يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَوْفُوا۟ بِٱلْعُقُودِ ۚ أُحِلَّتْ لَكُم بَهِيمَةُ ٱلْأَنْعَٰمِ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ غَيْرَ مُحِلِّى ٱلصَّيْدِ وَأَنتُمْ حُرُمٌ ۗ إِنَّ ٱللَّهَ يَحْكُمُ مَا يُرِيدُ
විශ්වාසවන්තයිනි! ඔබ (ඔබගේ) ගිවිසුම් පූරණ වශයෙන් ඉටු කරනු. (තවද) ඔබට (මින් පසු) කියනු ලබන දැය හැර, (වෙනත්) සිවුපා සතුන් ඔබට අනුමැතිය (හලාල්) දෙනු ලැබ ඇත්තේය. (ඒවා ඕනෑම අවස්ථාවකදී අනුභව කළ හැකිය. දඩයම් කළ හැකිය. එහෙත්) ඔබ ඉහ්රාම් (හජ් වන්ඳනාවේදී අඳින ඇඳුම) හැඳ සිටින අවස්ථාවේදී (මේවා) දඬයම් කිරීම ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමති දැය (ඔබට) නියෝග කරන්නේය.
විශ්වාස කළවුනි, ඔබ අතර හා මැවුම්කරු අතර පවතින ගිවිසුම් ඔබ අතර හා මැවීම් අතර පවතින ගිවිසුම් යනාදී වශයෙන් විශ්වාස කරනු ලැබූ සියලුම ගිවිසුම් ඔබ පූර්ණ ලෙස ඉටු කරනු. (ඔටුවන් ගවයින් හා එළුවන් යනාදී) ගොවිපළ සතුන් අල්ලාහ් ඔබට අනුමත කර ඇත. එය ඔහුගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නමුත් තහනම් යැයි කවර කරුණක් ඔබ වෙත කියවා පෙන්වන ලද්දේ ද එය ද, හජ් හෝ උම්රා වන්දනයේ ඉහ්රාම් තත්ත්වයේ සිටියදී දඬයම් කිරීමට ඔබට තහනම් කළ සතුන් ද හැර. ඒවා තහනම් වන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ප්රඥාවට අනුකූල ව තහනම් කිරීම හා අනුමත කිරීම තම අභිමතය පරිදි තීන්දු කරනු ඇත. ඔහුට කිසිදු බල කරන්නෙකු නැත. ඔහුගේ ප්රඥාවට බාධා පමුණුවන කිසිවක් ද නැත.