Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 141–150 of 165

141

۞ وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ جَنَّٰتٍۢ مَّعْرُوشَٰتٍۢ وَغَيْرَ مَعْرُوشَٰتٍۢ وَٱلنَّخْلَ وَٱلزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُۥ وَٱلزَّيْتُونَ وَٱلرُّمَّانَ مُتَشَٰبِهًۭا وَغَيْرَ مُتَشَٰبِهٍۢ ۚ كُلُوا۟ مِن ثَمَرِهِۦٓ إِذَآ أَثْمَرَ وَءَاتُوا۟ حَقَّهُۥ يَوْمَ حَصَادِهِۦ ۖ وَلَا تُسْرِفُوٓا۟ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْرِفِينَ

(පන්දළමෙහි) විහිදී තිඛෙන වැල්ද, විහිදී නොයන පැළෑටීන්ද ඇති උයන් වතුද, ඉඳි ගස්ද, ආහාරයට ගත හැකි විවිධ (ගස්වැල්, පලා වර්ගද), ධාන්‍ය වර්ගද, (බැලු බැල්මට) එක සමානවද, (රසයෙන්) විවිධ වූ ඔලිව්ද, දෙළුම් (හා තවද විවිධ වර්ගයේ පලතුරු) ආදියද, ඔහුම උත්පාදනය කර ඇත්තේය. එබැවින් ඒවා ප්‍රයෝජනවත් වන්නේ නම්, ඒවා (ඕනෑ තරම්) ආහාරයට ගනු. ඒවා අස්වැන්න නෙලා ගන්නා කාලයෙහි (දෙවියන්ට ස්තූති කිරීම පිණිස) එහි ඔහුගේ කොටසද, (දුප්පතුන්ට) දෙනු. සීමාව ඉක්මවා (පුහු) වියදම් නොකරනු. මන්දයත් සීමාව ඉක්මවා (පුහු) වියදම් කරන්නන්ව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත.

මුදුන් මුල් වලින් තොරව මහපොළොව මතුපිටින් ව්යාප්තව වැඩෙන වතු හා මුදුන් මුල් සහිත උසින් වැඩෙන වතු සුවිශුද්ධ අල්ලාහ් මැව්වේය. ඔහු ඉඳි ගස් මැව්වේය. විවිධ ස්වරූපයන් හා රසයෙන් යුත් විවිධ පැළෑටි මැව්වේය. ඔලිව් හා දෙළුම් ද ඒවාට සමාන දෑ ද සුවයෙන් වෙනස් වූ දෑ ද ඔහු මැව්වේය. අහෝ ජනයිනි! ඒවා පලගැන්වූ විට එවායින් ඔබ අනුභව කරනු. ඒවා නෙළා ගන්නා දින එහි සතු සකාතය ඉටු කරනු. අනුභවයේ හා වියදම් කිරීමෙහි ආගමානුගත කළ සීමාවන් උල්ලංඝනය නොකරනු. ඒ දෙකෙහි හෝ ඒ දෙක හැර වෙනත් දෑහි තම සීමාවන් ඉක්මවා කටයුතු කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේ නැත.සැබැවින්ම සියල්ල මැව්වේ ඔහුය. ඔහු එය තම ගැත්තන් හට අනුමත කර ඇත. එහෙයින් ඒවා තහනම් කිරීමට දේව ආදේශකයින්හට කිසිදු අයිතියක් නැත.

Al-An'aam 6:141Listen in Qur'an →
142

وَمِنَ ٱلْأَنْعَٰمِ حَمُولَةًۭ وَفَرْشًۭا ۚ كُلُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ وَلَا تَتَّبِعُوا۟ خُطُوَٰتِ ٱلشَّيْطَٰنِ ۚ إِنَّهُۥ لَكُمْ عَدُوٌّۭ مُّبِينٌۭ

ගමේ සතුන්ගෙන් (සමහරක් ඔබගේ) බර ඔසවාගෙන යාමටද, (වෙනත් සමහරක් ඔබගේ) ආහාරය සඳහාද, (ඔහුම උත්පාදනය කර ඇත්තේය. එබැවින්) අල්ලාහ් ඔබට ලබා දී ඇති මෙවායෙන් (ආහාරයට ගත හැකි දැය) ඔබ අනුභව කරනු. (මෙහිදී) ෂෙයිතාන්ගේ පා සටහන් අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු ඔබට ප්‍රකට සතුරෙකු වන්නේය.

