Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 111–120 of 165

111

۞ وَلَوْ أَنَّنَا نَزَّلْنَآ إِلَيْهِمُ ٱلْمَلَٰٓئِكَةَ وَكَلَّمَهُمُ ٱلْمَوْتَىٰ وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَىْءٍۢ قُبُلًۭا مَّا كَانُوا۟ لِيُؤْمِنُوٓا۟ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَلَٰكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ

ඇත්තෙන්ම (ඔවුන් කැමති ප්‍රකාර) අපි ඔවුන් වෙත (කෙළින්ම) මලායිකාවරුන්ව පහළ කර තැබුවා වුවද, මිය ගිය අයව (නැගිටුවා) ඔවුන් වෙත කතා කරන සේ ඇති කළා වුවද, (ගුප්තව ඇති) සියල්ල ඔවුන්ගේ (ඇස්) ඉදිරියේ ගෙනැවිත් සේන්දු කළා වුවද, අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔවුන් විශ්වාසම නොකරන්නාහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (දැනුමක් නැති) මෝඩයින් වශයෙන්ම සිටින්නාහ.

ඔවුන් නිර්දේශ කළ දෑ ට අනුව අපි ඔවුනට පිළිතුරු දී ඔවුන් වෙත මලක්වරු පහළ කොට ඔවුහු ඔවුන් දෑසින් දුටුවද මළවුන් ඔවුන් සමග කතා කොට ඔබ ගෙන ආ දෑ සත්යය බව ඔවුහු ඔවුනට පවසා සිටියද ඔවුන් යෝජනා කළ දෑ ඔවුනට එක්රැස් කොට ඒවා ඔවුන්ගේ දෑසින් දුටුව ද ඔවුන් අතුරින් අල්ලාහ් යහමග ලබන්නට අභිමත කළ අය හැර සෙසු අය ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන් නොවෙති. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ පිළිබඳ අඥානකමින් පසුවෙති. අල්ලාහ් යහමග ආශිර්වාද කරනු වස් ඔහු වෙත ඔවුන් හැරී නොයති.

Al-An'aam 6:111Listen in Qur'an →
112

وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِىٍّ عَدُوًّۭا شَيَٰطِينَ ٱلْإِنسِ وَٱلْجِنِّ يُوحِى بَعْضُهُمْ إِلَىٰ بَعْضٍۢ زُخْرُفَ ٱلْقَوْلِ غُرُورًۭا ۚ وَلَوْ شَآءَ رَبُّكَ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ

මෙසේම සෑම නබිවරයාටම මිනිසුන්ගෙන්ද, ජින්වරුන්ගෙන්ද ඇති ෂෙයිතාන්වරුන්ව අපි සතුරන් බවට පත් කර තිබුණෙමු. ඔවුන්ගෙන් සමහරෙක් සමහරෙකුව රවටනු පිණිස අලංකාරවත් (බොරු) වදන් (කණ්හි) රහසින් පවසා (විසුරුවා හරිමින්) සිටියහ. ඔබගේ දෙවියන් අදහස් කර තිබුනේ නම්, මෙසේ ඔවුන් කර තිඛෙන්නට ඉඩ නැත. එබැවින් (නබියේ!) ඔබ ඔවුන්වද, ඔවුන්ගේ බොරු කියමන්ද හැර දමනු.

දෙවියන්ට ආදේශ තබන මොවුන් ඔබට විරුද්ධකම් පාන්නට සලස්වා ඔබ ව අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන්ම ඔබට පෙර සිටි සෑම නබිවරයකුම අපි පරීක්ෂාවට ලක් කළෙමු. ඒ සෑම කෙනෙකුටම විටෙක මිනිසුන් ගෙන් ද විටෙක ජින්නුන්ගෙන් ද විරුද්ධවාදීන් ඇති කළෙමු. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු හට කුතුහලයක් ඇති කොට ඔවුන් රවටනු පිණිස අසත්ය දෑ ඔවුනට අලංකාර පෙන්වූහ. එය ඔවුන් නොකරන්නට අල්ලාහ් අභිමත කර ඇත්නම් එය ඔවුන් සිදු නොකර සිටින්නට තිබුණි. නමුත් ඔහු ඔවුන් වෙනුවෙන් එම පරීක්ෂණය අභිමත කළේය. ඔවුන් ද දේව ප්රතික්ෂේපය හා ව්යාජ ලෙස ගෙතූ දෑ ද ඔවුන් සමගම අතතහැර දමනු. එහෙයින් ඔවුන් හසුරුවා තබා නොගනු.

