۞ يَٰٓأَيُّهَا ٱلرَّسُولُ لَا يَحْزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِى ٱلْكُفْرِ مِنَ ٱلَّذِينَ قَالُوٓا۟ ءَامَنَّا بِأَفْوَٰهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ ۛ وَمِنَ ٱلَّذِينَ هَادُوا۟ ۛ سَمَّٰعُونَ لِلْكَذِبِ سَمَّٰعُونَ لِقَوْمٍ ءَاخَرِينَ لَمْ يَأْتُوكَ ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ مِنۢ بَعْدِ مَوَاضِعِهِۦ ۖ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَٰذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَٱحْذَرُوا۟ ۚ وَمَن يُرِدِ ٱللَّهُ فِتْنَتَهُۥ فَلَن تَمْلِكَ لَهُۥ مِنَ ٱللَّهِ شَيْـًٔا ۚ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَمْ يُرِدِ ٱللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ ۚ لَهُمْ فِى ٱلدُّنْيَا خِزْىٌۭ ۖ وَلَهُمْ فِى ٱلْءَاخِرَةِ عَذَابٌ عَظِيمٌۭ
(අපගේ) දූතයාණෙනි! සමහරෙකු ප්රතික්ෂේපය දෙසට වේගයෙන් දිවීම ඔබට දුකක් ගෙන දිය යුතු නැත. මන්දයත් “විශ්වාසය තැබුවෙමු” යයි ඔවුන් තමන්ගේ මුවින් පමණක් පැවසුවා මිස, ඔවුන්ගේ හෘදයන් (එය) බාර ගත්තේ නැත. (එසේම) යුදෙව්වන්, (යුදව්වන්ගෙන්ද සමහරෙකු ඇත. ඔවුන්) බොරු කාරණාවන්ම (ඉතාමත් ආශාවෙන් යුතුව) අධික වශයෙන් ඉල්ලා සිටින්නාහ. තවද (මෙතෙක්) ඔබ වෙත නොපැමිණි තවත් සමුහයක් වෙනුවෙන් (මේවා දැනුම් දීම සඳහාද නපුරු වදන්ම) අධික වශයෙන් අසන්නාහ. ඔවුන් (ධර්ම) ආයාවන් ඒවායේ (සත්ය) අර්ථයන් පෙරළා (මොවුන්ට) “ඔබට (මෙම නබිවරයාගෙන්) මෙය (අසවල් දැය) දෙනු ලැබුවහොත් එය ලබා ගනු. එය ඔබට නොලැබුණහොත් (එයින්) ඈත් වනු” යයිද පවසන්නාහ. අල්ලාහ් කිසිවෙකුට හෝ (වේදනා ගෙන දී) පිරික්සුමට ලක් කිරීමට අදහස් කළහොත් අල්ලාහ්ව වැළැක්වීමට ඔබට පොඩියක් හෝ කළ නොහැකිය. මෙවැන්නන්ගේ හෘදයන් පරිශුද්ධ කර හැරීමට අල්ලාහ් කැමති වූයේම නැත. මොවුන්ට මෙලොවදී අවමානය ඇත. තවද පරලොවදී මොවුන්ට ඉමහත් වූ දඬුවම්ද ඇත.
දේව විශ්වාසය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය ඇතුළත තබා කටයුතු කරන කුහකයින් අතුරින් ඔබ ව කුපිත කරවනු පිණිස දේව ප්රතික්ෂේප ක්රියාවන්හි යුහුසුලු ව ක්රියා කරන්නන් ඔබ ව දුකට පත් නොකළ යුතුයි. එමෙන්ම ඔවුන්ගේ ප්රධානීන්ට ඇහුම් කන්දී එය පිළිගෙන, ඔබ වෙත හේතු දැනගන්නට නොපැමිණි ඔවුන්ගේ නායකයින් අනුකරණය කරන යුදෙව්වන්ද ඔබ ව දුකට පත් නොකළ යුතුය. ඔවුහු තම ආශාවන්ට අනුව තව්රාතයේ ඇති දේව වාක්යය වෙනස් කරමින් තම අනුගාමිකයින්ට මෙසේ පවසති. 'ඔබේ ආශාවන් මුහම්මද්ගේ නීතියට අනුකූල නම් ඔහු ව පිළිපදින්න. නමුත් එයට පටහැණි නම් ඔහුගෙන් ප්රවේශම් වන්න.' ජනයා අතුරින් කවරෙකු නොමග යෑමට අල්ලාහ් අභිමත කළේද එවිට දූතය, නොමගින් ඔහු වැළැක්වීමට හෝ සත්ය මාර්ගය වෙත ඔහුට මගපෙන්වීමට හෝ කිසිවකු ඔබ නොදකිනු ඇත. යුදෙව්වන් හා කුහකයින් අතුරින් මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්ගේ හදවත් දේව ප්රතික්ෂේපයෙන් සුවපත් කිරීමට අල්ලාහ් අභිමත නොකරන්නේමය. මෙලොව ඔවුනට අවමානය හා අපහාසය ඇත්තාක් මෙන්ම මතු ලොවෙහිද ඔවුනට අතිමහත් දඬුවමක් ඇත. එය නිරා ගින්නේ වේදනාවයි.