Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 165

101

بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ أَنَّىٰ يَكُونُ لَهُۥ وَلَدٌۭ وَلَمْ تَكُن لَّهُۥ صَٰحِبَةٌۭ ۖ وَخَلَقَ كُلَّ شَىْءٍۢ ۖ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ

පෙර නිදසුණක් නොමැතිවම අහස්ද, භූමියද, ඔහු උත්පාදනය කළේය. ඔහුට කෙසේ නම් දරුවන් ඇති වන්නේද? ඔහුට බිරිඳක් ඇත්තේ නැත! සියල්ල ඔහුම උත්පාදනය කර ඇත්තේය. හැරත් ඔහු සියල්ලම හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

ඔහු පිවිතුරුය. උත්තරීතරය. අහස් හි මැවුම්කරුය. කිසිදු පූර්වාදර්ශයකින් තොරව මහපොළොව මැව්වේය. එසේ තිබියදී ඔහුට දරුවෙකු හෝ බිරියක් සිටිය හැක්කේ කෙසේද? ඔහු සෑම දෙයක්ම මැව්වේය. ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

Al-An'aam 6:101Listen in Qur'an →
102

ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ خَٰلِقُ كُلِّ شَىْءٍۢ فَٱعْبُدُوهُ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ وَكِيلٌۭ

මෙවැනි අල්ලාහ්ම ඔබව පෝෂණය කර, වර්ධනය කරන දෙවියන්; නැමදුමට හිමි තැනැත්තා ඔහු මිස, වෙන කිසිවෙකුත් නැත. ඔහුම සියල්ලෙහි උත්පාදනය කළ දෙවියාය. එබැවින් ඔහුවම (ඔහු එක් කෙනෙකුවම) ඔබ (සියල්ලන්ම) නමදිනු. සියලූ කාරණාවන් අවධානය කරමින් සිටින්නාද ඔහුමය.

ජනයිනි, මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ ඔහු ඔබේ පරමාධිපතිය. ඔහු හැර වෙනත් අධිපතියෙකු ඔබට නැත. ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් දෙවියෙකු නැත. සියලු දෑ ඇති කළේ ඔහුය. එබැවින් ඔබ ඔහුට පමණක් ගැතිකම් කරනු. ඔහු නැමදුමට සුදුස්සාය. ඔහු සියලු දෑ ආරක්ෂා කරන්නාය.

Al-An'aam 6:102Listen in Qur'an →
103

لَّا تُدْرِكُهُ ٱلْأَبْصَٰرُ وَهُوَ يُدْرِكُ ٱلْأَبْصَٰرَ ۖ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ

කිසිවෙකුගේ බැල්ම ඔහුට ළඟා වන්නේ නැත. ඔහුම සියල්ල බලන්නේය. ඔහු (කිසිවෙකුගේ බැල්මට හසු නොවන) සූක්ෂම හා පැහැදිලිමත් වූවෙකි. (සියල්ලන්වම) දන්නෙකි.

දෘෂ්ටීන් ඔහු හසු කර ගන්නේ නැත. නමුත් සුවිශුද්ධ අල්ලාහ් ඒ සියලු දෘෂ්ටීන් හසු කර ගෙන සිටියි. ඔහු තම දැහැමි ගැත්තන්හට මෛත්රිය. ඔවුන් පිළිබඳ සියලු තොරතුරු දන්නාය.

Al-An'aam 6:103Listen in Qur'an →
104

قَدْ جَآءَكُم بَصَآئِرُ مِن رَّبِّكُمْ ۖ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِۦ ۖ وَمَنْ عَمِىَ فَعَلَيْهَا ۚ وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍۢ

ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් (සත්‍යයෙන් පිරි බොහෝ) සාධකයන් ඔබ වෙත පැමිණ ඇත. කවුරුන් (ඒවා අවධානය කර) බලන්නෙහිද, (එය) ඔහුටම හොඳකි. ඔහු (ඒවා නොබලා) ඇස් පියා ගන්නේද, (එය) ඔහුටම නපුරක් වන්නේය. (නබියේ! ඔබ ඔවුන්ට) “මා ඔබව බේරා ගන්නෙකු නොව” (යයි පවසනු මැනව!)

