Muslim99Muslim99
← Tafsir library

5. Al-Maaida

The Table · Medinan · 120 ayahs

سُورَةُ المَائـِدَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 120

41

۞ يَٰٓأَيُّهَا ٱلرَّسُولُ لَا يَحْزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِى ٱلْكُفْرِ مِنَ ٱلَّذِينَ قَالُوٓا۟ ءَامَنَّا بِأَفْوَٰهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ ۛ وَمِنَ ٱلَّذِينَ هَادُوا۟ ۛ سَمَّٰعُونَ لِلْكَذِبِ سَمَّٰعُونَ لِقَوْمٍ ءَاخَرِينَ لَمْ يَأْتُوكَ ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ مِنۢ بَعْدِ مَوَاضِعِهِۦ ۖ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَٰذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَٱحْذَرُوا۟ ۚ وَمَن يُرِدِ ٱللَّهُ فِتْنَتَهُۥ فَلَن تَمْلِكَ لَهُۥ مِنَ ٱللَّهِ شَيْـًٔا ۚ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَمْ يُرِدِ ٱللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ ۚ لَهُمْ فِى ٱلدُّنْيَا خِزْىٌۭ ۖ وَلَهُمْ فِى ٱلْءَاخِرَةِ عَذَابٌ عَظِيمٌۭ

(අපගේ) දූතයාණෙනි! සමහරෙකු ප්‍රතික්ෂේපය දෙසට වේගයෙන් දිවීම ඔබට දුකක් ගෙන දිය යුතු නැත. මන්දයත් “විශ්වාසය තැබුවෙමු” යයි ඔවුන් තමන්ගේ මුවින් පමණක් පැවසුවා මිස, ඔවුන්ගේ හෘදයන් (එය) බාර ගත්තේ නැත. (එසේම) යුදෙව්වන්, (යුදව්වන්ගෙන්ද සමහරෙකු ඇත. ඔවුන්) බොරු කාරණාවන්ම (ඉතාමත් ආශාවෙන් යුතුව) අධික වශයෙන් ඉල්ලා සිටින්නාහ. තවද (මෙතෙක්) ඔබ වෙත නොපැමිණි තවත් සමුහයක් වෙනුවෙන් (මේවා දැනුම් දීම සඳහාද නපුරු වදන්ම) අධික වශයෙන් අසන්නාහ. ඔවුන් (ධර්ම) ආයාවන් ඒවායේ (සත්‍ය) අර්ථයන් පෙරළා (මොවුන්ට) “ඔබට (මෙම නබිවරයාගෙන්) මෙය (අසවල් දැය) දෙනු ලැබුවහොත් එය ලබා ගනු. එය ඔබට නොලැබුණහොත් (එයින්) ඈත් වනු” යයිද පවසන්නාහ. අල්ලාහ් කිසිවෙකුට හෝ (වේදනා ගෙන දී) පිරික්සුමට ලක් කිරීමට අදහස් කළහොත් අල්ලාහ්ව වැළැක්වීමට ඔබට පොඩියක් හෝ කළ නොහැකිය. මෙවැන්නන්ගේ හෘදයන් පරිශුද්ධ කර හැරීමට අල්ලාහ් කැමති වූයේම නැත. මොවුන්ට මෙලොවදී අවමානය ඇත. තවද පරලොවදී මොවුන්ට ඉමහත් වූ දඬුවම්ද ඇත.

