Muslim99Muslim99
← Tafsir library

5. Al-Maaida

The Table · Medinan · 120 ayahs

سُورَةُ المَائـِدَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 120

61

وَإِذَا جَآءُوكُمْ قَالُوٓا۟ ءَامَنَّا وَقَد دَّخَلُوا۟ بِٱلْكُفْرِ وَهُمْ قَدْ خَرَجُوا۟ بِهِۦ ۚ وَٱللَّهُ أَعْلَمُ بِمَا كَانُوا۟ يَكْتُمُونَ

(විශ්වාසවන්තයිනි!) මෙවැන්නන් ඔබ වෙත පැමිණියහොත් “අපි විශ්වාසය තැබූවෙමු” යයි පවසන්නාහ. එහෙත් නියත වශයෙන්ම ඔවුන් ප්‍රතික්ෂේපය (මනසෙහි) තබාගෙනම (ඔබ වෙත) පැමිණියහ. නියත වශයෙන්ම ඒ සමගම (ඔබ ඉදිරියේ සිට) ඔවුන් පිටමං වී ගියහ. ඔවුන් (තමන්ගේ හෘදයන් තුළ) සඟවා තබාගෙන ඇති දැය අල්ලාහ් ඉතාමත් හොඳින් දන්නේය.

අහෝ විශ්වාස කළවුනි, ඔබ වෙත ඔවුන් අතර සිටින කුහකයින් පැමිණ, කුහක ලෙස දේව විශ්වාසය ඔබට පෙන්වති. සැබැවින්ම ඔවුන්ගේ තත්ත්වය වනාහි ඔවුන් පිවිසෙන විටද, බැහැර ව යන විටද දේව ප්රතික්ෂේපය ඈඳාගෙන සිටිති. ඔවුන් එයින් ඉවත් නොවෙති. ඔබට දේව විශ්වාසය ඔවුන් හෙළිකරමින් පෙන්වන විට ඔවුන් තුළ කැකෑරෙන දේව ප්රතික්ෂේපය පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමනු ඇත.

Al-Maaida 5:61Listen in Qur'an →
62

وَتَرَىٰ كَثِيرًۭا مِّنْهُمْ يُسَٰرِعُونَ فِى ٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَأَكْلِهِمُ ٱلسُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَعْمَلُونَ

(නබියේ!) ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පාපයටද, තහනම් කරන ලද දැය ගිල දැමීමටද, (ඉතාමත් තීව්‍රව) ඉක්මන් කර යනු ඔබ දකින්නෙහිය! ඔවුන් කරන දැය ඉතාමත් නපුරු දැයයි!

අහෝ දූතය, යුදෙව්වන් හා කුහකයින් අතුරින් බොහෝ දෙනා බොරු පැවසීම, අපරාධී ලෙස සෙසු අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, ජනයාගේ වස්තුව හරාම් (අයුතු) ලෙස අනුභව කිරීම වැනි පාපකම් සිදු කිරීමට යුහුසුලු වනු ඔබ දකිනු ඇත. ඔවුන් සිදු කරන දෑ නපුරු විය.

Al-Maaida 5:62Listen in Qur'an →
63

لَوْلَا يَنْهَىٰهُمُ ٱلرَّبَّٰنِيُّونَ وَٱلْأَحْبَارُ عَن قَوْلِهِمُ ٱلْإِثْمَ وَأَكْلِهِمُ ٱلسُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَصْنَعُونَ

ඔවුන් (බොරු කියා) පාපතර වදන් කීමෙහිද, තහනම් කරන ලද දැය ගිල දැමීමෙහිද, (ඔවුන්ගේ පඬිවරුන් වන) රබ්බානියූන්වරුන් හෝ (පූජකයින් වන) අහ්බාර්වරුන් හෝ ඔවුන්ව වැළැක්විය යුතු නොවේද? මොවුන්ගේ ක්‍රියාවද ඉතාමත් නපුරුය.

බොරු පැවසීම, බොරු සාක්ෂි දැරීම, අයුතු ලෙස මිනිසුන්ගේ වස්තුව අනුභව කිරීම වැනි කාර්යයන්හි ඔවුන් යුහුසුලු ව කටයුතු කිරීමෙන් ඔවුන්ගේ ප්රධානීහු හා ආගමික විද්වත්හු ඔවුන් වැළැක්විය යුතු නොවේද? ඔවුන්ගේ ප්රධානීන් හා ආගමික විද්වතුන් එම පිළිකුල් සහගත ක්රියාවෙන් නොවැළැක්වීම ඉතා නපුරු විය.

