۞ وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ جَنَّٰتٍۢ مَّعْرُوشَٰتٍۢ وَغَيْرَ مَعْرُوشَٰتٍۢ وَٱلنَّخْلَ وَٱلزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُۥ وَٱلزَّيْتُونَ وَٱلرُّمَّانَ مُتَشَٰبِهًۭا وَغَيْرَ مُتَشَٰبِهٍۢ ۚ كُلُوا۟ مِن ثَمَرِهِۦٓ إِذَآ أَثْمَرَ وَءَاتُوا۟ حَقَّهُۥ يَوْمَ حَصَادِهِۦ ۖ وَلَا تُسْرِفُوٓا۟ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْرِفِينَ
(පන්දළමෙහි) විහිදී තිඛෙන වැල්ද, විහිදී නොයන පැළෑටීන්ද ඇති උයන් වතුද, ඉඳි ගස්ද, ආහාරයට ගත හැකි විවිධ (ගස්වැල්, පලා වර්ගද), ධාන්ය වර්ගද, (බැලු බැල්මට) එක සමානවද, (රසයෙන්) විවිධ වූ ඔලිව්ද, දෙළුම් (හා තවද විවිධ වර්ගයේ පලතුරු) ආදියද, ඔහුම උත්පාදනය කර ඇත්තේය. එබැවින් ඒවා ප්රයෝජනවත් වන්නේ නම්, ඒවා (ඕනෑ තරම්) ආහාරයට ගනු. ඒවා අස්වැන්න නෙලා ගන්නා කාලයෙහි (දෙවියන්ට ස්තූති කිරීම පිණිස) එහි ඔහුගේ කොටසද, (දුප්පතුන්ට) දෙනු. සීමාව ඉක්මවා (පුහු) වියදම් නොකරනු. මන්දයත් සීමාව ඉක්මවා (පුහු) වියදම් කරන්නන්ව නියත වශයෙන්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත.
මුදුන් මුල් වලින් තොරව මහපොළොව මතුපිටින් ව්යාප්තව වැඩෙන වතු හා මුදුන් මුල් සහිත උසින් වැඩෙන වතු සුවිශුද්ධ අල්ලාහ් මැව්වේය. ඔහු ඉඳි ගස් මැව්වේය. විවිධ ස්වරූපයන් හා රසයෙන් යුත් විවිධ පැළෑටි මැව්වේය. ඔලිව් හා දෙළුම් ද ඒවාට සමාන දෑ ද සුවයෙන් වෙනස් වූ දෑ ද ඔහු මැව්වේය. අහෝ ජනයිනි! ඒවා පලගැන්වූ විට එවායින් ඔබ අනුභව කරනු. ඒවා නෙළා ගන්නා දින එහි සතු සකාතය ඉටු කරනු. අනුභවයේ හා වියදම් කිරීමෙහි ආගමානුගත කළ සීමාවන් උල්ලංඝනය නොකරනු. ඒ දෙකෙහි හෝ ඒ දෙක හැර වෙනත් දෑහි තම සීමාවන් ඉක්මවා කටයුතු කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේ නැත.සැබැවින්ම සියල්ල මැව්වේ ඔහුය. ඔහු එය තම ගැත්තන් හට අනුමත කර ඇත. එහෙයින් ඒවා තහනම් කිරීමට දේව ආදේශකයින්හට කිසිදු අයිතියක් නැත.