දේව විශ්වාසය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය ඇතුළත තබා කටයුතු කරන කුහකයින් අතුරින් ඔබ ව කුපිත කරවනු පිණිස දේව ප්රතික්ෂේප ක්රියාවන්හි යුහුසුලු ව ක්රියා කරන්නන් ඔබ ව දුකට පත් නොකළ යුතුයි. එමෙන්ම ඔවුන්ගේ ප්රධානීන්ට ඇහුම් කන්දී එය පිළිගෙන, ඔබ වෙත හේතු දැනගන්නට නොපැමිණි ඔවුන්ගේ නායකයින් අනුකරණය කරන යුදෙව්වන්ද ඔබ ව දුකට පත් නොකළ යුතුය. ඔවුහු තම ආශාවන්ට අනුව තව්රාතයේ ඇති දේව වාක්යය වෙනස් කරමින් තම අනුගාමිකයින්ට මෙසේ පවසති. 'ඔබේ ආශාවන් මුහම්මද්ගේ නීතියට අනුකූල නම් ඔහු ව පිළිපදින්න. නමුත් එයට පටහැණි නම් ඔහුගෙන් ප්රවේශම් වන්න.' ජනයා අතුරින් කවරෙකු නොමග යෑමට අල්ලාහ් අභිමත කළේද එවිට දූතය, නොමගින් ඔහු වැළැක්වීමට හෝ සත්ය මාර්ගය වෙත ඔහුට මගපෙන්වීමට හෝ කිසිවකු ඔබ නොදකිනු ඇත. යුදෙව්වන් හා කුහකයින් අතුරින් මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්ගේ හදවත් දේව ප්රතික්ෂේපයෙන් සුවපත් කිරීමට අල්ලාහ් අභිමත නොකරන්නේමය. මෙලොව ඔවුනට අවමානය හා අපහාසය ඇත්තාක් මෙන්ම මතු ලොවෙහිද ඔවුනට අතිමහත් දඬුවමක් ඇත. එය නිරා ගින්නේ වේදනාවයි.

Al-Maaida 5:41Listen in Qur'an →
42

سَمَّٰعُونَ لِلْكَذِبِ أَكَّٰلُونَ لِلسُّحْتِ ۚ فَإِن جَآءُوكَ فَٱحْكُم بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ ۖ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْـًۭٔا ۖ وَإِنْ حَكَمْتَ فَٱحْكُم بَيْنَهُم بِٱلْقِسْطِ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ

(තවද) මොවුන් බොරුවම අධික වශයෙන් අසන්නාහ. අනුමත නොමැති දැයම අධික වශයෙන් ගිල දමමින් සිටින්නාහ. මෙවැන්නන් (යම්කිසි සාධාරණයක් සදහා) ඔබ වෙත පැමිණියහොත් (ඔබ කැමති නම්) ඔවුන් අතරේ විනිශ්චය දෙනු. නැතහොත් (විනිශ්චය නොකර) ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමනු. ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර දැමුවද, ඔවුන් ඔබට කිසිම හානියක් කිරීමට නොහැක. ඔබ විනිශ්චය කළහොත්, ඔවුන් අතරේ සාධාරණ තීන්දුවක්ම ලබා දෙනු. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චයකරුවන්ව ප්‍රිය කරන්නේය.

මෙම යුදෙව්වෝ අසත්යයට අධික ව සවන් දෙති. පොලිය වැනි තහනම් මුදල් අධික ව අනුභව කරති. අහෝ දූතය, තීන්දුවක් විමසා ඔවුන් ඔබ වෙත පැමිණි විට ඔබ කැමති නම් ඔවුන් අතර වෙන් කරනු. ඔබ කැමති නම් ඔවුන් අතර වෙන්වීමට ඉඩ දෙනු. මෙම කරුණු දෙකින් එකක් තෝරා ගැනීමට ඔබට අයිතිය ඇත. ඔවුන් අතර වෙන්වීමට ඉඩ හැරියෙහි නම් ඔබට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නොහැකි වනු ඇත. ඔවුන් අතර ඔබ විසින්ම වෙන් කරන්නෙහි නම් ඔවුන් අපාරධකරුවන් හා සතුරන් ලෙස සිටියද ඔවුන් අතර සාධාරණ ලෙසින් කටයුතු කරනු. තීන්දු පතන්නන් තීන්දු කරන්නාගේ සතුරන් වුවද තම තීන්දුවෙහි සාධාරණ ලෙස කටයුතු කරන්නන්හට අල්ලාහ් ප්රිය කරයි.

