Muslim99Muslim99
← Tafsir library

5. Al-Maaida

The Table · Medinan · 120 ayahs

سُورَةُ المَائـِدَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 81–90 of 120

81

وَلَوْ كَانُوا۟ يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلنَّبِىِّ وَمَآ أُنزِلَ إِلَيْهِ مَا ٱتَّخَذُوهُمْ أَوْلِيَآءَ وَلَٰكِنَّ كَثِيرًۭا مِّنْهُمْ فَٰسِقُونَ

ඔවුන් අල්ලාහ්වද මෙම නබිවරයාවද ඔහුට පහළ කරන ලද දැයද (ධර්මයද, ඇත්තෙන්ම) විශ්වාස කර තිබුණේ නම්, (ප්‍රතික්ෂේප කළ) ඔවුන්ව (තමන්ට) මිතුරන් බවට පත් කර ගන්නට ඉඩ නොතිබිණි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් පාපතරයන් වශයෙන්ම සිටින්නාහ.

මෙම යුදෙව්වන් අල්ලාහ් ව සැබෑ ලෙස විශ්වාස කොට, ඔහුගේ නබිවරයාණන් ව විශ්වාස කර ඇත්නම්, දෙවියන්ට ආදේශ තබන්නන් අතුරින් තමන්හට ප්රිය කරන, තමන් වෙත නැඹුරු වන මිතුරන් ඔවුන් පත් කර ගන්නේ නැත. හේතුව, නියත වශයෙන්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් මිතුරන් ලෙස ගැනීමෙන් ඔවුන් වළක්වනු ලැබ ඇති බැවිණි. නමුත් මෙම යුදෙව්වන් බොහෝ දෙනෙක් අල්ලාහ්ට අවනත වීමෙන් හා ඔහුගේ මිතුදමින් හා දේව විශ්වාසීන්ගේ මිතුදමින් බැහැර ව ගිය අය වෙති.

Al-Maaida 5:81Listen in Qur'an →
82

۞ لَتَجِدَنَّ أَشَدَّ ٱلنَّاسِ عَدَٰوَةًۭ لِّلَّذِينَ ءَامَنُوا۟ ٱلْيَهُودَ وَٱلَّذِينَ أَشْرَكُوا۟ ۖ وَلَتَجِدَنَّ أَقْرَبَهُم مَّوَدَّةًۭ لِّلَّذِينَ ءَامَنُوا۟ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّا نَصَٰرَىٰ ۚ ذَٰلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًۭا وَأَنَّهُمْ لَا يَسْتَكْبِرُونَ

(නබියේ!) යුදෙව්වන්ද, සමානයන් තබා නමදින්නන්ද, විශ්වාසවන්තයින්ට මිනිසුන් සියල්ලන්ගෙන්ම දරුණු සතුරන් බවට සිටිනු නියත වශයෙන්ම ඔබ දකින්නෙහිය! කවුරුන් තමන්ව ක්‍රිස්තියානුවන් යයි පවසන්නෝද, ඔවුන් විශ්වාසවන්තයින්ට (ඔවුන්ට වඩා) ස්නේහවන්තභාවයෙන් ඉතාමත් සමීපස්තයන් බවට දකින්නෙහිය! මන්දයත් ඔවුන්ගෙන් (ඉගෙන ගත්) පඬිවරුන්ද, සන්‍යාසිවරුන්ද සිටින්නාහ. තවද ඔවුන් උඬගු වන්නේද නැත.

