Muslim99Muslim99
← Tafsir library

5. Al-Maaida

The Table · Medinan · 120 ayahs

سُورَةُ المَائـِدَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–80 of 120

71

وَحَسِبُوٓا۟ أَلَّا تَكُونَ فِتْنَةٌۭ فَعَمُوا۟ وَصَمُّوا۟ ثُمَّ تَابَ ٱللَّهُ عَلَيْهِمْ ثُمَّ عَمُوا۟ وَصَمُّوا۟ كَثِيرٌۭ مِّنْهُمْ ۚ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ

(මෙමගින් තමන්ට) කිසිම විපතක් ඇති වන්නේ නැත යයි ඔවුන් සිතා ගත්හ! එබැවින් ඔවුන් (සත්‍යය දැක ගත නොහැකි) අන්ධයින් බවටද, (එය ඇසීමට නොහැකි) බිහිරන් බවටද පත් වූහ. මින් පසුවද අල්ලාහ් ඔවුන්ට සමාව දුන්නේය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක්, පසුවත් අන්ධයින් වශයෙන්ද, බිහිරන් වශයෙන්ද සිටින්නාහ. නමුත් අල්ලාහ් ඔවුන් කළ දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය.

ගිවිසුම් හා ප්රතිඥාවන් උල්ලංඝනය කිරීමෙන් ඔවුන් බොරු පැවසීමෙන් හා ඔවුන් නබිවරුන් ඝාතනය කිරීමෙන් ඔවුනට හානියක් ඇති නොවන බව ඔවුහු සිතුවෝය. ඔවුන් නොසිතූ දෑ පිළිවෙළින් ඇති විය. සත්යය දැකීමෙන් අන්ධ වූහ. ඒ වෙත මගපෙන්වනු නොලැබුවෝය. පිළිගන්නා පරිදි සවන් දීමෙන් ඔවුන් බිහිරන් බවට පත් වූහ. පසු ව අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුනට ඔහු සමාව දුන්නේය. ඉන් පසුව ද සත්යය දැකීමෙන් ඔවුහු අන්ධ වූහ. එය සවන් දීමෙන් බිහිරි වූහ. ඔවුන් අතරින් බොහෝ දෙනාට මෙලෙස සිදු විය. ඔවුන් කරමින් සිටින දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂණය. ඔහුට කිසිවක් සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

Al-Maaida 5:71Listen in Qur'an →
72

لَقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ هُوَ ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ ۖ وَقَالَ ٱلْمَسِيحُ يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱعْبُدُوا۟ ٱللَّهَ رَبِّى وَرَبَّكُمْ ۖ إِنَّهُۥ مَن يُشْرِكْ بِٱللَّهِ فَقَدْ حَرَّمَ ٱللَّهُ عَلَيْهِ ٱلْجَنَّةَ وَمَأْوَىٰهُ ٱلنَّارُ ۖ وَمَا لِلظَّٰلِمِينَ مِنْ أَنصَارٍۢ

“නියත වශයෙන්ම මර්යම්ගේ පුත් මසීහ්, අල්ලාහ්ය” යයි පැවසූ අයද ඇත්තෙන්ම ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූහ. එහෙත් එම මසීහ් නම්, “ඉස්රායීල පරම්පරාවේ දරුවනි! මගේ දෙවියන්ද, ඔබගේ දෙවියන්ද වන අල්ලාහ්වම නමදිනු” යයිම පැවසූහ. කවුරුන් අල්ලාහ්ට සමානයන් තබන්නේද, ඔහුට නියත වශයෙන්ම අල්ලාහ් ස්වර්ගය වළක්වා හරින්නේය. ඔහු රැෙඳන ස්ථානය නිරයයි. (මෙවැනි) අපරාධකරුවන්ට (විනිශ්චය දිනදී) උදව් කරන්නන් කිසිවෙකුත් නැත”.

