Muslim99Muslim99
← Tafsir library

5. Al-Maaida

The Table · Medinan · 120 ayahs

سُورَةُ المَائـِدَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 120

91

إِنَّمَا يُرِيدُ ٱلشَّيْطَٰنُ أَن يُوقِعَ بَيْنَكُمُ ٱلْعَدَٰوَةَ وَٱلْبَغْضَآءَ فِى ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ

මත්පැන් මගින්ද, සූදු කෙළිය මගින්ද, ඔබ අතරේ වෛරයද, ක්‍රෝධයද ඇති කිරීමටද, අල්ලාහ්ගේ මතකයෙන්ද, සලාතයෙන්ද, ඔබව වළක්වා හැරීමටම නියත වශයෙන්ම ෂෙයිතාන් කැමති වන්නේය. (එබැවින් ඒවායෙන්) ඔබ ඈත් වන්නෙහුද?

සූදුව හා සුරාව අලංකාරවත් කොට ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ හදවත් අතර සතුරුකම හා ක්රෝධය වැපිරීමටය. එමෙන්ම අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාත් ඉටු කිරීමෙන් ඔබ ව වෙනතකට යොමු කිරීමටය. අහෝ! දේව විශ්වාසී ජනයිනි, මෙම පිළිකුල් සහගත දෑ ඔබ අතහැරිය යුතු නොවේද? කිසිදු සැකයක් නැත එයයි ඔබට වඩාත් සුදුසු වන්නේ. එහෙයින් එයින් වැළකී සිටිනු.

Al-Maaida 5:91Listen in Qur'an →
92

وَأَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَٱحْذَرُوا۟ ۚ فَإِن تَوَلَّيْتُمْ فَٱعْلَمُوٓا۟ أَنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ

අල්ලාහ්ටම අවනත වනු. (අල්ලාහ්ගේ) දූතයාටද අවනත වනු. (ඔවුන්ට වෙනස්කම් නොකර) ප්‍රවේසමෙන් සිටිනු. (මෙය) ඔබ ප්‍රතික්ෂේප කර හැරියහොත් (අපගේ නියෝගයන් ඔබට) පැහැදිලිව ගෙනහැර දැක්වීම පමණක්ම අපගේ දූතයා කෙරෙහි අනිවායදැය වන්නේය යන්න නියත වශයෙන්ම ඔබ දැන ගනු.

ආගමික පිළිවෙත කවර දෙයක් අණ කර ඇත්තේද එය පිළිපදිමින් කවර දෙයකින් තහනම් කර ඇත්තේද එයින් වැළකෙමින් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. එයට විරුද්ධ ව කටයුතු කිරීමෙන් ප්රවේශම් වනු. එය ඔබ පිටුපෑවෙහු නම් සැබැවින්ම අපගේ දූතයාණන්හට පැවරී ඇත්තේ අල්ලා කවර දෙයක් ප්රචාරය කිරීමට අණ කර ඇත්තේද එය ප්රචාරය කිරීම පමණක් බව දැන ගනු. ඔහු එය ප්රචාරය කළේය. එහෙයින් ඔබ මග ලබන්නෙහු නම් එය ඔබටමය. එය ඔබ නිෂ්ඵල කර ගත්තේ නම් එහි විපාකයද ඔබටමය.

Al-Maaida 5:92Listen in Qur'an →
93

لَيْسَ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جُنَاحٌۭ فِيمَا طَعِمُوٓا۟ إِذَا مَا ٱتَّقَوا۟ وَّءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ ثُمَّ ٱتَّقَوا۟ وَّءَامَنُوا۟ ثُمَّ ٱتَّقَوا۟ وَّأَحْسَنُوا۟ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ

විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නන් (තහනම් කරන ලද ආහාරවලින්) කිසිවක් (එය තහනම් කරනු ලැබීමට පෙර) අනුභව කර තිබුණේ නම්, (එය) ඔවුන් කෙරෙහි වරදක් නැත. ඔවුන් (තහනම් කරනු ලැබීමෙන් පසු ඒවායෙන්) ඈත් වී විශ්වාසය මතම ස්ථීර වශයෙන් සිටිමින්, දැහැමි ක්‍රියාවන්ද කරමින් (අනිත් පාපයන්ගෙන්ද) ඈත් වී විශ්වාසය ස්ථීර කර, (අල්ලාහ්ට) බිය වී (අන් අයට) යහපතක්ම කරමින් සිටියහොත් (ප්‍රමාණවත්ය. එබැවින් තහනම් කරන ලද දැය කළින් ආහාරයට ගැනීම ගැන වරදට හසු කරන්නේ නැත). අල්ලාහ් (මෙවැනි) හොඳ අයවම ප්‍රිය කරන්නේය.

තහනම් කිරීමට පෙර පරිහරනය කළ අයට කිසිදු විපාකයක් නැත. අල්ලාහ් ව විශ්වාස කොට ඔහු වෙත සමීප වනු පිණිස දැහැමි කටයුතු සිදු කළවුන්හට, මත්ද්රව්ය තහනම් කිරීමට පෙර එය පරිහරණය කිරීමෙන් ඇති වූ පාපය ඔවුනට නැත. අල්ලාහ්ගේ කෝපයට බිය වී ඔහු ව විශ්වාස කරමින් දැහැමි ක්රියාවන් ඉටු කරමින් තහනම් දැයින් වැළකුණු විට පසු ව ඔවුන් අල්ලාහ් බලා සිටින්නේය යන හැඟීමෙන් යුතු ව ඔහුට නැමදුම් කරන තරමට ඔහු පිළිබඳ අවධානය වැඩි කර ගත් විට අල්ලාහ්ගේ අඛණ්ඩ පාලක සංවේදකය ඔවුනට හිමි වනු ඇත. එසේ වනුයේ දේව විශ්වාසවන්තයා තම ක්රියාවන් විධිමත් ව භක්තියෙන් යුතු ව ඉටු කරන බැවිණි. අල්ලාහ් ව ඔවුන් දකින්නාක් මෙන නැමදුම් කරන්නන්හට ඔහු ප්රිය කරයි.

Al-Maaida 5:93Listen in Qur'an →
94

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَيَبْلُوَنَّكُمُ ٱللَّهُ بِشَىْءٍۢ مِّنَ ٱلصَّيْدِ تَنَالُهُۥٓ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ ٱللَّهُ مَن يَخَافُهُۥ بِٱلْغَيْبِ ۚ فَمَنِ ٱعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٌۭ

විශ්වාසවන්තයිනි! ඔබ ඉහ්රාම් හැඳ සිටින අවස්ථාවේදී) ඔබගේ අත්ද, ඔබගේ ඊතලද, (පහසුවෙන්) ලබා ගත හැකි යම්කිසි දඬයම් වස්තුවක් මගින්ද නියත වශයෙන්ම අල්ලාහ් ඔබව පරීක්ෂා කරනු ඇත. රහසින්ද අල්ලාහ්ට බිය වන අය කවුදැයි යන්න ඔහු දැනුම් (දීම) සඳහාම (මෙසේ කරන්නේය). මින් පසුව කවුරුන් හෝ (අල්ලාහ්ගේ නියෝගය) කඩ කළහොත් ඔහුට වේදනා ගෙනදෙන දඬුවම් ඇත.