අහෝ දූතය, ඔබ ව හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන් වෙත ජනයා අතුරින් වඩාත් විරෝධී ප්රජාවක් ලෙස යුදෙව්වන් හා ඔවුන් හැර අල්ලාහ්ට ආදේශ තබන්නන් ඔබ දකිනු ඇත. හේතුව ඔවුහු ඒ මත ක්රෝධයෙන්, ඊර්ෂ්යාවෙන් හා උඩඟුකමින් වෙළී, පිළිම වන්දනාවෙහි නිරත ව සිටින බැවිණි. ඔබ ව හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන්හට වඩාත් සමීපතම ජනයා වනුයේ තමන් කිතුනුවන් යැයි පවසන ජනයාය. මොවුන්ගේ ආදරයේ සමීපතාව දෙවියන් විශ්වාස කරන්නන් වෙනුවෙන් පිහිටයි. ඊට හේතුව ඔවුන් අතර විද්වතුන් මෙන්ම ආගමික නායකයින් සිටින බැවිණි. සැබැවින්ම ඔවුහු කිසිදු උඩඟුකමකින් තොරව යටහත්පහත්භාවයකින් කටයුතු කරති. අහංකාරයෙන් පෙළෙන්නාගේ හදවතට යහපත සෙන්දු නොවනු ඇත.

Al-Maaida 5:82Listen in Qur'an →
83

وَإِذَا سَمِعُوا۟ مَآ أُنزِلَ إِلَى ٱلرَّسُولِ تَرَىٰٓ أَعْيُنَهُمْ تَفِيضُ مِنَ ٱلدَّمْعِ مِمَّا عَرَفُوا۟ مِنَ ٱلْحَقِّ ۖ يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱكْتُبْنَا مَعَ ٱلشَّٰهِدِينَ

තවද (මෙවැන්නන්ගෙන් බොහොමයක් දෙනා අපගේ) දූතයා කෙරෙහි පහළ කරන ලද දැයට සවන් දුන්නහොත් සත්‍යය ඔවුන් වටහා ගන්නා හේතුවෙන් ඔවුන්ගේ ඇස්වලින් කඳුළු ගලනු දකින්නෙහිය. (තවද) “අපගේ දෙවියනේ! (මෙම ධර්මය) අපි විශ්වාස කළෙමු. එබැවින් (මෙම ධර්මය සත්‍යය යයි) සාක්ෂි දරන්නන් සමග අපවද ඔබ සටහන් කරනු මැනව!” යයි (ප්‍රාර්ථනා කරමින්) පවසන්නාහ.

මොවුන් නජ්ජාසි රජු හා ඔහුගේ මිතුරන් මෙනි. ඔවුන්ගේ හදවත් ඉතා සියුම්ය. අල් කුර්ආනයේ පහළ කරනු ලැබූ දෑ තම කනට සවන් වැකුණු කල්හි එමෙන්ම සැබැවින්ම ඔවුන් තම දූත ඊසා (අලය්හිස් සලාම්) තුමා තමන් වෙත දැනුම් දුන් දෑට අනුව සැබැවින්ම එය සත්යයක් යැයි ඔවුන් දැනගත් කල්හි ඔවුන් හඬන්නට පටන් ගත්හ. පසු ව: 'අපගේ පරමාධිපතියාණනි! ඔබේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට ඔබ කවර කරුණක් පහළ කළේ ද ඒ ගැන අපි විශ්වාස කළෙමු. එහෙයින් අපගේ පරමාධිපතියාණනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාට සාධකයක් වනු පිණිස මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ ප්රජාව සමග අපව ද සටහන් කරනු මැනව! යැයි පවසති.

Al-Maaida 5:83Listen in Qur'an →
84

وَمَا لَنَا لَا نُؤْمِنُ بِٱللَّهِ وَمَا جَآءَنَا مِنَ ٱلْحَقِّ وَنَطْمَعُ أَن يُدْخِلَنَا رَبُّنَا مَعَ ٱلْقَوْمِ ٱلصَّٰلِحِينَ

“තවද අල්ලාහ්වද (ඔහු වෙතින්) අපට පැමිණි සත්‍යය (ධර්මය)ද අපි විශ්වාස නොකර සිටීමට අපට කුමන (තහනමක්ද? දැහැමි දැය කළ) හොඳ අය සමග අපවද, අපගේ දෙවියන් එක්කාසු කර තැබීමම අපි ආශා කරන්නෙමු” යයිද (පවසන්නාහ).

