Muslim99Muslim99
← Tafsir library

5. Al-Maaida

The Table · Medinan · 120 ayahs

سُورَةُ المَائـِدَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 120

51

۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ ٱلْيَهُودَ وَٱلنَّصَٰرَىٰٓ أَوْلِيَآءَ ۘ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَإِنَّهُۥ مِنْهُمْ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

විශ්වාසවන්තයිනි! යුදෙව්වන්වද, ක්‍රිස්තියානුවන්වද, (ඔබට) ආරක්ෂකයින් (අව්ලියා) බවට පත් කර නොගනු. (ඔබට සතුරුකම් කිරීමෙහි) ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට උදව්කරුවන් වශයෙන් සිටින්නාහ. ඔබගෙන් කවුරුන් හෝ ඔවුන්ව (තමන්ට) ආරක්ෂකයින් බවට පත් කර ගතහොත් නියත වශයෙන්ම ඔහුද ඔවුන්ගෙන් වූවෙකු වන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් (මෙම) අපරාධකාර ජනතාව (ඔවුන්ගේ නපුරු ක්‍රියාවන්හි හේතුවෙන්) ඍජු මාර්ගයෙහි ඇතුළු නොකරන්නේය.

අහෝ! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි විශ්වාසය තැබූවනි, යුදෙව්වන් හා කිතුනුවන් ඔබේ වගකීම් දරන පාරිශුද්ධයින් හා සමීප මිතුරන් ලෙස නොගනු. යුදෙව්වන් මිතුදම් පානුයේ ඔවුන්ගේ පිළිවෙත පිළිපදින අයටය. එමෙන්ම කිතුනුවන් මිතුදම් පානුයේ ඔවුන්ගේ පිළිවෙත පිළිපදින අයටය. මෙම පිරිස් දෙකම ඔබට සතුරු වීමෙහි එකතු වෙති. ඔබ අතරින් කවරෙකු ඔවුනට මිතුදම් පාන්නේද සැබැවින්ම ඔහු ඔවුන්ගේ ගණයට අයත් වේ. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් අපරාධකාරී ජනයාට අල්ලාහ් මග පෙන්වන්නේ නැත.

Al-Maaida 5:51Listen in Qur'an →
52

فَتَرَى ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ يُسَٰرِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَىٰٓ أَن تُصِيبَنَا دَآئِرَةٌۭ ۚ فَعَسَى ٱللَّهُ أَن يَأْتِىَ بِٱلْفَتْحِ أَوْ أَمْرٍۢ مِّنْ عِندِهِۦ فَيُصْبِحُوا۟ عَلَىٰ مَآ أَسَرُّوا۟ فِىٓ أَنفُسِهِمْ نَٰدِمِينَ

(නබියේ!) කවුරුන්ගේ හෘදයන්හි (වංචනිකභාවය නමැති) රෝගය ඇත්තේද, ඔවුන් වෙත (මිතුරුකම් පැවැත්වීමටම) ඔවුන් ඉක්මන් කර යාම ඔබ දකින්නෙහිය! (තවද “අපි ඔවුන්ව තරහ කර ගතහොත්) අපට යම්කිසි විපතක් සිදු වී යනු ඇතැයි අපි බිය වන්නෙමු” යයි ඔවුන් පවසන්නාහ. අල්ලාහ් තමන් වෙතින් ජයග්‍රහණය හෝ නැතහොත් එක (හොඳ) කාරණාවක් හෝ (ඉතාමත් සීඝ්‍රයෙන් ඔබට) දිය හැකිය. ඒ අතරම ඔවුන් තමන්ගේ හෘදයන් තුළ සඟවා තබා තිබූ (නපුරු අදහස්) ගැන ලජ්ජාවට පත් වන්නාහ.

