وَإِذَا جَآءُوكُمْ قَالُوٓا۟ ءَامَنَّا وَقَد دَّخَلُوا۟ بِٱلْكُفْرِ وَهُمْ قَدْ خَرَجُوا۟ بِهِۦ ۚ وَٱللَّهُ أَعْلَمُ بِمَا كَانُوا۟ يَكْتُمُونَ
(විශ්වාසවන්තයිනි!) මෙවැන්නන් ඔබ වෙත පැමිණියහොත් “අපි විශ්වාසය තැබූවෙමු” යයි පවසන්නාහ. එහෙත් නියත වශයෙන්ම ඔවුන් ප්රතික්ෂේපය (මනසෙහි) තබාගෙනම (ඔබ වෙත) පැමිණියහ. නියත වශයෙන්ම ඒ සමගම (ඔබ ඉදිරියේ සිට) ඔවුන් පිටමං වී ගියහ. ඔවුන් (තමන්ගේ හෘදයන් තුළ) සඟවා තබාගෙන ඇති දැය අල්ලාහ් ඉතාමත් හොඳින් දන්නේය.
අහෝ විශ්වාස කළවුනි, ඔබ වෙත ඔවුන් අතර සිටින කුහකයින් පැමිණ, කුහක ලෙස දේව විශ්වාසය ඔබට පෙන්වති. සැබැවින්ම ඔවුන්ගේ තත්ත්වය වනාහි ඔවුන් පිවිසෙන විටද, බැහැර ව යන විටද දේව ප්රතික්ෂේපය ඈඳාගෙන සිටිති. ඔවුන් එයින් ඉවත් නොවෙති. ඔබට දේව විශ්වාසය ඔවුන් හෙළිකරමින් පෙන්වන විට ඔවුන් තුළ කැකෑරෙන දේව ප්රතික්ෂේපය පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමනු ඇත.