අහෝ විශ්වාස කළවුනි! ඔබ ඉහ්රාම් තත්ත්වයේ සිටියදී දඬයම් කිරීම සඳහා ගොඩබිමෙහි ඔබේ දෑතට පහසුවෙන් හසුවන කුඩා සතෙකු හෝ ඔබේ හෙල්ලට පහසුවෙන් හසුවන විශාල සතෙකු හෝ ගෙනැවිත් ඔබ ඉදිරියේ තබා ඔහු ඔබ ව පරීක්ෂණයට ලක් කරනු ඇත. එය, අල්ලාහ්ගේ දැනුම පිළිබඳ පූර්ණ විශ්වාසයෙන් යුතු ව, ඔහු අදෘශමානව සිටියදී කවරෙකු ඔහුට බිය වන්නේ දැයි ඔහු දැන ගනු පිණිසය. -එය ගැත්තා කවර කරුණක් පිළිබඳ විමසනු ලබන්නේ ද එහි විද්යාමාන වූ දැනුමයි.- එවිට ඔහු එම දඬයම් සතාගේ මැවුම්කරුට බිය වී දඬයම් කිරීමෙන් වැළකී සිටියි. සැබැවින්ම ඔහුගේ කිසිදු ක්රියාවක් මැවුම්කරුට සැඟවෙන්නේ නැත. කවරෙකු සීමාව ඉක්මවා ගොස් හජ් හෝ උම්රා අවස්ථාවේ ඉහ්රාම් තත්ත්වයේ සිටියදී දඬයම් කළේද අල්ලාහ් තහනම් කළ දෙයක් ඔහු සිදු කළ බැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනා සහගත දඬුවමක් ඔහුට හිමි වනු ඇත.

Al-Maaida 5:94Listen in Qur'an →
95

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقْتُلُوا۟ ٱلصَّيْدَ وَأَنتُمْ حُرُمٌۭ ۚ وَمَن قَتَلَهُۥ مِنكُم مُّتَعَمِّدًۭا فَجَزَآءٌۭ مِّثْلُ مَا قَتَلَ مِنَ ٱلنَّعَمِ يَحْكُمُ بِهِۦ ذَوَا عَدْلٍۢ مِّنكُمْ هَدْيًۢا بَٰلِغَ ٱلْكَعْبَةِ أَوْ كَفَّٰرَةٌۭ طَعَامُ مَسَٰكِينَ أَوْ عَدْلُ ذَٰلِكَ صِيَامًۭا لِّيَذُوقَ وَبَالَ أَمْرِهِۦ ۗ عَفَا ٱللَّهُ عَمَّا سَلَفَ ۚ وَمَنْ عَادَ فَيَنتَقِمُ ٱللَّهُ مِنْهُ ۗ وَٱللَّهُ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍ

විශ්වාසවන්තයිනි! ඔබ ඉහ්රාම් හැඳ සිටින අවස්ථවේදී දඩයම් සතූන් නොමරනු. ඔබගෙන් කවුරුන් හෝ එය (වැරදීමකින් මිස), මැරීමේ චේතනාවෙන්ම මැරුවහොත් එළු, බැටළු, ගව, ඔටුවන් වැනි සතුන් ආදියෙන් එයට සමාන වන දැයක් වන්දි වශයෙන් දිය යුතුය. ඔබගෙන් දැහැමි කෙනෙකු එයට සමාන යයි තීන්දුවක් (දෙන දැයක් වන්දි වශයෙන්) දිය යුතුය. (මෙය) පඬුරක් වශයෙන් කඃබාවට යැවිය යුතුය. නැතහොත් (එහි වටිනාකමට) දුප්පතුන්ට ආහාර ලබා දීම මගින් වන්දි ගෙවිය යුතුය. (වන්දි ගෙවීමට වස්තුව නොමැති අය) තමන් කළ ක්‍රියාවෙහි ඵලවිපාක විඳීම සඳහා (ගණනයෙන්) එයට සමාන වන (දින ගණනක්) උපවාසයේ යෙදිය යුතුය. (මෙයට) පෙර සිදු වූ දැය අල්ලාහ් ක්ෂමා කර හැරියේය. (මෙවැනි වැරදි කිරීමට) කවුරුන් හෝ (පසුවද) නැවතත් ඉදිරිපත් වුවහොත් අල්ලාහ් ඔහුගෙන් එවැනි දැයක් (දඬුවමට) වන්දි වශයෙන් අත්කර ගනු ඇත. අල්ලාහ් (සියල්ලටම) බලසම්පන්න වන අතර දඬුවම් කරන්නෙකු වශයෙන්ද සිටින්නේය.