අහෝ දූතය, විශ්වාසය දුර්වල වී ගිය කුහකයින්, යුදෙව්වන් හා කිතුනුවන් සමග මිතුදම් පාන්නට යුහුසුලු ව කටයුතු කරනු ඔබ දකිනු ඇත. ඔවුන් මෙසේ පවසති: "මොවුන් ජය ලබා රාජ්ය බලය ඔවුනට හිමි වූ විට අප ගැන ඔවුනට පිළිකුලක් ඇතිවනු ඇතැයි අපි බියවන්නෙමු." ඇතැම් විට එම ජය අල්ලාහ් තම දූතයාණන් හා විශ්වාසීන්හට දිය හැක. එසේ නැතහොත් ඔහු වෙතින් යම් කරුණක් පැමිණ යුදෙව්වන් හා ඔවුනට මිතුදම් පෑ අයගේ බලය හීන කළ හැකිය. එවිට ඔවුන්ගේ සිතෙහි සඟවා සිටි කුහකත්වය මත ඔවුන් සමග මිතුදම් පෑමට යුහුසුලු වීම ගැන ඔවුහු පසුතැවිලි වෙති. එය, ඔවුන් වටහාගෙන සිටි පරිදි සිදු විය යුතු හේතු සාධක නිෂ්පල වී ගිය බැවිණි.

Al-Maaida 5:52Listen in Qur'an →
53

وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَهَٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَٰنِهِمْ ۙ إِنَّهُمْ لَمَعَكُمْ ۚ حَبِطَتْ أَعْمَٰلُهُمْ فَأَصْبَحُوا۟ خَٰسِرِينَ

විශ්වාසවන්තයින් (පරලොවදී) මොවුන්ව ගෙනහැර දක්වා “නියත වශයෙන්ම තමන්ද ඔබ සමග සිටින්නෝය යයි අල්ලාහ් මත ස්ථීරව දිව්රමින් සිටි අය මොවුන් නොවෙද?”යි පවසන්නාහ. මොවුන්ගේ ක්‍රියාවන් සියල්ල විනාශ වී ගියේය. එබැවින් (මොවුන්) පරාජිතයින් බවටම පත් වූහ.

මෙම කුහකයින්ගේ තත්ත්වය ගැන පුදුමාකාරයෙන් දේව විශ්වාසී ජනයා මෙසේ පවසති. "තම විශ්වාසය සහතික කරමින් දිවුරා සිටි අය මොවුහුද?" අහෝ විශ්වාසී ජනයිනි, සැබැවින්ම ඔවුන් දේව විශ්වාසය උපකාරය හා මිතුදම් හි ඔබ සමග වූහ. නමුත් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල විය. ඔවුන්ගේ අභිලාෂයන් මග හැරුණු බැවින් හා ඔවුනට සූදානම් කර ඇති දඬුවම හේතුවෙන් ඔවුන් අලාභවන්තයින් බවට පත් වූහ.

Al-Maaida 5:53Listen in Qur'an →
54

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِۦ فَسَوْفَ يَأْتِى ٱللَّهُ بِقَوْمٍۢ يُحِبُّهُمْ وَيُحِبُّونَهُۥٓ أَذِلَّةٍ عَلَى ٱلْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى ٱلْكَٰفِرِينَ يُجَٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَآئِمٍۢ ۚ ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ

විශ්වාසවන්තයිනි! ඔබගෙන් කවුරුන් හෝ තමන්ගේ ධර්මයෙන් මාරු වුවහොත් (එමගින් අල්ලාහ්ට කිසිම පාඩුවක් නැත. ඔබව යවා) වෙනත් ජනතාවක් අල්ලාහ් ගෙන එනු ඇත. ඔහු ඔවුන්ව ප්‍රිය කරනු ඇත. ඔවුන්ද ඔහුව ප්‍රිය කරනු ඇත. ඔවුන් විශ්වාසය තැබූවන් වෙත යටත් පහත්ව කටයුතු කරනු ඇත. ප්‍රතික්ෂේප කරන්නන් වෙත හිතක් පපුවක් නොමැත්තන් වශයෙන් සිටිනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරන්නාහ. අවමන් ගෙන දෙන කිසිවෙකුගේ අවමානයටවත් ඔවුන් බිය නොවන්නාහ. මෙය අල්ලාහ්ගේ වරප්‍රසාදයකි. ඔහු කැමැත්තන්ටම මෙය ලබා දෙන්නේය. අල්ලාහ් ඉතාමත් විශාලවන්තයෙකු හා (සියල්ලන්වම) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