විශාල ව වැඩුණු ඔටුවන් වැනි ඒ මත බඩු පටවාගෙන යෑමට සුදුසු ගොවිපළ සතුන් හා එළුවන් වැනි එසේ බඩු පැටවීමේ කටයුතු සිදු කළ නොහැකි කුඩා ගණයේ සතුන් ඔබ වෙනුවෙන් බිහි කළේ ඔහුය. අහෝ ජනයිනි, අල්ලාහ් ඔබට පෝෂණය කළ ඔබට අනුමත කළ දැයින් ඔබ අනුභව කරන්න. දේව ආදේශකයින් සිදු කරන්නාක් මෙන් ඔහු අනුමත කළ දෑ තහනම් කිරීමේ හා තහනම් කළ දෑ අනුමත කිරීමේ ෂෙයිතාන්ගේ පියවරවල් ඔබ අනුගමනය නොකරනු. අහෝ ජනියිනි! නියත වශයෙන්ම ෂෙයිතාන් ඔබට ප්රකට සතුරෙකි. ඔහු එතුළින් ඔබ අල්ලාහ්ට පිටුපෑම අපේක්ෂා කරයි.

Al-An'aam 6:142Listen in Qur'an →
143

ثَمَٰنِيَةَ أَزْوَٰجٍۢ ۖ مِّنَ ٱلضَّأْنِ ٱثْنَيْنِ وَمِنَ ٱلْمَعْزِ ٱثْنَيْنِ ۗ قُلْ ءَآلذَّكَرَيْنِ حَرَّمَ أَمِ ٱلْأُنثَيَيْنِ أَمَّا ٱشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ ٱلْأُنثَيَيْنِ ۖ نَبِّـُٔونِى بِعِلْمٍ إِن كُنتُمْ صَٰدِقِينَ

(නබියේ! එම මෝඩයින්ට) ඔබ මෙසේ පවසනු: “(ආහාරයට ගත හැකි එළු, ගව, ඔටුවන් වැනි සතුන්) වර්ගයන් අටක් ඇත. (ඒවා නම්) බැටළුවන්ගෙන් (ගැහැනු පිරිමි) දෙවර්ගයකි; එළුවන්ගෙන් (ගැහැනු පිරිමි) දෙවර්ගයක් (ඇත). මෙම දෙවර්ගයෙන් පිරිමිද, නැතහොත් ගැහැනුද; නැතහොත් මේ දෙවර්ගයෙන් ඇති ගැහැනු සතුන්ගේ ගර්භයන්හි ඇති දැයද (දෙවියන්) තහනම් කර ඇත්තේ? ඇත්තෙන්ම ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, සාධකයන් සමග (මෙය) ඔබ මා හට දැනුම් දෙනු”.

අල්ලාහ් ඔබ වෙනුවෙන් වර්ග අටක් මවා ඇත්තේය. බැටළුවන්ගෙන් ගැහැනු පිරිමි ජෝඩුවක් ද එළුවන්ගෙන් දෙදෙනෙක් ද ඒවා අතුරිනි. අහෝ දූතය! දේවත්වය ප්රතික්ෂේප කරන්නන්හට ඔබ, ඒ ජෝඩු දෙකින් පිරිමි සතුන් දෙදෙනා පිරිමි යන හේතුවෙන් අල්ලාහ් එය තහනම් කර ඇත්තේ දැයි විමසනු? ඔවුහු එසේය යැයි පිළිතුරු දුන්නේ නම්, ගැහැනු සතුන් ඔබ තහනම් කරනුයේ ඇයි දැයි විමසනු. එසේ නැතහොත් ගැහැනු සතුන් දෙදෙනා ගැහැනු යන හේතුවෙන් සැබැවින්ම ඔහු එය තහනම් කර ඇත්තේදැ?යි විමසනු. ඔවුහු එසේය යැයි පැවසුවේ නම් ඔබ පිරිමි සතුන් දෙදෙනා තහනම් කරනුයේ ඇයි දැයි විමසනු. එසේ නැතහොත් එම ගැහැනු සතුන්ගේ ගැබ තුළ සිටින දෑ උන් එසේ ගැබේ දරා ගෙන සිටින හේතුවෙන් ඔහු එය තහනම් කර ඇත්තේ දැයි? විමසනු. එවිට ඔවුහු එසේය යැයි පැවසුවේ නම් ඔවුනට විටෙක ගැහැනු සතුන් තහනම් කරමින් තවත් විටෙක පිරිමි සතුන් තහනම් කරමින් ගැබ් තුළ ඇති දෑ අතර වෙන් කරනුයේ මන්දැයි ඔබ විමසනු. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සැබැවින්ම මෙම තහනම් කිරීම අල්ලාහ්ගෙන් වූවක් යැයි ඔබ කරන වාදයේ ඔබ සත්යවාදීන් නම් නිවරැදි දැනුම මත පදනම් වූයේ කුමක් දැයි ඔබ මට දන්වා සිටින්නැයි පවසනු.