Al-An'aam 6:112Listen in Qur'an →
113

وَلِتَصْغَىٰٓ إِلَيْهِ أَفْـِٔدَةُ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُوا۟ مَا هُم مُّقْتَرِفُونَ

පරලොව විශ්වාස නොකරන්නන්ගේ සිත් එයට සවන් දී, එය ඔවුන් බාර ගැනීම සඳහාද, ඔවුන් කරන (නපුරු) ක්‍රියාවන් මොවුන්ද කිරීම සඳහාම (මෙසේ මොවුන්ව ඔවුන් රවටමින් සිටියහ).

(ෂෙයිතාන් මෙසේ කළේ) ඇතැමෙකු විසින් ඇතැමෙකු තුළ කුතුහලයට පත් කරවන දෑ වෙත මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන හදවත් නැඹුරු වන්නටත් ඔවුන් විසින් එය පිළිගන්නටත් එය ඒ ගැන තෘප්තියට පත්වන්නටත් පාපකම් හා වැරදි උපයමින් සිටින්නන් ඒවා උපයන්නටත් වේ.

Al-An'aam 6:113Listen in Qur'an →
114

أَفَغَيْرَ ٱللَّهِ أَبْتَغِى حَكَمًۭا وَهُوَ ٱلَّذِىٓ أَنزَلَ إِلَيْكُمُ ٱلْكِتَٰبَ مُفَصَّلًۭا ۚ وَٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يَعْلَمُونَ أَنَّهُۥ مُنَزَّلٌۭ مِّن رَّبِّكَ بِٱلْحَقِّ ۖ فَلَا تَكُونَنَّ مِنَ ٱلْمُمْتَرِينَ

“අල්ලාහ් නොවන කෙනෙකුවද (අපටද, ඔබටද අතරේ තීන්දුවක් දීමට) ප්‍රධානියෙකු වශයෙන් මා ඇර ගන්නේ? ඔහුම (සෑම දැනුමක්ම ඇති) පැහැදිලි මෙම ධර්මය ඔබට පහළ කර ඇත්තේය” (යයි නබියේ! ඔබ පවසනු. මෙයට පෙර) කවුරුන් හට අපි ධර්මය දී ඇත්තෙමුද, ඔවුන් මෙය ඇත්තෙන්ම ඔබගේ දෙවියන් වෙතින් සත්‍යය මගින්ම පහළ කරනු ලැබ ඇත්තේය යන්න ස්ථීර වශයෙන් දැන ගන්නාහ. එබැවින් සැක සිතන්නන්ගෙන් ඔබත් කෙනෙකු බවට (කිසි විටෙකත්) පත් නොවනු.

අහෝ දූතය! අල්ලාහ් සමග වෙනත් දෑ නමදින ඔහුට ආදේශ තබන මොවුන්හට ඔබ මෙසේ පවසනු. අප අතර හා ඔබ අතර අල්ලාහ් නොවන තීරකයකු ඉදිරිපත් කිරීම බුද්ධිමත් යැයි ඔබ සිතන්නෙහිද? සෑම දෙයක් ගැනම සම්පූර්ණ කරමින් පැහැදිලි කරමින් ඔබ වෙත අල් කුර්ආනය පහළ කළේ අල්ලාහ්ය. අප විසින් තව්රාතය පිරිනැමූ යුදෙව්වන් ද අප විසින් ඉන්ජීලය පිරිනැමූ කිතුනුවන් ද සත්ය මත පදනම් කරමින් සැබැවින්ම අල් කුර්ආනය ඔබ වෙත පහළ කරනු ලැබූවක් බව මැනවින් දනිති. එසේ ඔවුන් මැනවින් දන්නේ ඔවුන් දෙපිරිසගේ පුස්තක වල ඒ සඳහා වූ සාධක සඳහන් ව තිබෙනු ඔවුන් දුටු බැවිණි. අප ඔබ වෙත එවූ දෑ පිළිබඳ ඔබ සැක කරන්නන් අතුරින් නොවනු.

