Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 131–140 of 165

131

ذَٰلِكَ أَن لَّمْ يَكُن رَّبُّكَ مُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍۢ وَأَهْلُهَا غَٰفِلُونَ

(නබියේ! මෙසේ නබිවරුන්ව යැවීමේ) හේතුව නම්, කිසිම රටවැසියෙකු අප්‍රවේසමෙන් සිටින අවස්ථාවකදී (ඔවුන්ට අනතුරු නොඅඟවා) අපරාධයේ ඔවුන්ව විනාශ කර දමන්නෙකු වශයෙන් ඔබගේ දෙවියන් නොසිටි නිසාය.

"තමන් වෙත කිසිදු දූතයකු එවනු ලැබුවේ නැත. කිසිදු ඇරයුමක් කර නැතැයි" කිසිවකු වැරදි නොකියනු පිණිස මිනිසුන් හා ජින්නුන් වෙත ධර්ම දූතයින් එවා තිබෙන බව කරුණු දක්වා ඇත. එහෙයින් සමූහයන් අතුරින් කිසිදු සමූහයක් ඔවුන් වෙත දූතවරුන් එවීමෙන් පසුව මිස අපි දඬුවම් නොකළෙමු.

Al-An'aam 6:131Listen in Qur'an →
132

وَلِكُلٍّۢ دَرَجَٰتٌۭ مِّمَّا عَمِلُوا۟ ۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا يَعْمَلُونَ

(නබියේ! ඔවුන්) සියල්ලන්ටම ඔවුන්ගේ ක්‍රියාවන්ට සරිලන පදවීන් ඇත. ඔවුන්ගේ ක්‍රියාවන් ගැන ඔබගේ දෙවියන් නොසලකිලිමත්ව නැත.

සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්රියාවන්ට අනුකූලව තරාතිරම් ඇත. එහෙයින් අධික පාපය හා ස්වල්ප පාපය එක හා සමාන නොවෙයි. එමෙන්ම අනුගමනය කරන්නා හා අනුගමනය කරනු ලබන්නා එක හා සමාන නොවන්නේය. එය දැහැමි කටයුතු කරන්නාගේ තිළිණ එක හා සමාන නොවන්නාක් මෙනි. ඔවුන් කරන දෑ පිළිබඳ ඔබේ පරමාධිපති අනවධානයෙන් පසු නොවෙයි. ඒ දෙස ඔහු බලා සිටියි. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

Al-An'aam 6:132Listen in Qur'an →
133

وَرَبُّكَ ٱلْغَنِىُّ ذُو ٱلرَّحْمَةِ ۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِنۢ بَعْدِكُم مَّا يَشَآءُ كَمَآ أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوْمٍ ءَاخَرِينَ

(නබියේ!) ඔබගේ දෙවියන් (කිසිම) අවශ්‍යතාවයක් නොමැත්තෙකු වශයෙන්ද, කරුණාවන්තවද සිටින්නේය. (මිනිසුනේ!) ඔහු කැමති වුවහොත් ඔබව ඉකුත් කර, තමන් අදහස් කරන කවුරුන්ව හෝ ඔබගේ ස්ථානයෙහි තැන්පත් කර හරිනු ඇත. මෙසේම (ඉකුත්ව ගිය) අනිත් ජනතාවගේ පරම්පරා දරුවන්ගෙන් ඔබව උත්පාදනය කර ඇත්තේය.

අහෝ දූතය! ඔබේ පරමාධිපති ඔබේ ගැත්තන්ගෙන් පොහොසත්ය. ඔවුන් වෙත යැපීමට හෝ ඔවුන්ගේ නැමදුම් වල අවශ්යතාවක් හෝ ඔහුට නැත. එමෙන්ම ඔවුන්ගේ ප්රතික්ෂේපය ඔහුට හානි ඇති කරන්නේද නැත. ඔහු ඔවුන්ගේ අවශ්යතාවෙන් තොර වනවාක් මෙන්ම ඔහු ඔවුන් පිළිබඳ මහා දයාලුය. අහෝ පාපතරයිනි, ඔබ ව විනාශ කිරීමට ඔහු අභිමත කළේ නම් ඔහුගෙන් වූ දඩුවමක් ඔබ වෙත එනු ඇත. ඔබට පෙර විසූ වෙනත් සමූහයන්ගේ පරපුරින් ඔබ ව ඔහු මැව්වාක් මෙන් ම ඔබේ විනාශයෙන් පසු ව ඔහු ව විශ්වාස කරන ඔහුට අවනත වන පිරිසක් ඔහුගේ අභිමතය පරිදි බිහි කරනු ඇත.

