يَٰقَوْمِ ٱدْخُلُوا۟ ٱلْأَرْضَ ٱلْمُقَدَّسَةَ ٱلَّتِى كَتَبَ ٱللَّهُ لَكُمْ وَلَا تَرْتَدُّوا۟ عَلَىٰٓ أَدْبَارِكُمْ فَتَنقَلِبُوا۟ خَٰسِرِينَ
(තවද) ඔහු “මගේ සමූහයිනි! අල්ලාහ් ඔබට යයි නියම කරනු ලැබූ පරිශුද්ධ වූ භූමියෙහි (සිටින ඔබගේ සතුරන් සමග යුද්ධ කර, එහි) ඇතුළු වනු. (ඔවුන්ට) ඔබ පිටුපස හරවා ආපසු නොහැරෙනු. (පිටුපස හැරුණහොත්) ඔබ පරාජිතයින් වශයෙන්ම ආපසු හැරෙන්නෙහුය” (යයි පැවසූහ).
මාගේ ජනයිනි, ශුද්ධ වූ භූමියට (බයිතුල් මක්දිස් හා ඒ අවට භූමියට) පිවිසෙනු. එහි පිවිසෙන්නටත් එහි සිටින දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සටන් කිරීමටත් අල්ලාහ් ඔබට ප්රතිඥා දී ඇත. එම කෲර පාලකයින් ඉදිරියේ ඔබ පරාජය නොවනු. එවිට මෙලොවෙහි හා මතු ලොවෙහි ඔබේ බලාපොරොත්තු සුන් වී යනු ඇත. යැයි මූසා පැවසුවේය.