අහෝ! විශ්වාස කළවුනි, හජ් හෝ උම්රාවෙහි ඔබ ඉහ්රාම් තත්ත්වයේ සිටියදී ගොඩබිම සතුන් දඬයම් නොකරනු. කවරෙකු උවමනාවෙන් එවන් සතෙකු දඬයම් කොට මරා දැමුවේද එයට ප්රතිකර්මයක් වශයෙන් දඬයම් කළ එම සතා හා සමාන ව ඔටුවෙකු හෝ ගවයෙකු හෝ එළුවෙකු ලබා දීම අනිවාර්යය වන්නේය. ඒ සම්බන්ධයෙන් මුස්ලිම්වරුන් අතර යුක්ති ගරුක දෙදෙනෙකු තීන්දු දෙනු ඇත. ඔවුන් දෙදෙනා ඒ ගැන කවර තීන්දුවක් දෙන්නේද එය පිළිපදිනු ලැබේ. එනම් එම සත්වයා මක්කාව වෙත ගෙන ගොස් හරම් සීමාවෙහි කැප කිරීම හෝ එහි වටිනාකමට ආහාර ගෙන හරම් සීමාවෙහි සිටින දිළිඳුන් හට සාඃ අඩක ප්රමාණයක් බැගින් ලබා දීම හෝ ආහාර සාඃ අඩක ප්රමාණයට සරිලන දින ගණන් බලා උපවාසයේ නිරත වීම යනාදියයි. එය එම දඬයම්කරු තමන් කළ ඝාතනයට දඬුවම් වශයෙන් භුක්ති විඳිනු පිණිසය. හරම් තත්ත්වයේ සිටියදී එසේ පෙර දඬයම් කර මරා දැමූ අයගේ හා තහනම් කිරීමට පෙර ඉහ්රාම් තත්ත්වයේ සිට ගොඩබිමේ සතුන් දඬයම් කොට මරා දැමූ අයගේ වැරදි වලට අල්ලාහ් සමාව දෙන්නේය. අල්ලාහ් සර්ව බලධාරීය. වළක්වන්නාය. තමන් පිටුපෑ අයහපතට තමන් අභිමත වූයේ නම් ඔවුන්ගෙන් පළිගැනීම ඔහුගේ සර්ව බලධාරීත්වය පෙන්නුම් කරන්නකි. එයින් ඔහු ව වළක්වන කිසිවකු නොසිටිනු ඇත.

Al-Maaida 5:95Listen in Qur'an →
96

أُحِلَّ لَكُمْ صَيْدُ ٱلْبَحْرِ وَطَعَامُهُۥ مَتَٰعًۭا لَّكُمْ وَلِلسَّيَّارَةِ ۖ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ ٱلْبَرِّ مَا دُمْتُمْ حُرُمًۭا ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ

(විශ්වාසවන්තයිනි!) ජලයෙහි දඬයම් කිරීමද, ඒවා ආහාර වශයෙන් ගැනීමද, (ඉහ්රාම් හැඳ සිටින) ඔබටද, (අනිත්) වන්ඳනාකරුවන්ටද, ප්‍රයෝජනයක් අත් කර දීමේ අදහසින් අනුමත කරනු ලැබ ඇත්තේය. එහෙත් ඔබ ඉහ්රාම් හැඳ සිටින තුරු (ජල තටාකයක මිස) ගොඩ බිමදී දඬයම් කිරීම ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. එබැවින් අල්ලාහ්ට බිය වී (කටයුතු) කරනු. ඔහු වෙතම ඔබ ඒකරාශී කරනු ලබන්නෙහුය.