Al-Maaida 5:63Listen in Qur'an →
64

وَقَالَتِ ٱلْيَهُودُ يَدُ ٱللَّهِ مَغْلُولَةٌ ۚ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُوا۟ بِمَا قَالُوا۟ ۘ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنفِقُ كَيْفَ يَشَآءُ ۚ وَلَيَزِيدَنَّ كَثِيرًۭا مِّنْهُم مَّآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَٰنًۭا وَكُفْرًۭا ۚ وَأَلْقَيْنَا بَيْنَهُمُ ٱلْعَدَٰوَةَ وَٱلْبَغْضَآءَ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ ۚ كُلَّمَآ أَوْقَدُوا۟ نَارًۭا لِّلْحَرْبِ أَطْفَأَهَا ٱللَّهُ ۚ وَيَسْعَوْنَ فِى ٱلْأَرْضِ فَسَادًۭا ۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلْمُفْسِدِينَ

“අල්ලාහ්ගේ අත් බැඳ දමා ඇත්තේය” යයි මෙම යුදෙව්වන් පවසන්නාහ. (එසේ නොව). ඔවුන්ගේ අත්ම බැඳ දමා ඇත්තේය. තවද මෙසේ ඔවුන් පැවසීමේ හේතුවෙන් ඔවුන්ව ශාප කර දමන ලදී. අල්ලාහ්ගේ අත් නම්, (සෑම විටම) දිග හැරම ඇත්තේය. ඔහු කැමති සෑම අන්දමටම (ගොඩ) ගොඩවල් ලබා දෙන්නේය. නමුත් ඔබගේ දෙවියන් විසින් ඔබට පහළ කරන ලද මෙම ධර්මය ඔවුන්ගෙන් වැඩි ජනතාවකට නපුරද, ප්‍රතික්ෂේපයද වැඩි කර හරින්නේය. එබැවින් අපි ඔවුන් අතරේ වෛරයද, ක්‍රෝධයද විනිශ්චය දින දක්වා (සිටින සේ) වපුරා හැරියෙමු. ඔවුන් (විශ්වාසවන්තයින් අතරේ) යුද ගිනි අවුළුවන සෑම විටම, අල්ලාහ් එය නිවා දමන්නේය. නමුත් (තවත්) ඔවුන් භූමියෙහි නපුර කරමින්ම ඒ මේ අත සැරිසරන්නාහ. අල්ලාහ් නපුර කරන්නන්ව ප්‍රිය නොකරන්නේය.

යුදෙව්වෝ තමන්හට යම් දුෂ්කරතාවක් හෝ නියඟයක් ඇති වූ කල්හි "යහපත හා පරිත්යාග පිරිනැමීමෙන් අල්ලාහ් තම අත හකුළා ගෙන සිටියි. ඔහු අබියස ඇති දෑ අපට පිරිනැමීමෙන් ඔහු රඳවා ගත්තේය." යැයි පවසති. යහපත හා පරිත්යාග කිරීමෙන් ඔවුන් ඔවුන්ගේ අත් රඳවාගෙන නොමැත්තේද? ඔවුන්ගේ මෙම ප්රකාශය හේතුවෙන් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුන් නෙරපා හරිනු ලැබීය. යහපත හා පරිත්යාග පිරිනැමීමෙන් උත්තරීතර අල්ලාහ්ගේ දෑත් විදහා පවතී. ඔහු අභිමත කරන අයුරින් වියදම් කරයි. එය පුළුල් ලෙස පිරිනමයි. එසේ නැතහොත් රඳවා තබා ගනියි. එවිට එය වළක්වන්නෙකු හෝ ඒ ගැන බලකරන්නෙකු හෝ දැක ගත නොහැක. අහෝ දූතය, ඔබ වෙත පහළ කළ දෑ, යුදෙව්වන්ගේ සීමාව ඉක්මවා යෑම හා ප්රතික්ෂේපය මිස වෙනත් කිසිවක් වැඩි කළේ නැත. නමුත් ඔවුන් එසේ කටයුතු කළේ ඔවුන් තුළ පැවති ඊර්ෂ්යාව හේතුවෙනි. සැබැවින්ම අපි යුදෙව් පිරිස් අතර සතුරුකම හා ක්රෝධය හෙළුවෙමු. යුද්ධයට ඔවුන් රැස්වන සෑම අවස්ථාවකම ඒ සඳහා පිරිසක් සූදානම් කළ විට, එහි නිරත වන්නට අණ දෙනු ලැබූ විට ඔවුන්ගේ පිරිස අල්ලාහ් විසුරුවා හැරියේය. ඔවුන්ගේ ශක්තිය හීන කළේය. ඉස්ලාමය ව්යාජ කිරීමටත් එයට කුමන්ත්රණය කිරීමටත් උත්සහ දරමින් මහපොළොවේ කලහකම් කිරීමේ පාපයෙහි නිරතවෙමින් සිටියහ. අල්ලාහ් කලහකම් කරන්නන් ප්රිය නොකරයි.