මර්යම්ගේ පුත් ඊසා අල්ලාහ් යැයි පවසා සිටි කිතුනුවන් සැබැවින්ම ප්රතික්ෂේක කළේය. ඊට හේතුව, මර්යම්ගේ පුත් මසීහ් ඔවුන් දෙස බලා: "අහෝ! ඉස්රාඊල් දරුවනි, ඔබ අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහු මාගේ පරමාධිපතිය. ඔබේ ද පරමාධිපතිය. ඔහුට ගැතිකම් කිරීමෙහි අප සියල්ලෝම එක සමානය. එහෙයින් කවරෙකු අල්ලාහ්ට තවත් කෙනෙකු ආදේශ තබන්නේද සැබැවින්ම ඔහු ස්වර්ගයට පිවිසීමෙන් අල්ලාහ් වළක්වනු ඇත. එවැන්නන් නිරා ගින්නේ සදා රැඳෙති. අල්ලාහ් අබියස ඔහුට පිහිට වන්නට කිසිදු උදව්කරුවෙකු ඔහු නොලබනු ඇත. එමෙන්ම දඬවමින් ආරක්ෂා කරන්නට කිසිදු ආරක්ෂකයකු නොලබනු ඇතැ"යි පවසා සිටියදී එම දේවත්වය ඔවුහු අල්ලාහ් නොවන දෑට ඈදන බැවිණි.

Al-Maaida 5:72Listen in Qur'an →
73

لَّقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ ثَالِثُ ثَلَٰثَةٍۢ ۘ وَمَا مِنْ إِلَٰهٍ إِلَّآ إِلَٰهٌۭ وَٰحِدٌۭ ۚ وَإِن لَّمْ يَنتَهُوا۟ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ عَذَابٌ أَلِيمٌ

“නියත වශයෙන්ම අල්ලාහ් (පියා, සුදන්, පරිශුද්ධ ආත්මය ආදී මෙම) තිදෙනාගෙන් කෙනෙකි” යයි පැවසූ අයද, නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූහ. මන්දයත් (එකම) එක දෙවියෙකු මිස, වෙන කිසිම දෙවියෙකු (ඇත්තේම) නැත. එබැවින් (මෙසේ) ඔවුන් පවසන දැයෙන් ඈත් නොවුවහොත්, (මෙසේ පැවසූ) ඔවුන්ගෙන් වූ ප්‍රතික්ෂේප කරන්නන්ව නියත වශයෙන්ම වේදනා ගෙන දෙන දඬුවම පැමිණ සේන්දු වනු ඇත.

සැබැවින්ම අල්ලාහ් ත්රිත්වයෙන් බැඳී ඇතැයි පවසන කිතුනුවන් ප්රතික්ෂේප කළෝය. එනම් පියාණන්, පුතණුවන්, හා ශුද්ධාත්මයයි. ඔවුන්ගේ මෙම ප්රකාශයෙන් අල්ලාහ් අති උත්තරීතරය. අල්ලාහ් බහු චරිතයක් නොවේ. ඔහු ඒකීය දෙවිඳුන්ය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. මෙම පහත් ප්රකාශයෙන් ඔවුන් නොවැළකුණේ නම් වේදනා සහගත දඬුවම ඔවුනට හිමිවනු ඇත.

Al-Maaida 5:73Listen in Qur'an →
74

أَفَلَا يَتُوبُونَ إِلَى ٱللَّهِ وَيَسْتَغْفِرُونَهُۥ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ

මොවුන් අල්ලාහ් දෙසට හැරී ඔහු වෙතින් (තමන්ගේ වැරදිවලට) සමාව ඉල්ලා ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? අල්ලාහ් නම්, ඉතාමත් පව් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ම සිටින්නේය.