Al-An'aam 6:114Listen in Qur'an →
115

وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًۭا وَعَدْلًۭا ۚ لَّا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

(නබියේ!) ඔබ දෙවියන්ගේ පොරොන්දුව සත්‍යයෙන්ද, සාධාරණත්වයෙන්ද පූරණය විය. ඔහුගේ පොරොන්දු වෙනස් කරන්නන් කිසිවෙකුත් නැත. ඔහු (සියල්ල) සවන් දෙන්නෙකු වශයෙන්ද, හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.

අල් කුර්ආනයේ වදන් වල සහ ප්රවෘත්ති වල සත්යයේ අරමුණ සාක්ෂාත් කර ගෙන ඇත. ඔහුගේ වදන් වෙනස් කරන කිසිවකු නැත. තම ගැත්තන්ගේ ප්රකාශ වලට ඔහු සවන් දෙන්නාය. ඒ පිළිබඳ සර්ව ඥානීය. එයින් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඔහුගේ වදන් වෙනස් කිරීමට උත්සාහ දරන්නන්හට ඔහු විපාක දෙනු ඇත.

Al-An'aam 6:115Listen in Qur'an →
116

وَإِن تُطِعْ أَكْثَرَ مَن فِى ٱلْأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ ٱللَّهِ ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ

මෙම භූමියෙහි සිටින්නන්ගෙන් අනේක අයවළුන්ව ඔබ අනුගමනය කරන්නෙහි නම්, ඔවුන් ඔබව අල්ලාහ්ගේ මාර්ගයෙන් හරවා යවනු ඇත. (සාධකයන් කිසිත් නැති) පුහු සිතුවිලි මිස, (සත්‍යය) ඔවුන් අනුගමනය නොකරන්නාහ. තවද (තනිකර බොරු) සිතුවිල්ලෙහිම ඔවුන් ගිලී සිටින්නාහ.

මිහිතලයේ වෙසෙන මිනිසුන් බොහෝ දෙනෙකුට ඔබ අවනතවන්නට නියම කරනු ලැබුවේ නම් අල්ලාහ්ගේ දහමින් ඔවුන් ඔබ ව මුළා කරනු ඇත. සත්යය ඇත්තේ සුළු පිරිසක් සමගය යන අල්ලාහ්ගේ පිළිවෙත ක්රියාත්මක විය. ජනයා අතුරින් බොහෝ දෙනා අනුගමනය කරනුයේ කිසිදු සාධකයක් නැති අනුමාන පමණි. සැබැවින්ම තමන් නමදින දෑ අල්ලාහ් වෙත තමන් ව සමීප කරනු ඇතැයි ඔවුන් අනුමාන කරති. ඒ පිළිබඳ ඔවුහු බොරු පවසති.

Al-An'aam 6:116Listen in Qur'an →
117

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِۦ ۖ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ

(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තම මාර්ගයෙන් බේරී ගිය අය කවුරුන්දැයි යන්න හොඳින් දන්නේය. (එසේම) ඍජු මාර්ගයෙහි සිටින්නන්වද ඔහු හොඳින් දන්නේය.

අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති ඔහුගේ මාර්ගයෙන් නොමග ගිය මිනිසුන් කවුරුන්දැයි මැනවින් දන්නාය. එමෙන්ම ඒ වෙත යහමග ලැබූවන් කවුරුන් දැයි ද ඔහු මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.

Al-An'aam 6:117Listen in Qur'an →
118

فَكُلُوا۟ مِمَّا ذُكِرَ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ إِن كُنتُم بِـَٔايَٰتِهِۦ مُؤْمِنِينَ

(විශ්වාසවන්තයිනි!) ඔබ ඇත්තෙන්ම අල්ලාහ්ගේ ආයාවන් විශ්වාස කළ අය වශයෙන් සිටින්නෙහු නම්, (ඛෙල්ල කපන විට) අල්ලාහ්ගේ නාමය කියනු ලැබූ දැයම අනුභව කරනු.

අහෝ ජනයිනි! ඔබ අල්ලාහ්ගේ පැහැදිලි සාධක හා සාක්ෂි විශ්වාස කරන්නන් ලෙස සිටින්නෙහු නම්, (ආහාර සඳහා) සතුන් කපන අවස්ථාවේ ඔහුගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ පමණක් ඔබ අනුභව කරනු.