Al-Maaida 5:64Listen in Qur'an →
65

وَلَوْ أَنَّ أَهْلَ ٱلْكِتَٰبِ ءَامَنُوا۟ وَٱتَّقَوْا۟ لَكَفَّرْنَا عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَأَدْخَلْنَٰهُمْ جَنَّٰتِ ٱلنَّعِيمِ

ධර්මය හිමි මොවුන් ඇත්තෙන්ම විශ්වාසය තබා (අල්ලාහ්ට) බිය වී (කටයුතු කර) තිබුණේ නම් (එය) ඔවුන්ගේ පාපයන්ට වන්දි වශයෙන් බවට පත් කර, සියලූ සුවයන්ගෙන් පිරි ස්වර්ගයන්හි ඔවුන් ඇතුළු වන ලෙසට නියත වශයෙන්ම අපි සලස්වන්නෙමු.

මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් කවර කරුණක් ගෙන ආවේද එය යුදෙව්වන් හා කිතුනුවන් විශ්වාස කොට, පාපකම් කිරීමෙන් වැළකී අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කළේ නම් ඔවුන් සිදු කළ පාපකම් අධික වුවද ඒ සඳහා අපි ඔවුනට සමාව දෙන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සුවපහසුකම් ඇති ස්වර්ග උයන් වලට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. කිසිදු කප්පාදුවකින් තොරව පිරිනමන ලද සුවපහසුකම් ඔවුහු එහි භුක්ති විඳිති.

Al-Maaida 5:65Listen in Qur'an →
66

وَلَوْ أَنَّهُمْ أَقَامُوا۟ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيْهِم مِّن رَّبِّهِمْ لَأَكَلُوا۟ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم ۚ مِّنْهُمْ أُمَّةٌۭ مُّقْتَصِدَةٌۭ ۖ وَكَثِيرٌۭ مِّنْهُمْ سَآءَ مَا يَعْمَلُونَ

තව්රාතයද ඉන්ජීලයද, ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ඔවුන්ට පහළ කරන ලද (අනිත්) ධර්මයන්ද, (ඇත්තෙන්ම) ඔවුන් බාරගෙන අනුගමනය කර තිබුණේ නම් (කිසිම අමාරුකමක් නොමැතිව) ඔවුන්ට ඉහළින් (අහසින්)ද, ඔවුන්ගේ පාදයන්ට යටින් (භූමියෙන්)ද අනුභව කරන්නට ඉඩ තිබුණි. නමුත් ඔවුන්ගෙන් සමහරෙක්ම (ඍජු මාර්ගයෙහි සිටින) දැහැමි ජනතාවක් වශයෙන් සිටින්නාහ. ඔවුන්ගෙන් බහුතරයක් කරන ක්‍රියාවන් ඉතාමත් නපුරු දැය වශයෙන්ම ඇත්තේය.

සැබැවින්ම යුදෙව්වන් තව්රාතයේ ඇති දෑ මැනවින් වටහා ගත්තේ නම්, එමෙන්ම කිතුනුවන් ඉන්ජීලයේ ඇති දෑ මැනවින් වටහා ගත්තේ නම්, ඔවුන් සියලු දෙනා ඔවුන් වෙත පහළ කළ කුර්ආනය වටහා ගත්තේ නම්, වර්ෂාව පහළ කිරීම මහපොළොවේ ශාක හට ගැනීම වැනි ආහාරය සඳහා අවශ්ය සාධක ඔවුනට මම පහසු කරමි. ආගම් ලත් ජනයා අතුරින් සත්ය මත ස්ථාවර ව සිටින, මධ්යස්ථ ව කටයුතු කරන අය ද වෙති. ඔවුන්ගෙන් බහුතරයක් දේව විශ්වාසය නොමැති බැවින් ඔහුගේ ක්රියාවන් නපුරු විය.

