إِنَّمَا يُرِيدُ ٱلشَّيْطَٰنُ أَن يُوقِعَ بَيْنَكُمُ ٱلْعَدَٰوَةَ وَٱلْبَغْضَآءَ فِى ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ
මත්පැන් මගින්ද, සූදු කෙළිය මගින්ද, ඔබ අතරේ වෛරයද, ක්රෝධයද ඇති කිරීමටද, අල්ලාහ්ගේ මතකයෙන්ද, සලාතයෙන්ද, ඔබව වළක්වා හැරීමටම නියත වශයෙන්ම ෂෙයිතාන් කැමති වන්නේය. (එබැවින් ඒවායෙන්) ඔබ ඈත් වන්නෙහුද?
සූදුව හා සුරාව අලංකාරවත් කොට ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ හදවත් අතර සතුරුකම හා ක්රෝධය වැපිරීමටය. එමෙන්ම අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාත් ඉටු කිරීමෙන් ඔබ ව වෙනතකට යොමු කිරීමටය. අහෝ! දේව විශ්වාසී ජනයිනි, මෙම පිළිකුල් සහගත දෑ ඔබ අතහැරිය යුතු නොවේද? කිසිදු සැකයක් නැත එයයි ඔබට වඩාත් සුදුසු වන්නේ. එහෙයින් එයින් වැළකී සිටිනු.