අහෝ ජනයිනි! ඔබේ පරමාධිපති වෙතින් පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි ඔබ වෙත පැමිණ ඇත. කවරෙකු එය සාධාරණ යැයි සලකා එයට අනුකූල ව කටයුතු කරන්නේද ඔහු වෙත යොමු වන්නට එය ප්රයෝජනවත් වනු ඇත. ඒ ගැන අන්ධ ව කටයුතු කර නොසලකා හැර එයට අනුකූල ව කටයුතු නොකරන්නේ නම් එය කවර දෙයක් අරමුණු කර ගත්තේද එයට හානි වනු ඇත. තවද මම ඔබ ගැන නිරීක්ෂා කරන්නෙකු හෝ ඔබේ ක්රියාවන් සටහන් කරන්නෙකු නොවෙමි. සැබැවින්ම මම මාගේ පරමාධිපතිගෙන් වූ දූතයකු පමණි. ඔබලා නිරීක්ෂණය කරනුයේ ඔහුය.

Al-An'aam 6:104Listen in Qur'an →
105

وَكَذَٰلِكَ نُصَرِّفُ ٱلْءَايَٰتِ وَلِيَقُولُوا۟ دَرَسْتَ وَلِنُبَيِّنَهُۥ لِقَوْمٍۢ يَعْلَمُونَ

‘(මෙය) ඔබ හොඳින් (අපට) කියවා පෙන්වා දැනුම් දුන්නෙහිය’ යයි ඔවුන් පැවසීම සඳහාද, දැන ගත හැකි ජනතාවට අපි මෙය පැහැදිලි කර දීමටද, (අපගේ) ආයාවන් මෙසේ බොහොම වාර ගණනින් (විටින් විට) විස්තර කරන්නෙමු.

අල්ලාහ්ගේ බල මහිමය පෙන්වා දෙන සාධක හා සාක්ෂි විවිධ අයුරින් පෙන්වා දුන්නාක් මෙන්ම පොරොන්දු, ප්රතිඥා සහ උපදෙස් වලදී විවිධ සාධක ද පෙන්වා දුනිමු. දෙවියන්ට ආදේශ තැබූවෝ මෙය දේව පණිවිඩයක් නොව සැබැවින්ම ඔබට පෙර සිටි ආගම් ලත් ජනයාගෙන් ඔබ ඉගෙන ගත් දෑ යැයි පවසති. සත්ය පිළිගෙන එය පිළිපැද්දා වූ මුහම්මද්ගේ සමූහයා අතරින් දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ට මෙම පාඨ නානා ප්රකාරයෙන් පෙන්වා දෙමින් ජනයින්ට සත්යය පැහැදිලි කරන්නෙමු. සත්යය පිළිගෙන එය අනුගමනය කරන්නන් ඔවුන්ය.

Al-An'aam 6:105Listen in Qur'an →
106

ٱتَّبِعْ مَآ أُوحِىَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ وَأَعْرِضْ عَنِ ٱلْمُشْرِكِينَ

(නබියේ!) ඔබගේ දෙවියන් විසින් ඔබට වහී මගින් දැනුම් දෙනු ලැබූ දැයම ඔබ අනුගමනය කරනු. ඔහු හැර වෙනත් හිමියෙකු ඇත්තේම නැත. එබැවින් (ඔහුට) සමානයන් තබන්නන්ව ඔබ ප්‍රතික්ෂේප කර හරිනු මැනව!

අහෝ දූතය! ඔබේ පරමාධිපති ඔබ වෙත පහළ කළ සත්ය පණිවිඩය ඔබ අනුගමනය කරනු. ඔහු සුවිශුද්ධය. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් සුදුස්සෙකු නැත. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා ඔවුන්ගේ මුරණ්ඩුකම ඔබේ හදවත වෙනතකට යොමු නොකළ යුතුය. ඔවුන්ගේ කරුණ අල්ලාහ් වෙත ඇත්තේය.

