۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ ٱلْيَهُودَ وَٱلنَّصَٰرَىٰٓ أَوْلِيَآءَ ۘ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۚ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَإِنَّهُۥ مِنْهُمْ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ
විශ්වාසවන්තයිනි! යුදෙව්වන්වද, ක්රිස්තියානුවන්වද, (ඔබට) ආරක්ෂකයින් (අව්ලියා) බවට පත් කර නොගනු. (ඔබට සතුරුකම් කිරීමෙහි) ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට උදව්කරුවන් වශයෙන් සිටින්නාහ. ඔබගෙන් කවුරුන් හෝ ඔවුන්ව (තමන්ට) ආරක්ෂකයින් බවට පත් කර ගතහොත් නියත වශයෙන්ම ඔහුද ඔවුන්ගෙන් වූවෙකු වන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් (මෙම) අපරාධකාර ජනතාව (ඔවුන්ගේ නපුරු ක්රියාවන්හි හේතුවෙන්) ඍජු මාර්ගයෙහි ඇතුළු නොකරන්නේය.
අහෝ! අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි විශ්වාසය තැබූවනි, යුදෙව්වන් හා කිතුනුවන් ඔබේ වගකීම් දරන පාරිශුද්ධයින් හා සමීප මිතුරන් ලෙස නොගනු. යුදෙව්වන් මිතුදම් පානුයේ ඔවුන්ගේ පිළිවෙත පිළිපදින අයටය. එමෙන්ම කිතුනුවන් මිතුදම් පානුයේ ඔවුන්ගේ පිළිවෙත පිළිපදින අයටය. මෙම පිරිස් දෙකම ඔබට සතුරු වීමෙහි එකතු වෙති. ඔබ අතරින් කවරෙකු ඔවුනට මිතුදම් පාන්නේද සැබැවින්ම ඔහු ඔවුන්ගේ ගණයට අයත් වේ. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග සම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් අපරාධකාරී ජනයාට අල්ලාහ් මග පෙන්වන්නේ නැත.