Al-Maaida 5:66Listen in Qur'an →
67

۞ يَٰٓأَيُّهَا ٱلرَّسُولُ بَلِّغْ مَآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُۥ ۚ وَٱللَّهُ يَعْصِمُكَ مِنَ ٱلنَّاسِ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَٰفِرِينَ

(අපගේ) දූතයාණෙනි! ඔබගේ දෙවියන්ගෙන් ඔබට පහළ කරන ලද දැය (කිසිම අඩුපාඩුවකින් තොරව ඔවුන්ට) දැනුම් දී හරිනු. ඔබ (එසේ) නොකළහොත් ඔවුන්ගේ දූත මෙහෙවර ඔබ ඉටු කළ කෙනෙකු බවට පත් වන්නේ නැත. (මෙහිදී ඔබ කිසිවෙකුටත් බිය නොවනු!). මිනිසුන්ගේ (නපුරෙ)න් අල්ලාහ් ඔබව (ආරක්ෂා කර) බේරා ගනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු නොකරන්නේය.

අහෝ දූතය! ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කරන ලද දෑ සම්පූර්ණ වශයෙන් දන්වා සිටින්න. ඉන් කිසිවක් වසන් නොකරන්න. ඉන් කිසිවක් ඔබ වසන් කළෙහි නම් ඔබේ පරමාධිපතිගේ දූත පණිවිඩය දන්වා සිටින්නෙකු නොවනු ඇත. (සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ජනයාට දන්වා සිටින මෙන් අණ කරනු ලැබූ සියල්ල දන්වා සිටියහ. කවරෙකු හෝ එයට හාත්පසින් වෙනස් අදහසක් දරන්නේ නම් සැබැවින්ම ඔහු අල්ලාහ් මත මහත් අවලාදයක් නැගුවේය.) අදින් පසු අල්ලාහ් ඔබ ජනයාගෙන් ආරක්ෂා කරනු ඇත. ඔබ වෙත නපුරක් ගෙන එන්නට ඔවුහු ශක්තිය නොදරනු ඇත. දන්වා සිටීම මිස වෙනකක් ඔබ වෙත පැවරෙන්නේ නැත. යහමග අපේක්ෂා නොකරන දේව ප්රතික්ෂේපකයින්හට ඍජු මග ලබන්නට අල්ලාහ් ආශිර්වාද නොකරයි.

Al-Maaida 5:67Listen in Qur'an →
68

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لَسْتُمْ عَلَىٰ شَىْءٍ حَتَّىٰ تُقِيمُوا۟ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ ۗ وَلَيَزِيدَنَّ كَثِيرًۭا مِّنْهُم مَّآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَٰنًۭا وَكُفْرًۭا ۖ فَلَا تَأْسَ عَلَى ٱلْقَوْمِ ٱلْكَٰفِرِينَ

(නබියේ! ඔවුන්ට) “ධර්මය හිමි අයවළුනි! ඔබ තව්රාතයද ඉන්ජීලයද ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ඔබට පහළ කරන ලද (අනිත්) ධර්මයන්ද (ඇත්තෙන්ම) ඔබ නොකඩවා ඉටු කර අනුගමනය කරන තුරු ඔබ කිසිවකටත් අයත් කෙනෙකු නොව” යයි ඔබ කියනු. ඔබගේ දෙවියන්ගෙන් ඔබට පහළ කරන ලද මෙම ධර්මය ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට අපරාධයද, ප්‍රතික්ෂේපයද නියත වශයෙන්ම වැඩි කර තබනු ඇත. එබැවින් මෙම ප්‍රතික්ෂේප කරන ජනතාව වෙනුවෙන් ඔබ දුක් නොවනු (මැනව!)

