Muslim99Muslim99
← Tafsir library

6. Al-An'aam

The Cattle · Meccan · 165 ayahs

سُورَةُ الأَنۡعَامِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 165

11

قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ ثُمَّ ٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ

(නබියේ! ඔබ ඔවුන්ට) “ඔබ භූමියෙහි ඒ මේ අත මං මුළා වී ඇවිද, (ඔබ මෙන්) බොරු කරමින් සිටි අයගේ අවසානය කුමක් වූයේදැයි ඔබ අවධානය කර බලනු” යයි පවසනු (මැනව!)

අහෝ! දූතය, මෙම බොරුකාර අපහාස කරන්නන්හට “ඔබ මහපොළොවේ සැරිසරා අල්ලාහ්ගේ දූතවරුන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු” යැයි පවසනු. එහි ඔවුන් ආශිර්වාදයෙන් පිරි ශක්තිමත් ව සිටිය ද පසු ව අල්ලාහ්ගේ දඬුවම ඔවුනට නියම විය.

Al-An'aam 6:11Listen in Qur'an →
12

قُل لِّمَن مَّا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قُل لِّلَّهِ ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَا رَيْبَ فِيهِ ۚ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ

(තවද) “අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල කවුරුන් හට අයිතිද?”යි ඔබ (ඔවුන්ගෙන්) විමසනු. (මෙයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? ඔබම ඔවුන්ට “මේ සියල්ල) අල්ලාහ්ටම අයත්ය!” යයි පවසනු මැනව! ඔහු කරුණාව තමන් කෙරෙහි අනිවාර්යය කරගෙන සිටින්නේය. (එබැවින් ඔබගේ වැරැද්දට මෙතෙක් ඔබට දඬුවම් නොදී සිටින්නේය. එහෙත්) නියත වශයෙන්ම ඔබ සියල්ල විනිශ්චය දිනදී ඒකරාශී කරනු ඇත. එහි කිසිම සැකයක් නැත. ඔවුන් (සත්‍යය ප්‍රතික්ෂේප කර) තමන්ට තමන්ම පාඩුව ඇති කර ගත්තෝද, ඔවුන් (මෙය) විශ්වාස කරන්නේම නැත.

අහෝ! දූතය, අහස්හි පාලනයත්, මහපොළොවේ පාලනයත්, ඒ දෙක අතර ඇති දෑ හි පාලනයත් කවුරුන් සතු වන්නේදැයි ඔබ විමසනු. ඒවායෙහි සර්ව රාජ්යය හිමි වන්නේ අල්ලාහ්ටමයැයි පවසනු. තම ගැත්තන්හට ඔහුගෙන් වූ අතිරේක භාග්යයක් වශයෙන් තමන් වෙත කරුණාව නියම කර ගත්තේය. එහෙයින් ඔවුන් පාප සමාව අයැද නොසිටියද ඔවුන් සියලු දෙනා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින එක්රැස් කරන තෙක් ඔවුනට දඬුවම් දීමට ඔහු ඉක්මන් නොවෙයි. එදින පිළිබඳ කිසිදු සැකයක් නැත. අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුහු අලාභවන්තයින් වූහ. ඔවුහු විශ්වාස නොකරති. එහෙයින් ඔවුන් අලාභයෙහි වැටීමෙන් තමන් ආරක්ෂා කර ගත යුතු වේ.

Al-An'aam 6:12Listen in Qur'an →
13

۞ وَلَهُۥ مَا سَكَنَ فِى ٱلَّيْلِ وَٱلنَّهَارِ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

(අහස්හිද, භූමියෙහිද), රාත්‍රියෙහිද, දහවලෙහිද, ජීවත් වන සියල්ල ඔහුට අයිති දැයයි! ඔහු සවන් දෙන්නෙකු වශයෙන්ද, (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.