Al-Maaida 5:42Listen in Qur'an →
43

وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوْرَىٰةُ فِيهَا حُكْمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِنۢ بَعْدِ ذَٰلِكَ ۚ وَمَآ أُو۟لَٰٓئِكَ بِٱلْمُؤْمِنِينَ

(එහෙත් නබියේ!) මොවුන් ඔබව (තමන්ට) තීන්දුවක් දෙන්නෙකු වශයෙන් කෙසේ නම් අත් කර ගන්නෙහුද? මොවුන් වෙත නම්, තව්රාත් (නමැති ධර්මය) ඇත්තේය. එය තුළ අල්ලාහ්ගේ නියමයන්ද ගැබ් වී ඇත්තේය. එසේ තිබියදී එය මොවුන් ප්‍රතික්ෂේප කර දැමූහ. එබැවින් (එයද) මොවුන් විශ්වාස කළවුන් නොව.

සැබැවින්ම මොවුන්ගේ කරුණ පුදුම සහගතය. ඔවුන් ඔබ ව ප්රතික්ෂේප කරති. ඒ සමගම අල්ලාහ්ගේ තීන්දු සඳහන්, තමන් ඒ පිළිබඳ විශ්වාස කළ යුතු යැයි තරයේ විශ්වාස කරන තව්රාතය ඔවුන් අබියස තිබියදීත් ඔවුන් ඔබ වෙත පැමිණ තීන්දු පතති. ඔවුන්ගේ ආශාවන්ට අනුව ඔබ තීන්දු ලබා දීම ඔවුන් ප්රිය කරන අතර ඔවුන්ගේ ආශාවන්ට අනුකූල ව ඔබේ තීන්දුව නොපිහිටියේ නම්, ඔබේ තීන්දුව පිටු දකිති. ඔවුන්ගේ පුස්තකයේ ඇති දෑ ප්රතික්ෂේප කිරීම හා ඔබේ නීතිය පිටුදැකීම අතර ඔවුහු එකතු කරති. මොවුන්ගේ ක්රියාදාමයන් විශ්වාස කළවුන්ගේ ක්රියාදාමය මෙන් නැත. එහෙයින් ඔබ හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන් මෙන් ඔවුන් නොවෙති.

Al-Maaida 5:43Listen in Qur'an →
44

إِنَّآ أَنزَلْنَا ٱلتَّوْرَىٰةَ فِيهَا هُدًۭى وَنُورٌۭ ۚ يَحْكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسْلَمُوا۟ لِلَّذِينَ هَادُوا۟ وَٱلرَّبَّٰنِيُّونَ وَٱلْأَحْبَارُ بِمَا ٱسْتُحْفِظُوا۟ مِن كِتَٰبِ ٱللَّهِ وَكَانُوا۟ عَلَيْهِ شُهَدَآءَ ۚ فَلَا تَخْشَوُا۟ ٱلنَّاسَ وَٱخْشَوْنِ وَلَا تَشْتَرُوا۟ بِـَٔايَٰتِى ثَمَنًۭا قَلِيلًۭا ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَٰفِرُونَ

තව්රාත් (නමැති ධර්මයද) නියත වශයෙන්ම අපිම පහළ කර ඇත්තෙමු. එහි ඍජු මාර්ගය ඇත්තේය. දීප්තිමත් ආලෝකයද ඇත්තේය. (අල්ලාහ්ට) සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කළ නබිවරුන්, එමගින්ම යුදෙව්වන්ට (ධර්ම) නියෝගයන් දෙමින් සිටියහ. (ඔවුන්ගේ පඬිවරුන් වන) රබ්බීයූන්වරුන්ද, (ශාස්තෘවරුන් වන) අහ්බාර්වරුන්ද, අල්ලාහ්ගේ ධර්මය ආරක්ෂා කරන්නන් යන ආකාරයෙන් (එමගින්ම විනිශ්චය කරමින් සිටියහ. තවද මොවුන්) එයට සාක්ෂිකරුවන් වශයෙන්ද සිටියහ. (එසේ තිබියදී යුදෙව්වන් ප්‍රතික්ෂේප කර දැමුහ). එබැවින් (විශ්වාසවන්තයිනි!) ඔබ මිනිසුන්ට බිය නොවනු. (නමුත්) මටම බිය වනු. මගේ ආයාවන් එක් සුළු මුදලකට විකුණා නොදමනු. කවුරුන් අල්ලාහ් පහළ කළ දැය මගින් විනිශ්චය නොදෙන්නෝද, ඔවුන් නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ම වන්නාහ!

සැබැවින්ම අපි තව්රාතය මූසා (අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කළෙමු. එහි මගපෙන්වීම් හා යහපත පෙන්වන මාර්ගද එමගින් ප්රභාවය ලබන ආලෝකයද ඇත. ඉස්රාඊල් දරුවන්ගේ නබිවරුන් එමගින් තීන්දු පිරිනැමූහ. අල්ලාහ්ට අවනත වූහ. තම පුස්තකයෙන් අල්ලාහ් ඔවුනට ආරක්ෂා කරන මෙන් පැතූ දෑ වෙනුවෙන් මිනිසුන් පුහුණු කරන විද්වතුන් හා උගතුන් මෙමගින් තීන්දු ලබා දුන්හ. තවද ඔහු ඔවුන්ව එය විකෘති කිරීම් සහ වෙනස් කිරීම් වලින් ආරක්ෂා කරන එහි භාරකරුවන් බවට පත් කළේය. එය සත්යයක් බව ඔවුන්ම සාක්ෂිකරුවන් ලෙස සිටිති. එම විෂයෙහි ජනයා ඔවුන් වෙත ම හැරී යති. එහෙයින් අහෝ යුදෙව්වනි! ඔබ මිනිසුන්ට බිය නොවනු. මට පමණක් බියවනු. නායකත්වය පිළිගැනීම හා ධනය වැනි ස්වල්ප වටිනාකමක් සඳහා අල්ලාහ් පහළ කළ තීන්දුව නොවිකුණනු. කවරෙකු එහි නොමැති දෙයක් අනුමත කරමින් හෝ එයට වඩා වෙනත් දෙයකට මුල්තැන දෙමින් හෝ එයට සමාන යමක් ඈදමින් අල්ලාහ් පහළ නොකළ දෑ අනුව තීන්දු ලබා දෙන්නේද ඔවුහුමය සැබෑ දේව ප්රතික්ෂේපකයින් වන්නෝ.

Al-Maaida 5:44Listen in Qur'an →
45

وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَآ أَنَّ ٱلنَّفْسَ بِٱلنَّفْسِ وَٱلْعَيْنَ بِٱلْعَيْنِ وَٱلْأَنفَ بِٱلْأَنفِ وَٱلْأُذُنَ بِٱلْأُذُنِ وَٱلسِّنَّ بِٱلسِّنِّ وَٱلْجُرُوحَ قِصَاصٌۭ ۚ فَمَن تَصَدَّقَ بِهِۦ فَهُوَ كَفَّارَةٌۭ لَّهُۥ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ

ඔවුන් වෙනුවෙන් එහි (ඔවුන්ගේ ධර්මය වන තව්රාතයෙහි) අපි මෙසේ නියම කර තිබුණෙමු: “පණට පණ, ඇසට ඇස, නහයට නහය, කණට කණ, දතට දත වශයෙන්ද, තුවාලවටද නියතවශයෙන්ම පළි ගනු ලබනු ඇත” යනුවෙනි. එහෙත් කවුරුන් හෝ පළි ගැනීම (ක්ෂමා කර), දානමානයක් වශයෙන් අත්හැර දැමුවහොත් එය ඔහුට (ඔහුගේ නපුරු ක්‍රියාවන්ට) වන්දි වශයෙන් වනු ඇත. කවුරුන් අල්ලාහ් පහළ කළ (ධර්ම නියමයන්ට) අනුව විනිශ්චය නොකළෝද, ඔවුන් නියත වශයෙන්ම අපරාධකරුවන්ය!