Al-An'aam 6:143Listen in Qur'an →
144

وَمِنَ ٱلْإِبِلِ ٱثْنَيْنِ وَمِنَ ٱلْبَقَرِ ٱثْنَيْنِ ۗ قُلْ ءَآلذَّكَرَيْنِ حَرَّمَ أَمِ ٱلْأُنثَيَيْنِ أَمَّا ٱشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ ٱلْأُنثَيَيْنِ ۖ أَمْ كُنتُمْ شُهَدَآءَ إِذْ وَصَّىٰكُمُ ٱللَّهُ بِهَٰذَا ۚ فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًۭا لِّيُضِلَّ ٱلنَّاسَ بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

“ඔටුවන්ගෙන්ද (ගැහැනු පිරිමි) දෙවර්ගයකි. ගවයන්ගෙන්ද දෙවර්ගයක් (ඇත). මේ දෙවර්ගයේ ඇති පිරිමි සතුන්වද, නැතහොත් මේ දෙවර්ගයේ ඇති ගැහැනු සතුන්වද, නැතහොත් මේ දෙවර්ගයේ ගැහැනු සතුන්ගේ ගර්භයන්හි ඇති දැයද, (දෙවියන් විසින්) තහනම් කර ඇත්තේ?” යයි (නබියේ!) ඔබ විමසනු (මැනව!). “මෙසේ (තහනම් කර) අල්ලාහ් ඔබට (අණ කරනු ලැබුවේය යයි පවසනවා නොවෙද? එසේ ඔහු) නියෝග කළ අවස්ථාවේදී ඔබත් ඒ ඉදිරියේ සිටියෙහුද?” (යයිද නබියේ! ඔබ ඔවුන්ගෙන් විමසනු මැනව!). මනක්කල්පිතව අල්ලාහ් මත බොරු ගොතා කිසිම සාක්ෂියක් නොමැතිව (බුද්ධියක් නැති) ජනතාව, මාර්ගය වැරද යවන්නන්ට වඩා අපරාධකරුවන් කවරෙක්ද? නියත වශයෙන්ම අල්ලාහ් (මෙවැනි) අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.

වර්ග අටින් ඉතිරිය වනුයේ ඔටු ජෝඩුව හා ගව ජෝඩුවයි. අහෝ දූතය, දෙවියන්ට ආදේශ කරන්නන්ගෙන්: පිරිමිකම නිසාවෙන් හෝ ගැහැනුකම නිසාවෙන් හෝ ගැබ තුළ දරා සිටින පැටවුන් නිසාවෙන් අල්ලාහ් ඒවා තහනම් කර ඇත්තේදැයි විමසනු. එසේ නැතහොත් දේව ආදේශකයිනි, ඔබේ කල්පනය පරිදි ඔබ තහනම් කර ගත් මෙම ගොවිපළ සතුන් තහනම් කරමින් අල්ලාහ් ඔබට උපදෙස් දුන් බව පවසන එම අවස්ථාවේ ඔබ එහි පෙනී සිටියෙහිද? කිසිදු පදනමකින් තොරව ඍජු මාර්ගයෙන් ජනයා නොමග යවනු පිණිස අල්ලාහ් මත බොරු ගොතා පවසන ඔහු තහනම් නොකළ දෙයක් තහනම් කර ඇත්තේ යැයි ඔහු මත ගොතා පවසන පුද්ගලයාට වඩා මහා අපරාධකරුවකු හෝ වැරදිකරුවකු හෝ තවත් නැත. අල්ලාහ් මත බොරු ගොතා පවසන අපරාධකරුවන්හට යහ මග ලබන්නට අල්ලාහ් ආශිර්වාද නොකරනු ඇත.