ඔවුන්ගේ මෙම ප්රකාශයෙන් ඉවත් වී ඒ සඳහා අල්ලාහ් වෙත පාප ක්ෂමාවේ නියැළී ඔවුන් කළ ආදේශයේ වරදට ඔහුගෙන් සමාව අයැදිය යුතු නොවේද? කවර පාපයක් වුවද ඔහුගෙන් සමාව අයැද සිටින්නේ නම්, එය දෙවියන් ප්රතික්ෂේප කළ වරදක් වුවද, ඔහු එයට සමාව දෙන්නාය. දෙවියන් විශ්වාස කරන්නන්හට ඔහු මහා කාරුණිකය.

Al-Maaida 5:74Listen in Qur'an →
75

مَّا ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ إِلَّا رَسُولٌۭ قَدْ خَلَتْ مِن قَبْلِهِ ٱلرُّسُلُ وَأُمُّهُۥ صِدِّيقَةٌۭ ۖ كَانَا يَأْكُلَانِ ٱلطَّعَامَ ۗ ٱنظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ ٱلْءَايَٰتِ ثُمَّ ٱنظُرْ أَنَّىٰ يُؤْفَكُونَ

මර්යම්ගේ පුත් මසීහ් එක් දූතයෙකු මිස, (දෙවියන් හෝ දෙවියන්ගේ පුත්‍රයාණන් හෝ) නොව. මොහුට පෙරද, (මොහු මෙන්) දූතයින් බොහොමයක් දෙනා (පැමිණ) ගියහ. ඔහුගේ මවද (දෙවියෙකු නොව. ඇය ඉතාමත් සත්‍යයෙන් පිරි) එක් සත්‍යවන්තියක් වශයෙන්ම සිටියාය. මේ දෙදෙනාම (මෙලොවෙහි සිටි කාලය පුරා අනිත් මිනිසුන් මෙන්) ආහාර අනුභව කරමින්ම (ජීවත්ව) සිටියහ. (එබැවින් මේ දෙදෙනා කෙසේ නම් දෙවිවරුන් වන්නෙහුද? මෙය) අපි විවිධ සාධකයන් මගින් ඔවුන්ට කෙසේ නම් පැහැදිලි කර ඇත්තේද යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු. (ඇත්තෙන්ම) ඔවුන් කොපමණ දුරක් නම් ඈත් වී ගියෙහුද යන්න ඔබ අවධානය කර බලනු.

මර්යම්ගේ පුත් ඊසා ධර්ම දූතවරුන් අතර දූතයකු මිස වෙනකෙක් නොවීය. ඔවුනට මරණය අත්වූවාක් මෙන් මොහුටද මරණය අත් විය. ඔහුගේ මව මර්යම් තුමිය වූවාය. අධික වශයෙන් සත්ය පවසන මෙන්ම සත්ය තහවුරු කරන තැනැත්තියක් වූවාය. මේ දෙදෙනාම තම අවශ්යතා සපුරා ගැනීමත් සමගම ආහාර ද අනුභව කළෝය. එසේ නම් ආහාර අවශ්යතා ඔවුන් දෙදෙනාට තිබියදී ඔවුන් දෙදෙනා දෙවිවරුන් විය හැක්කේ කෙසේද? අහෝ දූතය! බුද්ධිමත් ව සිතා බලන්න. ඒකීයත්වයට හා අල්ලාහ් නොවන දෑට දේවත්වය ඈදා එහි ඉක්මවා ගිය ඔවුන්ගේ ව්යාජත්වයට අල්ලාහ්ගේ සංඥාවන් පෙන්වා දෙමින් අපි ඔවුනට පැහැදිලි කරනුයේ කෙසේදැ?යි බලනු. නමුත් එසේ තිබියදීත් ඔවුන් එම සංඥාවන් ප්රතික්ෂේප කළෝය. නැවතත් බුද්ධිමත් ව සිතා බලනු. අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන පැහැදිලි සාධක තිබියදීත් ඔවුන් සත්යයෙන් වෙනතකට යොමු කරනු ලබන්නේ කෙසේ දැයි ද බලනු.