Al-An'aam 6:106Listen in Qur'an →
107

وَلَوْ شَآءَ ٱللَّهُ مَآ أَشْرَكُوا۟ ۗ وَمَا جَعَلْنَٰكَ عَلَيْهِمْ حَفِيظًۭا ۖ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍۢ

අල්ලාහ් අදහස් කර තිබුණි නම්, ඔවුන් සමානයන් තබා ඇත්තේම නැත. ඔවුන් කෙරෙහි ආරක්ෂකයින් වශයෙන් අපි ඔබව ඇති කළේ නැත. ඔබ ඔවුන්ව අවධානය කළ යුතු හා වගකිව යුත්තෙකුද නොව.

තමන් සමග ඔවුන් කිසිවකු ආදේශ නොකළ යුතු යැයි අල්ලාහ් අභිමත කර සිටියේ නම් කිසිවකු ඔහුට ආදේශ නොකරනු ඇත. අහෝ දූතය! ඔවුන්ගේ ක්රියාවන් සටහන් කරන නිරීක්ෂකයකු බවට අපි ඔබ පත් නොකළෙමු. ඔවුන් ක්රියා කරවන්නෙකු ලෙස ඔබ නැත. ඔබ දූතයකු පමණි. ඔබ වෙත පැවරෙනුයේ නිවේදනය පමුණුවීම පමණි.

Al-An'aam 6:107Listen in Qur'an →
108

وَلَا تَسُبُّوا۟ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ فَيَسُبُّوا۟ ٱللَّهَ عَدْوًۢا بِغَيْرِ عِلْمٍۢ ۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَىٰ رَبِّهِم مَّرْجِعُهُمْ فَيُنَبِّئُهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ

(විශ්වාසවන්තයිනි!) අල්ලාහ් නොවන කුමක් හෝ ඔවුන් (දෙවිවරුන් යයි) ආරාධනා කරන්නෙහුද, ඒවාට ඔබ ෙදාස් නොකියනු. එමගින් ඔවුන් නොදැනුවත්කමේ හේතුවෙන් සීමාව ඉක්මවා අල්ලාහ්ටද බැණ වදිනු ඇත. මෙසේම සෑම සමූහයන්ටම ඔවුන්ගේ ක්‍රියාවන් අපි අලංකාරවත් කර තබා ඇත්තෙමු. පසුව ඔවුන් තමන්ගේ දෙවියන් වෙතම යන්නෙහුය. ඔවුන් කරමින් සිටි ක්‍රියාවන් ගැන (ඒවායෙන් හොඳ කුමක්ද, පාපය කුමක්ද යන්න) ඔහු, ඔවුන්ට දැනුම් දී හරිනු ඇත.

අහෝ විශ්වාස කළවුනි! අල්ලාහ්ට ආදේශ තබන්නන් ඔහුට ආදේශ කර ඔවුන් නමදින ඔවුන්ගේ පිළිම නින්දා සහගත වුවද දොස් නගන්නට වඩාත් සුදුසු දෑ වුවද ඒවාට ඔබ බැණ නොවදින්න. එය ඔවුන් අල්ලාහ්ට සුදුසු නොවන දෙයක් අඥාන කමින් හා දිගට ගෙන යමින් ඔහුට බැණ නොවදින තරමට විය යුතුය. ඔවුන් කවර මුළාවක සිටින්නේද එය ඔවුනට අලංකාර කර පෙන්වනු ලැබුවාක් මෙන් සෑම සමූහයකමට ඔවුන්ගේ ක්රියාවන් යහපත් වුවද අයහපත් වුවද අපි අලංකාර කර පෙන්වා ඇත්තෙමු. එහෙයින් ඔවුනට කවර කරුණක් අප අලංකාර කර පෙන්වූයේද එය ඔවුන් ගෙන එති. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් නැවත හැරී යනුයේ ඔවුන්ගේ පරමාධිපති වෙතය. මෙලොවෙහි ඔවුන් සිදුකරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුනට දන්වා සිටිනු ඇත. එමෙන්ම ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ඇත.