Al-An'aam 6:144Listen in Qur'an →
145

قُل لَّآ أَجِدُ فِى مَآ أُوحِىَ إِلَىَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٍۢ يَطْعَمُهُۥٓ إِلَّآ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًۭا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍۢ فَإِنَّهُۥ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ ۚ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍۢ وَلَا عَادٍۢ فَإِنَّ رَبَّكَ غَفُورٌۭ رَّحِيمٌۭ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මිනිසා ආහාරයට ගත හැකි දැයෙන් කිසිවක් තහනම් කර හැරියේ යයි මා හට දැනුම් දෙන ලද වහී හි මා දුටුවේ නැත. එහෙත් මැරුණු දැය, වෑහෙන ලේ, ඌරන්ගේ මස් මාංශ ආදිය නියත වශයෙන්ම අපිරිසිදුව ඇති බැවින් මේවාද; අල්ලාහ් නොවන දැයෙහි නාමයන් පැවසීම පාපයක් වශයෙන් ඇති බැවින් එයද, (තහනම් කරනු ලැබ ඇත්තේය)”. තවද සීමාව ඉක්මවා පාපයක් කිරීමේ අදහසක් නොමැතිව කවුරුන්ව හෝ බල කරනු ලැබ, (මේවා ආහාරයට) ගතහොත් (එය ඔවුන් කෙරෙහි වරදක් වන්නේ නැත). නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.

අහෝ දූතය! නිත්යානුකූල අයුරින් කපා නොහැර මිය ගිය සතුන්, ගලා යන රුධිරය, ශූකරයා අපවිත්ර හා තහනම් වන බැවින් උන්ගේ මාංශ, ඔවුන්ගේ පිළිම වලට බිලි දුන් දෑ මෙන් අල්ලාහ්ගේ නාමය නොපවසා කපා හරින ලද සතුන් යන දෑ හැර වෙනත් කිසිවක් අල්ලාහ් මා වෙත තහනම් කරමින් කිසිදු පණිවිඩයක් එවා තිබීම මම නොදකිමි. නමුත් දැඩි සාගින්න වැනි නොවැළැක්විය හැකි හේතුවක් මත එම තහනම් කරන ලද දෑ ආහාරයට ගැනීම සඳහා බල කරනු ලැබුවේ නම් ඒවා රස විඳීමකින් තොරව හා අත්යවශ්යතාවේ සීමාව ඉක්මවා නොයමින් ආහාරයට ගැනීමෙහි පාපයක් නැත. සැබැවින්ම නොවැළැක්විය හැකි හේතුවක් මත බල කරනු ලැබ එයින් කිසිවකු අනුභව කළේ නම් සැබැවින්ම ඔබේ පරමාධිපති ඔහු කෙරෙහි අතික්ෂමාශීලීය. සානුකම්පිතය.

Al-An'aam 6:145Listen in Qur'an →
146

وَعَلَى ٱلَّذِينَ هَادُوا۟ حَرَّمْنَا كُلَّ ذِى ظُفُرٍۢ ۖ وَمِنَ ٱلْبَقَرِ وَٱلْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَآ إِلَّا مَا حَمَلَتْ ظُهُورُهُمَآ أَوِ ٱلْحَوَايَآ أَوْ مَا ٱخْتَلَطَ بِعَظْمٍۢ ۚ ذَٰلِكَ جَزَيْنَٰهُم بِبَغْيِهِمْ ۖ وَإِنَّا لَصَٰدِقُونَ