Al-Maaida 5:75Listen in Qur'an →
76

قُلْ أَتَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمْلِكُ لَكُمْ ضَرًّۭا وَلَا نَفْعًۭا ۚ وَٱللَّهُ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

(තවද ඔවුන්ට) “ඔබට යම්කිසි හොඳක් හෝ විපතක් හෝ කිරීමට ශක්තියක් නොමැති අල්ලාහ් නොවන දැයද ඔබ නමදින්නේ?” යයි (නබියේ!) ඔබ විමසනු. නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

අහෝ දූතය, අල්ලාහ් නොවන දෑට ඔවුන් කරන නැමදුම් කටයුතු වලදී ඔවුනට විරෝධය පාමින් 'ඔබට කිසිදු සෙතක් ලබා නොදෙන ඔබට අත්වන හානියෙන් ඔබ ව නොවළක්වන දෑට ඔබ නැමදුම් කරන්නෙහුද? එසේ කරන්නට එයට නොහැකිය. අල්ලාහ් සියලු නොහැකියාවන්ගෙන් පිවිතුරුය. ඔබේ ප්රකාශයන්ට සවන් දෙන්නා අල්ලාහ් පමණි. ඉන් කිසිවක් ඔහුට මග හැරෙන්නේ නැත. ඔබේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාද ඔහුය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔබට මතු ප්රතිඵල පිරිනමනු ඇතැ'යි පවසනු.

Al-Maaida 5:76Listen in Qur'an →
77

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لَا تَغْلُوا۟ فِى دِينِكُمْ غَيْرَ ٱلْحَقِّ وَلَا تَتَّبِعُوٓا۟ أَهْوَآءَ قَوْمٍۢ قَدْ ضَلُّوا۟ مِن قَبْلُ وَأَضَلُّوا۟ كَثِيرًۭا وَضَلُّوا۟ عَن سَوَآءِ ٱلسَّبِيلِ

“ධර්මය හිමි අයවළුනි! ඔබ ඔබගේ ධර්මයෙහි සත්‍යය නොවන දැය ලොකු කර පවසා (සීමාව ඉක්මවා) නොයනු. තවද මෙයට පෙර (මෙසේ) මාර්ගය වැරද ගිය ජනතාවගේ කැමත්තද, ඔබ අනුගමනය නොකරනු. (මන්දයත්) ඔවුන් බොහොමයක් දෙනාව මාර්ගය වැරද යන්නට සැලැස්වූ අතර තමන්ද ඍජු මාර්ගයෙන් ඈත් වූහ” යයිද (නබියේ!) ඔබ පවසනු මැනව!

අහෝ දූතය! කිතුනුවන් දෙස බලා: 'සත්ය පිළිපැදීමෙහි කවර කරුණක් ඔබට අණ කරනු ලැබුවෙහුද එම සීමාව ඉක්මවා කටයුතු නොකරනු. (නබිවරුන් හට මෙන්) කවර දෙයකට ගරුබුහුමන් කරන මෙන් අණ කරනු ලැබුවෙහුද එයට ගරුබුහුමන් දැක්වීමෙහි ඉක්මවා කටයුතු නොකරනු. තමන්ද සත්ය මාර්ගයෙන් මුළා වී ජනයා අතරින් බොහෝ දෙනා නොමග යැවූ ඔබේ මුතුන්මිත්තන් ඔබ පිළිපැදීම හේතුවෙන් මර්යම්ගේ පුත් ඊසාට ඔබ කවර කරුණක් සිදු කළේ ද එලෙස ඔවුන් අතර දේවත්වය ඇතැයි ඔබ විශ්වාස කරන්නෙහුය. එසේ කිරීමෙන් වැළකෙනු.

Al-Maaida 5:77Listen in Qur'an →
78

لُعِنَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَلَىٰ لِسَانِ دَاوُۥدَ وَعِيسَى ٱبْنِ مَرْيَمَ ۚ ذَٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ

ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් කවුරුන් ප්‍රතික්ෂේප කළෝද ඔවුන්ව, දාවූද්, මර්යම්ගේ පුත් ඊසා ආදී මොවුන්, මුවින්ද ශාප කරනු ලැබ ඇත්තාහ. මන්දයත් ඔවුන් (ඒ කාලයේදීද) සීමාව ඉක්මවාද, පාපයන් කරමින්ද සිටියහ.