සැබැවින්ම කවරෙකු කිසිදු සාධාරණත්වයකින් තොර ව උවමනාවෙන්ම යම් ආත්මයක් ඝාතනය කළේ නම් ඒ වෙනුවට ඔහු ඝාතනය කරනු ලැබිය යුතු බවත් කවරෙකු උවමනාවෙන්ම ඇසක් උගුලා ගත්තේ නම් ඔහුගේ ඇසද උගුලනු ලැබිය යුතු බවත් කවරෙකු උවමනාවෙන්ම නාසය කපා හැරියේ නම් ඔහුගේ නාසයද කපා හරිනු ලැබිය යුතු බවත් කවරෙකු උවමානවෙන් කනක් කපා හැරියේද ඔහුගේ කන ද කපා හරිනු ලැබිය යුතු බවත් කවරෙකු උවමනාවෙන්ම දතක් උගුලුවේ නම් ඔහුගේ දත ද උගුලනු ලැබිය යුතු බවත් තව්රාතයේ යුදෙව්වන්හට අපි අනිවාර්යය කළෙමු. එමෙන්ම තුවාල හා සම්බන්ධයෙන්ද එම වැරදිකරුට ඔහුගේ වැරැද්දේ ප්රමාණයට අනුව සමප්රතිචාර දක්වනු ලැබිය යුතු බවත් අපි ඔවුනට නියෝග කළෙමු. වැරදිකරුට සමාව දුන්නේ නම් එසේ ඔහුගේ අපරාධයට සමාව දීම හේතුවෙන් අපරාධකරුගේ වැරදි වලට එය ප්රතිකර්මයක් වනු ඇත. කිසාස් හෙවත් සමප්රතිචාර දැක්වීමේ කටයුතු වලදී අල්ලාහ් පහළ කළ දෑට අනුව කවරෙකු තීන්දු ලබා නොදුන්නේද ඔහු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගිය අයකු වන්නේය.

Al-Maaida 5:45Listen in Qur'an →
46

وَقَفَّيْنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِعِيسَى ٱبْنِ مَرْيَمَ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلتَّوْرَىٰةِ ۖ وَءَاتَيْنَٰهُ ٱلْإِنجِيلَ فِيهِ هُدًۭى وَنُورٌۭ وَمُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلتَّوْرَىٰةِ وَهُدًۭى وَمَوْعِظَةًۭ لِّلْمُتَّقِينَ

(පෙර විසූ නබිවරුන් වන) ඔවුන්ගේ පා සටහන් වලම මර්යම්ගේ පුත් ඊසාවද අපි යැව්වෙමු. ඔහු තමාට පෙර තිබූ තව්රාතය සත්‍යය කර තබන්නෙකු වශයෙන් සිටියේය. තවද ඔහුට ඉන්ජීල් නමැති ධර්මයද අපි පහළ කළෙමු. එහිද ඍජු මාර්ගයද, දීප්තිමත් ආලෝකයද ඇත්තේය. එය තම පෙර තිබූ තව්රාතය සත්‍යය කර තබන්නේය. භය භක්තිකයින්ට එය ඍජු මාර්ගය (පෙන්වන්න)ක් වශයෙන්ද, හොඳ ඔවදනක් වශයෙන්ද ඇත්තේය.