ජලජ සතුන් දඬයම් කිරීම හා පදිංචිකරුවන්ට මෙන්ම මගීන්ට තම ගමන්මලු සකසා ගැනීමේදී ප්රයෝජනවත් වනු පිණිස මහ මුහුද ඔබට ලබා දෙන ජීවී හෝ අජීවි දෑ ද අල්ලාහ් ඔබට අනුමත කර ඇත. නමුත් හජ් හා උම්රාහි ඉහ්රාම් තත්ත්වයේ සිටින තාක්කල් ගොඩ බිම සතුන් දඬයම් කිරීම ඔබට තහනම් කළේය. අල්ලාහ්ගේ නියෝග පිළිපැඳ ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට බැතියෙන් යුතු ව කටයුතු කරන්න. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ යොමු වනුයේ ඔහු වෙත පමණය. ඔබේ ක්රියාවන් සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.

Al-Maaida 5:96Listen in Qur'an →
97

۞ جَعَلَ ٱللَّهُ ٱلْكَعْبَةَ ٱلْبَيْتَ ٱلْحَرَامَ قِيَٰمًۭا لِّلنَّاسِ وَٱلشَّهْرَ ٱلْحَرَامَ وَٱلْهَدْىَ وَٱلْقَلَٰٓئِدَ ۚ ذَٰلِكَ لِتَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَأَنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ

පරිශුද්ධ වූ නිවස වන කඃබාව මිනිසුන්ට, අල්ලාහ් ආරක්ෂාව ලබා දිය හැකි ස්ථානයක් බවට පත් කර ඇත්තේය. (එසේම දුල් කඅදා, දුල් හජ්, මුහර්රම්, රජබ් ආදී මෙම මාස හතර) පරිශුද්ධ වූ මාසයන්ද, කුර්බානිද, (අල්ලාහ්ගේ පඬුර වශයෙන් යන්න) සළකුණු කරන ලද ගමේ සතුන්ද, (ආරක්ෂාව දෙනු ලැබූ දැය බවට පත් කර ඇත්තේය). අහස්හිද, භූමියෙහිද ඇති සියල්ලම නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය යන්න ඔබ දැන ගැනීම සඳහාම (මෙසේ කර ඇත්තේය). නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් දැන ගන්නේය.

මිනිසුන් වෙනුවෙන් කටයුතු කරන ශුද්ධ වූ නිවසක් ලෙස අල්ලාහ් කඃබා ව ඇති කළේය. සලාතය හජ් හා උම්රා වැනි ඔවුන්ගේ ආගමික යහපත සඳහා එය ක්රියා කරන අතරම හරම් සීමාව තුළ ආරක්ෂාව හා සියලු ආහාර වර්ග ඒ වෙත එකතු කිරීම වැනි ලෞකික යහපත සඳහා ද එය ක්රියා කරනු ඇත. ශුද්ධ වූ මාස (එනම් දුල් කඃදා, දුල් හිජ්ජා, මුහර්රම් හා රජබ්) සෙස්සන් සමග සටන් කිරීමෙන් තමන් ආරක්ෂා කරන්නක් ලෙස කටයුතු කරයි. තවද හරම් සීමා වෙත ගෙන යනු ලබන කැපයට නියමිත සතුන්ද සලකුණු තබන ලද සතුන්ද යම් හානියකින් තමන්ට බාධා පමුණුවීමෙන් එම අදාළ පුද්ගලයා ආරක්ෂා කරනු පිණිස කටයුතු කරයි. මෙය අල්ලාහ් ඔබ වෙත පිරිනමා ඇත්තේ සැබැවින්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ඇති සියල්ල පිළිබඳ මැනවින් දන්නා බව ඔබ වටහා ගනු පිණිසය. තවද නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය. ඒ සඳහා ඔහු එවැනි දෑ ආගමානුගත කර ඇත්තේ ඔබට යහපත ගෙන දෙනු පිණිස හා ඔබට හානියක් අත්වන්නට පෙර ඔබෙන් එම හානිය වළක්වනු පිණිසය. ගැත්තන්හට යහපත් වන්නේ කුමක්දැයි යන්න පිළිබඳ ඔහුගේ දැනුමට එය සාධකයක් වේ.