අප අතරත් අල්ලාහ් විශ්වාස කිරීම හා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එසේ පහළ වූ එම සත්යය විශ්වාස කිරීම අතරත් බාධාවක් බවට පත් වූයේ කවර කරුණක් ද? අපි අල්ලාහ්ට අවනත වෙමින් ඔහුගේ දඬුවමට බිය වෙමින් නබිවරුන් හා ඔවුන් අනුගමනය කළවුන් සමග ස්වර්ගයට පිවිසීමට අපි අපේක්ෂා කරන්නෙමු.

Al-Maaida 5:84Listen in Qur'an →
85

فَأَثَٰبَهُمُ ٱللَّهُ بِمَا قَالُوا۟ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَآءُ ٱلْمُحْسِنِينَ

ඔවුන් මෙසේ කීමේ හේතුවෙන් සදාකල් ජල දහරා ගලා බසිමින් ඇති ස්වර්ගයන් අල්ලාහ් ඔවුන්ට ඵලවිපාක වශයෙන් ලබා දෙනු ඇත. ඒවායෙහි ඔවුන් (සදහටම) රැෙඳන්නාහ. මෙයම දැහැමි ක්‍රියාවන් කරන්නන්ට අයත් ඵලවිපාක වන්නේය.

ඔවුන් දෙවියන් විශ්වාසය කිරීම වෙනුවෙන් හා ඔවුන් සත්යය පිළිගැනීම වෙනුවෙන් එවායෙහි මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔවුනට ප්රතිඵල වශයෙන් අල්ලාහ් පිරිනමනු ඇත. ඔවුහු එහි සදාකල් වෙසෙති. එය ඔවුන් සත්යය අනුගමනය කොට කොන්දේසි රහිත ව ඔහුට සම්පූර්ණයෙන් අවනත වීමේදී දැහැමි ලෙස කටයුතු කළවුන්හට පිරිනමනු ලබන ප්රතිඵලයයි.

Al-Maaida 5:85Listen in Qur'an →
86

وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَحِيمِ

කවුරුන් (අපගේ දූතයාව) ප්‍රතික්ෂේප කර, තම ආයාවන්ද බොරු කර හරින්නෝද, ඔවුන් නිරාවාසීන්ය!

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කොට, තම දූතයාණන් වෙත පහළ කළ අල්ලාහ්ගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුහුමය නිරා ගින්නට අනිවාර්ය කරනු ලැබූවෝ. එයින් කිසිවිටෙකත් ඔවුනට බැහැර විය නොහැක.

Al-Maaida 5:86Listen in Qur'an →
87

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُحَرِّمُوا۟ طَيِّبَٰتِ مَآ أَحَلَّ ٱللَّهُ لَكُمْ وَلَا تَعْتَدُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُعْتَدِينَ

විශ්වාසවන්තයිනි! අල්ලාහ් ඔබට අනුමත කරනු ලැබ ඇති පරිශුද්ධ වූ දැය, ඔබ අනුමත නැති දැය බවට පත් කර නොගනු. තවද ඔබ සීමාව ඉක්මවාද නොයනු. නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන්ව ප්‍රිය කරන්නේ නැත.

අහෝ! විශ්වාස කළවුනි, ආහාර පාන විවාහය වැනි අනුමත සුවදායක ජීවිතය තහනම් කර නොගනු. පැවැදි භාවය හා බ්රහ්මාචාරය හේතුවෙන් ඒවා තහනම් කර නොගනු. අල්ලාහ් ඔබ වෙත තහනම් කළ දෑහි සීමාවන් උල්ලංඝනය නොකරනු. සැබැවින්ම ඔහු තම සීමාවන් උල්ලංඝනය කරන්නන්හට ප්රිය නොකරනු ඇත. ඔවුන් කෙරෙහි ඔහු කෝප වනු ඇත.

Al-Maaida 5:87Listen in Qur'an →
88

وَكُلُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلًۭا طَيِّبًۭا ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ أَنتُم بِهِۦ مُؤْمِنُونَ

අල්ලාහ් ඔබට ලබා දුන් දැයෙන් (ඔබ ආහාරයට ගැනීමට) අනුමත කරනු ලැබ ඇති දැයද, හොඳ දැයද අනුභව කරනු. ඔබ කවුරුන්ව විශ්වාස කර ඇත්තේද එම අල්ලාහ්ටම බිය වනු.