ඉස්රාඊල් දරුවන් වෙත පියවරෙන් පැමිණි නබිවරුන් අතරට තව්රාතයේ සඳහන් කරුණු විශ්වාස කොට එමගින් තීන්දු දෙනු පිණිස මර්යම්ගේ පුත් ඊසා ව ඔවුන් වෙත අපි එව්වෙමු. සත්යය වෙත මගපෙන්වන කරුණු ආවරණය කරමින් හා සැකය ඉවත් කරන සාධක සහිත ව ඉන්ජීලය අපි ඔහුට පිරිනැමුවෙමු. එම නීති මගින් ඔහු ගැටලු නිරාකරණය කරයි. එමෙන්ම තව්රාතයේ සඳහන් ඇතැම් කරුණු සුළු වෙනස්කම් සහිත ව එතුමාට පහළ කළ දෑ එයට අනුකූල ව පිහිටිය. බිය බැතිමතුන් එමගින් මග ලබන්නට මාර්ගෝපදේශයක් ලෙසින් හා ඔවුන් වෙත තහනම් කළ දැයින් ඔවුන් ඉවත් කරන්නක් ලෙසින් ඉන්ජීලය අපි සකස් කළෙමු.

Al-Maaida 5:46Listen in Qur'an →
47

وَلْيَحْكُمْ أَهْلُ ٱلْإِنجِيلِ بِمَآ أَنزَلَ ٱللَّهُ فِيهِ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَٰسِقُونَ

එබැවින් ඉන්ජීලයට අයත් අය, එහි අල්ලාහ් දැනුම් දී ඇති (නියෝගයන්ට) අනුවම විනිශ්චය දිය යුතුය. කවුරුන් අල්ලාහ් පහළ කළ (නියෝගයන්ට) අනුව විනිශ්චය නොදුන්නෝද, ඔවුන් නියත වශයෙන්ම පාපතරයන්ය!

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් වෙත පැමිණීමට පෙර ඉන්ජීලයේ අල්ලාහ් පහළ සත්යය කිතුනුවන් විශ්වාස කොට එමගින් තීන්දු ලබා දිය යුතු ව තිබුණි. කවරෙකු අල්ලාහ් පහළ කළ කරුණු මුල් කර ගනිමින් තින්දු ලබා නොදෙන්නේද ඔවුහු අල්ලාහ්ට අවනතවීමෙන් බැහැරවූවෝ වෙති. සත්යය අතහැර දැමුවෝ වෙති. ව්යාජය වෙත නැඹුරු වූවෝ වෙති.

Al-Maaida 5:47Listen in Qur'an →
48

وَأَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلْكِتَٰبِ وَمُهَيْمِنًا عَلَيْهِ ۖ فَٱحْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ ۖ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ عَمَّا جَآءَكَ مِنَ ٱلْحَقِّ ۚ لِكُلٍّۢ جَعَلْنَا مِنكُمْ شِرْعَةًۭ وَمِنْهَاجًۭا ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَلَٰكِن لِّيَبْلُوَكُمْ فِى مَآ ءَاتَىٰكُمْ ۖ فَٱسْتَبِقُوا۟ ٱلْخَيْرَٰتِ ۚ إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ جَمِيعًۭا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