Al-An'aam 6:133Listen in Qur'an →
134

إِنَّ مَا تُوعَدُونَ لَءَاتٍۢ ۖ وَمَآ أَنتُم بِمُعْجِزِينَ

ඔබට ලබා දී ඇති පොරොන්දු සියල්ල නම්, නියත වශයෙන්ම එන්නේය. එය ඔබට වැළැක්විය නොහැක.

නැවත නැගිටුවනු ලැබීම, එක්රැස් කිරීම, විනිශ්චය, දඬුවම් පමුණුවීම යනාදි කරුණු අතරින් කවර කරුණක් ඔබ වෙත ප්රතිඥා දෙනු ලැබුවේද ඒවා කිසිදු සැකයකින් තොරව පැමිණෙන්නේමය. ඔබ පලා යෑමෙන් ඔබේ පරමාධිපතිව ජයගත නොහැක්කේමය. ඔබේ නළල් කෙසින් ඔහු ඔබව ග්රහණය කරනු ඇත. ඔහුගේ දඬුවමින් ඔහු ඔබට දඬුවම් කරනු ඇත.

Al-An'aam 6:134Listen in Qur'an →
135

قُلْ يَٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَامِلٌۭ ۖ فَسَوْفَ تَعْلَمُونَ مَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِ ۗ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ

(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ කියනු: “මගේ ජනතාවෙනි! ඔබ ඔබගේ සිතූ මතේ (ඔබගේ) කාරණාවන් කරමින් සිටිනු. නියත වශයෙන්ම මමද (මගේ සිතූ මතයට මගේ) කාරණාවන් කරමින් සිටින්නෙමි. මෙලොව අවසානය කා හට පක්ෂක්ග්‍රාහීව ඇත්තේද යන්න පසුව ඔබ දැනගන්නෙහුය. නියත වශයෙන්ම අපරාධකරුවන් ජයග්‍රහණය කරනු නොලබන්නාහ”.

අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. අහෝ ජනයිනි, ඔබ ඔබේ ස්ථාවරත්වයේ සිටිනු, ඔබ පිහිටා ඇති දේව ප්රතික්ෂේපය හා මුළාව යන ස්ථාවරත්වය මත සිටිනු. හේතුව සැබැවින්ම මම ඔබට කරුණු දක්වා ඇත්තෙමි. පැහැදිලි ලෙස දන්වා සිටිමින් ඔබ වෙත සාක්ෂි ඉදිරිපත් කර ඇත්තෙමි. ඔබේ ප්රතික්ෂේපය හා ඔබේ මුළාව ගැන මම කනස්සල්ලට පත් නොවෙමි. මම කවර සත්යයක් මත ස්ථාවර ව සිටින්නේද ඒ මත ම සිටිමි. මෙලොව ජයග්රහණය කාහට හිමි වන්නේ දැයි ද මහපොළොව කාහට උරුම වන්නේ දැයි ද මතු ලොව නිවහන කවුරුන් සතු යැයි ද ඔවුන් මතු දැන ගනු ඇත. සැබැවින්ම දෙවියන්ට ආදේශ තබන්නන් මෙලොව ජය ලබන්නේ නැත. මතු ලොවෙහි ද ජය ලබන්නේ නැත. ඔවුන් මෙලොව ඇති සැප පහසුකම් භුක්ති වින්ද ද ඔවුන්ගේ අවසානය විනාශයයි.