සැබැවින්ම අල්ලාහ් ඉස්රාඊල් දරුවන් අතුරින් ඔහු ව ප්රතික්ෂේප කළවුන් ඔහුගේ කරුණාවෙන් නෙරපා හැරිය බව දාවූද් තුමා වෙත පහළ කළ සබූර් ග්රන්ථයෙහිද මර්යම්ගේ පුත් ඊසා වෙත පහළ කළ ඉන්ජීල් ග්රන්ථයෙහිද දන්වා සිටියේය. එම ආශිර්වාදයෙන් නෙරපා හරින ලද්දේ ඔවුන් සිදු කළ පාපකම් හා අල්ලාහ් තහනම් කළ දෑහි ඔවුන් ඉක්මවා කටයුතු කිරීම හේතුවෙනි.

Al-Maaida 5:78Listen in Qur'an →
79

كَانُوا۟ لَا يَتَنَاهَوْنَ عَن مُّنكَرٍۢ فَعَلُوهُ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَفْعَلُونَ

(තවද) ඔවුන් කරමින් සිටි කුමන තහනම් කරන ලද කාරණාවක් හෝ කෙනෙකුට කෙනෙකු වළක්වා හැරියේද නැත. ඔවුන් කරමින් සිටි දැයද නියත වශයෙන්ම ඉතාමත් නපුරුය.

ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු විසින් සිදු කරන ලද පාපයෙන් නොවැළැක් වූහ. ඔවුන් සිදු කළ පාපකම් හා පිළිකුල් සහගත දෑ එසේ නොවළක්වා පිළිගැනීම හේතුවෙන් එම පාපිෂ්ඨයින් ඔවුන් අතර ප්රසිද්ධියට පත් වූහ. පිළිකුල් සහගත දැයින් වැළැක්වීමේ ක්රියාවලිය අතහැර දමමින් ඔවුන් කටයුතු කළ ආකාරය අයහපත් විය.

Al-Maaida 5:79Listen in Qur'an →
80

تَرَىٰ كَثِيرًۭا مِّنْهُمْ يَتَوَلَّوْنَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنفُسُهُمْ أَن سَخِطَ ٱللَّهُ عَلَيْهِمْ وَفِى ٱلْعَذَابِ هُمْ خَٰلِدُونَ

ඔවුන්ගෙන් බහුතරයක් ප්‍රතික්ෂේප කරන්නන්ව මිතුරුකමට සේන්දු කර ගැනීම (නබියේ!) ඔබ දකින්නෙහිය! අල්ලාහ් ඔවුන් මත කෝප වන සේ, ඔවුන් තමන්ට තමන්ම සොයා යැවූ දැය ඉතාමත් නපුරුය. ඔවුන් (නිරා) ගින්නෙහි සදහටම රැඳී සිටින්නාහ.

අහෝ දූතය, මේ යුදෙව්වන් අතුරින් දේව ප්රතික්ෂේපයේ සිටින බොහෝ දෙනා එසේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ප්රිය කොට ඔවුන් වෙත නැඹුරු වීම ඔබ දකිනු ඇත. නමුත් ඔවුහු ඔබට සතුරුකම්පාති. එලෙසම ඒක දේවත්වය පිළිගත්තවුන්හටද සතුරුකම්පාති. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් තම සගයන් බවට පත්කර ගැනීමට මුල පිරීම නපුරු විය. සැබැවින්ම එය අල්ලාහ්ගේ කෝපයට හේතුවක් වන අතරම නිරා ගින්නට සදාතනිකයින් ලෙස පිවිසෙන්නටත් හේතුවක් වන්නේය. ඔවුහු එයින් කිසිවිටෙක බැහැර නොවනු ඇත.

Al-Maaida 5:80Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.