وَلَوْ كَانُوا۟ يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلنَّبِىِّ وَمَآ أُنزِلَ إِلَيْهِ مَا ٱتَّخَذُوهُمْ أَوْلِيَآءَ وَلَٰكِنَّ كَثِيرًۭا مِّنْهُمْ فَٰسِقُونَ
ඔවුන් අල්ලාහ්වද මෙම නබිවරයාවද ඔහුට පහළ කරන ලද දැයද (ධර්මයද, ඇත්තෙන්ම) විශ්වාස කර තිබුණේ නම්, (ප්රතික්ෂේප කළ) ඔවුන්ව (තමන්ට) මිතුරන් බවට පත් කර ගන්නට ඉඩ නොතිබිණි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් පාපතරයන් වශයෙන්ම සිටින්නාහ.
මෙම යුදෙව්වන් අල්ලාහ් ව සැබෑ ලෙස විශ්වාස කොට, ඔහුගේ නබිවරයාණන් ව විශ්වාස කර ඇත්නම්, දෙවියන්ට ආදේශ තබන්නන් අතුරින් තමන්හට ප්රිය කරන, තමන් වෙත නැඹුරු වන මිතුරන් ඔවුන් පත් කර ගන්නේ නැත. හේතුව, නියත වශයෙන්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මිතුරන් ලෙස ගැනීමෙන් ඔවුන් වළක්වනු ලැබ ඇති බැවිණි. නමුත් මෙම යුදෙව්වන් බොහෝ දෙනෙක් අල්ලාහ්ට අවනත වීමෙන් හා ඔහුගේ මිතුදමින් හා දේව විශ්වාසීන්ගේ මිතුදමින් බැහැර ව ගිය අය වෙති.