(නබියේ! සම්පූර්ණයෙන්ම) සත්‍යයෙන් පිරි මෙම ධර්මයද, අපිම ඔබ කෙරෙහි පහළ කළෙමු. මෙය තමන්ට පෙර ඇති (අනිත්) ධර්මයන්ද, සත්‍යය කර තබන්නේය. තවද ඒවා ආරක්ෂා කරන්නක් වශයෙන්ද ඇත්තේය. එබැවින් (නබියේ!) ඔබ අල්ලාහ් (ඔබට) පහළ කළ මෙමගින්ම ඔවුන් අතරේ විනිශ්චය දෙනු. ඔබට පැමිණි සත්‍යය ප්‍රතික්ෂේප කර දමා ඔවුන්ගේ කැමැත්ත ඔබ අනුගමනය නොකරනු. ඔබගෙන් සෑම කෙනෙකුටම (සමූහයකටම) එක් එක් ධර්මයද, මාර්ගයද අපිම ඇති කළෙමු. අල්ලාහ් අදහස් කළා නම් ඔබ සියල්ලන්වම එකම (ධර්මය අනුගමනය) ජනතාවක් බවට පත් කර තිබිය හැකිය. එහෙත් ඔබට පහළ කළ දැයෙන් (ඔබ කෙසේ නම් කටයුතු කරන්නේද යන්න) ඔබව පිරීක්සුමට ලක් කිරීම සඳහාම (මෙසේ කර ඇත්තේය). එබැවින් (ඉස්ලාමීය) හොඳ දැය දෙසටම ඉක්මන් කර යනු. අල්ලාහ් දෙසටම ඔබ සියල්ලන්ම යා යුතුව ඇත්තේය. ඔබ කුමන (දැය කෙරෙහි මතභේද ඇති කරගෙන) තර්ක කරමින් සිටියේද, එය ඔහු, ඔබට හොඳින් දැනුම් දෙනු ඇත.

අහෝ දූතය, සැබැවින්ම එය අල්ලාහ්ගෙන් වූවක් බවට කිසිදු සැකයක් හෝ කුතුහලයක් හෝ නොමැති සත්යය සමග අල් කුර්ආනය අපි ඔබ වෙත පහළ කළෙමු. එය පෙර පහළ වූ දේව පුස්තක තහවුරු කරන්නකි. ස්ථීර කරන්නකි. එයට අනුකූල දෑ සත්ය වේ. එයට පටහැණි දෑ ව්යාජ වේ. එහි ඔබ වෙත පහළ කළ දෑ අනුව ජනයා අතර තීන්දු ලබා දෙනු. ඔබ වෙත පහළ කළ, එහි කිසිදු සැකයකට ඉඩ නැති සත්යය අතහැර දමා තම ආශාවන්ට වහල් වී එය අනුගමනය නොකරනු. සෑම සමූහයකටම ආධ්යාත්මික නීතිරීති තුළින් පිළිවෙතක් හා එමගින් යහමග ලබන මාධ්යයක් අපි ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් ඒ සියලු පිළිවෙත් එකක් බවට පත් කරන්නට තිබුණි. නමුත් ඔහු සෑම සමූහයකටම පිළිවෙතක් ඇති කළේය. එය සියලු දෙනා පරීක්ෂා කරනු පිණිසය. එවිට ඔහුට පිටුපාන්නා හා ඔහුට අවනතවන්නා කවුරුන් දැයි හෙළිවනු ඇත. එහෙයින් යහපත් ක්රියා කිරීමටත් පිළිකුල් සහගත දෑ අතහැර දමන්නටත් ඔබ යුහුසුලු වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ සැම යොමු වනුයේ අල්ලාහ් වෙත පමණය. ඔබ කවර කරුණක මතභේද ඇති කර ගත්තේද ඒ පිළිබඳ ඔහු මතු ඔබට දැනුම් දෙනු ඇත. එමෙන්ම ඔබ පෙර කළ ක්රියාකාරකම් සඳහා ප්රතිඵලද පිරිනමනු ඇත.

Al-Maaida 5:48Listen in Qur'an →
49

وَأَنِ ٱحْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ وَٱحْذَرْهُمْ أَن يَفْتِنُوكَ عَنۢ بَعْضِ مَآ أَنزَلَ ٱللَّهُ إِلَيْكَ ۖ فَإِن تَوَلَّوْا۟ فَٱعْلَمْ أَنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُصِيبَهُم بِبَعْضِ ذُنُوبِهِمْ ۗ وَإِنَّ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ لَفَٰسِقُونَ