Al-An'aam 6:118Listen in Qur'an →
119

وَمَا لَكُمْ أَلَّا تَأْكُلُوا۟ مِمَّا ذُكِرَ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا ٱضْطُرِرْتُمْ إِلَيْهِ ۗ وَإِنَّ كَثِيرًۭا لَّيُضِلُّونَ بِأَهْوَآئِهِم بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِٱلْمُعْتَدِينَ

(ඔබට අනුමැතිය දෙනු ලැබූ දැයෙහි ඛෙල්ල කපන විට) අල්ලාහ්ගේ නාමය කියනු ලැබූ දැය ඔබ ආහාරයට නොගෙන සිටීමට ඔබට කුමන (බාධාවක්ද)? ඔබට බල කරනු ලැබුවොත් මිස, (අනුභවයට) ඔබට තහනම් කරනු ලැබූ දැය කුමක්ද යන්න ඔහු ඔබට විස්තර කර, පවසා ඇත්තේය. (ඒවා හැර, ඔබට අනුමැතිය දෙනු ලැබූ දැයෙන් අල්ලාහ්ගේ නාමය පවසා කුර්බාන් කළ සියල්ල ඔබට ආහාරයට ගත හැකිය). එහෙත් වැඩි දෙනෙකු නොදැනුවත්කමේ හේතුවෙන් තමන්ගේ කැමැත්තට අනුවම (ජනතාවට) මාර්ගය වැරද යාමට සලස්වන්නේය. (නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් සීමාව ඉක්මවූවන්ව හොඳින් දන්නේය.

අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දැයින් අනුභව කිරීමට ඔබ ව වැළැක්වූයේ කුමක්ද? ඔබට තහනම් කුමක් දැයි සැබැවින්ම අල්ලාහ් ඔබට පැහැදිලි කර ඇත. එහෙයින්, නොවැළැක්විය හේතුවක් මත ඒ වෙත ඔබ බල කරනු ලැබූවේ නම් මිස එය අතහැරීම ඔබ වෙත අනිවාර්යය වන්නේය. නොවැළැක්විය හැකි හේතුවක් නම් එය තහනම් දෑ අනුමත කරයි. දෙවියන්ට ආදේශ කරන්නන් බොහෝ දෙනා තමන් නොදැනුවත්කම හේතුවෙන් ඔවුන්ගේ කලහකාරී අදහස් හේතු කොටගෙන සත්යයෙන් පෙරළි ගිය ඔවුන්ගේ අනුගාමිකයින් අනුගමනය කරති. ඔවුන් වෙත තහනම් කළ, මළ සතුන් හා වෙනත් දෑ අනුමත කර ගනිති. අල්ලාහ් අනුමත කළ බහීරා, වසීලා, හාමි වැනි ගොවිපළ සත්ව වර්ග හා වෙනත් දෑ තහනම් කර ගනිති. අහෝ දූතය! අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කළ අය පිළිබඳ ව සැබැවින්ම ඔබේ පරමාධිපති මැනවින් දන්නාය. ඔවුන් ඔහුගේ සීමාවන් උල්ලංඝනය කොට කටයුතු කිරීම සඳහා ඔහු මතු ඔවුනට ප්රතිවිපාක දෙනු ඇත.

Al-An'aam 6:119Listen in Qur'an →
120

وَذَرُوا۟ ظَٰهِرَ ٱلْإِثْمِ وَبَاطِنَهُۥٓ ۚ إِنَّ ٱلَّذِينَ يَكْسِبُونَ ٱلْإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُوا۟ يَقْتَرِفُونَ

(විශ්වාසවන්තයිනි!) ඔබ ප්‍රසිද්ධියේ කරන පාපයන්ද, රහසේ කරන පාපයන්ද, අත්හැර දමනු. මන්දයත් කවුරුන් පාපයන් උපයා ගන්නෝද, ඔවුන් තමන් සොයා ගත් (නපුරු) අපරාධයන්ට සරිලන ඵලවිපාක (පරලොවදී) ලබා දෙනු ලබන්නාහ.

අහෝ ජනයිනි! ප්රසිද්ධියේ හා රහසිගත ව පාපකම් කිරීම අතහැර දමනු. ප්රසිද්ධියේ හෝ රහසිගත ව හෝ පාපකම් සිදු කරන්නන්හට ඔවුන් ඉපැයූ පාපය වෙනුවෙන් අල්ලාහ් ඔවුනට සුදුසු ප්රතිවිපාක දෙනු ඇත.

Al-An'aam 6:120Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.