අල්ලාහ් තම පෝෂණයෙන් ඔබ වෙත පිරිනැමූ දැයින් එය අනුමත මෙන්ම පිවිතුරු තත්ත්වයේ තිබියදී අනුභව කරනු. කොල්ලකෑමෙන් හෝ අසාධාරණ ලෙස ඩැහැ ගැනීමෙන් එය තහනම් තත්ත්වයක තිබෙන්නේ නම් අනුභව නොකරනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින්, ඔහු පිළිබඳ මතකයෙන් පසුවනු. ඔබ විශ්වාස කරනුයේ ඔහුවය. ඔහු කෙරෙහි පවතින ඔබේ විශ්වාසය ඔහු ගැන බියෙන් පසුවන්නට බල කෙරෙනු ඇත.

Al-Maaida 5:88Listen in Qur'an →
89

لَا يُؤَاخِذُكُمُ ٱللَّهُ بِٱللَّغْوِ فِىٓ أَيْمَٰنِكُمْ وَلَٰكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ ٱلْأَيْمَٰنَ ۖ فَكَفَّٰرَتُهُۥٓ إِطْعَامُ عَشَرَةِ مَسَٰكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍۢ ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٍۢ ۚ ذَٰلِكَ كَفَّٰرَةُ أَيْمَٰنِكُمْ إِذَا حَلَفْتُمْ ۚ وَٱحْفَظُوٓا۟ أَيْمَٰنَكُمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَٰتِهِۦ لَعَلَّكُمْ تَشْكُرُونَ

ඔබගේ පුහු දිව්රුම් මගින් අල්ලාහ් ඔබව (වැරැද්දට) හසු කරන්නේ නැත. එහෙත් (යම් කිසිවක්) ස්ථීර කර හැරීමට ඔබ කරන දිව්රුම ගැන (එහි වැරැද්දක් කළහොත්) ඔබව හසු කර ගනු ඇත. (එහි වැරැද්දක් ඇති වුවහොත්) එයට වන්දි වශයෙන් ඔබ, ඔබගේ පවුලේ උදවියට දෙමින් සිටින ආහාර වේලකින් මධ්‍යස්ථ වර්ගයේ (ආහාර) වේල් දහයක් දුප්පතුන්ට ලබා දිය යුතුය. නැතහොත් (එසේම) ඔවුන්ට ඇඳුම් ලබා දිය යුතුය. නැතහොත් එක් වහලෙකු නිදහස් කර හැරිය යුතුය. (වන්දි වශයෙන් ලබා දිය යුතු මේවායෙන් කිසිවක්) කවුරුන් හෝ නොලදහොත් ඔහු දින තුනක් උපවාසයේ යෙදිය යුතුය. ඔබ දිව්රන විට, (ඔබගේ දිව්රුම ඉටු කිරීමට නොහැකි වුවහොත්) ඔබ කරන දිව්රුමට අයත් වන්දිය මෙයයි. එහෙත් ඔබ ඔබගේ දිව්රුම් (ඉතාමත් ප්‍රවේසමෙන් යුතුව කටයුතු කර) ආරක්ෂා කර ගනු. ඔබ අල්ලාහ්ට කෘතඥ වීම පිණිස, ඔහු තමන්ගේ ආයාවන් මෙසේ ඔබට විවරණය කරන්නේය.