අහෝ යුදෙව්වනි, කිතුනුවනි, ඔබ තව්රාත් හා ඉන්ජීලයේ ඇති දෑ හදාරා, ඔබ වෙත පහළ කළ අල් කුර්ආනය හදාරා ඒ අනුව ඔබ කටයුතු කරන තෙක් කිසිදු දහමක් මත ඔබ පිහිටා නැතැයි අහෝ දූතය නුඹ පවසා සිටිනු. අල් කුර්ආනය විශ්වාස කිරීමෙන් තොරව ඔබේ විශ්වාසය නිවැරදි වන්නේ නැත. ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කෙරුනු දෑ පුස්තක ලත් ජනයා අතරින් වැඩි දෙනා සීමාව ඉක්මවා යාමෙන් ඉක්මවා යාම වෙත මෙන්ම දේව ප්රතික්ෂේපයෙන් දේව ප්රතික්ෂේපය වෙත වර්ධනය කරනු ඇත. එය ඔවුන් ඊරෂ්යාවෙන් පසු වූ බැවිණි. මෙම දේව ප්රතික්ෂේපකයින් සම්බන්ධයෙන් ඔබ දුක් නොවනු. ඔබ ව පිළිපදින දේවත්වය විශ්වාස කරන්නන් අතරින් ප්රමාණවත් මෙන්ම අවශ්ය තරම් අය වෙති.

Al-Maaida 5:68Listen in Qur'an →
69

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلصَّٰبِـُٔونَ وَٱلنَّصَٰرَىٰ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَعَمِلَ صَٰلِحًۭا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

විශ්වාසය තැබූවන්ගෙන්ද, යුදෙව්වන්ගෙන්ද, සාබීඊන්වරුන්ගෙන්ද, ක්‍රිස්තියානුවන්ගෙන්ද, කවුරුන් (ඇත්තෙන්ම) අල්ලාහ්වද, අවසාන දිනයද විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම කිසිම බියක් නැත. ඔවුන් දුක් නොවන්නාහ.

සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නන්, යුදෙව්වන්, ඇතැම් නබිවරුන්ගේ අනුගාමිකයින් අතුරින් වූ පිරිසක් වන සාබිඊන්වරුන් හා කිතුනුවන් මොවුන් අතරින් කවරෙකු අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔවුනට ඉදිරියේදී මුහුණ දෙන දෑ සම්බන්ධයෙන් කිසිදු බියක් නැත. මෙලොව ඔවුනට මග හැරුණු කොටස පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත.

Al-Maaida 5:69Listen in Qur'an →
70

لَقَدْ أَخَذْنَا مِيثَٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَأَرْسَلْنَآ إِلَيْهِمْ رُسُلًۭا ۖ كُلَّمَا جَآءَهُمْ رَسُولٌۢ بِمَا لَا تَهْوَىٰٓ أَنفُسُهُمْ فَرِيقًۭا كَذَّبُوا۟ وَفَرِيقًۭا يَقْتُلُونَ

නියත වශයෙන්ම ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් (අපගේ දූතයින්ව අනුගමනය කරන මෙන්) පොරොන්දු ලබාගෙන, ඔවුන් වෙත අපගේ දූතයින් බොහොම දෙනෙකු අපි යැව්වෙමු. (එහෙත්) ඔවුන්ගේ මනස කැමති නොවූ දැයක් (නියෝගයක් අපගේ) දූතයා ඔවුන් වෙත ගෙන ආ සෑම විටම (එම දූතයින්ගෙන්) සමහරෙකුව බොරුකාරයින් යයි පැවසූ අතර සමහරෙකුව ඝාතනය කරමින්ම සිටියහ.

සවන් දීමට හා අවනත වීමට ඉස්රාඊල් දරුවන්ගෙන් අපි ස්ථීර ගිවිසුම් ගෙන සිටියෙමු. අල්ලාහ් ආගමානුගත කළ දෑ ඔවුනට දන්වා සිටිනු පිණිස අපි ඔවුන් වෙත ධර්ම දූතයින් එව්වෙමු. නමුත් එසේ ගන්නා ලද ගිවිසුම් ඔවුන් විසින් උල්ලංඝනය කරන ලදී. ඔවුන්ගේ දූතවරු ගෙන ආ දෑ පිටුදැක, ඔවුන්ගේ ආශාවන්ට වහල් වී ඔවුන් කටයුතු කළෝය. එම දූතවරුන්ගෙන් ඇතැමෙකු බොරුකාරයින් බවට පත් කළ අතර ඇතැමෙකු ඔවුන් විසින් ඝාතනය කරනු ලැබූහ.

Al-Maaida 5:70Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.