۞ وَلَوْ أَنَّنَا نَزَّلْنَآ إِلَيْهِمُ ٱلْمَلَٰٓئِكَةَ وَكَلَّمَهُمُ ٱلْمَوْتَىٰ وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَىْءٍۢ قُبُلًۭا مَّا كَانُوا۟ لِيُؤْمِنُوٓا۟ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَلَٰكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ
ඇත්තෙන්ම (ඔවුන් කැමති ප්රකාර) අපි ඔවුන් වෙත (කෙළින්ම) මලායිකාවරුන්ව පහළ කර තැබුවා වුවද, මිය ගිය අයව (නැගිටුවා) ඔවුන් වෙත කතා කරන සේ ඇති කළා වුවද, (ගුප්තව ඇති) සියල්ල ඔවුන්ගේ (ඇස්) ඉදිරියේ ගෙනැවිත් සේන්දු කළා වුවද, අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔවුන් විශ්වාසම නොකරන්නාහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (දැනුමක් නැති) මෝඩයින් වශයෙන්ම සිටින්නාහ.
ඔවුන් නිර්දේශ කළ දෑ ට අනුව අපි ඔවුනට පිළිතුරු දී ඔවුන් වෙත මලක්වරු පහළ කොට ඔවුහු ඔවුන් දෑසින් දුටුවද මළවුන් ඔවුන් සමග කතා කොට ඔබ ගෙන ආ දෑ සත්යය බව ඔවුහු ඔවුනට පවසා සිටියද ඔවුන් යෝජනා කළ දෑ ඔවුනට එක්රැස් කොට ඒවා ඔවුන්ගේ දෑසින් දුටුව ද ඔවුන් අතුරින් අල්ලාහ් යහමග ලබන්නට අභිමත කළ අය හැර සෙසු අය ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන් නොවෙති. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ පිළිබඳ අඥානකමින් පසුවෙති. අල්ලාහ් යහමග ආශිර්වාද කරනු වස් ඔහු වෙත ඔවුන් හැරී නොයති.