රාත්රියෙහි හා දහවලෙහි ලැඟුම් ගෙන සිටින සියලු දෑ හි පාලනය අල්ලාහ්ට පමණක් සතුය. ඔහු ඔවුන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

Al-An'aam 6:13Listen in Qur'an →
14

قُلْ أَغَيْرَ ٱللَّهِ أَتَّخِذُ وَلِيًّۭا فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ ۗ قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ ۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ

(නබියේ!) ඔබ මෙසේ කියනු: අහස්ද, භූමියද උත්පාදනය කළ අල්ලාහ් මිස, (අන් කිසිවක් මාව) ආරක්ෂා කරන්නෙකු වශයෙන් මා ඇර ගන්නෙමිද? ඔහුම (අපට) ආහාර ලබා දෙන්නේය. ඔහුට ආහාර දෙනු ලබන්නේ නැත”. (තවද) ඔබ මෙසේ පවසනු: “සම්පූර්ණයෙන්ම ඔහුට අවනත වූවන්ගෙන් පළමුවැන්නා වශයෙන් මා සිටින්නෙකු බවටද, ‘(දෙවියන්ට) සමානයන් තබා නමදින්නන්ගෙන් (ඔබත් කෙනෙකු බවට) පත් නොවනු (මැනව!)’ යයිද මා හට අණ කරනු ලැබ ඇත්තෙමි”.

අහෝ දූතය! අල්ලාහ් සමගම පිළිම හා වෙනත් දෑ නමදින, දේවත්වයට ආදේශ කරන්නන්හට ඔබ මෙසේ පවසනු; අල්ලාහ් නොවන කෙනෙකු උදව්කරුවකු වශයෙන් ගෙන, ඔහු ට සමීප වී ඔහුගෙන් මා උදව් ඉල්ලා සිටීම බුද්ධිමත් කටයුත්තක් ද? කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස් හා මහපොළොව මැව්වේ ඔහුය. ඒ දෙක පෙර කිසිවකු මැව්වේ නැත. ඔහු තමන් අභිමත කරන ගැත්තන්හට පෝෂණය ලබා දෙයි. ඔහුගේ ගැත්තන් කිසිවකු ඔහුට ආහාර සපයන්නේ නැත. ඔහු තම ගැත්තන්ගෙන් පොහොසත්ය. සියලු ගැත්තන් ඔහු වෙත යැපෙන්නන් වෙති. අහෝ දූතය! ඔබ පවසනු. සැබැවින්ම මාගේ පරමාධිපති මා ඔහුට අවනත වන, ඔහුට යටත් වන පළමුවැන්නා වීමට අණ කළේය. තවද ඔහු හැර වෙනත් අය ඔහු සමග ආදේශ කරන්නන් අතරට මා පත්වීමෙන් ඔහු වළැක්වීය.

Al-An'aam 6:14Listen in Qur'an →
15

قُلْ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍۢ

(නබියේ! තවද) ඔබ මෙසේ පවසනු (මැනව!): “මගේ දෙවියන්ට මා වෙනස්කම් කළහොත් ඉමහත් වූ දින දඬුවම වෙනුවෙන් මා බිය වන්නෙමි”

අහෝ! දූතය, මා වෙත අල්ලාහ් තහනම් කළ ෂිර්ක් හෝ වෙනත් වැරදි දෙයක් කිරීම හේතුවෙන් අල්ලාහ්ට පිටුපෑමෙන් හෝ ඔහු මට අණ කළ දේව විශ්වාසය හා ඔහුට අවනතභාවය පෙන්විය යුතු වෙනත් දෑ අතහැර දැමීමෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහත් දඬුවමකින් මා දඬුවම් කරනු ලැබීම ගැන මම බිය වෙමි.

Al-An'aam 6:15Listen in Qur'an →
16

مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍۢ فَقَدْ رَحِمَهُۥ ۚ وَذَٰلِكَ ٱلْفَوْزُ ٱلْمُبِينُ

“එදින කවුරුන්ගේ දඬුවම වළක්වනු ලබන්නේද, ඔහුට නියත වශයෙන්ම අල්ලාහ් දයාව පහළ කරම හැරියේය. මෙය පැහැදිලි ජයග්‍රහණයකි”.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවමින් අල්ලාහ් කවරෙක් දුරස් කරන්නේද, සැබැවින්ම ඔහු සතු අල්ලාහ්ගේ ආශිර්වාදය තුළින් ඔහු සැබැවින්ම ජය ගනු ඇත. දඬුවමින් දුරස් ව ලබන මෙම ජය වෙනත් කිසිදු ජයකට සමීප කළ නොහැකි පැහැදිලි ජයග්රහණයකි.