Al-Maaida 5:97Listen in Qur'an →
98

ٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ وَأَنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ

නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දරුණු කෙනෙකු වශයෙන් සිටින අතර නියත වශයෙන්ම අල්ලාහ් වැරදිවලට සමාව දී කරුණාව දක්වන්නෙකු වශයෙන්ම සිටින්නේය යන්න ඔබ ස්ථීර වශයෙන් දැන ගනු.

අහෝ! මිනිසුනි, තමන්ට පිටුපා කටයුතු කරන්නන්හට අල්ලාහ් දඬුවම් දීමේදී ඉතා දැඩිය. තමන් වෙත පසුතැවිලි වී යොමුවන්නන්හට අතික්ෂමාශීලීය. එමෙන්ම මහා කාරුණිකය.

Al-Maaida 5:98Listen in Qur'an →
99

مَّا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلْبَلَٰغُ ۗ وَٱللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ

(අපගේ) දූතයාගේ යුතුකම (අපගේ දූත මෙහෙවර) ගෙනහැර දැක්වීම මිස, (එසේ කටයුතු කරන මෙන් ඔබට බල කිරීමක්) නොව. ඔබ එළිදරව් කරන දැයද, ඔබ සඟවාගෙන ඇති දැයද, අල්ලාහ් හොඳින් දන්නේය.

තමන්ට කවර දෙයක් ප්රචාරය කරන මෙන් අල්ලාහ් නියෝග කර ඇත්තේද එය හැර වෙනත් දෙයක් ප්රචාරය කිරීමට දූතයාණන්හට පැවරී නැත. ජනයා යහමග වෙත ගෙන යාමේ ආශිර්වාදය ද එතුමාණන්ට නැත. එය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහි පමණය. ඔබ මතුපිටින් ක්රියා කරන දෑ ද යහමග හෝ මුළාව ඔබ තුළ සඟවා සිටින දෑ ද ඔහු මැනවින් දනියි. ඒ අනුව ඔහු ඔබට මතු ප්රතිඵල පිරිනමනු ඇත.

Al-Maaida 5:99Listen in Qur'an →
100

قُل لَّا يَسْتَوِى ٱلْخَبِيثُ وَٱلطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ ٱلْخَبِيثِ ۚ فَٱتَّقُوا۟ ٱللَّهَ يَٰٓأُو۟لِى ٱلْأَلْبَٰبِ لَعَلَّكُمْ تُفْلِحُونَ

(නබියේ! සෑම තැනම) නපුරු දැයම වැඩි වී තිබීම ඔබව පුදුමයට පත් කළා වුවද, ඔබ මෙසේ කියනු: “හොඳද, නරකද සම වන්නේ නැත. එබැවින් බුද්ධිමතුනි! අල්ලාහ්ට බිය වී (නපුරු දැයෙන් ඈත්) වනු. (එමගින්) ඔබ ජයග්‍රහණය කරන්නෙහුය”.

අහෝ! දූතය, සෑම දෙයකම අයහපත් දෑ, එය ඔබ ව අධික ලෙස මවිතයට පත් කළ ද සෑම දෙයකම යහපත් දෑ සමග සම නොවන්නේය. එය ඔබ අධික ව කළ විට එහි මහිමය පෙන්වා නොදෙනු ඇත. එහෙයින් බුද්ධිමතුනි, ස්වරගයේ ජයග්රහණය ඔබ ලබනු පිණිස අයහපත් දෑ අතහැර යහපත් දෑ සිදුකරමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්න.

Al-Maaida 5:100Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.