Al-An'aam 6:135Listen in Qur'an →
136

وَجَعَلُوا۟ لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ ٱلْحَرْثِ وَٱلْأَنْعَٰمِ نَصِيبًۭا فَقَالُوا۟ هَٰذَا لِلَّهِ بِزَعْمِهِمْ وَهَٰذَا لِشُرَكَآئِنَا ۖ فَمَا كَانَ لِشُرَكَآئِهِمْ فَلَا يَصِلُ إِلَى ٱللَّهِ ۖ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَآئِهِمْ ۗ سَآءَ مَا يَحْكُمُونَ

ගොවිතැන (එළු, බැටළු, ගව, ඔටුවන් වැනි) සතුන් ආදිය අල්ලාහ් උත්පාදනය කළ දැයෙන් එක් කොටසක් තමන්ගේ කැමැත්තට අනුව සඳහන් කර, මෙය අල්ලාහ්ට යයිද, (තවත් කොටසක්) මෙය අපගේ දෙවිවරුන්ට යයිද පවසන්නාහ. ඔවුන් තමන්ගේ දෙවිවරුන්ට යයි සඳහන් කළ කොටසින් කිසිවක් අල්ලාහ්ට අත් වන්නේ නැත. එහෙත් අල්ලාහ්ට යයි සඳහන් කළ දැය (හොඳ දැයක් වශයෙන් තිබුණහොත්) ඔවුන්ගේ දෙවිවරුන්ටම අත් වන්නේය! ඔවුන් කරන මෙම තීරණය ඉතාමත් නපුරුය.

අල්ලාහ් මැවූ අස්වැනු හා ගොවිපළ සතුන්ගෙන් කොටසක් අල්ලාහ් වෙනුවෙන් වෙන් කොට සැබැවින්ම එම කොටස අල්ලාහ් සතු යැයි ද තවත් කොටසක් ඔවුන්ගේ පිළිම හා ස්මාරක වෙනුවෙන් වෙන් කොට එය ඔවුන් වෙනුවෙන් යැයි පවසා ආදේශ කරන්නන් අල්ලාහ්ට ආදේශ තබති. ඔවුන්ගේ හවුල් කරුවන් වෙනුවෙන් වෙන් කළ දෑ අල්ලාහ් ආගමානුගත කළ දිළිඳු හා දුප්පත් පාර්ශවයන් වෙත සේන්දු වූයේ නැත. අල්ලාහ් වෙනුවෙන් වෙන් කළ දෑ ඔවුන්ගේ හවුල්කාර පිළිම වෙත සේන්දු වී එහි ඒවායෙහි යහපත හුවමාරු වනු ඇතැයි තරයේ විශ්වාස කරති. ඔවුන්ගේ තීන්දුව හා ඔවුන්ගේ කොටස් කිරීම නපුරු නොවේද?

Al-An'aam 6:136Listen in Qur'an →
137

وَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٍۢ مِّنَ ٱلْمُشْرِكِينَ قَتْلَ أَوْلَٰدِهِمْ شُرَكَآؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُوا۟ عَلَيْهِمْ دِينَهُمْ ۖ وَلَوْ شَآءَ ٱللَّهُ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ

මෙසේම සමානයන් තබා නමදින්නන්ගෙන් බොහොමයක් දෙනා (තමන්ම) තමන්ගේ දරුවන්ව මරා දැමීම ඔවුන් අලංකාරවත් ලෙස දකින සේ ඔවුන්ගේ දෙවිවරුන් ඇති කර, ඔවුන්ව පාතාලයෙහි තල්ලූ කර, ඔවුන්ගේ ධර්මයද අවුල් කර දැමූහ. අල්ලාහ් අදහස් කර තිබුනේ නම්, ඔවුන් මෙසේ කරන්නට ඉඩ නොතිබිණි. එබැවින් (නබියේ!) ඔබ ඔවුන්වද ඔවුන්ගේ බොරු කියමන්ද වීසි කර දමනු.

මෙම වැරදි සහගත තීන්දුව ආදේශ කළවුන්හට ෂෙයිතාන් අලංකාරවත් කර පෙන්වූවා සේම දිළිඳුකම හේතුවෙන් තම දරුවන් ඝාතනය කිරීම දෙවියන්ට ආදේශ කළවුනට ඔවුන්ගේ හවුල්කාර ෂෙයිතානුවන් අලංකාර කර පෙන්වීය. එය කිසිදු සාධාරණ හේතුවකින් තොරව අල්ලාහ් ඝාතනය කිරීමට තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීමේ වරදට යොමු කර ඔවුන් විනාශ කරනු පිණිසය. එමෙන්ම ඔවුන්ගේ දහම ඔවුනට පටලවා ආගමානුගත කළ දෑ කුමක්ද ආගමානුග ගත නොකළ දෑ කුමක් දැයි හඳුනා නොගනු පිණිසය. ඔවුන් එය සිදු නොකර සිටීමට අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එය සිදු නොකරන්නට තිබුණි. නමුත් ඔහු ගැඹුරු ප්රඥාවක් සඳහා එය අභිමත කළේය. එහෙයින් අහෝ දූතය, දෙවියන්ට ආදේශ කරන මොවුන් හා අල්ලාහ් මත බොරු ගොතා පවසන මොවුන්ගේ බොරුව සමග අතහැර දමනු. සැබැවින්ම එය ඔබට හානියක් නොකරනු ඇත. ඔවුන්ගේ කටයුතු අල්ලාහ්ට භාර දෙනු.

