුට ඵලවිපාක දෙනු ලබන්නේ නැත. (වැරැද්දට අධික වශයෙන් දඬුවම් ලබා දී හෝ නැතහොත් පින් ඇති දැයට සරිලන ඵලවිපාක අඩු කර හෝ) ඔවුන්ට අපරාධයක් කරනු නොලබන්නාහ.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දෙවියන් පිළිබඳ විශ්වාස කරන්නන් යම් යහපතක් ගෙන ආවේ නම්, අල්ලාහ් ඔහුට එය දස ගුණයකින් ගුණ කර දෙනු ඇත. ඔහු යම් අයහපතක් ගෙන ආවේ නම් එහි සැහැල්ලු හා බැරෑරුම් තරමට අනුව එයට සමානව මිස ඉන් කිසිවක් වැඩි කර දඬුවම් නොකරන්නේමය. යහපත් ක්රියාවන්ට හිමි කුසල් අඩු කරමින් හෝ අයහපත් ක්රියාවන්ට හිමි දඬුවම් වැඩි කරමින් හෝ කිසිදු අසාධාරණයක් ඔවුනට කරනු නොලැබේ.

Al-An'aam 6:160Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.