දේව විශ්වාසී ජනයිනි! චේතනාවකින් තොරව ඔබ දිවුරා සිටින දෑ ගැන අල්ලාහ් ඔබෙන් ප්රශ්න කරන්නේ නැත. එසේ ඔබෙන් ප්රශ්න කරනුයේ ස්ථීර ලෙස චේතාන්විත ව දිවුරන දිවුරීම් පිළිබඳවය. ඔබ කරුණක් මත හදවතින්ම දිවුරා පසු ව කඩ කරන්නෙහුය. එසේ ඔබ කවර කරුණක් මත දිවුරා එය ප්රසිද්ධියේ ප්රකාශ කිරීමෙන් පසු ව කඩ කරන්නෙහු නම් ඒ සඳහා ප්රතිකර්මයක් වශයෙන් පහත සඳහන් කරුණු තුනෙන් එකක් තෝරා ඉටු කිරීම තුළින් එම පාපය අල්ලාහ් කමා කරනු ඇත. ඒවා නම් රටක ජනතාව පරිභෝජනය කරන මධ්යස්ථ ආහාර වේලක් බැගින් දුප්පතුන් දස දෙනෙකු සඳහා ආහාර සැපයීම, එසේ නැතහොත් පොදුවේ ඇඳුමක් යැයි සලකනු ලබන ඇදුම් සැපයීම, එසේත් නැතිනම් දේව විශ්වාසී වහළෙකු නිදහස් කිරීමයි. තම දිවුරුමට ප්රතිකර්මයක් වශයෙන් මෙම කරුණු තුනෙන් එකක් හෝ ලබා දීමට නොහැකි වූ විට දින තුනක් උපවාසයේ නිරතවීම එයට ප්රතිකර්මයක් වන්නේය. සඳහන් කරනු ලැබූ මේවා ඔබේ දිවුරීම් සඳහා වූ ප්රතිකර්මයයි. අහෝදේවත්වය විශ්වාස කරන ජනයිනි! ඔබ අල්ලාහ් මත දිවුරා පසු ව එය කඩ කරන්නෙහු නම් ඔබ අල්ලාහ් මත බොරුවට දිවුරා සිටීමෙන් ද අල්ලාහ් මත අධික ව දිවුරා සිටීමෙන් ද ඉටු කළ නොහැකි දෑ යහපතක් නම් ඒ මත දිවුරා සිටීමෙන්ද ආරක්ෂා වනු. එහෙයින් ඔබ යහපත සිදු කොට ඔබේ දිවුරීම් සඳහා ප්රතිකර්මයන් ඉටු කරනු. දිවුරුම් කඩ කිරීම සඳහා ප්රතිකර්මය ඔබට අල්ලාහ් පැහැදිලි කළාක් මෙන්ම හලාල් හා හරාම් සඳහා ඔහුගේ පැහැදිලි නීති රාමුවන් ඔහු ඔබට පැහැදිලි කර ඇත. එය ඔබ නොදන්නා දෑ ඔබට අල්ලාහ් ඉගැන්වීම වෙනුවෙන් ඔහුට කෘතඥ වනු.

Al-Maaida 5:89Listen in Qur'an →
90

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّمَا ٱلْخَمْرُ وَٱلْمَيْسِرُ وَٱلْأَنصَابُ وَٱلْأَزْلَٰمُ رِجْسٌۭ مِّنْ عَمَلِ ٱلشَّيْطَٰنِ فَٱجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

විශ්වාසවන්තයිනි! නියත වශයෙන්ම මත්පැනද, සූදු කෙළියද, පිළිරූ ආරාධනයද, දුන්නෙන් විද නිවිති බැලීමද ෂෙයිතාන්ගේ පිළිකුල් සහගත වැඩ කටයුතු වළින් ඇති ඒවා වන්නේය. එබැවින් මේවායෙන් ඔබ ඈත් වනු. (එමගින්) ඔබ ජයග්‍රහණය කරනු ඇත.

අහෝ! විශ්වාස කළවුනි, බුද්ධිය පහ කරන මත් ද්රව්ය, දෙපැත්තෙන් මුදල් දමා කෙළින සූදුව, ගරුකිරීමක් වශයෙන් දේව ප්රතික්ෂේපකයෝ ඒ අසල සතුන් කැප කරන ගල හෝ නැමදුම් සඳහා සිටවන ලද පිළිම, ගුප්ත දෑ සහතික කොට පැවසීමට ඔවුන් පතන භාජන යන මේ සියල්ලම ෂෙයිතාන් අලංකාරවත් කළ පාපකම්ය. මෙලොව ගෞරවනීය ජීවිතයක් ගත කොට මතු ලොව ස්වර්ගයේ සැපපහසුකම් ලබමින් ජය ලබනු පිණිස මෙවන් දැයින් ඔබ දුරස් වනු.

Al-Maaida 5:90Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.