අහෝ විශ්වාස කළවුනි! ඔබ අතුරින් කවරෙකු තම දහමින් හැරී නැවත දේව ප්රතික්ෂේපය වෙත පිය නගන්නේද ඔවුන් වෙනුවට ඔවුනට වඩා ඔහු ඔවුනට ප්රිය කරන, ඔවුන් ද ඔහුට ප්රිය කරන ස්ථාවර ව සිටින පිරිසක් ගෙන එනු ඇත. ඔවුන් දේව විශ්වාසී ජනයිනට වඩාත් කාරුණික ව සිටිති. දේව ප්රතික්ෂේපකයින්හට වඩාත් දැඩි ව සිටිති. තම ධනය හා ජීවිත පරදුවට තබමින් අල්ලාහ්ගේ වදන උසස් කරවනු පිණිස අරගල කරති. පිළිකුල් කරන්නන්ගේ පිළිකුලට බිය නොවෙති. එය ඔවුන් මැවීම්වල තෘප්තියට වඩා අල්ලාහ්ගේ තෘප්තියට මුල්තැන දෙන බැවිණි. මෙය අල්ලාහ්ගේ අනුග්රහයකි. තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අයට එය පිරිනමනු ඇත. අල්ලාහ් භාග්ය පිරිනැමීමෙහි හා උපකාර කිරීමෙහි සර්ව ව්යාපකය. තම භාග්යය ලබන්නාට සුදුස්සා කවරෙකු දැයි ඔහු මැනවින් දනී. ඒ අනුව ඔහු එය ඔහුටම පිරිනමයි. එමෙන්ම එයට නුසුදුස්සා කවරෙකුදැයි ද ඔහු මැනවින් දනී. ඔහුට එය තහනම් කරයි.

Al-Maaida 5:54Listen in Qur'an →
55

إِنَّمَا وَلِيُّكُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَٱلَّذِينَ ءَامَنُوا۟ ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُمْ رَٰكِعُونَ

අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද (ඇත්තෙන්ම) තවත් කවුරුන් විශ්වාසය තබා, සලාතය නොකඩවා ඉටු කර, සකාතයද ගෙවා, (අල්ලාහ්ගේ නියෝගයන්ට සෑමවිටම) හිස නමා සිටින්නෝද, ඔවුන්ම නියත වශයෙන්ම ඔබගේ (සත්‍ය) සහායයන් වන්නාහ.

යුදෙව්වන්, කිතුනුවන් හා ඔවුන් හැර දෙවියන් ප්රතික්ෂේප කරන සෙස්සන් ඔබගේ මිතුරන් නොවෙති. ඔබේ මිතුරා මෙන්ම ඔබේ උදව්කරු අල්ලාහ්ය. එමෙන්ම ඔහුගේ දූතයාණන් හා සලාතය සම්පූර්ණයෙන් ඉටු කර, තම ධනයෙන් සකාත් පිරිනමා, අල්ලාහ්ට යටහත් පහත් භාවයෙන් කටයුතු කරන දේව විශ්වාසී ජනයා වෙති.

Al-Maaida 5:55Listen in Qur'an →
56

وَمَن يَتَوَلَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلَّذِينَ ءَامَنُوا۟ فَإِنَّ حِزْبَ ٱللَّهِ هُمُ ٱلْغَٰلِبُونَ

තවද කවුරුන් අල්ලාහ්ද ඔහුගේ දූතයාවද, විශ්වාසය තැබූවන්වද, (තමන්ට) සහායයන් වශයෙන් ඇර ගන්නෝද, (ඔවුන්ම නියත වශයෙන්ම හිස්බුල්ලාහ් නමැති) අල්ලාහ්ගේ සමූහයන් (වන්නාහ). ඔවුන්ම නියත වශයෙන්ම ජයග්‍රාහකයින්ය.