Al-An'aam 6:137Listen in Qur'an →
138

وَقَالُوا۟ هَٰذِهِۦٓ أَنْعَٰمٌۭ وَحَرْثٌ حِجْرٌۭ لَّا يَطْعَمُهَآ إِلَّا مَن نَّشَآءُ بِزَعْمِهِمْ وَأَنْعَٰمٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَٰمٌۭ لَّا يَذْكُرُونَ ٱسْمَ ٱللَّهِ عَلَيْهَا ٱفْتِرَآءً عَلَيْهِ ۚ سَيَجْزِيهِم بِمَا كَانُوا۟ يَفْتَرُونَ

(තවද ඔවුන් තමන්ගේ) ගමේ සතුන්ගෙන්ද, ගොවිතැනෙන්ද (සමහර දැය සඳහන් කර බාරහාර සඳහා) “මෙය තහනම් කරනු ලැබ ඇත්තේය. අපගේ ප්‍රතිපත්තීන්ට අනුව අපි අදහස් කරන (පූජකයින් ආදී) අයට මිස, (වෙන කිසිවෙකුත්) එය අනුභව නොකළ යුතුය” යයි (තමන්ගේ මූඩ ප්‍රතිපත්තීන්ට අනුව) ඔවුන් පවසන්නාහ. තවද (ඒ ආකාරයටම වෙනත්) සමහර ගමේ සතුන්ගේ පිට කොඳු තහනම් කරනු ලැබ ඇත්තේය. (ඒවා මත නැගීමද, බර පැටවීමද නොකළ යුතුය) යයිද, වෙනත් ගමේ සතුන්ව (සඳහන් කර උන්ගේ ඛෙල්ල කපන විට) ඒවා කෙරෙහි අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය නොපැවසිය යුතුය යයිද, (අල්ලාහ් නියෝග කර ඇත්තේය යයි) අල්ලාහ් මත බොරු ගොතා මනක්කල්පිත (කර) පවසන්නාහ. ඔවුන්ගේ මෙම බොරු කියමනට සරිලන ඵලවිපාක (දෙවියන්) නියත වශයෙන්ම ඔවුන්ට දෙනු ඇත.

දෙවියන්ට ආදේශ තබන්නන් ඔවුන්ගේ කල්පනය අනුව මෙම ගොවිපළ සතුන් හා පලදාවෙන් කිසිවක් අනුභව කිරීම තහනම් කරනු ලැබ ඇතැයි පවසති. මෙසේ ඔවුන් බොරු ගොතා පවසනුයේ පිළිම වලට සේවය කරන්නන් හා වෙනත් අය විසින් කරන ලද මග පෙන්වීමෙනි. තවදුරටත් ඔවුහු මෙම ගොවිපළ සතුන්ගේ පිටවල් තහනම් කරනු ලැබ ඇත. එහෙයින් ඒ මත නැග ගමන් නොකරනු. එහි කිසිවක් පටවා ප්රවාහනය නොකරනු. අල්බහීරා අස්සාඉබා හා අල් හාමී යනාදිය එම සතුන් වෙති. මෙම ගොවිපළ සතුන් මත ඒවා කපන අවස්ථාවේ ඔවුන් අල්ලාහ්ගේ නාමය මෙනෙහි නොකරති. නමුත් ඒවා කපන විට ඒවා මත ඔවුන්ගේ පිළිම වල නාමයෙන් කපති. සැබැවින්ම මෙය අල්ලාහ්ගෙනි යැයි ඔහු මත බොරු පවසමින් මේ සියලු වැරදි කරති. ඔවුන් කවර කරුණක් මත බොරු ගොතමින් සිටියේද ඒ හේතුවෙන් ඔවුනට අල්ලාහ් දඬුවම් කරනු ඇත.