(නබියේ!) අල්ලාහ් පහළ කළ දැය මගින්ම ඔබ ඔවුන් අතරේ විනිශ්චය දෙනු මැනව! ඔබ ඔවුන්ගේ තැමැත්ත අනුගමනය නොකරනු. තවද ඔබට අල්ලාහ් පහළ කළ දැයෙන් කුමකින් හෝ ඔබව ඔවුන් හරවා නොයන ලෙසටද ඔබ ඔවුන් ගැන ප්‍රවේසමෙන් සිටිනු. (ඔබගේ තීන්දුව) ඔවුන් ප්‍රතික්ෂේප කර හැරියහොත් නියත වශයෙන්ම ඔබ දැන ගනු; ඔවුන්ගේ සමහර (දරුණු) පාපයන්ගේ හේතුවෙන් අල්ලාහ් (ඔවුන්ව දඬුවම් කිරීම පිණිස) ඔවුන්ට අමාරුකමක් දීමට අදහස් කරන්නේය. නියත වශයෙන්ම මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු පාපතරයන් වශයෙන්ම සිටින්නාහ.

අහෝ දූතය, අල්ලාහ් ඔබ වෙත පහළ කළ දෑ අනුව ඔබ ඔවුන් අතර තීන්දු දෙන්න. තෘෂ්ණාව පිළිපැදීම හේතුවෙන් ඇති වන ඔවුන්ගේ සිතුවිලි ඔබ අනුගමනය නොකරන්න.ඔබ වෙත අල්ලාහ් පහළ කළ දැයින් ඔබ ව වෙනතකට මුළා කිරීම සම්බන්ධයෙන් ඔබ ප්රවේශම් වන්න. එම මාර්ගයේ කැපවන්නට ඔවුන් හැරී නොයනු ඇත. ඔබ වෙත අල්ලාහ් පහළ කළ දෑ අනුව පිරිනමන තීන්දුව පිළිගැනීමට ඔවුන් ප්රතික්ෂේප කළේ නම් දැන ගනු අල්ලාහ් ඔවුන්ගේ ඇතැම් පාපකම් වලට මෙලොවෙහිම දඬුවම් දෙන්නට අපේක්ෂා කරන අතර එහි සම්පූර්ණ විපාකය මතු ලොවෙහි ඔවුනට පිරිනමනු ඇත. තවද ජනයා අතුරින් බොහෝ දෙනා අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර ව සිටිති.

Al-Maaida 5:49Listen in Qur'an →
50

أَفَحُكْمَ ٱلْجَٰهِلِيَّةِ يَبْغُونَ ۚ وَمَنْ أَحْسَنُ مِنَ ٱللَّهِ حُكْمًۭا لِّقَوْمٍۢ يُوقِنُونَ

මිථ්‍යාදෘෂ්ටික කාලයේ නීති රීතිද මොවුන් කැමති වන්නේ? ස්ථීර වශයෙන් විශ්වාසය තැබූ ජනතාවට විනිශ්චය දීමෙහි අල්ලාහ්ට වඩා අලංකාරවත් කෙනා කවරෙක්ද?

ඔවුහු ඔබේ තීන්දුවට පිටුපා ඔවුන්ගේ තෘෂ්ණාවන් පිළිපදිමින් තීන්දු ලබා දෙමින් පිළිම වන්දනාවෙහි නිරත වූ අඥාන ජනයාගේ තීන්දුව පතන්නෝද? අල්ලාහ් තම දූතයාණන්හට පහළ කළ දෑ සම්බන්ධයෙන් මනා වැටහීමකින් පසුවන අය අබියස අල්ලාහ්ට වඩා ඉතා අලංකාර ලෙස තීන්දු දෙන වෙනත් කිසිවකු නැත. අඥාන ජනයා හා ඔවුන්ගේ ආශාවන්ට අනුගත වෙමින් එය ව්යාජ වුවද, ඒ හැර වෙනත් කිසිවක් පිළිනොගන්නා තෘෂ්ණාවෙන් පිරුණු ජනයා එය පිළි නොගනු ඇත.

Al-Maaida 5:50Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.