(නබියේ!) නියපොතු ඇති සතුන්, (වෙන් නොවුන කුර ඇති ඔටුවන්, ගිනි කුකුලන්, පාත්තයින් ආදී) සියල්ල (ආහාරයට නොගත යුතුය යයි) යුදෙව්වන්ට අපි තහනම් කර තිබුණෙමු. තවද එළු, ගව ආදියෙහිද, ඒවායේ පිට කොන්දෙහිද, නැතහොත් කුසෙහි හෝ නැතහොත් ඉළඇට සමග මුහු වී හෝ ඇති දැය හැර, (අනිත් කොටස්වල ඇති) මේදයද, අපි ඔවුන්ට තහනම් කර තිබුණෙමු. ඔවුන් (අපට) වෙස්කම් කිරීම නිසා දඬුවම් වශයෙන් මෙසේ ඔවුන්ට (තහනම් කර) දඬුවම් කර තිබුණෙමු. නියත වශයෙන්ම අපිම ඇත්ත කියන්නෙමු. (මෙයට වෙනස්ව පවසන යුදෙව්වන් බොරුකාරයින්ය!)

ඔටුවන් හා පැස්බරන් වැනි ඇගිලි විසිරී නොගිය දෑ යුදෙව්වන්හට අපි තහනම් කළෙමු. එමෙන්ම ගවයින් හා එළුවන්ගේ පිට මත එල්ලී ඇති හෝ උන්ගේ බඩවැල්වල රැඳී ඇති හෝ පසුපසෙහි හා පැත්තෙහි පිහිටා ඇති අස්ථි සමග මුසුවී ඇති මේදය හැර සෙසු මේදයන් අපි ඔවුනට තහනම් කර ඇත්තෙමු. එසේ ඔවුනට ඒවා තහනම් කරනු ලැබුවේ ඔවුන්ගේ අපරාධකම්වලට ප්රතිවිපාකයක් වශයෙනි. අප දන්වා සිටින සෑම දෙයකම සැබැවින්ම අපි සත්යවාදීහු වෙමු.

Al-An'aam 6:146Listen in Qur'an →
147

فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمْ ذُو رَحْمَةٍۢ وَٰسِعَةٍۢ وَلَا يُرَدُّ بَأْسُهُۥ عَنِ ٱلْقَوْمِ ٱلْمُجْرِمِينَ

(නබියේ! මින්) පසුවද ඔවුන් ඔබව බොරුකාරයා යයි පැවසුවහොත් (ඔවුන්ට) “ඔබගේ දෙවියන් ඉතාමත් විවෘත කරුණාවන්තයෙකි. එහෙත් වැරදි කරන ජනතාවට ඔහු දඬුවම් දීම කිසිවෙකුට වැළැක්විය නොහැක” යයි පවසනු.

අහෝ දූතය! ඔවුන් ඔබව බොරු කරන්නේ නම් හෝ ඔබේ පරමාධිපති වෙතින් ඔබ ගෙන ආ දෑ ඔවුන් සත්ය බව නොපවසන්නේ නම් ඔවුනට ඒ ගැන කැමැත්ත ඇති කරවමින් ඔබේ පරමාධිපති මහා කාරුණිකය. ඔබට අවකාශ ලබා දී තිබීමත් ඔබට දඬුවම් පමුණුවීම් ඉක්මන් නොකිරීමත් ඔහුගේ කාරුණිකභවයෙනි. යැයි පවසනු. එමෙන්ම ඔවුනට තරවටු කරමින් සැබැවින්ම වැරදි හා පාපකම් සිදු කරන ජනයාගෙන් ඔහුගේ දඬුවම ඉවත් කරනු නොලබනු ඇතැයි පවසනු.

