وَحَسِبُوٓا۟ أَلَّا تَكُونَ فِتْنَةٌۭ فَعَمُوا۟ وَصَمُّوا۟ ثُمَّ تَابَ ٱللَّهُ عَلَيْهِمْ ثُمَّ عَمُوا۟ وَصَمُّوا۟ كَثِيرٌۭ مِّنْهُمْ ۚ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ
(මෙමගින් තමන්ට) කිසිම විපතක් ඇති වන්නේ නැත යයි ඔවුන් සිතා ගත්හ! එබැවින් ඔවුන් (සත්යය දැක ගත නොහැකි) අන්ධයින් බවටද, (එය ඇසීමට නොහැකි) බිහිරන් බවටද පත් වූහ. මින් පසුවද අල්ලාහ් ඔවුන්ට සමාව දුන්නේය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක්, පසුවත් අන්ධයින් වශයෙන්ද, බිහිරන් වශයෙන්ද සිටින්නාහ. නමුත් අල්ලාහ් ඔවුන් කළ දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය.
ගිවිසුම් හා ප්රතිඥාවන් උල්ලංඝනය කිරීමෙන් ඔවුන් බොරු පැවසීමෙන් හා ඔවුන් නබිවරුන් ඝාතනය කිරීමෙන් ඔවුනට හානියක් ඇති නොවන බව ඔවුහු සිතුවෝය. ඔවුන් නොසිතූ දෑ පිළිවෙළින් ඇති විය. සත්යය දැකීමෙන් අන්ධ වූහ. ඒ වෙත මගපෙන්වනු නොලැබුවෝය. පිළිගන්නා පරිදි සවන් දීමෙන් ඔවුන් බිහිරන් බවට පත් වූහ. පසු ව අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුනට ඔහු සමාව දුන්නේය. ඉන් පසුව ද සත්යය දැකීමෙන් ඔවුහු අන්ධ වූහ. එය සවන් දීමෙන් බිහිරි වූහ. ඔවුන් අතරින් බොහෝ දෙනාට මෙලෙස සිදු විය. ඔවුන් කරමින් සිටින දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂණය. ඔහුට කිසිවක් සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.