කවරෙක් ජයග්රහණය සම්බන්ධයෙන් අල්ලාහ් ඔහුගේ දූතයාණන් හා දේව විශ්වාසී ජනයා සමග මිතුදම් පාන්නේද ඔහු අල්ලාහ්ගේ සේනාවෙන් වූ අයෙකි. අබිබවා යන්නෝ අල්ලාහ්ගේ සේනාවය. හේතුව ඔවුනට උපකාර කරන්නා අල්ලාහ් වන බැවිණි.

Al-Maaida 5:56Listen in Qur'an →
57

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ دِينَكُمْ هُزُوًۭا وَلَعِبًۭا مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ وَٱلْكُفَّارَ أَوْلِيَآءَ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ

විශ්වාසවන්තයිනි! ඔබට පෙර ධර්මය ලබා දුන් අයගෙන්ද, ප්‍රතික්ෂේප කරන්නන්ගෙන්ද, කවුරුන් ඔබගේ ධර්මය සමච්චලයක් වශයෙන්ද, (පුහු) කෙළියක් වශයෙන්ද ඇර ගන්නෝද, ඔවුන්ව (ඔබට) සහායයන් වශයෙන් (හෝ ආරක්ෂකයින් වශයෙන් හෝ) නොගනු. ඔබ (සත්‍ය) විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, අල්ලාහ්ටම බිය වී (කටයුතු) කරනු. (මොවුන්ගෙන් කිසිවෙකුටත් බිය නොවනු).

අහෝ විශ්වාස කළවුනි, ඔබට පෙර ආගම් දෙනු ලැබූ යුදෙව්වන් හා කිතුනුවන් අතරින් ඔබේ දහමට අපහාස කොට ඒ පිළිබඳ විහිළුවට ගන්නා අයවලුන් මිතුරන් හා පාරිශුද්ධයින් ලෙස නොසලකනු. ඔබ අල්ලාහ් හා ඔබ වෙත පහළ කළ දෑ විශ්වාස කරන්නන් වූයෙහු නම්, ඔවුන් සමග මිතුරුකම් පෑම සම්බන්ධයෙන් කවර කරුණක් ඔහු ඔබට තහනම් කළේද, එයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් වනු.

Al-Maaida 5:57Listen in Qur'an →
58

وَإِذَا نَادَيْتُمْ إِلَى ٱلصَّلَوٰةِ ٱتَّخَذُوهَا هُزُوًۭا وَلَعِبًۭا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَعْقِلُونَ

ඔබ (ඔවුන්ව) සලාතයට ආරාධනා කළහොත්, එය ඔවුන් සමච්චලයක් වශයෙන්ද, සෙල්ලමක් වශයෙන්ද ඇර ගන්නාහ. ඇත්තෙන්ම ඔවුන් (සම්පූර්ණයෙන්ම) නොදැනුවත් ජනතාවක් වශයෙන් සිටීමම මෙයට අයත් හේතුව වේ!

වඩාත් සමීපභාවය ඇති කරන සලාතය සඳහා ඔබ ඇරයුම් කරන විට එය සෙල්ලමට හා විහිළුවට ගන්නන්ද එලෙසමය. ඊට හේතුව ඔවුන් මිනිසුන්හට ආගමානුගත කර ඇති අල්ලාහ්ගේ ආගමික කටයුතු හා නැමදුම්වල අරුත හරිහැටි වටහා නොගත් පිරිසක් වන බැවිණි.