Al-An'aam 6:147Listen in Qur'an →
148

سَيَقُولُ ٱلَّذِينَ أَشْرَكُوا۟ لَوْ شَآءَ ٱللَّهُ مَآ أَشْرَكْنَا وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمْنَا مِن شَىْءٍۢ ۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ حَتَّىٰ ذَاقُوا۟ بَأْسَنَا ۗ قُلْ هَلْ عِندَكُم مِّنْ عِلْمٍۢ فَتُخْرِجُوهُ لَنَآ ۖ إِن تَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ أَنتُمْ إِلَّا تَخْرُصُونَ

“අල්ලාහ් අදහස් කළේ නම් අපිද, අපගේ මුතුන් මිත්තන්ද, (අල්ලාහ්ට කිසිවක්) සමානයන් වශයෙන් නොතබන්නෙමු. (ආහාරයට ගත හැකි) කිසිවක් (අනුමැතිය නැතැයි) අපි වළක්වා හරින්නේද නැත” යයි සමානයන් තබා නමදින්නන් වන මොවුන් පවසන්නට ඉඩ ඇත. (නබියේ! මොවුන් සමච්චල් කරන) මේ අන්දමටම, මොවුන්ට පෙර විසූ අයද අපගේ දඬුවම විඳින තුරු (නබිවරුන්ව) බොරුකාරයින් කරමින්ම සිටියහ. (එබැවින් ඔබ ඔවුන්ට “මෙයට) ඔබ වෙත කිසියම් සාක්ෂියක් ඇත්තේද? (එසේ තිබුණහොත්) එය මා වෙත ගෙන එනු. ඔබ තමන් විසින්ම මනක්කල්පිත කර ගත් (ඔබගේ) පුහු සිතුවිල්ලෙහි ගැලී සිටින්නන් මිස, වෙන කිසිවක් නැතැයි කියනු මැනව!

අල්ලාහ්ට තමන් කරන ආදේශය නිවැරදි යන්නට ඔහුගේ අභිමතය හා ඔහුගේ නියමය පිළිබඳ තර්ක කරමින් "අප හා අපගේ මුතුන් මිත්තන් ආදේශ නොකර සිටීමට අල්ලාහ් අභිමත කළේ නම් අපි එසේ ඔහුට ආදේශ නොකරන්නට තිබුණි. එමෙන්ම අප මත අප තහනම් කර ගත් දෑ අපි තහනම් නොකිරීමට අල්ලාහ් අභිමත කළේ නම් අපි එසේ තහනම් නොකරන්නට තිබුණි යැයි දේව ආදේශකයින් පවසති. ඔවුන්ගේ අපකීර්තිමත් තර්කය මෙන්ම ඔවුනට පෙර සිටියවුන් ඔවුන්ගේ රසූල්වරුන් බොරු කරමින් මෙසේ පවසා සිටියහ. අපි ඔවුන් බොරු නොකර සිටීමට අල්ලාහ් අභිමත කර තිබුණේ නම් අපි ඔවුන් බොරු නොකරන්නට තිබුණි. නමුත් ඔවුන් වෙත පහළ වූ අපගේ දඬුවම විඳින තෙක් එසේ ඔවුන් බොරු කරමින්ම සිටියහ. අහෝ දූතය, දෙවියන්ට ආදේශ කරන ඔවුනට මෙසේ පවසා සිටිනු. ඔබ අල්ලාහ්ට ආදේශ කර සිටීමත් ඔහු තහනම් කළ දෑ අනුමත කිරීමත් අනුමත කළ දෑ තහනම් කිරීමත් ඔබගෙන් අල්ලාහ් පිළිගත් බවට කිසියම් සාධකයක් ඔබ ළඟ තිබේද? එසේ සිදු වූ වගට ඔබෙන් ඔහු එය පිළිගත් බවට කිසිදු සාක්ෂියක් ඔබට නැත. එම විෂයයෙහි ඔබ පිළිපදිනුයේ ඔබේ අනුමානයන් පමණය. සැබැවින්ම අනුමානය කිසිදු සත්යයකට අවශ්ය නොවන්නේය. ඔබ බොරු කරන්නන් මිස නැත.

Al-An'aam 6:148Listen in Qur'an →
149

قُلْ فَلِلَّهِ ٱلْحُجَّةُ ٱلْبَٰلِغَةُ ۖ فَلَوْ شَآءَ لَهَدَىٰكُمْ أَجْمَعِينَ

(තවද නබියේ!) ඔබ මෙසේ පවසනු: “(ඉවත දැමිය නොහැකි) පූරණ වූ සාධකයන් අල්ලාහ්ටම අයත්ය! (ඔවුන්ගේ සාධාරණය සම්පූර්ණයෙන්ම වැරදිය). ඔහු අදහස් කර සිටියේ නම්, ඔබ සියල්ලන්වම ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්ට ඉඩ තිබුණි”.