Al-An'aam 6:16Listen in Qur'an →
17

وَإِن يَمْسَسْكَ ٱللَّهُ بِضُرٍّۢ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَ ۖ وَإِن يَمْسَسْكَ بِخَيْرٍۢ فَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ

(නබියේ!) අල්ලාහ් ඔබට යම්කිසි විපතක් කළහොත් එය පහ කරන්නෙකු ඔහු මිස, වෙන කිසිවෙකුත් නැත. (එසේම) ඔබට යම්කිසි යහපතක් සිදු වන්නේ නම්, (එය වළක්වා හැරිය හැකි කෙනෙකු කිසිවෙකුත් නැත). ඔහු සියලූ දැය කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි.

ආදම්ගේ පුතණුවනි! අල්ලාහ්ගෙන් වූ යම් විපතක් ඔබ වෙත ළඟා වූයේ නම් එම විපත ඔබෙන් වළක්වන කිසිවකු නැත. එසේම ඔහු වෙතින් යම් යහපතක් ඔබ වෙත ළඟා වූයේ නම්, එයින් ඔහු ව වළක්වන කිසිවකුද නැත. ඔහුගේ භාග්යය පිටුදකින්නට කිසිවකු ද නැත. ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය. කිසිවකුට ඔහු පරාජය කළ නොහැක.

Al-An'aam 6:17Listen in Qur'an →
18

وَهُوَ ٱلْقَاهِرُ فَوْقَ عِبَادِهِۦ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ

ඔහු තම වහලූන් යටහත් කර පාලනය කරන්නේය. තවද ඔහු ඉතාමත් ඥානවන්තයෙකු වශයෙන්ද, (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.

ඔහු තම පහත් ගැත්තන් අබිබවා යන්නාය. කිසිවක් ඔහු පරාජය කළ නොහැකි පරිදි ඔවුනට ඉහළින් සිටින්නාය. කිසිවකු ඔහු අබිබවා යා නොහැක. සියලු දෙනා ඔහුට යටහත් වූවෝ වෙති. ඔහු ඔහුට ගැළපෙන පරිදි ඔහුගේ ගැත්තන්ට ඉහළින් සිටියි. මැවීමේ සැලසුම් කිරීමේ හා ආගම නීතිගත කිරීමේ ඔහු මහා ප්රඥාවන්තය. සියලු තොරතුරු දන්නාය. එහෙයින් ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.

Al-An'aam 6:18Listen in Qur'an →
19

قُلْ أَىُّ شَىْءٍ أَكْبَرُ شَهَٰدَةًۭ ۖ قُلِ ٱللَّهُ ۖ شَهِيدٌۢ بَيْنِى وَبَيْنَكُمْ ۚ وَأُوحِىَ إِلَىَّ هَٰذَا ٱلْقُرْءَانُ لِأُنذِرَكُم بِهِۦ وَمَنۢ بَلَغَ ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ ٱللَّهِ ءَالِهَةً أُخْرَىٰ ۚ قُل لَّآ أَشْهَدُ ۚ قُلْ إِنَّمَا هُوَ إِلَٰهٌۭ وَٰحِدٌۭ وَإِنَّنِى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ

(නබියේ!) “සාක්ෂිවලින් ඉතාමත් ලොකු කුමක්ද?”යි ඔබ (ඔවුන්ගෙන්) විමසනු. (ඔවුන්ට කුමක් නම් කිව හැකිද? ඔබම ඔවුන්ට) “අල්ලාහ්ම (අති විශාලය. ඔහුම) මටත් ඔබටත් අතරේ සාක්ෂි වශයෙන්ද සිටින්නේය. මෙම කුර්ආනය මගින් ඔබටද (එය) අත් කර ගත් අයටද, මා බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ම මෙය මට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය” (යයි පවසා) “නියත වශයෙන්ම නැමදුමට හිමි වෙනත් කෙනෙකු අල්ලාහ් සමග සිටින්නේය යයි (ඇත්තෙන්ම) ඔබ ස්ථීර වශයෙන් කියන්නෙහුද?” යයිද (ඔවුන්ගෙන්) ඔබ විමසනු. (මෙයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? “එසේ) මා සාක්ෂි දරන්නේ නැත!” යයි ඔබ පවසා, ‘නියත වශයෙන්ම නැමදුමට හිමි තැනැත්තා ඔහු පමණි. (ඔහුට) ඔබ සමානයන් තැබීමෙන් මා ඈත් වූවෙකි” යයිද පවසනු මැනව!

අහෝ දූතය! ඔබ ව බොරු කරන, දෙවියන්ට ආදේශ කරන ජනයාගෙන් “මාගේ සත්යතාවට සාක්ෂියෙන් වඩාත් මහඟු හා වඩාත් කීර්තිමත් වන්නේ කවර කරුණක්දැයි විමසනු. මාගේ සත්යතාවට සාක්ෂියෙන් වඩාත් මහඟු හා වඩාත් කීර්තිමත් වන්නේ අල්ලාහ්ගේ සාක්ෂිය” යැයි පවසනු. ඔහු මා අතර හා ඔබ අතර සාක්ෂිකරුය. මා කවර දෙයක් ඔබ වෙත ගෙන ආවේද, ඔබ කවර දෙයක් හෙළා දකින්නේද එය ඔහු දනී. ඔබ බිය ගැන්වීම පිණිසත් එමගින් මිනිසුන් හා ජින්නුන් මම බිය ගැන්වීම පිණිසත් අල්ලාහ් මෙම කුර්ආනය මා වෙත දන්වා ඇත්තේය. අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! සැබැවින්ම අල්ලාහ් සමග නැමදුමට සුදුසු තවත් දෑ ඇති බව ඔබ විශ්වාස කරන්නෙහුය. අහෝ දූතය! ඔවුනට මෙසේ පවසනු. ඔබ කවර දෙයක් පිළිගෙන ඇත්තේද එය ව්යාජ බැවින් මම ඒ සඳහා සාක්ෂි නොදරමි. සැබැවින්ම අල්ලාහ් ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නැත. ඔබ කවර දෙයක් ඔහුට ආදේශ කරන්නේද සැබැවින්ම මම එයින් නිදොස් වෙමි.

Al-An'aam 6:19Listen in Qur'an →
20

ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يَعْرِفُونَهُۥ كَمَا يَعْرِفُونَ أَبْنَآءَهُمُ ۘ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ

කවුරුන් හෝ තමන්ගේ දරුවන්ව (සැකයෙන් තොරව) දැන ගන්නාක් මෙන් ධර්මය දෙනු ලැබූවන් (කුර්ආනය වන) මෙයද (‘මෙය දෙවියන්ගේ ධර්මයක්ම’ යයි) හොඳින් දැන ගන්නාහ. (එහෙත් ඔවුන්ගෙන්) කවුරුන් (මෙය සඟවා) තමන්ට තමන්ම පාඩුවක් ඇති කර ගත්තෝද, ඔවුන් (මෙම ධර්මයද, අපගේ දූතයා වන මොහුවද) විශ්වාස කරන්නේ නැත.

අප තව්රාතය පිරිනැමූ යුදෙව්වන් හා ඉන්ජීලය පිරිනැමූ කිතුනුවන් තම දරුවන් සෙසු දරුවන්ගෙන් වෙන් කර හඳුනනවාක් මෙන් පූර්ණ දැනුමකින් යුතු ව නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ව හඳුනති. නිරයට ඇතුළත් කිරීමෙන් තමන්ටම අලාභහානි සිදු කර ගත්තෝ ඔවුහු වෙති. එහෙයින් ඔවුහු විශ්වාස නොකරති.

Al-An'aam 6:20Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.