Al-Maaida 5:58Listen in Qur'an →
59

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ هَلْ تَنقِمُونَ مِنَّآ إِلَّآ أَنْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْنَا وَمَآ أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَٰسِقُونَ

“ධර්මය හිමි අයවළුනි! අල්ලාහ්වද, තමන් වෙත පහළ කරන ලද (මෙම ධර්මය)ද, මෙයට පෙර (ඔබට) පහළ කරන ලද දැයද, අපි විශ්වාස කිරීම මිස, වෙන කිසියම් වැරැද්දක් ඔබ අප වෙත දකින්නෙහුද?”යි (නබියේ! ඔබ ඔවුන්ගෙන් විමසා) “නියත වශයෙන්ම ඔබගෙන් වැඩි දෙනෙකු පාපතරයන් වශයෙන් සිටින්නෙහුය. (ඔබට සරිලන ඵලවිපාක නිරයයි)” යයි පවසනු මැනව!

අහෝ දූතය, "අල්ලාහ් හා අප වෙත ඔහු පහළ කර ඇති දෑ ද, අපට පෙර සිටි අය වෙත පහළ කළ දෑ ද, අප විශ්වාස කිරීම හේතුවෙන් මිස වෙනත් කවර දැයකට ඔබ අපට දොස් නගන්නෙහුදැ?යි ආගම් ලත් ජනයා අතුරින් අපහාස කරමින් සිටි අයගෙන් විමසනු. සැබැවින්ම ඔබ බහුතරයක් දේව විශ්වාසය අතහරිමින් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ අය වෙති. ඔබ අපට දොස් පැවරීම අපට ප්රශංසාවක් මිස අගෞරවයක් නොවේ.

Al-Maaida 5:59Listen in Qur'an →
60

قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّۢ مِّن ذَٰلِكَ مَثُوبَةً عِندَ ٱللَّهِ ۚ مَن لَّعَنَهُ ٱللَّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ ٱلْقِرَدَةَ وَٱلْخَنَازِيرَ وَعَبَدَ ٱلطَّٰغُوتَ ۚ أُو۟لَٰٓئِكَ شَرٌّۭ مَّكَانًۭا وَأَضَلُّ عَن سَوَآءِ ٱلسَّبِيلِ

“අල්ලාහ් වෙත ඇති මීටත් වඩා නපුරු ඵලවිපාක (අත් කර ගත් අයව) මා ඔබට දැනුම් දෙන්නද?”යි (නබියේ! ඔබ ඔවුන්ගෙන් විමසා), “අල්ලාහ් කවුරුන්ව ශාප කර, ඔවුන් මත කෝපයට පත්ව, ඔවුන්ගෙන් සමහරෙකුව වඳුරන් බවටද, ඌරන් බවටද පත් කළේද ඔවුන්ද, කවුරුන් බොරු දෙවිවරුන්ව නමදින්නෝද ඔවුන්ද, ඉතාමත් බාල වර්ගයේ අයයි. තවද ඔවුන් ඍජු මාර්ගයෙන් වැරද ගිය අයයි” යයි ඔබ පවසනු (මැනව!)

අහෝ දූතය! ඔවුන් අතරින් වඩාත් අයහපත් හා දැඩි දඬුවමට භාජනය වන්නන් කවුරුන්දැයි ඔබට මා දැනුම් දෙන්නදැයි විමසනු. සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරින ලැබූ, ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ කෝපය නියම වූ පහත්ම අය වෙති. ඔවුන්ගේ ස්වරූපය වෙනස් කරමින් වඳුරන් හා සූකරයන් බවට අල්ලාහ් ඔවුන් පත් කළේය. ඔවුන් අතර තාඝූත්ට වන්දනාමාන කළ අය වූහ. තාඝූත් යනු අල්ලාහ් හැර තෘප්තියෙන් යුතු ව නැමදුම් ලබන වෙනත් දෑය. සඳහන් කළ මොවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තරාතිරමෙන් වඩාත් නපුරුම අය වන අතර ඍජු මාර්ගයෙන් මුළා වී ගිය අය වෙති.

Al-Maaida 5:60Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.