අහෝ දූතය! ඔබට මෙම දුර්වල තර්ක හැර වෙනත් තර්ක නොමැති නම්, ඔබ ඉදිරිපත් කරන නිදහසට කරුණු බිඳ දමන සහ ඔබ සම්බන්ධ කර ඇති සමානකම් අහෝසි කර දමන නිශ්චිත තර්කයක් අල්ලාහ් සතුව තිබෙන බව දැනගත යුතුය. ඔබ සියලු දෙනා සත්ය වෙත ආශිර්වාද කරන්නට අභිමත කළේ නම් අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! ඒ සඳහා ඔබට ඔහු ආශිර්වාද කරනු ඇත.

Al-An'aam 6:149Listen in Qur'an →
150

قُلْ هَلُمَّ شُهَدَآءَكُمُ ٱلَّذِينَ يَشْهَدُونَ أَنَّ ٱللَّهَ حَرَّمَ هَٰذَا ۖ فَإِن شَهِدُوا۟ فَلَا تَشْهَدْ مَعَهُمْ ۚ وَلَا تَتَّبِعْ أَهْوَآءَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ وَهُم بِرَبِّهِمْ يَعْدِلُونَ

(තවද ඔවුන්ට) “නියත වශයෙන්ම අල්ලාහ් මෙය තහනම් කර තිබුනේ යයි ඔබ ස්ථීර කිරීමට ඔබගේ සාක්ෂීන් කැඳවාගෙන එනු” යයි ඔබ පවසනු. (එසේ ඔවුන්ව කැඳවාගෙන විත්) ඔවුන්ද (ඒ අන්දමටම බොරු) සාක්ෂි පැවසුවා වුවද, (ඒ වෙනුවෙන්) ඔබත් ඔවුන් සමග එකතු වී (එසේ) නොපැවසිය යුතුය. තවද අපගේ ආයාවන් බොරු යයි කියන්නන්ගේ කැමැත්ත ඔබ අනුගමනය නොකරනු. කවුරුන් අවසාන දිනය විශ්වාස නොකළෙහුද, ඔවුන්ම තමන්ගේ දෙවියන්ට (බොහොමයක් දෙවිවරුන්ව) සමානයන් කරන්නාහ.

අහෝ දූතය! අල්ලාහ් අනුමත කළ දෑ තහනම් කරන එසේ තහනම් කළේ අල්ලාහ් බව තර්ක කරන දේව ආදේශකයින් හට ඔබ මෙසේ පවසනු. ඔබ තහනම් කළ කරුණ අල්ලාහ් තහනම් කර ඇති බවට ඔබ සාක්ෂි දරන ඔබේ සාධක ඉදිරිපත් කරනු. සැබැවින්ම අල්ලාහ් එය තහනම් කළ බවට කිසිදු දැනුමකින් තොරව ඔවුන් සාක්ෂි ඉදිරිපත් කරන්නේ නම් අහෝ දූතය! ඔබ ඔවුන්ගේ සාක්ෂිය සම්බන්ධයෙන් ඔවුන් සත්ය වාදීන් යැයි නොපවසනු. හේතුව එය සැබවින්ම බොරු සාක්ෂියක් වන බැවිණි. තම ආශාවන්ට වහල් වී තීන්දු පතන්නන්ගේ ආශාවන් ඔබ අනුගමනය නොකරනු. ඔවුනට අල්ලාහ් අනුමත කළ දෑ ඔවුන් විසින් තහනම් කළ අවස්ථාවේ ඔවුහු අපගේ වදන් බොරු කළෝය. මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන අය ව ඔබ අනුගමනය නොකරනු. ඔවුහු තම පරමාධිපතිට ආදේශ කරති. වෙනත් අයට සමාන කරති. තම පරමාධිපති සමග මෙසේ කටයුතු කරන්නන් අනුගමනය කරනු ලබන්නේ කෙසේද?

Al-An'aam 6:150Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.