Al-An'aam 6:138Listen in Qur'an →
139

وَقَالُوا۟ مَا فِى بُطُونِ هَٰذِهِ ٱلْأَنْعَٰمِ خَالِصَةٌۭ لِّذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰٓ أَزْوَٰجِنَا ۖ وَإِن يَكُن مَّيْتَةًۭ فَهُمْ فِيهِ شُرَكَآءُ ۚ سَيَجْزِيهِمْ وَصْفَهُمْ ۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٌۭ

තවද ඔවුන් (වෙනත් සමහර දැය ගැන සඳහන් කර) “මෙම ගමේ සතුන්ගේ කුසෙහි ඇති දැය අපගේ පිරිමින්ට පමණක් අයිති දැයයි. අපගේ ගැහැනුන්ට ඒවා තහනම් කරනු ලැබ ඇත්තේය. ඒවා මැරී ප්‍රසූත වුවහොත් ඒවායෙන් ඔවුන්ට පංගුවක් ඇත. (එවිට ගැහැනුන්ටද ආහාරයට ගත හැකිය)” යයිද පවසන්නාහ. එබැවින් ඔවුන්ගේ මෙම කියමනට අයත් දඬුවම (අල්ලාහ්) ඔවුන්ට අනිවාය්‍යයෙන්ම ලබා දෙන්නේය. නියත වශයෙන්ම ඔහු ඥානයෙන් පිරි කෙනෙකු හා (සියල්ලන්වම) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

ඔවුන් තවදුරටත් මෙම අස්සාඉබා හා අල්බහීරා නම් ඔටු දෙනුන්ගේ කුස වල ඇති පැටවුන් පණ පිටින් බිහි කරනු ලැබුවේ නම් එය අපගේ පිරිමින්හට අනුමත වන අතර අපගේ කාන්තාවන්හට තහනම් වේ. උන්ගේ කුස තුළ ඇති පැටවුන් මිය ගොස් තත්ත්වයේ බිහි කරනු ලැබුවේ නම් පිරිමින් හා කාන්තාවන් එහි හවුල්කරුවෝ වෙති යැයි පවසති. ඔවුන්ගේ මෙම ප්රකාශයට සරිලන ප්රතිවිපාක අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. සැබැවින්ම ඔහු ආගමික කරුණු නිතීගත කිරීමෙහි හා ඔහුගේ මැවීම්හි කටයුතු සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය. එමෙන්ම ඔවුන් පිළිබඳ මැනවින් දන්නාය.

Al-An'aam 6:139Listen in Qur'an →
140

قَدْ خَسِرَ ٱلَّذِينَ قَتَلُوٓا۟ أَوْلَٰدَهُمْ سَفَهًۢا بِغَيْرِ عِلْمٍۢ وَحَرَّمُوا۟ مَا رَزَقَهُمُ ٱللَّهُ ٱفْتِرَآءً عَلَى ٱللَّهِ ۚ قَدْ ضَلُّوا۟ وَمَا كَانُوا۟ مُهْتَدِينَ

කවුරුන් දැනුමක් නොමැතිව මෝඩකමින් තමන්ගේ දරුවන්ව මරා දැමුවෝද ඔවුන්ද, ඔවුන්ට අල්ලාහ් තමන්ට (ආහාරයට ගැනීමට) ලබා දී තිබුණු (හොඳ) දැය (අනුමත නැතැයි) අල්ලාහ් මත බොරු ගොතා වළක්වා දැමුවෝද ඔවුන්ද, නියත වශයෙන්ම පාඩුවක් අත් කර ගත්හ. (එබැවින්) ඔවුන් නියත වශයෙන්ම නපුරු මාර්ගයෙහිම ගියහ. ඍජු මාර්ගයෙහි ගිය අය නොවන්නාහ.

තමන්ගේ බුද්ධිහීනතාව හා අඥානකම හේතුවෙන් තම දරුවන් මරා දමමින් අල්ලාහ් තමන්හට ආහාර වශයෙන් පිරිනැමූ ගොවිපළ සතුන් ඔහු මත බොරු ගොතමින් ඒවා තහනම් කළවුන් විනාශ වී ගියහ. ඍජු මාර්ගයෙන් ඔවුන් දුරස් වූහ. ඔවුහු ඒ වෙත මග ලබන්නන් නොවූහ.

Al-An'aam 6:140Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.