Al-An'aam 6:108Listen in Qur'an →
109

وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَٰنِهِمْ لَئِن جَآءَتْهُمْ ءَايَةٌۭ لَّيُؤْمِنُنَّ بِهَا ۚ قُلْ إِنَّمَا ٱلْءَايَٰتُ عِندَ ٱللَّهِ ۖ وَمَا يُشْعِرُكُمْ أَنَّهَآ إِذَا جَآءَتْ لَا يُؤْمِنُونَ

(ඔවුන් කැමති ප්‍රකාර) යම්කිසි සාධකයක් තමන් වෙනුවෙන් ලැඛෙන විට “නියත වශයෙන්ම අපි එය විශ්වාස කරමු” යයි ඔවුන් අල්ලාහ් කෙරෙහි ස්ථීර වූ දිව්රුමක් කර, පවසන්නාහ. (එයට නබියේ! ඔබ ඔවුන්ට) “නියත වශයෙන්ම සාධකයන් සියල්ල අල්ලාහ්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. (ඒවා ඔහු කැමති ආකාරයටම ඉකුත් කරන්නේය. ඔබ කැමති ආකාරයට නොව)” යයි පවසනු මැනව! (එසේම) ඔවුන් වෙත (ඔවුන් කැමති ප්‍රකාර) නියත වශයෙන්ම එය පැමිණෙන විට, එය ඔවුන් විශ්වාස කරන්නේම නැත යන්න (විශ්වාසවන්තයිනි!) ඔබ දන්නෙහුද?

තමන් නිර්දේශ කරන පාඨ වලින් එක් පාඨයක් මුහම්මද් වෙත පැමිණියේ නම් එය සැබැවින්ම ඔවුන් පිළිගන්නා බවට දෙවියන්ට ආදේශ තබන්නෝ තමන්ට හැකි උපරිමයෙන් අල්ලාහ් මත දිවුරා පවසති. අහෝ දූතය! එම පාඨ මා ළඟ තිබී ඒවා මා පහළ කරන තරමට ඒවා මා ලඟ නැත. ඒවා ඇත්තේ අල්ලාහ් අබියසය. ඔහු අභිමත කරන වේලාවට පහළ කරනු ඇත. යැයි ඔවුනට පවසනු. අහෝ දේවි විශ්වාසී ජනයිනි! සැබැවින්ම මෙම පාඨ ඔවුන් නිර්දේශ කරන දෑ ට අනුකූල ව පහළ වූ විට එය විශ්වාස නොකරනු ඇතැයි ඔබ ව දැනුවත් කළේ කුමක්ද? නමුත් ඔවුන් යහමග ලබන්නට අදහස් නොකරන බැවින් ඔවුන්ගේ මුරණ්ඩුකම හා ඔවුන්ගේ උත්සාහයේ ඔවුහු රැඳී සිටිති.

Al-An'aam 6:109Listen in Qur'an →
110

وَنُقَلِّبُ أَفْـِٔدَتَهُمْ وَأَبْصَٰرَهُمْ كَمَا لَمْ يُؤْمِنُوا۟ بِهِۦٓ أَوَّلَ مَرَّةٍۢ وَنَذَرُهُمْ فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ

පෙර ඔවුන් මෙය (මෙම ධර්මය) විශ්වාස නොකර සිටි ආකාරයටම (මේ අවස්ථාවේදීද, විශ්වාස නොකර සිටීම සඳහා) අපි ඔවුන්ගේ හෘදයන්ද, බැල්මද පෙරළා, ඔවුන්ගේ දුර්මාර්ගයෙහිම ඔවුන්ව මං මුළාවී හැසිරෙන ලෙසට අත්හැර දමා ඇත්තෙමු.

මුල් වතාවෙහිම ඔවුන්ගේ මුරණ්ඩුකම හේතුවෙන් ඔවුන් හා අල් කුර්ආනය විශ්වාස කිරීම අතර වැළැක්වූවාක් මෙන් ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ දෘෂ්ටීන් අතර හා සත්යය වෙත මග ලැබීම අතර වළක්වාලමින් අපි ඒවා පෙරළා දමන්නෙමු. ඔවුන්ගේ මුළාවෙහි හා තම පරමාධිපති සම්බන්ධයෙන් ව්යාකූලත්වයේ තටමන්නට අපි ඔවුන් අතහැර දමන්නෙමු.

Al-An'aam 6:110Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.